ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා...
ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා
ආලිංගනය සුරස - මතක පොත පුරව්වා
ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා...
සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා
ප්‍රේමයේ....... අභය භුමියේ දි මා නසා
මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා...
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා...
Kasun Kalhara