තවත් වෙන්වීමක්.


මේ තවත් වෙන්වීමක්. පාසලේදී උසස්පෙළින් වෙන්වුනාට වඩා හිතට දැනෙන වෙන්වීමක් මේ. පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයෙ එක් කඩයිමක වෙන්වීමක්.
ඊයෙ (2012 ජූලි 05 වෙනිද) නිල වශයෙන් කාර්මික විද්‍යාලයෙ පාඨමාළාව අවසන් වුනා. ( ICT - N.V.Q. Level 4 ) ඉතාමත් කෙටි කාලයක් එක්ව සිටි අපි එකිනෙකා කෙරේ බොහොමයක් බැඳීමෙන් සතුටින් කටයුතු කලා, අධ්‍යන කටයුතු වල යෙදුන. නමුත් ඒ සතුට අතරින් වෙන්වුන දවසයි ඒ. හමුවීමක් තුල අනිවාර්යෙන්ම වෙන්වීමක් තියෙනව. ඒ නිසා ඒ දුකත් අපි එක්ව බොහෝ වෙලාවක් ක්‍රීඩා පිටිය අසල ගතකරල කාර්මික විද්‍යාලයෙන් නිල වශයෙන් සමුගත්ත. නමුත් විභාගයට නැවත මේ වෙත එකතුවේවි. ඒ වෙනතෙක් මේ රූපය තනිරකීවි.

Technical College Warakapola, කාර්මික විද්‍යාලය වරකාපොළ

සූර්ය මංගල්‍යය, වෙසක් කුඩු තරඟ‍, යෞවන දිනය‍, පොසොන් උත්සවය,ඉංග්‍රීසි දිනය, ක්‍රීඩා උත්සව වැනි බොහොමයක් විශයභාහිර ක්‍රියාකාරකම් වලිට සාමූහිකව සහභාගිවෙලා හිටි කාලය ඊයෙන් අවසන්. තව දවස් කිහිපයකින් මේ අය වෙන්වෙලා වෘත්තීය අධ්‍යාපනයේ තවත් එක් කොටසක් වන ආයතනගත පුහුණුව වෙත යොමුවේවි. ඉන් පසු NVQ Level 5 වෙත කොටසක් ගමන් කරන අතරේ තවත් කොටසක් රැකියා වෙත යොමුවේවි. නමුත් එක්ව ගතකල මේ දිවිය කිසිවෙකුට අමතක නොවේවි.

මේතාක් කාලයක් අපහට නිසිමඟ පෙන්වූ විදුහල්පත්, ඉගැන්වූ ගුරැවරුන්,  කොරියන් කොයිකා ආයතනයේ කාර්යමණ්ඩලය, සේවක සේවිකාවන් ඇතුලු සැමගෙන් මෙසේ සමුගත්තෙමු ! (ඡායාරූපයට ගුරුවරැන් හා කාර්යමණ්ඩලයේ කිහිපදෙනක් එක්කර ගැනීමට නොහැකීවීමද එක්තාර දුකක්.)

Technical College Warakapola, කාර්මික විද්‍යාලය වරකාපොළ
මේ අපෙ ඩිස්නිලන්තය.
 ඇන්ජි, ස්කුබී, ඩොටී, සීදේවී, හැලයා, පොඩි ළමය, VD (විකාර), දඟයා, බැබුං, AirFOX, බට්ටා........


මේ පුංචි රටේ ආයෙ කොහෙදි හරි හමුවේවි. මචං කියල කතා කරාවි. කල කී දෑ ගැන කතා වේවි. මතකයන් අලුත් කර කර හිනාවේවි.

Posted in . Bookmark the permalink. RSS feed for this post.

6 Responses to තවත් වෙන්වීමක්.

  1. කියවල ඉවර උනා. මාර දුකයි... අවුලක් නෑ.. ඔබට ජය...!

    ReplyDelete
  2. ප්‍රියෙහි විප්පයෝගෝ දුක්කෝ ඔහොම තමා.. ගණන ගන්න එපා මලය,,
    ඔබට ජය!!!

    ReplyDelete
  3. අහ්. මල්ලි. හුහ කාලෙකින් නේද?
    ෆොටෝ එකේ නම් බලපු ගමන් උඹව හොයාගත්ත. :)
    වෙන්වීම දුකක් කියනවනෙ, මොනා කොරන්ඩද. :(

    ReplyDelete
    Replies
    1. ඔවු අයියෙ. මේ මාස 6 දි බ්ලොග් එක පවා අමතක වුනා. මොනව කරන්නද. :( heh heh මාව ඉතිං හොයාගන්ඩ බැරුවැ...

      Delete
  4. geeth hena kalekin blog eka patte awe kohomata jeewite


    owa ohoma tamai
    ganan ganna epa

    santosai blog post ekak aluten kiyawanna labunu eka gana

    ReplyDelete
  5. කට්ටියත් එක්ක ඉඳල වෙන්වෙලා යනකොට දුකයි තමයි .. බ්ලොග් එක ආයෙත් ලියන්න. මම ආසාවෙන් කියවපු බ්ලොග් එකක් මේක. කලින් ආවට කමෙන්ට් කලේ නෑ. අද කමෙන්ට් එකක්දාලම යන්න හිතුනා..

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.