වෙබ්අඩවියක පිංතුර HTML Tags මගින් Search Engine Optimize කිරීම



seo increase benifitsSEO කිරීම කොතරම් වෙබ් අඩවියකට හෝ බ්ලොගයකට වැදගත්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ.. SEO වැඩීවන තරමට වෙබ් අඩවියක වටිනාකම, එයින් ලබල ආදායම, පිවිසෙන්නන් ගනන වැඩිවෙනව වගේම, crawling, indexing, ranking වගේ දේවල් වලටත්  තදින් බලපානව. ගොඩක් දෙනා SEO Techniques වලට අනුව තම බ්ලොග SEO කළත් ඒ වෙබ් අඩවි වලට ඇතුලත් කරන පිංතුර SEO කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නෙ නැහැ. ඒ නිසා මේ ලිපියෙන් බලාපොරොත්තුවෙන්නෙ HTML Tags මගින් වෙබ් අඩවියක ඇති පිංතූර Search Engine වෙත හසුවීමට Optimize කරන ආකාරය පැහැදිලි කිරීමටයි.


සෙවුම් යන්ත්‍රයක් පිංතූර හඳුනාගන්නෙ කොහොමද ?


සෙවුම් යන්ත්‍රයක් වෙබ් අඩවියක ඇති පිංතුර හඳුනගන්න, ඒව වර්ගකරගන්න, රෑන්ක් කරන්න භාවිතාකරන ක්‍රම කිහිපයක් මේ.

  • වර්ණය, ප්‍රමාණය, විභේදන අගය (Colors, size and image resolution)

  • ALT attribute (රෑන්ක් වීමට බලපායි) එක සහ TITLE attribute (රෑන්ක් කෙරෙහි බල නොපැවත් වැදගත් වේ) මගින්

  • පිංතුරයේ නම (File Name)

  • OCR තාක්ෂණය මගින්

  • panoramio.com සහ flickr.com වැනි තුන්වන පාර්ෂවයේ වෙබ් අඩවි වල පිංතුර share වීම අනුව

සැම විටම පිංතුරයක ALT Tag එක ඇතුල්කරන්න.


බොහෝ දෙනෙක් පිංතුරයක් වෙබ් අඩවියකට හෝ බ්ලොගයකට ඇතුල් කරන විට එහි HTML කේතයට ALT tag එක ඇතුල් වෙන්නෙ නැහැ. Blogger Blog එකක නම් අපි Manual මේ Tags ඇතුලත් කරන්න ඕන. Wordpress Selfhosted නම් පිංතුරය අප්ලෝඩ් කල පසු Alternate Text ලෙස දැක්වෙන්නෙ මේ ALT ටැග් ඇතුල් කරන ස්ථානයයි. සෙවුම් යන්ත්‍රයකට පිංතුර ඇතුල් වීමට මේ ALT ටැග් කෙලින්ම බලපානව. පිංතුර හරිහැටි ලෝඩ් නොවූ අවස්ථාවක මේ Tags දැකගන්න පුලුවන්.
alt text placeholders

සාමාන්‍යයෙන් පිංතුරයක් ඇතුල් කල විට HTML tag එක මේ ආකාරයටයි දැක්වෙන්නෙ.


img src="photo_path"

උදා-
img src="http://blog.geeth.info/images/seo-techniques.jpg"

මේ පිංතුරයටම ALT Tag එක ඇතුල් කල පසු
img src="http://blog.geeth.info/images/seo-techniques.jpg" alt=”basic seo techniques

රතු පැහැයෙන් දැක්වෙන්නෙ ALT Tag එකෙ Content එක. මෙයට ඇතුල් කරන්න ඕන පිංතුරය ගැන විස්තර වෙන Keyword වලින් පොහොසත් කෙටි විස්තරයක්. ඒක keyword ලැයිස්තුවක් වෙන්න බෑ. වචන 25කට අඩුවෙන් යොදන එක සාමාන්‍ය ක්‍රමය (උපරිමට 150ක් විතර හිස්තැන් සමගින්)

TITLE attribute එක භාවිතා කරන්න.


ALT වගේම TITLE එකත් භාවිතය වැදගත් වෙනව. මේ ටැග් එක යම් පිංතුරයක් වෙත Mouse Pointer එක point කල විට Tooltip එකක් විදියට පෙන්නනව. උදාහරනයක් විදියට ඉහල පිංතුරක් point කරල බලන්න.

ඉහත උදාහරනයටම Title Tag එක යොදමු.
img src="http://blog.geeth.info/images/seo-techniques.jpg" title=”Basic SEO techniques in web designing

රතු පැහැයෙන් දැක්වෙන්නෙ title tag එකෙ Content එක.

පිංතුරයෙ ප්‍රමානය HTML Tag එකක් වශයෙන් දක්වන්න.


මීට අමතරව අදාල පිංතුරයේ දිග පලල (height සහ weight) මේක SEO සඳහා ප්‍රභල බලපැමක් දක්වන්නෙ නැති වුනත් Browser rendering (page load speed) සදහා බලපානව.

ඉහත උදාහරනයම සැලකුවොත්,
img src="http://blog.geeth.info/images/seo-techniques.jpg" height=”250″ weight=”100″

පිංතුරයට Keywords වලින් පොහොසත් File Name එකක් ලබාදෙන්න.


වැඩිපුර විස්තර කරන්න අවශ්‍ය නොවන කරුනක්. පිංතුරයට ගැලපෙන නමක් යොදල rename කරන්න කියලයි කියන්නෙ.

මීට අමතරව HTML භාශාවෙහි IMG ටැග් එක සමග යොදන attribute බොහොමයක් තිබෙනව. කීපයක් පමණයි මේ දැක්වුවෙ. අවසානයේ ඉහත ආකාරයට සාර්ථක ලෙස ලියූ HTML කේතය මෙසේ දක්වන්න පුලුවන්.
img src="http://blog.geeth.info/images/seo-techniques.jpg" alt=”basic seo techniques” title=”Basic SEO techniques in web designing” height=”250″ weight=”100″

Wordpress භාවිතාකරන්නන්ට මේ සඳහා මේ ප්ලගිනය භාවිතයෙන් SEO කරගන්න පුලුවන් වේවි.
SEO Friendly Images is a WordPress SEO plugin which automatically updates all images with proper ALT and TITLE attributes for SEO purposes. If your images do not have ALT and TITLE already set, SEO Friendly Images will add them according the options you set. Additionally this makes the post W3C/xHTML valid as well.

DOWNLOAD SEO Friendly Images plugin
මේ වීඩියෝ එකෙනුත් අදහසක් ගන්න පුලුවන් වේවි.

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

7 Responses to වෙබ්අඩවියක පිංතුර HTML Tags මගින් Search Engine Optimize කිරීම

  1. ගොඩක් කාලෙකින් නේද ලිපියක් දාල තිබ්බේ..කොහෙද මෙච්චර කල් අතුරුදහන් වෙලා හිටියේ :D

    වැදගත් තොරතුරු ගොඩක් තිබ්බා.වෙබ් සයිට් හදනකොට දාන්න අමතක වනම tags තමයි Alt/ Title ටැග්ස්.වෙබ් එකකට ඕනම කරන්නෙත් [ විශේෂයින්ම පින්තූර දානකොට ] ඒ ටැග්ස් ම තමා.

    ReplyDelete
  2. මලයා ගොඩ දවසකින් ඇවිත් හොඳ දෙයක් ලියලා තියනවා.. සිරාවටම ගොඩක් අය අමතක කරන දෙයක් මේක.. මම උනත් එහෙමයි :D වැදගත් ලිපියක් !

    ReplyDelete
  3. මරු මචන් මේක මටනම් ගොඩක් වෑදගත් වේවි :)

    ReplyDelete
  4. එල කිරි ලිපියක්. ගොඩක් ප්‍රයෝජනවත්

    ReplyDelete
  5. එල .හොදට ලියල තියනව .
    දිගටම ලියන්න

    ReplyDelete
  6. ඔබ අද ලිපියෙන් කියල තියෙන දේ ඉදිරියේදී මටත් ප්‍රයෝජනවත් වේවි.ස්තූතියි!...

    ReplyDelete
  7. එල. ගොඩක් දෙනෙකුට වැදගත් ලිපියක්. කාලෙකින් නේද පෝස්ට් එකක් දැම්මේ. විභාගෙ හොදට කරන්න මලයා...

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.