
අවුරුදු 3කට ආසන්න කාලයක් එකට පිස්සු කෙලපු, එකට ගුටි කාපු, ඕනම වලියකට එකට සෙට් වුන, ඉස්කෝලෙ හොල්ලගෙන හිපටු එක බත්එක බෙදාගෙන එකට කාපු කොල්ලොටික හිටපු, ඒහෙම 16 දෙනෙක් අතරෙ පාසලේ හොදම පන්තිය බවට පත්කරන්න ගොඩක් මහන්සිවුන, වැඩිම ප්‍රතිථල පෙන්නන්න කට්ට කාගෙන පාඩම් කරපු කෙල්ලො ටික හිටපු පංතියට අලුත් ළමයි ඇවිත්. අවුරුදු 2ක් අපේ පන්තියෙ ගුරුතුමියට, විශේෂයෙන්ම විදුහල්පතිතුමාට වධයක් වුන, ඉස්කෝලෙ මොන කේස් එක වුනත් ප්‍රින්සිපල් ඉස්සරෝම එන අපේ පන්තිය අදින් පස්සෙ පාසලේ නැ. මේ දේවල් මතක් වෙනකොට හදවතට මාර දුකක්. නොදැනම ඇස් දෙක තෙත්වෙලා. යාලුවො ටික අපේ ගෙදර ආපු දවසට නාන්න යන ඇලෙන් මූන හෝදගෙන ඉතුරු ටිකක් යන්න යන්න තවත් දුක වැඩියි.
මේ කිලෝමීටර් 3 අතරෙ අනිතිම කිලෝමීටරෙ යද්දි මට හිතෙන්නෙ මම ගැන. දන්නෙම නැතුව ජීවිත කාලෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක් ( 3 1/2 ) ඉවර වෙලා. :( ඒයිනුත් අවුරුදු 13කට වඩා ටිකක් විතර වැඩිපුර ඉස්කෝලෙටම ගෙවිල. ඒත් ආපහු හැරිල බලනකොට තමාටම කියල කරගත්ත දෙයක් නැ වගෙයි මට හිතෙන්නෙ.
ඊටත් වඩා අපි පංතියෙ පිස්සු කෙලපු හැටි ගොඩක් මතක් වෙනව. හැම පෝයකටම කොහෙ හරි පංසලකට යන්න උත්සහකරපු අපි, එකිනෙකා සමීප ගම්වල නොසිටියත් පාසල් කාලයෙන් බැහැරව වුනත් එකට එකතු වෙලා හිටිය. යාලුවන්ගෙ මළ ගෙවල්වල ගිහින් උදවු කරපු අපි, පංතියෙ යාලුවන්ගෙ පවුලේ මඟුල් ගෙවල් 2කටම ඇති පදමට මහන්සිවෙලා උදවු කලා. හැම එකාගෙම උපන්දිනේකට රෝලෝ කාපු අපි ඒ හැම එකාගෙම දුකකටත් සහෝදරයෙක් වගේ උදවු කලා. ඕන දේකට එකට හිටිය අපි වලියක් වුනත් ජොලියට අරන් තම තමන් ශ්‍රේණිගතකිරීම් කරල ෆන් එකක් ගත්ත.මේ ශ්‍රේණිගතකිරීම් වලින් එකට එන්න පොරකාපු අපි අපිමත් වෙලාවකට කෙලගත්ත. ටියුෂන් පන්තිවල වුනත් එකටම හිටිය අපිට, පංති කට්කර ෆිල්ම් බලපු දවස් අනන්තයි. සතුටට දුකට, මළගෙදරට මඟුල්ගෙදරට වගේම එක එකාගෙ ලවු පලහිලවු වලටත් මාර විදියට උදවු කරගත්ත, ක්‍රීඩා වලදි උනත් අපේ එකෙක් කියල කැගහන්න හිටපු මේ වගේ කොල්ලො ටිකක්, ඇඩ්වයිස් ගත්ත කෙල්ලො ටිකක් එක්ක හිටපු A/L කාලය අවසන් කරන්නත් බෑ වගෙයි. ඒත් ඉතින් මොනව කරන්නද ? Undo කරන්න Ctrl+Z ප්‍රෙස් කරනද ? නැත්තම් System Restore කරන්නද ?? ඒත් මම හිතන්නෙ අපේ මේ තිබුන Friendship එක තව බොහෝ කාලයක් තියෙයි.
අපිව මතක් වෙන්න අපි එකට හිටපු පොටෝ හරි තියේවි. ගිය හැම පංසලකම, හැම උත්සවේකම, හැම විදියෙම ගමනකම පොටෝ ඒ දවස්වල ගත්තෙ මේවගෙ දවසක් එන නිසයි මචන්. අපි ගැන මතක් වෙන වෙලාවට හරි බලන්න ඒවහරි ඉතුරුවේවි. අපේ මේ බැඳීම හින්දම වෙන්න ඇති Technical College එකට එකෙක් Application දැම්මම මමත් එනව මචන් කියල එක එකා සෙට් වුනේ.
අද A/L Admission එක ලැබුන. ඇත්තටම අද වෙනකම් අපි එක්කෙනෙකුටවත් විභාගයක් ගැන තදින් දැනිල තිබුනෙ නැ. ලබන 8 වෙනිදයින් ආරම්භවන විභාගය ගැන මට එතරම් විශ්වාසයක් නොතිබුනත්, ජීවත් වුන මේ සුලු කාලයෙ මගෙ ආදරනීයම, වටීනාම කාලය තමයි උසස්පෙළ අවුරුදු කිහිපය. අමතක කරන්නම බැරි තරම් තදින් හිතට වැදිල තියන මේ දේවල් මතක් වෙන මතක් වෙන හැම වෙලාවෙම ලොකු දුකක් හිතට දැනෙන්නෙ.
මේ පුංචි රටේ ආයෙ කොහෙදි හරි හමුවේවි. මචං කියල කතා කරාවි. කල කී දෑ ගැන කතා වේවි. මතකයන් අලුත් කර කර හිනාවේවි.
මම උඹලගෙ නුවන්.
මටත් ඕක ඔය විදියටම දැනිල තියනවා. මෙ ලිපිය කියවනකොටම මම අයෙත් මගේ මීට අවුරුදු 5 කට කලින් අවසන් වුන පාසල් ජීවිතය මතක් උනා.ඒ ජිවිතය කවදාවත් අමතක වෙන්නෙ නම් නෑ.
ReplyDeleteකොහොම උනත් මම ඔයාට සුභ පතනවා ඔයාගේ විභාගයට
පාසල් කාලය හරිම සුන්දර මතකයක් අපි හැමෝටම..ඒ ලස්සන කාලය ආයි එන්නේ නැහැ..
ReplyDeleteදැන් ඉතින් උසස් පෙළ විභාගය පුළුවන් තරම් හොදින් කරගන්න බලන්න..ඒක තමයි ඊලග කඩඉම ..ඒ පිම්ම පනින්න මගෙන් සුභ පැතුම් :) :)
පුතා ඔබට සුබ අනාගතයකට සුබ පැතුම් , හොඳට ඉගෙන ගන්න , කවදහරි දවසක ආපසු හැරිල බලත්දි , යාළුවෝ ටික set වෙලා අතීතය ගැන කතා කරත්දි දැනෙන සතුට නිමක් නැහැ ,
ReplyDeleteඔයාගේ ලිපිය මා නැවත මගේ 1992 මා පාසලින් ඉවත් වූ අතිශ්‍යය සංවේදී දිනය මට නැවතත් සිහිපත් කළා , සුන්දර සජිවී පද වැලක් ,
ජීවිතේ සුන්දරම කාලේ කියන්නේ පාසල් කාලය ඒක ආපහු ගන්න බෑ මලේ...ඉතුරු වෙන්නේ මතකය විතරයි.....
ReplyDeleteපාසැලෙන් අස්වීමේ සහතිකය ගන්නකොට තමා ඕක හොඳටම දැනෙන්නේ....
විභාගයට සුභ පැතුම්.....
මලය මෙච්චර ලොක්කෙක් කියල තේරුනේ නෑනෙ දැක්ක දවසෙ. :) කොහොම හරි විභාගෙ හොඳට කරගෙන කැම්පස් පලයන්. සුභ පතනව විභාගෙ වෙනුවෙන්.
ReplyDeleteපාසල් ජීවිතේ මාරම ලස්සනයි. ඒ මතකය තවත් ලස්සනයි. :)
සුබ පතුම් මල්ලි . Congrats...!!!
ReplyDeleteඇස් දෙකට කදුලු ආවා මල්ලි ....... මං අන්තිමට පාසල් නිල ඇදුම ඇදලා පාසලෙන් පිට වී ආ මොහොත මතක් උනා..........
ReplyDeleteඅපිටත් ඒ දවස් එහෙන්මම තමයි මලයා.. විභාගය හොඳින් කරන්න.. සුභ පැතුම්!
ReplyDeleteමොනවා කරන්නද බන්...ජීවිතේ ඔහොම තමයි.හැමෝටම ඔය දුක එනවා ඉස්කෝලෙන් අයින් වෙද්දි.
ReplyDelete""අතීතය සිහිනයක් පමණයි""
But සැබෑ සුවයක් තියෙනවා....
විභාගෙට සුබ පැතුම් අයියෙ.. ජය!
ReplyDeleteබය නැතුව හිටපන්.. අනිව උබට ඕක ගින්නක් නැතුව ගොඩ දාගන්න පුලුවන් ;)
ඉස්කෝලෙ සුන්දර මතකයන් අපේ හිත් වල සදාකාලිකවම මිහිදන් වෙලා තියෙනව. ඒ සුන්දර අත්දැකීම් ආයිත් ලබන්න නම් අපි ආයිත් අළුතින් උපදින්න ඔනෙ.පාසැල් ජීවිතය නිමා වුනත් ජීවිතයේ තවත් බොහොමයක් සුන්දර කඩඉම් ඉදිරියේදී හමුවේවි. ඒ හැම කඩඉමක්ම සතිටින් ජයගන්නට හැකිවේවායි මම ගීත් මල්ලිට හදවතින්ම සුභ පතනව.
ReplyDeleteඇයි අපි හැමෝටම පාසල් කාලය අවසන් වෙද්දි දුකක් දැනෙන්නේ? මගේ ජිවිතෙත් අමාරුවෙන්ම කරන ඒවායින් එකක් තමා ස්කෝලේ ආපහු යන්නේ නැ කියලා හිතුනාම හිතට එන පාලුව නැති කරගන්න එක
ReplyDeleteස්තුතියි අයියෙ
ReplyDeleteතැංකු... !!
ReplyDeleteගොඩක් ස්තුතියි... ප්‍රතිචාරයට
ReplyDeleteස්තුතියි මකුලු අයියෙ :) ඒකත් ලගදිම ගන්න ඕන.
ReplyDeleteහික් හික්... ස්තුතියි අයියෙ...
ReplyDeleteඅනෙ මංද මචං.. ඔය පාලුව නැති වේවි බං ටිකක් කල් යනකොට.. හැබැයි අමතක නොවේවි.
ReplyDeleteඅනෙ මංද මලෙ..
ReplyDeleteඔවු බං... ජීවිතේ ඔහොම තම. හැමදාම ඉස්කෝලෙ ඉන්න බැනෙ..
ReplyDeleteඔවු අක්කෙ, ආයෙ උපදින්න පුලුවංයැ. බලමුකො හමුවෙන දේවල්වලට කොහොම හරි මුහුනදෙනව..
ReplyDeleteගොඩක් ස්තුතියි අක්කෙ.
මොනව කරන්නද අයියෙ දුක තමයි :(
ReplyDeleteස්තුතියි අයියෙ...
ReplyDeleteතැංකු මචං... u r wlcom
ReplyDeleteමටත් තව අවුරුද්දක් විතර ඉතුරු වෙලා තියෙන්නේ ඉස්කෝලේ යන්න :S
ReplyDeleteවිභාගෙට සුබ පැතුම්..!!
ReplyDelete