
ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි. අපි බොහොම අමාරුවෙන් ලියන ලිපි තවත් කෙනෙක් ලේසියෙන්ම කොපි කරන එක. (Copy, Paste හෝ වෙනත් ආකාරයකින්) ඉතින් මේ කොපි කිරීම වලක්වාගන්න සරල ක්‍රම කිහිපයක් ඉදිරිපත් කිරීමේ අරමුනින් තමයි මේ ලිපිය ලියන්නෙ. අපේ අය ගොඩක් වෙලාවට තමන්ගෙ බ්ලොග් එකට භාවිතාකරන්නෙ Blogger සේවාව හා Wordpress සේවාවයි. මේ සේවාවන් 2ටම තමන්ගෙ ලිපි ආරක්ෂාකරගන්න පොඩි ක්‍රම කීපයක් මේ. පහත පිලිවෙලින් ඉදිරිපත් කරන්නම්.
- Blogger Blogs සඳහා
- Wordpress Selfhosted Blogs සඳහා
- Autoblogs වලින් බේරීම
- ලිපිවලට හා Blog එකට බලපත්‍ර හා ලිපි හිමිකම් (CopyRights) ලබාගැනීම.
Blogger Blog සඳහා
මෙකෙදි කරන්නෙ බ්ලොග් එක මත Right Click කරන්න ඉඩදෙන්නෙ නැති එක. එහෙම නැත්නම් Copy Paste Function එක Disable කිරීම.
Copy Paste Function එක Disable කිරීම.
- තමන්ගෙ බ්ලොගර් ගිණුමෙ Design-> Edit HTML වෙත ගිහින් “Expand Widget Templates” ස්ථානය සලකුනු කරන්න.
- දැන් පහත කේතය තිබෙන ස්ථානය සොයාගන්න
<head>
- ඊට පහලින්/පසුව මේ කේතය කොපි කරගෙන පේස්ට් කරන්න.
<!--Disable Copy And Paste-->
<script language='JavaScript1.2'>
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>
- දැන් Save Template ක්ලික් කරන්න. වැඩේ හරි.
Right Click Function එක Disable කිරීම.
තමන්ගෙ බ්ලොගර් ගිණුමෙ Design හි Page Elements හි Add a Gadget මගින් html/javascript එකක් ලබාගෙන එයට පහත කේතය කොපි කරගෙන පේස්ට් කරන්න.
<script language="JavaScript">
<!--
//Disable right mouse click ScriptBy Geeth's Blog
//For details, visit http://blog.geeth.info/protect-blog-post
var message="කණගාටුයි, මෙම පහසුකම අත්හිටුවා ඇත.!";
///////////////////////////////////
function clickIE4(){
if (event.button==2){
alert(message);
return false;
}
}
function clickNS4(e){
if (document.layers||document.getElementById&&!document.all){
if (e.which==2||e.which==3){
alert(message);
return false;
}
}
}
if (document.layers){
document.captureEvents(Event.MOUSEDOWN);
document.onmousedown=clickNS4;
}
else if (document.all&&!document.getElementById){
document.onmousedown=clickIE4;
}
document.oncontextmenu=new Function("alert(message);return false")
// -->
</script>
දැන් html/javascript Gadget එක Save කරන්න. වැඩේ හරි !!
බ්ලොග් එකේ කවුරුහරි Right Click කලොත්,
"කණගාටුයි, මෙම පහසුකම අත්හිටුවා ඇත.!" යන
පනිවිඩය දිස්වේවි. මෙම පනිවිඩය වෙනස් කිරීම ඉහත කේතයේ මේ කොටසට ඇතුල් කර ඇති පනිවිඩය වෙනස් කිරීමෙන් කරන්න පුලුවන්
var message="කණගාටුයි, මෙම පහසුකම අත්හිටුවා ඇත.!";
ඉහත ක්‍රම 2න් එක් ක්‍රමයක් හෝ අවැසිනම් ක්‍රම 2ම වුවත් භාවිත කරන්න පුලුවන්.
Wordpress Selfhosted Blog සඳහා
වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වලට මීට වඩා ලේසියෙන් Plugins මගින් කරගන්න පුලුවන්. මේ සඳහා භාවිතා කරන්න පුලුවන් ප්ලගින් කිපයක් ඉදිරිපත් කරන්නම්.
උදවු - Wordpress Plugins ස්ථාපනය කරන්නේ කොහොමද ?
ලිපි ආරක්ෂා කරගන්න තිබෙන වෙනත් ක්‍රම.
- බොහෝ දෙනෙක් දන්නව Autoblogs ගැන. ඒ කියන්නෙ වෙනත් බ්ලොග් කීපයකින් හෝ එකකින් ලිපි ස්වයංක්‍රීයවම ලබාගෙන පලකරන බ්ලොග් වර්ගයක්. මේවගෙන් බේරෙන්න Rightclik Disable කරලවති Copy Function එක Disable කරලවත් හැකියාවක් නැ. ඒ වුනාට Autoblog ලිපි ලබාගන්නෙ Feed හරහා නිසා පොඩි උපක්‍රමයක් භාවිතා කරල ලිපියෙ කුඩා කොටසක් පමණක් පෙන්වන්න පුලුවන්. ඒ සඳහා තමන්ගෙ Feeds, Feedburner වගේ සේවාවක් වෙත යොමුකරල එහි තිබෙන Summaryburner පහසුකම සක්‍රීය කරගන්න පුලුවන්. ඒක කරන හැටි මම මීට පෙර ලිපියක ලියල තියෙනව.
- තවත් ක්‍රමයක් තමයි බ්ලොගයේ ලිපි වලට බලපත්‍රයක් ලබාගන්න එක. මේවායෙන් අදාල ලිපි වලට ඔබේ ලිපිහිමිකම (Copyright) තහවුරැ වෙනව. එවන් බලපත්‍ර ලබාදෙන සේවාවන් කිහිපයක් මේ.
- Creative Common License
- MyFreeCopyright
- DM©A - මේ මගින් ඔබට ලිපි කොපි කල බව පැමිණිලි කර ඒවා ඉවත් කිරීමට වුවද හැකියාවක් තියනව.
- copyscape සලකුන පැළඳීම
තවත් විස්තර තිබුනත් ලිපිය දිගවැඩි කියල හිතෙන නිසා මෙතනින් නවත්වන්නම්..
තැන්කු වේවා... ගොඩාක් ප්‍රයෝජනවත් ලිපියක්
ReplyDeleteඇත්තටම ගොඩක් වටින ළිපියක් . බෙහෙවින් ස්තූතියි ඔබට මෙම ලිපිය ඉදිරිපත් කිරීම පිළිබඳව.
ReplyDeleteඔය මොක කළත් අපේ අයියලා නවත්තයි කොපි කරන එක!
ReplyDeletectrl + A
ReplyDeletectrl + C
ctrl + V
done
ඉතා වැදගත් ලිපියක්
ReplyDeleteඑල. ගොඩක් වැදගත් ලිපියක්. පූසා කිව්ව වගේ අපේ අයගෙන් බේරෙන එක තමයි අවුල.
ReplyDeleteගොඩක් වටිනව යාලු... බෙදාගත්තට ස්තුතියි...
ReplyDeletejavascript disable කරානම්.. ;)
ReplyDeletedone හැබැයි මුලු පිටුවම කොපි වෙනව.
ReplyDeleteවඩුවගෙ ගෙදර පුටුව නැත්තේ ඇයි??
ReplyDeletecopy කරන්න පුලුවන් වෙන්න ක්‍රෝම් extension එකක් දාගන්න. සිම්පල්
ReplyDeleteමම Feed නම් Summeryයක් විදියට යවන්නෙ.. මගෙ ලිපිත් කොපි කරල අහුවුනා. ඒත් මම මේක කලේ නැ.. ලිපිය ඉදිරිපත් කලේ අනිත් අයට දැනගන්න ඒත් දැන් හැමෝම මේකෙන් බේරෙන හැටි තමයි කමෙන්ට් කරන්නෙ.. ;)
ReplyDeleteස්තුතියි කමෙන්ට් එකට
ඔවු එහෙමනම් පුලුවන්.
ReplyDeleteස්තුතියි කමෙන්ට්එකට
වැදගත් ලිපියක්. නමුත් සමහරක් අවස්ථාවලදි මේ copy, paste එක නැති නිසා මම අපහසුතාවයට පත් වෙලත් තිබෙනවා. (ලින්ක් කරල නැති වෙබ් ලිපිනයක් කොපි කරගන්න වගේ.)
ReplyDeleteමම මේකට වෙනත් විසඳුමක් ගත්ත. එතරම්ම සාර්ථක නෑ. නමුත් ප්‍රයෝජනවත්. බලන්නකො මෙම වෙබ් අඩවියෙන්.
http://www.tynt.com/
අර r.click එක ඩිසේබල් කරන එක නම් තේරුමක් නැ මල්ලි. මොකද කොපි කරන එකා මොන ජාතිය දාලා හරි කොපි කරනවා. ඔවා ගැන නොහිතා තමන් ලියන දේ ලිව්වා නම් හරි.
ReplyDeleteඔවු... කොපි කරන කෙනාට කවදාවත් තමන්ගෙම කියල ලිපියක් ලියන්න බැ... තමන්ගෙ පාඩුවෙ ලියන්නයි තියෙන්නෙ...
ReplyDeleteස්තුතියි කමෙන්ට් එකට
creative common, DMCA වගේ ඒව දා ගත්තොත් අපේ ඇඩ් සෙන්ස් වලට හානියක් වෙනවද? SPAM කියලා site block කරයිද දන්නේ නෑ..
ReplyDeleteනැ.. අවුලක් වෙන්නෙ නැ..
ReplyDeleteමෙකනම් ගොඩක් ලොකු උදවක් සහොදරයා.
ReplyDeleteමෙ "Copy Paste Function එක Disable කිරීම" script එක blog එකට දැම්මහම blog එකෙ sidebar එකට දාපු search gadget එකෙ type කරන්න බෑනෙ. එකට මොකද කරන්න ඔනෙ?
ReplyDelete"@Kanishka|කණියා"
ReplyDeleteකතාව ඇත්ත අලුත් web browser වල additional dialog disable කරන්න පුලුවනෙ. ඉට පසෙ copy past පුලුවන්. එත් 2 වනි ක්‍රමය නම් හොදැයි.
එහෙම ගැටලුවක් එන්නෙ නැ.. ආයෙත් පාරක් පොඩ්ඩක් චෙක් කරල බලන්න..
ReplyDeleteනෑ මෙක දැම්මහම search box gadget එක වැඩකරන්නෙ නෑ.
ReplyDeletesorry ගොඩක් කල් ගියාට.