හොරෙන් අන්තර්ජාලය පිරික්සන්න
ඔබ අන්තර්ජාලය පිරික්සනවිට ඔබේ වෙබ් ගවේශකය බොහෝ තොරතුරැ තබාගන්නව. ඔබ ගමන්කල වෙබ් අඩවි, බාගතකල ෆයිලයන් වැනි බොහෝ තොරතුරු මීට අදාලයි. ඔබට මෙම තොරතුරු තබාගැනීම අනවශ්‍යනම් Private Browsing මගින් වෙබ් ගවේශනය කල හැකියි. එහිදී පෙර මෙන් තොරතුරු තබාගැනීමක් සිදුවන්නේ නැහැ.
මෙහිදී ගබඩාකර තබානොගන්නේ මොනවාද ?
- ඔබ ගමන්කල වෙබ් පිටු - ඔබේ ගවේශකයේ History තුල ඔබ ගමන්කල වෙබ් පිටු/අඩවි දර්ශනය වීමක් සිදුවන්නේ නැහැ.
- Form සහ Search List වල ඇතුලත්කල දත්ත - යම් වෙබ් අඩවියක ඇති Form එකක හෝ Search කිරීමට ඇති ස්ථානයක ඔබ ඇතුල් කල දෙයක් බොහෝවිට ගවේශකයක් විසින් මතකතබාගෙන පසුව එය ඇතුල් කරල විට පෙන්වනවා. නමුත් මෙම Private Browsing මගින් එසේ මතකතබාගැනීමක් සිදුවන්නේ නැහැ.
- Passwords (මුරපද) - ඔබ භාවිතා කරන මුරපද ගබඩාවීමක් සිදුකරගන්නේ නැහැ.
- බාගත කල ෆයිලයන් - බාගතකරන ෆයිලයන් ලැයිස්තුවට ඔබ බාගතකල ෆයිලයන් ඇතුලත්වන්නේ නැහැ.
- Cookies (කුකීස්) - මෙම ෆයිලයන් වෙබ් අඩවි මගින් ඔබේ පරිගණකය පිලිබද විස්තර ගබඩාකරගැනීමට සාදනු ලබයි. මෙම ෆයිලයන්ද Private Browsing කරන විට ගබඩාවෙන්නෙ නැ.
- Web Cache Files - අන්තර්ජාලය පිරික්සීම නිසා ඇතිවන තාවකාලික ෆයිලයන්ද Private Browsing හිදි තැන්පත් වීමක් සිදුවෙන්නෙ නැ.
වැදගත්
Private Browsing ඔබව අන්තර්ජාලයතුල නිර්නාමිකයෙක් කරන්නේ නැහැ. ඒ කියන්නෙ ඕනම අඩවියකට ඔබේ IP ලිපිනය, ඔබේ ISP වැනි තොරතුරු ලබාගැනීමට හැකියි. ඒ වගේම වෙබ් අඩවිවලටත් ඔබේ පිටු පෙරලුම් Track කිරීමේ හැකියාවද අහිම් වෙන්නේ නැහැ.
Private Browsing හරහා වෙබ් ගවේශනය කරන්නේ කෙසේද ?
ඔබ Firefox භාවිතා කරයිනම්,
Tools → Start Private Browsing මගින් සක්‍රීය කිරීමද, සක්‍රීය අවසථාවේ Tools → Stop Private Browsing මගින් අක්‍රීය කිරීමද කල හැකියි.


ඔබ Google Chrome භාවිතා කරයිනම්,
Chrome හි මෙය සඳහා භාවිතාවෙන්නේ Incognito mode යන නමින්. ක්‍රියාත්මක කිරීමට, Tools → New incognito window මෙයින් නව Tab එකක් විවෘත වනඅතර එයභාවිතයෙන් Private Browsing සිදුකල හැක

එවිට පහත ආකාරයේ icon එකක් දක්නට ලැබේවි. මෙයින් Private Browsing සිදුකරන බව සොයාගන්න පුලුවන්.

ඔබ Opera භාවිතා කරයිනම්,
Opera හිදීත් ලබාදෙන්නේ Chrome වගේම Tab එකක්. Opera හි වම්පස ඉහල රතුපැහැති O මත ක්ලික් කර, Tabs and Windows → New Private Tab හෝ Tabs and Windows → New Private Window Private Browsing ආරම්භ කරන්න පුලුවන්.

෴
මට නං එච්චර විස්වාස නෑ, ඔය කියන විදිහ වැඩ කරයි ද කියලා.
ReplyDeleteමෙන්න 100% සහතික ක්‍රමය, ඔච්චරම ඕනෙ නං. විස්තර බලා ගන්නකො, හැබැයි ස්ලෝ.
http://www.torproject.org/
thanks
ReplyDeleteගීත් විභාගේ හින්දා නෙට් එන‍්නේ අඩුවෙන් එකයි මේ පැත්තේ නාවේ තරහා වෙන්න එපෝ අපි විභාගේ ඉවර වුනාම එන්නම් මට අහගන්න දේවල් ගොඩක් තියනවා ඔයාගෙන්
ReplyDeletefirefox private browsing is better
ReplyDeleteඅනන්තවත් වැදගත් වෙන දෙයක් .........
ReplyDeleteහොරෙන් යන්නේ මොකටද බයේද හොද දෙයක් කරනවනට මොකටද බය වෙන්නේ
ReplyDeleteelipita gihin katath wedak eti deyak karanda...