GPS නැතත් මොබයිල් එකෙන් පාර හොයාගන්න

GPS පහසුකම් තිබෙන ජංගම දුරකථනයකින් හෝ GPS උපකරනයකින් Driving Directions වගේම සිතියම් මගින් නිවැරදිව පාර හොයාගන්න පුලුවන් බව කවුරැත් දන්නව. ඒත් ආසන්න වශයෙන් අප දැනට සිටින ස්ථානය සොයාගන්නට Google Maps මගින් පුලුවන්. Driving Directions ගන්නත් පුලුවන්. මේ ආකාරයට GPS සිග්නල් ග්‍රහනය කරගැනීමට හැකියාවක් නොමැති වුවත් අප සිටින තැන සොයාගන්නෙ අප ජංගම දුරකතනයට සිග්නල් ලැබෙන Tower එකෙන් විස්තර අ‍රගෙනයි.

හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ GPS තිබෙන ජංගම දුරකථනයක මෙන් මෙහිදී ගමන් කරන දිශාව, වේගය වැනි විස්තර පෙන්වන්නෙ නැහැ. ඒ වගේම නිවැරදිම ස්ථානය බලාගන්නත් හැකියාවක් නැහැ. ආසන්න වශයෙන් අප සිටින ස්ථානය නිල් පැහැයෙන් Blink වනව. එම Blink වන ස්ථානයට මීටර් කිහිපයක් අවටින් සිටින බව පහතින් දැනුම් දෙනව.



මෙය කෑගල්ල, වරකපොළ, කොළඹ, නුවර වැනි ප්‍රදේශ කිහිපයක මගේ Sony Ericsson J108i Cedar දුරකථනයෙන්  සාර්ථකව අත්හදාබලල තියෙනව. ප්‍රතිථල බොහෝසෙයින් සාර්ථකයි. ඉහත ආසන්නවශයෙන් කීවත් බොහෝවිට නිවැරදි ස්ථානය පෙන්නුම්කරනව.  ඒ වගේම J10i , K770i, K530i වැනි බොහෝ Sony Ericsson දුරකථන වලත් Nokia දුරකථනවලත් මෙම සේවය සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුලුවන්. Map View හා Satellite View ව‍ගේම එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ඇති දුරත් මෙයින්ම බලාගන්න පුලුවන්. Driving Directions ගන්නත් පුලුවන්.


කරන්න තියෙන්නෙ Google Maps Java Application එක ජංගම දුරකථනයට බාගතකරගෙන එහි My Location තේරීම පමණයි. ජංගම දුරකථනයෙන්ම maps.google.com වලට ගිහින් බාගන්න පුලුවන්. නැත්නම් www.getjar.com වලින් Phone Model එක තෝරල බාගන්න.




** මේ සදහා ගාස්තුවක් අයවුනේ නැතත් Map එක Load වීම සදහා වැයවන Data ප්‍රමානයට අදාල ගාස්තුව පමනක් අයවේවි.





Google latitude මගින් ඔබෙ Google Public Location Badge එක ලබාගන්න.


Posted in , . Bookmark the permalink. RSS feed for this post.

11 Responses to GPS නැතත් මොබයිල් එකෙන් පාර හොයාගන්න

  1. I have used this in my GPSless phone and it works!!

    ReplyDelete
  2. Pc එකෙන් බලන්න විදියක් නැද්ද

    ReplyDelete
  3. වටිනා ලිපියක්. මෙහෙම එකක් මම ඉස්සර ට්‍රයි කළා නමුත් හරි ගියේ නෑ. දැන් තියෙන ෆෝන් එකේ නම් GPS තියෙනවනෙ.
    මම GarminXT සහ Google Maps දෙකම දාගෙන ඉන්නෙ. එලටම වැඩ.

    ReplyDelete
  4. එල එල. කරල බලන්නම්.

    ReplyDelete
  5. j10i එකත් එක්ක එලටම වැඩ කරනව

    ReplyDelete
  6. GPS Receiver USB Adapter එකක් හයිකරගන්න. E-Bye වල තිබුන. එහෙම නැත්නම් ඉතින් Google Maps තමයි.

    ReplyDelete
  7. Sony Ericsson - j10i2 phon එකේ GPS තීනව එත් වැඩනෑ හදාගන්න උදවුවක් කරන්න බැරිද.................

    ReplyDelete
  8. ඉහල විස්තර කරපු Google Maps Application එක දාගෙන බලන්න

    ReplyDelete
  9. එල කිරි දැනුවත් කිරීමක් .........
    තෑන්ක්ස් ...........

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.