ගීත රසවින්දනය මට මෙන් විනෝදාංශයකි සැමටම.


ගීත ඕනතරම් අද හොයාගන්න පුලුවන්. අලුත්, පරන ඕන දෙයක සිතට කාවදින පදවැල්, මිහිරි සංගීතය, හොඳ අර්ථයක් තියෙනවානම් ඒක මම හිතන විදියට හොඳ ගීතයක්. බොහෝ දෙනා එක් එක් හේතුන් මත ගීත රසවිඳිනව. තමන්ගෙ දුක, සතුට බෙදාගන්න ඒ වගේම විනෝදාංශයක් විදියට, පුරුද්දක් විදියට වගේ විවිධ හේතුන් නිසා. සමහර ගීත වල අදාල පසුබිම්වූ සිද්ධිය ‍එක එල්ලේම ඉදිරිපත් කරනව, සමහර ගීත වල එය සැඟවිලා තියෙන්නෙ. ඒක රසවිඳල තේරුම්ගත්ත ඕන. සමහර ගීත තේරුම්ගන්න නම් බොහෝ වෙලාවක් ඒ ගැන හිතන්න ඕන. ඒත් සමහරක් සරලයි, මොනවගේ තේරුමක්ද තියෙන්නෙ, පසුබිම් කතාව මොනවගේද කියල තේරුම්ගන්න පහසුයි.

පැරණි ගීත සහ අද තිබෙන ගීත අතර බොහෝ වෙනස්කම් තියනව. ඒ අද සමාජය තුල තිබෙන විවිධ මත, රුලි, චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතීන් වගේ බොහොමයක් හේතුන් නිසා. බොහෝදුරට අද ශ්‍රීලංකාවේ ගීත විදේශ ආරයකට ගමන් කරනව වගෙයි පේන්නෙ. ඒත් අපේ දේ සුරකින අලුත්, පැරණි කොටසකුත් ඉන්නව. හැබැයි එයාල තව තවත් අලුත් නිර්මාණවලට පෙළඹෙන්නෙ නැත්තෙ සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර මත කියලයි මට හිතෙන්නෙ. ප්‍රතිචාර ගොඩක් වැදගත්. බ්ලොග් එකක් ලියන/කියවන අයට ඒක ඉතින් අමුතු දෙයක් නෙවෙයි‍.  කොච්චර වැදගත් ලිපියක් වුනත් ඒ ලිපියකට ප්‍රතිචාර නැතිනම් තවත් ලිපියක් ලියන්න හිතෙන්නෙ නැනෙ.. සංගීතයත් ඒ වගෙයි.

කිසිම Music Style එකකට කොටු වෙලා ඉන්නෙ නැතිව ඕනම ගීතයක් මම රසවිඳිනව‍. ඒ වගේම වේගරිද්ම ගීත වලටත් බටහිර (ඉංග්‍රීසි) ගීත වලටත් කැමතියි. හින්දී ගීත හැම එකකටම කැමති නෑ. තෝරාගත්ත හිංදි සිංදු අහනව. හැබැයි ඉතින් පරන සිංදු කන අයටනම් කැමති නැ. හැමෝටම සිංදු කියන්නත් බෑ. හැ‍මෝටම රසවිඳින්නත් බෑ. ඒක් එක් අයගෙ රසවින්දනය වෙනස්. සමහරක් වේගරිද්ම ගීත වලට කැමතියි. සමහරක් ඒවට කැමති නැ. සමාජය විවිධයි.

ගීත රසවිඳින එක විනෝදාංශයක් විදියට කරගෙන යනවනම් බොහොමයක් ප්‍රතිථල ලබාගන්න පුලුවන්. විඩාවට පත්වුනාම හිත සැහැල්ලු කරගන්න හොඳම ක්‍රමයක්. භාවනාවට පමණක් දෙවෙනි වෙනව කියලයි මටනම් හිතෙන්නෙ. කොහොම වුනත් මමනම් බොහෝවිට නිවසේ ඉන්නකොට සිංදුවක් අහන්න කැමතියි.

මේ නිසාවෙන්ම අලුත් පරන ගීත බොහොමයක් මා සතුයි. සී.ටී.ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්, මිල්ටන් පෙරේරා,  මිල්ටන් මල්ලවආරච්චි, එම්.එස් ප්‍රනාන්දු, මොහිදින් බෙග් හා රුක්මනී දේවි, ක්‍රිස්ටෝප(ර්) පෝල්,මිල්ටන් මල්ලවආරච්චි, ක්ලැරන්ස් විජේසූරිය වැනි පැරණි ගායකයන්ගේ මුල් හඬින් ගායනා කල ඒ ඒ දශකවල බොහෝ ගීත මා සතව පවතිනව. ඒ වගේම තවත් පැරණි හා අලුත් Music Albums බොහොමයක් තිබෙනව. අලුතින් ගීතයක් රූපවාහිනියේ හෝ ගුවන්විදුලියෙන් හෝ වෙනයම් ආකාරයකින් ඇසුන විට එය හොඳයිනම් අන්තර්ජාලය තුලින් සොයාගන්නඑක පුරුද්දක්. ඉස්සරනම් Videos ගත්තත් දැන් බොහෝවිට බාගතකරන්නෙ MP3. පැරණි ගායකයන්ගෙ විතරක් නෙවෙයි අලුත් ගායකයින්ටත් කැමතියි. කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ, අරුණ ලියාන්, චාමර වීරසිංහ, Centigradz, ආත්මා ලියනගේ, රාජු බණ්ඩාර, ලක්ෂ්මන් හිල්මි වගේ අලුත් ගායකයන් හැමෝටමත් කැමතියි. මෙකී නොකී ඕනම ගායකයෙක්ගෙ එක සිංදුවකට හරි මම කැමතියි. හැමදාම එකම සිංදු අහන්නෙ නැ. විවිධ ආකාරයේ විවිධ  ගීත අහන්නයි කැමති. :)

විවේකය ගතකරන්න හොඳම ක්‍රමයක් තමයි ගීත රසවින්දනය. දැන් තිබෙන විවිධ උපකරණ (MP3/MP4 Players, iPod, Mobile Phones..) නිසාවෙන් ඕනම තැනක ගීත රසවින්දනයට පහසුකම් තිබුනත් Headset භාවිතයෙන් නිතර ශ්‍රවනය කරන එකනම් සෞඛ්‍ය‍ට සුදුසු නෑ.

මේ ලිපියෙන් උත්සහ කලේ ගීත රසවිදින එක ගැන මට හිතෙන හැටි ටිකක් විස්තර කරන්නයි. තාක්ෂණික ලිපි ලියපු මගෙ බ්ලොග් එකත් දැන් අමුතු පැත්තකට යනව වගේ හිතෙනව. ලඟදිම තාක්ෂණික ලිපියකින් හමුවෙමු.෴

Posted in , , , . Bookmark the permalink. RSS feed for this post.

5 Responses to ගීත රසවින්දනය මට මෙන් විනෝදාංශයකි සැමටම.

  1. රසවින්දනය නම් එකිනෙකාගෙ වෙනස්නේ... ඒ නිසා කාටවත් මේක තමයි හොඳම කියලනම් කියන්න බෑ... මමත් සෑහෙන්න සින්දු අහනව විතරක් නොවයි ඒක මට එක විධියක වැඩක් වගේ එකක්. සමහර ගීත වල තේරුම හොයාගෙන යද්දි අපි නොහිතන දේවල් ගොඩක් හම්බවෙනව. සෑහෙන්න කාලෙකට පස්සෙ ආයෙත් මම මේ දවස්වල අමරදේව මාස්ටර්ගෙ සින්දු සෙට් එක අහනව :D

    ReplyDelete
  2. ගීතයක් කන් දෙකට ප්‍රිය වෙන්න නම් එය අරුත් බර වෙන්න ඕන. ඒ වගේම ලස්සන නාද රටාවක් තියෙන්න ඕන. පැරණි ගීත ගුවන් විදුලියෙන් ඇහෙනව.
    දැන් බලන්න.. ඔය ගායනා තරඟ . සිරස සුපර් ස්ටාර්.. දෙරණ ඩ්‍රේඉම් ස්ටාර් වගේ ඒවට ඉදිරිපත් වෙන තරඟ කරුවො / කාරියො වැඩි දෙනෙක් ගයන්නේ පැරණි ගී. වැඩි පුර ස්ම්ස් ලැබෙන්නෙත් ඒවට. පරන සිංදු මියුසික් නැතිව වුනත් ගයන්න පුළුවන් ගායන හැකියාවක් තියෙන අයෙකුට.
    ඒත් දැන් බලන්න අපෙ නවක පරපුරේ ගායකයන්ගෙ ගී. වැඩිපුර කරන්නෙ කෑගහන එක නේද?
    ඕව හතු වගේ ඉක්මණටම නැති වෙල යනව. අහන අයගෙ මතකයේ රඳන්නෙ නැහැ.
    වික්ටර්, ජෝති, එම්. එස්. මිල්ටන් 1960 ගණන් වල ගැයූ ගී තාම අපේ මතකයේ තියෙනව. ඒව අහන්ට ආසයි.

    ReplyDelete
  3. ප්‍රාර්ථනාThursday, April 07, 2011

    මම හිතන්නේ කියලා තියන හැම දේකටම මම එකඟයි.. මොකද කිවුවොත්.. එක තැනකට කොටු වෙන්න අපිට බෑ.. වෙන්න ඕනෙත් නෑ.. හැබැයි සොඳුරු දේ සොඳුරුයි කියන්නත්.. හරි දේ හරී කියන්නත් අපිට පුළුවන් වෙන්න ඕනෙ.. ඒ නිසාම තමයි කොහොම කිවුවත් සමහර සිංදු වලට අපි අකමැති.. විවිධ හේතු මත..

    ReplyDelete
  4. ගීත් අය්යා මේ comments ලියන ගැජට් එක blog එකකට දාන්නේ කොහොමද....

    ReplyDelete
  5. මේක වර්ඩ්ප්‍රෙස් ප්ලගින් එකක්....
    මෙතනින් ගන්න පුලුවන් -

    http://wordpress.org/extend/plugins/wordpress-sinhala-comments/

    උදවු මෙතනින් - http://tipslk.com/wordpress-sinhala-comment-plugin/

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.