PayPal මගින් ශ්‍රී ලාංකිකයන්ට e-bay හරහා මුදල් ගෙවා මිලදී ගැනීමට හැකි වුවත් එහි වෙලඳාමට ලාංකිකයන්න නොහැකිවන හේතුව ලෙස PayPal තවමත් ශ්‍රී ලංකාවට සම්පුර්ණ වශයෙන් ක්‍රියාකාරී නොවන නිසා මුදල් ගෙන ඒමට නොහැකිවීම දක්වන්න පුලුවන්. AlertPay ලංකාවට සහය දැක්වුවත් ඒ මගින් e-bay ගණුදෙනු කිරීමට හැකියාවක් නැ.. මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන්නේ Moneybookers ගැන කෙටි හැදින්වීමක් කිරීමටයි.


Paypal, Alertpay මෙන්ම Online Payment Processor එකක් ලෙස Moneybookers හදුන්වන්න පුලුවන්. මෙය ශ්‍රී ලංකාවට මුදල් ගෙනඒමට ලාභදායීම ක්‍රමයක්. ඒ වගේම දැන් e-bay ඔවුන්ගේ ගණුදෙනු කිරීමට හා e-bay තුල භාන්ඩ විකිනීමටද යොදාගන්න පුලුවන් (නමුත් මෙම ක්‍රමය කොතරම් සාර්ථකය යන්න නම් කියන්න බෑ.) Moneybookers ගිණූමක Address Verify කිරීම ඉතාමත් පහසුවෙන් අප ලබාදෙන ලිපිනයට ඔවුන් එවන ලිපිය මගින් කරගන්න පුලුවන් වීම තවත් පහසුකමක්. විශේෂයෙන්ම oDesk මගින් උපයන මුදල් Payoneer Card එකක් මගින් ගෙනඒමට වඩා ලාභදායීව දින කිහිපයක් ඇතුලත බැංකු ගිණුමක් වෙත ලබාගන්නත්, Moneybookers ගිණුම වෙත ඔබගේ Credit Card එක හෝ බැංකු ගිණුම සම්බන්ධකර ඔවුන්ගේ සේවය ලබා දෙන ස්ථානවලින් මිලදීගැනීම් කටයුතු වලටත් යොදාගන්න පුලුවන්. ඔවුන් පිලිගන්නා සේවාවන් සහිත සබැඳියක් ලිපිය අවසානයේ එක් කරන්නම්.

Moneybookers වෙත බැංකු ගිණුමක් සම්බන්ධකිරීමට අදාල බැංකුවේ SWIFT කේතය හා ගිණුම් අංකය වැනි විස්තර කිහිපයක්. එමෙන්ම Credit Card එකක් එක් කිරීමේදීත් එයට අදාල මූලික විස්තර අසනු ලබනව.
කෙසේවෙතත් මොවුන් පවසන ආකාරයට E-Bay හි ගණුදෙනු කිරීමට ඔවුන්ගේ සේවාව ලබාගන්න පුලුවන්. නමුත් මෙම ක්‍රමය කොතරම් සාර්ථක එකක්ද යන්න නම් කියන්න බැ.. ඒ මෙම ක්‍රමය මා ප්‍රායෝගිකව අත්හදා බලා නොමැති නිසා. නමුත් මෙම ක්‍රමය අත්හදාබලනවානම් හෝ එසේ සාර්ථකව E-Bay හි ගණුදෙනු කල අයෙක් සිටීනම් එම විස්තර අන් අයත් සමග බෙදාගැනීම සැමටම ප්‍රයෝජනවත් වේවි.
සබැඳියන්෴
- Moneybookers වෙබ් අඩවිය
- Moneybookers හරහා ගණුදෙනු කල හැකි ස්ථාන
- Moneybookers හි ගාස්තු
- oDeskහි හා Freelancer jobs මගින් මුදල් උපයමු.
මේ ගැන e-bay හි ඇති සටහන්.....
-
- Youtube වලත් මේහා සම්බන්ධ වීඩියෝ දර්ශන තියෙනව

එල Post එක මලයා
ReplyDeleteමමත් MoneyBooker පාවිච්චි කරනවා මගේ Freelancer වැඩ වලින් ගන්න Money Withdraw කරන්න.
එල Post එක නොදන්න අයට ගොඩක් වටිනවා
ඉතාම වෑදගත් ලිපියක් මල්ලි. මටත් ගොඩක් ප්‍රයෝජනවත්. බොහොම ස්තුතියි ලිපියට.
ReplyDeleteඑල එල දිගටම ලියන්න මල්ලි
ReplyDeleteහොද ලිපියක් සහොදරයා..
ReplyDeleteහොද ලිපියක්..... නොදන්න අයට වැදගත් වේයි...
ReplyDeleteGreat post dude, what do you think explain more about oDesk profits payments.
ReplyDeleteයාලු... ගොඩක් වැදගත් විදිහට ලියල තියෙනව... මමත් ඒකෙන් එකවුන්ට් එකක් හදල බැලුව.. මට පොඩි ප්‍රශ්නයක් තියෙනව... free paid master card එකක් ඒකට ඇඩ් කරන්න පුළුවන්ද?
ReplyDeleteThanks Bro................
ReplyDeleteමල්ලි මටත් බ්ලොග් එකක් පටන් ගන්න ඔන. ස්කයිප් වලින් මට ඔයත් එක්ක කතා කරල විස්තර අහගන්න ක්‍රමයක් තියනවඩ ?
ReplyDeleteඔවු අයියෙ මට කතා කරන්න.. නැත්තං විස්තර මෙතනත් තියනව..
ReplyDeletehttp://sinhalabloggers.com/start-sinhala-blog
හරහා මුදල් ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේදී අඩුම සේවා ගාස්තුවක් අයකරන බැංකුව මොකක්ද කියල කියන්න පුලුවන්ද. NDB බැංකුව නම් රුපියල් 500 මගෙන් අයකලා. sampath බැංකුවත් රුපියල් 575 අය කරනවා.
ReplyDeleteබොහෝවිට රජයේ බැංකු වලින් අඩු ගාස්තුවක් තමයි අයකරන්නෙ.. ලංකා බැංකුව හෝ මහජන බැංකුව භාවිතා කරන්න..
ReplyDeletemaru maru yaluwa.....
ReplyDeletemge skrill eke podi deyak una mage hnb debit card eka verify failed una mama ekata mokada karanne. ikmanata udu karanna.
ReplyDeletemge skrill eke podi deyak una mage hnb debit card eka verify failed una mama ekata mokada karanne. ikmanata udu karanna.
ReplyDelete