ශ්‍රී ලංකාවේ දැනට වැඩිපුරම භාවිත වෙන්නේ ව්‍යාජ මෘදුකාංගය. මෙරට මේවන් දේ සඳහා නීතිමය පියවර නොගත්තද වෙනත් බහුතරයක් රටවල බුද්ධිමය දේපල පනත යටතේ නීතිමය පියවර ගනී. බොහෝ දෙනා රැ. 50-100කට වෙළඳපලෙන් මෘදුකාංග මිලදී ගත්තත් ඒවා නිතිවිරෝධී වන්නේ කෙසේද ?? මුදල් දී ලබාගත්තත් හොර බඩුවක් වන්නේ ඇයි. අන්තර්ජාලයේ ඇති සබැඳියකින් නොමිලේ බාගතකරගැනීමේ වරද කුමක්ද ?? අන්තර්ජාලය භාවිතා කරන්නේ, බිල ගෙවන්නේ මේවාටය.. සැවොම මෙසේ කියයි.. නමුත් කතාව වෙනත් එකකි.
සෑම මෘදුකාංගයකමට අයිතිකරැවෙක්, අයිතිකාර සමාගමක් සිටින්නේය. මොවුන් විශාල පරිස්‍රමයක් දරා දින, සති, මාස, අවුරැදු ගනන් වෙහෙස වී මෘදුකාංග නිපදවා වෙළඳපලට නිකුත් කරයි. ඒ සඳහා ඔවුන් මිලක් නිමය කරයි.. උදාහරනයක් ලෙස Adobe පැකේජයක් රැ 50 000කටත් එහාය! යම් කෙනෙක් මෙයට පිටින් ලාබෙට පහසුවට මෘදුකාංගයක් ලබාගන්නේනම් එය ව්‍යාජ මෘදුකාංගයක්ය. කොටින්ම මෙය මෘදුකාංග මංකොල්ලකෑමකි. මෙසේ මංකොල්ලකන ක්‍රමද බොහොමයක් ඇත.
පිටපත් කර විකිනීමට වඩා දැන් ඇත්තේ Crack සමගින් බාගතකරගත හැකි මෘදුකාංගය. මේවා ලෙහෙසියෙන්ම Torrent මගින් සොයාගත හැක. බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් ඇති අයට ඕනැම මෘදුකාංගයක් නොමිලේය..
නමුත් සත්‍ය මෙයයි. ඇතිවන විශාලම ගැටලුව මෙයට හේතුව කුමක්ද යන්න සොයා බැලීමයි. ඒ වෙන කිසිවක් නොව "දුප්පත්කම"යි. සාමාන්‍ය පරිගණකයක් රැ 50 000කට ලබාගත්තායි සිතමු. මෙයට Windows මෙහෙයුම් පද්ධතියක්, MS Office පැකේජය, Adobe පැකේජය හා තවත් අත්‍යාවශය මෘදුකාංග දැමීමට අවශ්‍ය යයි සිතමු. ඉතින් මෙම මෘදුකාංග ස්වල්පයේම වටිනාකම ලබාගත් පරිගණකයේ වටිනාකම මෙන් කීගුණයක් ද ?? නමුත් නොදියුනු හා දියුනුවන රටවල් වෙත අදාල මෘදුකාංග සමාගම් වලින් විවිධ සහන ද ලබාදී ඇත.
මේවාට පිලියමක් ලෙස විවෘත හා නිදහස් මෘදුකාංග (Free and Open Source Softwears) කරලියට පිවිස ඇත. සෑම වාණිජ මෘදුකාංගයකටම සමාන, එවායින් ඉටුවන කාර්යයන්ම ඉටුකරලීමට හැකි විවෘත හා නිදහස් මෘදුකාංගද අද බිහිව ඇත්තේය. එපමණක් නොව එම මෘදුකාංග භාවිතාකරන්නන් එකතුවී විවිධ සමිතිසමාගම් ද ගොඩනගාගෙන ඇත.
ලෝකයේ වැඩි ප්‍රතිශතයක් Microsoft මෘදුකාංග භාවිතා කරයි. සමහරෙක් Windows මෙහෙයුම් පද්ධතිය බාවිතා කරයි. ඔවුනට කොතරම් විවෘත හා නිදහස් මෘදුකාංග තිබුනද හිතට අල්ලන්නේ නැ. එයට හේතුව ලෙස මා දකින්නේ මයික්‍රොසොෆ්ට් සමාගම එකල සිටම පෙරමුන ගැනීමයි. ඉතින් එකල සිටම මයික්‍රොසොෆ්ට් මෘදුකාංගවල පහස ලබන්නට පුරැදු වූවන්ට FOSS අමුතුම ලෝකයකි. එය ඔවුනට දිවිය ලෝකයෙන් අපායට ගියාක් මෙනි. මේ නිසා බොහෝ දෙනෙක් ව්‍යාජ මෘදුකාංග අකමැත්තෙන් හෝ භාවිතා කරයි. මාගේ මෙම මතය වැරදි නම් FOSS ගැන දැන දැනත් වැඩි දෙනෙක් ව්‍යාජ මෘදුකාංග භාවිතා කරන්නේ ඇයි ? කෑගැසුවාට මමත් මේ වන විට Windows හා Ububtu ස්ථාපනය කරගෙන වැඩි වශයෙන් Windows මත වැඩ කරන්නෙකි. මමත් අකමැත්තෙන් වුව වැට උඩ සිටින්නේ මේ නිසාය.
මෙම ලිපිය මුල සිට කියවන විට මටද හරයක් නොදැනේ.. නමුත් මෙය FOSS වෙත හෝ Windows වෙත මඩ ප්‍රහාරයක්වත් පක්ෂපාතීත්වයක්වත් නොවේ. සිතට ගලා ආ සිතිවිලි සමුහයක් පමණි.
නිදහස් මෘදුකාංග වලින් හැම වැඩේම බැනේ. එකයි කේස් එක. උද - ගෙම් ගහන්න බෑ ගේම් හදලා තියෙන්නේ xp වල වැඩ කරන්න එකයි කතන්දරේ
ReplyDeleteලංකාව වගේ තවත් බොහෝ රටවල 99% අයට සල්ලි දීල අවශ්‍ය කරන මෘදුකාංග ගන්න බෑ. මෙහෙම රැ 50ක් රැ 100ක් දීල ගන්න මෘදුකාංගයක් ඇරෙන්න සල්ලි දීලා මෘදුකාංග ගන්න පුලුවන් කීයෙන් කීදෙනාටද? මෘදුකාංගත් සල්ලි වලටම ගන්න උනානම් FOSS භාවිතා කරන අයට ඇර අනෙක් අයට මෘදුකාංග නැතිව Computer එක විතරක් තියන් ඉන්නයි වෙන්නෙ.
ReplyDeletedr, kathawa aththya. mewata lankawe beheth netha. aheth kote 600 weyadam kare chanda pawathwemata nam ona tharam mudal atha.ane ape ratata sorry.com thamai ethen.
ReplyDeleteI had same problem but now I'm using original versions since 2 years. Some people think it's hard to give up using pirate versions but it's not that much hard. There are plenty of ways which you can get original software for free or cheap. Except adobe products, you can have other software for free or cheap price.
ReplyDeleteFOSS පාවිච්චි කරන්න පුරුදු නැති කම තමයි ඉතින.. ඔන්න මුලින් උබුන්ටු වගේ එකක් පාවිච්චි කර කර ඉන්න එක්කෙනෙක්ට.. ( වින්ඩෝස් පාවිච්චි කරලනැති ) වින්ඩෝස් නිකන් දීල ඒකට මාරුවෙන්න කීවොත් ගොඩක් අය කැමති වෙන්නෙ නෑ.. මොකද ඒ ගැන හරි දැනුමක් නැති නිසා.
ReplyDeleteඅව්‍යාජව ඔයා ගැන කරපු ප්‍රකාශය මම රත්තරං වලට වඩා වටිනවා කියනවා. ඒ වෙන මොනවත් නෙමේ යාලුවා අපේ අය බන කිව්වට සමහරු යටින් එක එක වැඩ. මට නම් අවශ්‍ය හැම දේම උබුන්ටු එක්ක තියනවා. ඒ හින්දා මම ඒක පාවිච්චි කරනවා. හැබැයි තව දෙයක් තියනවා හැම වින්ඩෝස් මෘදුකාංගය කටම ආදේශකයක් වින්ඩෝස් තුල තියනවා.
ReplyDeleteඒක ඇත්ත හොරකම් කරනවාට වඩා foss භාවිතය නම්බුකාරයි
ReplyDeleteහැම දේම බෑ කිව්වට හැමදේම වගේ පුලුවන් මල්ලි http://www.dedunumax.info/?p=1088 මේ පොස්ට් එකේ පලවෙනි කමෙන්ට් එක කියවන්නකෝ
ReplyDeleteඔවු අයියෙ... මේක තමයි මම කියන්න උත්සහ කලේ... ස්තුතියි ප්‍රතිචාරයට :)
ReplyDelete@Dedunu අයියා කියන කතව අත්ත...... හැබැයි මට නම් හිතේන්නේ වින්ඩෝස් වලට වැඩිය දැන් ඒන උබුන්ටු වැනි මේහේයුම් පද්දති ගොඩක් දියුණු තක්ෂණ වලින් තමයි දැන් දැන් ඒවන්නේ..... මම වින්ඩෝස් පවිච්චි කරට මම ඉස්සර Ubuntu පවිච්චි කරේ. Ubuntu නම් මරු කියලා දැන් හිතේණවා......
ReplyDeleteUbuntu නම් නොමිලේ දුන්නත් Ubuntu වල තක්ෂණය දැන් හොදයි...