වෙබ්බ්‍රවුසර් යුද්ධය Browser War

1995 - 1996 වර්ෂවල සිටම  Internet Explorer ජනප්‍රියම වෙබ් ගවේශකය බවට පත්ව තිබුනේ එවකට එයත් සමග කරට කර තරඟකල Netscape browser ඉතා හොද තරඟයක් දෙමිනි. මෙයට ප්‍රධානම හේතුව වන්නට ඇත්තේ එවකට බොහෝදෙනා තම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ලෙස භාවිත කරමින් තිබූ Windows 95, Windows 98 සමගින් Internet Explorer වෙබ් ග‍වේශන මෘදුකාංගය නොමිලේම ලබා දීමය. එයින් පහර කෑ Netscape වෙබ් ගවේශකය Internet Explorer වෙත කරට කර තරඟකරන්නට සිතා විවිධ උපක්‍රම, පහසුකම් යොදමින් එකිනෙකා පරයා යන්නට උත්සහ දැරුවේය. නමුත් එයින් පලක් නොවිනි. ඒ 1998 දී Netscape Navigator යලි නැවත ‍ගොඩනැගිය නොහැකි සේ පරාජයට ලක් වූයේ මෙම යුද්ධයේ එක් පර්ච්‍-ඡේදයක් ජයග්‍රහනය කරමිනි. මෙහි ප්‍රතිථලයක් වශයෙන් 2002 වනවිට වෙළඳපල Internet Explorer හි කොටස 96%ක් පමණ විය. ඒත් සමග Netscape හා තවත් තරඟකාරී වෙබ් ගවේශක දහයකටත් වැඩි ප්‍රමාණයකට ඉතින් 4% අයිති විය.


වසර ගනනක් පරාජිත ලීලාවෙන් සිටි Netscape වෙබ් ගවේශකය 2008 වසරේ අතහැර දැමුයේ 2008 පෙබරවාරි මස 01 වන දින සිට ඒ වෙත ලබා දුන් තාක්ෂණික සහය නවතා දමමිනි.

මෙසේ අවසන් වූයේ මේ යුද්ධයේ පළමු පර්ච්ඡේදය කියා සැලකුවහොත් එහි දෙවන පර්ච්ඡේදය වශයෙන් මාහට විස්තර කල හැක්කේ Internet Explorer සමග තරඟයට ආ Mozilla Firefox ඇතිවන යුද්ධයයි. Firefox කරලියට පැමිණියේ 1998 දී Netscape හි ක්‍රමලේඛණ සටහන් (Source Codes) නිදහස් හා විවෘත මෘදුකාංග අවසරය සහිතව නිදහස් කලේය. මෙයින් ප්‍රයෝජන ගත් ඇමරිකාවේ ලාබ නොලබන ආයතනයක් වන Mozilla පදනම නිපදවූ Mozilla 1.0 නම් වෙබ් ගවේශකය නිදහස් මෘදුකාංග පරිහරනය කරන්නන් (Free and Open Source Software Users) අතර වේගයෙන් ජනප්‍රිය විය. නමුත් මෙය නොමිලේ ලබා දුන්නේ  2004 වර්ශයේදීයි. ඒ Mozilla Firefox 1.0 ලෙසය. Firefox හි 3 වන සංස්කරනය 2008 ජූනි 17 වනදා නිකුත්කලායින් පසු දිනකට පසු එය බාගතකරගත් පිරිස 8 002 530 ක් (අසූලක්ෂ දෙදහස් පන්සිය තිහක්) වූ හෙයින් එය ගිනස් වාර්තාවක් බව ගිනස් වාර්තා කමිටුව 2008 ජූලි 02 වනදා නිල වශයෙන් දැනුම් දුනි. මේ "මුලින්ම නිකුත් කොට ගෙවී ගිය දිනක කාලයක් තුල ලෝකයේ වැඩිම දෙනෙක් බාගතකරගත් මෘදුකාංගය" යි. (Most Downloaded pieces of software in the first 24 hours)

මෙයින් පසු තරඟයට පැමිණියේ Google Chrome ය.  එය 2008 සැප්තැමිබර් 02 දා Google සමාගම ඉදිරිපත් කලේ අභිමානයෙනි.  අනික් සෑම වෙබ් ගවේශකයටම වඩා ආරක්ෂාව අතින් ඉදිරියෙන් Google Chrome සිටින බව ඔවුන් පවසයි.

මේ යුධබිමේ ප්‍රභලයින් වන Internet Explorer, Mozilla Firefox හා Google Chrome සමග යුධවැදීමට පැමිණි Opera ලොව වේගවත්ම වෙබ් ගවේශකය කියමින් කලඑලි දුටුවත් ප්‍රභලයන් තිදෙනාටම ඔපෙරාවත් සමග තරගයක් නැත්තේ එයට සිතු තරම් පෙරලියක් කිරීමට ‍නොහැකි වූ නියාවෙන් විය හැක. එහෙත් දැන් Opera ට වඩා ඉදිරියෙන් Safari සිටින බව පෙනේ.


මේ 2011 වසර වන විට වෙබ් ගවේශක අතර යුද්ධය පෙන්වන සටහනකි.



Posted in . Bookmark the permalink. RSS feed for this post.

5 Responses to වෙබ්බ්‍රවුසර් යුද්ධය Browser War

  1. වැදගත් ලිපියක් ගීත් මල්ලි. හොඳට ලියලා තියෙනවා. මම නම් ආසම firefox වලට.

    ReplyDelete
  2. නියමයි මචෝ හොද ලිපියක්..................

    ReplyDelete
  3. මමත් කියෙව්වා.හොද ලිපියක්.වෙබ් බ්‍රව්සර් ගැන නොදන්න අයට ඉතාම වැදගත්.තව තවත් දැනුම බෙදා දෙන්නට ගීත් මල්ලිට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  4. ඔයගෙ ලිපි මම හම එකක් ම කියවන්ව. මෙකත් හොඩඉ අනිත් එවත් එක්ක

    ReplyDelete
  5. ලිපිය හොදයි....

    ඉස්සල්ලාම Internet Explorer ජනප්‍රියම වෙබ් ගවේශකය බවට පත්වුවේ ඒවකට තිබුණ. වේබ් සයිට් වලට ඉතා හොදින් ගැලපෙන නිසාත්.... හා Windows මේහේයුම් පද්දතිය සමග නොමිලේ ලැබුණු නිසය.. තවද.. Netscape browser පිටින් ලබා ගැනිමට වුන නිසා Internet Explorer තව තවත් ජනප්‍රිය වය...

    ඹ්න්න හැබැයි දැන්නම් Internet Explorer වලට තැනක් නැති විගෙන යනවා... Google Chrome හා Mozilla Firefox දැන් ඉහලට යනවා වෙන වේබ් browser වලට වඩා......

    Internet Explorer වලට දෙයියාන්ගේම පිහිටයි.....

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.