ඔබ සිටින ස්ථානය සිතියමක් මගින් පෙන්වීමට අවශ්‍යවුවහොත්, වෙබ් අඩවියකට වැනි දෙයකට ඇතුලත් කර නිවැරදිව ස්ථානය සටහන් කර පෙන්වීමට අවශ්‍යනම් ඒ සඳහා සුදුසුම ක්‍රමය Google latitude මගින් සිතියමක් ආකාරයෙන් ලබාගෙන දැක්වීමයි. Google latitude කියන්නෙත් එක්තරා ආකාරයක සමාජ ජාල (Social Network) වෙබ් අඩවියක්. Facebook සමාජ ජාල වෙබ් අඩවියකට හොඳම උදාහරණයක්. Google latitude මගින් එහි ඔබේ ගිණුමේ සිටින මිතුරන්ගේ ස්ථානයන් (Locations) සොයාගතහැකියි. මෙම සේවාව පරිගණක සඳහා මෙන්ම ජංගම දුරකත (Mobile Phones/Devices) වලටත් එකසේ ක්‍රියාත්මක වනවා. එහි එක් අංගයක් ලෙස Google Public Location Badge එක හඳුන්වන්න පුලුවන්.
පහතින් දිස්වන්නේ මේ ආකාරයෙන් ලබාගත් Google Public Location Badge එකක්, එසේම මෙය මගේ බ්ලොග් එකෙ "About Me | මම ගැන" පිටුවේ යොදාතිබෙන්නේත් මෙම සේවාවෙන් ලබාගත් Badge එකක්.
මෙම සේවාව www.google.com/latitude/ මගින් නොමිලේ ලබාගත හැකියි. එහි Apps යන Tab එක වෙත ගොස් එහි ඇති Google Public Location Badge හි Enable තෝරා Save කල යුතුයි. පසුව පහතින් ඇති Width හා Height වෙත පලල හා උස ද Map type හා Zoom level ද ලබා දී එම පිටුවේම ලබාදෙන කේතයට පහලින් පෙරදැක්මක් (Preview) බලා කේතය අවශ්‍ය තැනට ලබාගත හැකියි.
පහත රූපයෙන් මෙය වඩාත් පැහැදිලි වේවි.

niyama wadak machan. thnx 4 post
ReplyDelete[...] This post was mentioned on Twitter by Kottu. Kottu said: Google latitude මගින් ඔබෙ Google Public Location Badge එක ලබාගන්න. http://bit.ly/icVhXi [...]
ReplyDeleteමමත් google latitude මගේ phone එකේ පාවිච්චි කරනවා. මාර විදිහට ප්‍රයෝජනවත් වෙනවා යාලුවො ඉන්න තැන් එහෙම හොයාගන්න.
ReplyDeleteඑල එල තැන්ක්ස් මචන්
ReplyDeleteඑලz. මන් මේක phone එකට දාගත්ත
ReplyDelete