මුලින්ම ඔබ සැමට ලැබුවා වු 2011 නව වසර සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්.
වැඩි වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්‍ය නම් ලංකාව තුලදී දැනට බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ ADSL සබඳතාවයන්. මීට අමතරව ලංකාව තුල ආයතන කිහිපයක් මගින් WiMAX මගිනුත් වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවන් ලබාදෙනවා. ඒ සඳහාත් යම් සීමා වූ ආවරන කලාපයක් පවතිනවා. එහෙත් එම සබඳතාවන් ලබාගැනීමට බොහෝ විට නොහැකි වන්නේ, ඔවුන්ගේ ආවරන කලාපයක නොසිටීමයි. තවත් ආකාරයකින් පවසනවානම්, ඇති දුර ප්‍රශ්ණය නිසායි. නමුත් අනෙත් අයට ඒ හා සමාන වේගයක් ලබාගැනීමට ඇති හොඳම විකල්පයක් වන‍්නේ HSDPA භාවිතා කිරීමයි. මේ සඳහා 3G, 3.5G, 3.75G වැනි තාක්ෂණ ලංකාව තුල යම් යම් සීමාවන් මධ්‍යයේ භාවිතා වන නිසා පහසුවෙන්ම HSDPA Dongle එකක් මගින් වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක් ලබාගන්න පුලුවන්. මෙහි වාසියක් වන්නේ ජංගම ලෙස ආවරන කලාපය තුල ඕනැම ස්ථානයක භාවිතාකිරීමට හැකිවීමයි. නමුත් මා මුලින් කියූ අන්තර්ජාල සම්බන්ධතා වර්ග වල ද මෙම HSDPA වලද හොඳ නරක, අඩුපාඩු බොහෝ තිබෙනවා. කෙටියෙන්ම කිවොත් ශ්‍රී ලංකාවේ අයට සෑහීමකට පත්විය හැකි අන්තර්ජාල සම්බන්ධතාවක් තවමත් පැමින නැහැ.
මා බොහෝ කාලයක් භාවිතා කල Dial-Up සම්බන්ධතාව අතහැර HSDPA වලට මාරුවීමට සිතුනමුත් සෑහීමකට පත්විය හැකි Signal ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. විවිධ Networks සමග සොයාබැලුවත් EDGE Signals හැර වෙනත් වේගවත් අත්දැකීමක් ලැබීමට හැකිවූයේද නැහැ. ඒ නිසා ඒ අදහස අතහැර සුපුරුදු Dial-Up සමගින් කාලය ගතකරන අතරතුර මිතුරෙකුගේ මාර්ගයෙන් තරමක් දිග Male Female USB Cable එකක් මගින් හදිසියේම ඔහුගේ Dongle එක පරික්ෂාකර බැලීමට හැකිවුනා. පුදුමාකාර අන්දමින් අඩි කිහිපයක් උසට Dongle එක යොමුකල විට Mobile Patner මෘදුකාංගයෙහි WCDMA ලෙස දක්වන නිසා (Connect කල පසු HSDPA) වැඩි වේගයක් අත්දැකීමට පුලුවන්. Signal එකක්වත් නොමැති වුවත් 1.4Mbps දක්වා වේගයක් ලැබූ නිසා කිහිප වරක් පරික්ෂාකර බලා HSDPA Dongle එකක් හා මීටර් 3ක් පමණ දිග Male Female USB Cable එකක් මිලදීගෙන දැන් වේගවත් HSDPA අන්තර්ජාල සම්බන්ධතාවයක් අත්විඳිනවා. උත්සාහය සාර්ථකයි ! :D
කෙසේ වෙතත් කලින් ලැබූ 230kbps (භාගතකිරීමකදී නම් උපරිම ලැබී ඇති වේගය 20-25Kpbs) වැනි වේගය වෙනුවට නව වේගය වැඩිත් තරම්. ඒත් ඉතින් කවුද කොච්චර වේගයක් තිබුනත් වැඩියි කියන්නෙ.. ;) ඒත් ඉතින් යම්කිසි MB ප්‍රමාණයකට සීමා වෙලා ඉන්න එකනම් එපා වෙනව.. මීට පෙර ඉබ්බ වගෙ නිදහසේ සැරිසැරුවත්, දැන් හාව වගේ වේගයෙන් නිදහසේ සැරිසරන්න ලැබෙන්නෙ නැ.. :(
මට දැන් හිතෙන්නෙ සිග්නල් එකක්වත් නැතිව මෙහෙම ස්පීඩ් නම්, සිග්නල් කීපයක්වත් තිබුනොත්...??
෴
මමත් මේ ටිකේ WCDMA only දාලා කනේකට් කරන්නනේ. මටත් ඔය දේම වෙනවා, සිග්නල් බිංදුවක් වත් පෙන්නන්නැ ඒත් නෙට් වැඩ. හැබැයි වේගයේ නම් විශේෂ වෙනසක් නෑ. සමහරවිට මල්ලි කනෙක්ට් වෙන tower එකේ HSDPA ලෝඩ් එක අඩු ඇති.
ReplyDeleteමගෙන් සුභ පැතුම් මල්ලි... දැන් වැඩ ටික පහසුවෙන් ඉක්මනින් කරගන්න පුළුවන් වෙයි... සිග්නල් අඩු කමත්එක්ක ඩිස්කනෙක්ට් වෙන්නෙ නැද්ද?
ReplyDeleteගොඩක් හොද ලිපියක් ඔයාගේ කතාව හරි ලංකාබෙල් එකේ සිග්නල් නැතිවත් ඉන්ටනෙට් යනවා මම ඉස්සර ගියේ එහෙම. බලන්න මගේ ර්‍රයේ එයාටෙල් speed slow හොදටම පරිභෝගික සේවා කිව්වාම එයාලා කියනවා මෙහේ 3G නැලු 2G නිසා එයාලා වැඩි උනදුවක් දෙන්නේ Call වලටලු දෙවනි තැන sms Internet වලට තුන්වෙනි තැන ගම් වල ඉන්න අපිට Land Phone අන්තර්ජාලය යන එක තමයි හොද.
ReplyDeleteme macha.. slt dam unlimit eka limited karalada??
ReplyDeleteඅහන්නත් සතුටුයි. ඩොංගල් තියෙන සිග්නල් අඩු අනිත් සහෝදරයන්ටත් ප්‍රයෝජවත් වේවි මේ විදිය කිව්වා නම්.
ReplyDeleteපෝස්ට් එකේ නමත් පොඩ්ඩක් වෙනස් කරලා
දැම්මා නම් ගොඩාක් දෙනා බලයි මේ පුරස්නේ තියෙන.
සුභපැතුම්!
malli ela ela
ReplyDeleteඅනිවාර්යයෙන්ම ඒක තමා හේතුව. ලෝඩ් එක අඩු කම. මටත් තිබ්බනෙ ඔහොම කරල බලන්න.
ReplyDeleteමම airtel සිම් එක් දාල ඩොන්ගල් එකකින් ට්‍රයි කළා. EDGE විතරයි. මගෙ ලඟ usb extension එකකුත් තියේ. ඔය වැඩේ කරල බලන්න හිතුනෙ නෑ නෙ. කළා නම් මමත් HSDPA පාවිච්චි කරනවා. සිග්නල් නැති නිසා අත ඇරල දැම්මෙ. අනිත්වයෙ නම් හොඳට සිග්නල් තියේ.
හිහ්...........
ReplyDeleteකොල්ලා වැඩකාරයා නේ................ :D
WiMAX සම්බන්ධතාවය ලබා ගැනීමට ඩොන්ගල් එකක් අවශ්‍යද?
ReplyDeletewi-fi පහසුකම් සහිත පරිගණකයකට සම්බන්ධතාවයක් ලබාගැනීමට පහසුම සහ ලාභම ක්‍රමය කුමක්ද? ඒ සඳහා අවශ්‍ය උපාංග මොනවාද?
මටත් ඔය ප්‍රශ්ණෙම තියෙනවා. මාත් දුවන්නේ EDGE එකෙන්. මම දිග usb cable එකක් හෙව්වත් හම්බ වුණේ නෑ. කොහෙන්ද ගන්න පුලුවන් කියලා කියන්න පුලුවන්ද... :)
ReplyDeleteFirstly I also used HSDPA . But now i use SLT ADSL
ReplyDeleteYour blog is Very useful. Please visit my blog also(slread.blogspot.com)
@ Kanishka|කණියා
ReplyDeleteමමත් එහෙම තමයි අයියෙ. WCDMA Preferred දාපුවාම EDGE සිග්නල් විතරයිනෙ Detect වෙන්නෙ :(
@ සුජිත්
තැංකු අයිය මචා. ඩිස්කනෙක්ට් වෙන්නෙ නැ. ඔයාගෙ වගේම එලටම වැඩ ;)
@ Nadun
ඔවු ඒක ඇත්ත. හැබැයි ගම් වලට උනත් 3G තියනවානම් HSDPA හරහා වේගවත් සම්බන්ධතාවක් ලබාගන්න පුලුවන්
@ AMila
ඒ ගැනනම් හරියටම දන්නෙ නැ මචො.. ස්තුතිය් කමෙන්ට් එකට.
@ සංකල්පනා -රුවන්
හොඳ අදහසක්. නම වෙනස් කලා. ඒත් දැන් වෙනස්කලා කියල සින්ඩිකේටර් වල ආයෙ ලිපිය පෙන්නන්නෙ නැ නෙ :( ස්තුතියි කමෙන්ට් එකට+යෝජනාවට :)
@ Sameera Dissanayaka
එළ තමා :D
@ මාධව හබරකඩ
ස්තුතියි අයියෙ අත්දැකීම් බෙදාගත්තට.
@ සෝරෝ
ටිකක් විතර ;) තැංකු කමෙන්ට් එකට
@ Anonymouse
WiMAX ගන්නවානම් ඩොංගල් එකක් අවශ්‍ය නෑ. Dialog හා Lankabell වලින් ගන්න පුලුවන්. මම උත්සහ කලේ Dialog එකෙන් ගන්න. ඒකට Outdoor WiMax ඇන්ටනාවක්, විශේෂිත Indoor Unit එකක් අවශ්‍යකරනව. මේව මම හිතන විදියට සම්බන්ධතාව සමග ලබාදෙනව. මම ඩයලොග් සයිට් එකෙ දැක්ක එයාලගෙ WiMAX Coverage Map එකයි, සියලු විස්තර ඇතුලත් PDF එකකුයි තිබුන. පොඩ්ඩක් බලන්න. තවත් විස්තර ඕනනම් Contact පිටුවවෙන් අහන්න.
Wi-Fi වලින් සම්බන්ධවෙනවනම්, නොමිලේ අන්තර්ජාල යට සම්බන්ධවීමට හැකි ඕනෑම Wi-Fi Zone එකක් තුල පුලුවන්. නැතිනම් Wi-Fi Hot Spot තුලදී සම්බන්ධවෙන්න පුලුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නෙ Wi-Fi Adapter එකක් පමණයි
@ බණ්ඩාර
මමනම් ගත්තෙ කෑගල්ලෙ ටවුන් එකෙ කඩේකින්. මීටර් 3ක් දිගයි. Ebay වලත් තිබුන
@ Nuwanga
Thanks :) I'll
ඒ කියන්නෙ කොල්ල දෑන් දියුනු වෙලා :D
ReplyDeleteඉන්ටර්නෙට් ස්පීඩ් වෑඩි නිසාමද කොහෙද දෑන් නිකමටවත් ඔන්ලයින් පේන්නවත් නෑ :)
Airtel EDGE නම් මේ විදියට වෙනස් කරන්න බෑරි වෙයි :p එව්වා 2G නිසා. ඒක නෙමෙයි, Mobitel use කරන අය ඉන්නව නම් පොඩ්ඩක් බලන්න 0.facebook.com එකට සල්ලි නෑතුව යන්න පුලුවන්ද කියල. balance එක රු.1 වගේ උනාට පස්සේ check කරන්න. නෑත්නම් කෑපිල කෙටිල යයි :D
ReplyDeleteAirtel එකටත් මම ඉස්සර නම් බැන බැන හිටියේ , මොනවා උනත් රු 45 ට 1.5GB දෙන එක නම් හොද වැඩක් :D
ReplyDeleteසිග්නල් වලට ඩොන්ගල් එකත් බලපාන්වා , එකම සිම් එක (Airtel) ZTE ඩොන්ගල් එකකට දාපුවන EDGE හැබැයි Prolink එකකට දාපුවම කෙලින්ම UMTS ( Connect කරපු ගමන් 3G )
@buva
ඔව් ඕක වැඩ කරනවා , මමත් ජන්ගමයගෙන් ලොග් වෙද්දි ලොග් වෙන්නේ ඕකට
අපේ පැත්තට නම් අපරාදේ කියන්න බෑ. මොබිටෙල් HSDPA Single හොදට තියෙනවා. ඒත් අනික්වා නෑ. Airtel තියෙන්නේ EDEG මමත් ඔය වගේ කරලා බැලුවා. ඒත් තිබ්බේ නෑ. ටිකක් ට්‍රයි කොරන්න ඕනේ.
ReplyDeleteඔව් Mobile Broadband HSPA (HSDPA) හොද ස්පීඩ් එකක් දෙනවා.Data ප්‍රමාණය සීමාසහිත හින්ද මම නම් වැඩිය බර ඒවා download කරන්නෙ නැහැ.
ReplyDeleteමටත් Mobitel වල 1.4Mbps ට විතර වගේ හොද ස්පීඩ් එකක් එනවා.කරන වැඩේ, යන අඩවියේ විශාලත්වය අනුව ස්පීඩ් එක වෙනස් වෙනවා. වහින දවස් වලට නම් තත්වය ටිකක් නරක අතට හැරෙනවා.
මමත් තම Broadband අරගේන නැනේ
ReplyDeleteමටත් ඔහොමම තමා...මං ඩොගා හයි කරල තියෙනේ 5m විතර දිග කේබල් එකකට.....
ReplyDeleteවැඩේ කියන්නේ සැරින් සැරේ ඩිස්කනෙක්ට් වෙන එකයි.........
සිග්නල් ස්ට්‍රෙන්ත් එක තිබුන කියල ඩවුන් වෙන ස්පීඩ් එක නම් එච්චරම වෙනස් වෙන්නේ නෑ වගේ.....