HubPages ගැන දැනගනිමු ! මුදල් උපයමු !!



HubPages කියන වෙබ් අඩවිය ගැන කෙටියෙන්ම කීවොත් ඒක Revenue Sharing සයිට් එකක්.  මෙහි ක්‍රියාවලිය සරලව පැහැදිලි කරනවනම්, මේ සයිට් එකෙ සාමාජිකයෙක්ට පුලුවන් ඒ සයිට් එක වෙනුවෙන් ලිපි ලියන්න. ලියන ලිපි වලට ඒ සයිට් එකෙදි කියන්නෙ HUB එකක් කියල. මේ Hub ලියන අය‍ගෙ ගුගල් දැන්වීම්, Amazon Affiliate ගිණුම වගෙ ගිණුම් කිහිපයක් සමග සම්බන්ධ කරගන්න පුලුවන්.‍ ඉතින් මේ ගිණුම් වල දැන්වීම් ඇමසන් එකෙ විකුනන්න තියන භාන්ඩ වල ලින්ක් අපි ලියන හබ් වලට ඉබේම එකතුවෙනව. ඒ ඇඩ් එකක් අපෙ hub එකක් කියවන කෙනෙක් Click කලොත් හරි භාන්ඩයක් අපෙ hub එකෙන් ගිහින් මිලදී ගත්තොත් අපිට යම් මුදලක් හොයාගන්න පුලුවන්.. විශේෂත්වය තමයි මේ සයිට් එකට එන අය මේ hub කියවනව. මේ මගින් ලැබෙන මුදලින් යම් ප්‍රතිශතයක් වෙබ් අඩවිය තබාගෙන ඉතිරිය අපිට ලබාගන්න පුලුවන්.

මෙය එක් අතකින් Social Network එකක්. Hub Groups හදාගන්න, hub ලියන අය Follow කරන්න වගේ දේවලුත් මෙම වෙබ් අඩවිය හරහා කරන්න පුලුවන්. ඊට අමතරව අපි ලියන hub කියවන්නන් ගනන, Traffic ආපු තැන් වගේ විස්තර බලාගන්න පුලුවන්. Hub ලියනව කියන එක එක අතකින් Blog ලියනව වගෙ වැඩක්. ;)



Hub එකක් පටන්ගමු !

කෝකටත් කලින් මේ Site එකෙ Register වෙන්න ඕනි.

http://hubpages.com

ලිපාපදිංචි වෙලා තමන්ගෙ ගිණුමට ආවපපස්සෙ දකුණුපැත්තෙ උඩින්ම තියන Start new hub කියන ලින්ක් එක Click කරල අලුතෙන් hub එකක් ලියන්න පුලුවන්.

එහිදී,

  • Choose a Title - hub එකෙ මාතෘකාව

  • Give Your Hub a Unique Web Address - hub එකෙ ලින්ක් එක

  • Choose a Topic. Which Category Describes What Your Hub Is About? - ලියන hub එක අදාල වන ප්‍රවර්ගය

  • Choose a Starting Layout - ආකෘතිය

  • Please Add At Least 2 Tags - ටැග කීපයක්

  • ඇතුල් කරන්න. පසුව hub එක ලියන්න පුලුවන්‍‍.


Hub එකකට අනිකුත් අඩවි සම්බන්ධ කරන්නෙ කෙසේ ද ?

ඔබේ hubpages ගිණුමේ Your Account යටතේ Affiliate Settings යටතේ ඔබට

  • Google AdSense - ගුගල් දැන්වීම් ලබාගන්න පුලුවන්.

  • Amazon Associates - Amazon වෙබ් අඩවියෙ විකිනීමට ඇති භාන්ඩ වලට බ්‍රෝකර් කරැවෙකු ලෙස පිරිස් යොමුකිරීමට

  • eBay Partner Network - eBayවෙබ් අඩවියෙ විකිනීමට ඇති භාන්ඩ වලට බ්‍රෝකර් කරැවෙකු ලෙස පිරිස් යොමුකිරීමට

  • Kontera - Inline Ads ලබාදෙන වෙබ් අඩවියක්.


වගේ සේවාවන් කිහිපයක් සමග hub එක සම්බනධකරන්න පුලුවන්. සමහර ගිණුම් (Google AdSense වැනි) මේ සමග සම්බන්ධ කිරීමේදී එය එම ස්ථාන වලින් අනුමත කරන්න ඕන. Google AdSense ‍මීට සම්බන්ධකරනවානම් ඔවුන් අපගෙන් ලබාගන්න තොරතුරැ - ඇඩ්සෙන් ගිනුමේ E-mail ලිපිනය,ඇඩ්සෙන්ස් ගිණුමට ලබාදුන් දුරකතන අංකයේ අවසාන ඉලක්කම් 5 සහ zip Code එක පමණයි.

පසුව ඇඩ්සෙන්ස් ගිණුමේ My Account > Account Access වෙත ගොස් පහලින් Hubpages වෙත දැන්වීම් ලබාගැනීමට අවසර දීමට grant access ක්ලික් කල යුතුයි. මේ අඩවිය මගින් ලැබෙන මුදල් ප්‍රමාණය බලාගැනීමට ඇඩ්සෙන්ස් ගිණුමේ නව Channel එකක් හදාගන්න ඕනි. මේ සදහා AdSense account හි Google AdSense Setup > Channels > URL channels >Add new URL channels වෙත ගොස් hubpages.com ලෙස ලබා දෙන්න. මතක ඇතිව hubpages.com ලෙසම ලබාදෙන්න ඔබ www ඇතුල් කලහොත් එක ක්‍රියා නොකරාවි.

  • Hubpages වෙත Google AdSense සම්බන්දකරන ආකාරය ගැන මෙතන සවිස්තර ලිපියක් තියනව.

  • Hubpages වෙත Amazon Associates සම්බන්දකරන ආකාරය ගැන මෙතන සවිස්තර ලිපියක් තියනව.

  • Hubpages වෙත Kontera සම්බන්දකරන ආකාරය ගැන මෙතන සවිස්තර ලිපියක් තියනව.

  • තවත් ‍hubpages වල වැඩකරන හැටි ගැන ලිපි ඕනතරම් පැහැදිලිව hubpages මගින්ම හොයාගන්න පුලුවන්


ඔබට දැනටමත් ඇඩ්සෙන්ස් ගිණුමක් නැතිනම්, තිබුන ගිණුම අක්‍රීයවූවානම් මේ මගින් අලුත් ගිණුමක් සාදාගන්න පුලුවන් වේවි. බොහෝවිට මෙවන් තුන්වන පාර්ශවයේ වෙබ්අඩවියක් හරහා ඉල්ලුම් කරන විට ඇඩ්සෙන්ස් ලැබෙන්න පුලුවන්.

මමත් තවම Hubpages වල‍‍ට අලුත් !

මගෙ hub එක බලන්න පුලුවන් පහල ලින්ක් එකෙන්. මගෙ hub Follow කරන්නත් අමතක කරන්න එපා !

http://hubpages.com/profile/geethsoft

මෙවන් Revenue Sharing අඩවියක් ගැන ලසිඳු ලිපියක් ලියල තිබුන. ඒක බලන්න මෙතනින් යන්න.

උත්සාහ කරල බලන්න. වෙබ් අඩවියක් හදල මුදල් උපයනවට වඩා මේ වගෙ අමතර දෙයකුත් කරල බලන්න.

සුබ දිනයක් ෴

Posted in . Bookmark the permalink. RSS feed for this post.

5 Responses to HubPages ගැන දැනගනිමු ! මුදල් උපයමු !!

  1. අනේ මන්දා හලෝ මට නම් එච්චර තේරෙන්නෙ නෑ. ඕන්න ඔහේ ඕන දෙයක් වෙන්න කියලා මාත් එකතු වුනා. හැබැයි මොනවද කරන්න ඕන කියලා දන්නෑ. අයියවයි ලසිඳු අයියවයි එකතු කරගත්තා. ෆොලෝ කරා.

    මේ ගැන ටිකක් ‍විස්තර කරානම් හොඳයි. ඇඩ්බ්‍රයිට් වල වගේ.

    ReplyDelete
  2. මේකට එකතුවෙලා ඔයාගෙ Adsense ගිණුමතියනවනම් සම්බන්ධකරන්න. නැත්නව් ඉහල කීව අනිත් ගිණුම් සම්බන්ධකරන්න. එතකොට ගොඩක් අය Hub කියනවන/ලියන නිසා ඔයාගෙ ඇඩ් ක්ලික් වෙනව. ඒක වෙන්නනම් හොද ලිපි ලියන්න ඕන. බ්ලොග් ලියනව වගේ..

    ස්තුතියි කමෙන්ට් එක‍ට

    ReplyDelete
  3. මේක අර එකට Flixya වඩා හොදයි වගේ. ආපහු පාරක් ට්‍රයි එකක් දාල බලන්න ඔන :)

    ReplyDelete
  4. මට ඩනගන්න
    ඔනෙ tagsකියන්නෙ මොනවඩ කියල
    "sahanthathsara@gmail.com"
    replyඑකක් danna

    ReplyDelete
  5. මේ ලිපියට අදාලවනම් Tag කියන තැනට ඔයා ලියන්න බලාපොරොත්තුවෙන Hub එක විස්තර වෙන විදියට වචන ටිකක් දාන්න. ඒ කියන්නෙ ඊට අදාල වචන ටිකක්.. Hub එක විස්තර වෙන විදියට.. ඔයා Hub එකෙ මාතෘකාව ලීවගමන් වෙබ් අඩවිය බොහෝවිට ටැග් කීපයක් ලබාදේවි... අවශ්‍යනම් ඊට අමතර ඒවත් දාන්න පුලුවන්

    Thnkx :)

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.