Blogger ද ? Wordpress ද ??


මම, අපි බ්ලොග්කරුවන් !!  සිංහල හෝ ඉංග්‍රීසි හෝ වේවා බ්ලොග් ලියන්නනම් මාධ්‍යක් තියෙන්න ඕනි.  එනම්  බ්ලොග් ලිවීම සඳහා කුමනහෝ Platform එකක් අවශ්‍යයි. මේ අතරින් මම වැඩිපුරම සිංහල බ්ලොග්කරුවන් අතරේ Blogger, Wordpress, Wordpress Selfhosted දුටිමි. මීට අමතරව වෙනත් සේවාවන් භාවිතාකරන බ්ලොග්කරුවන්ද සිටී. දැනටමත් ‍බ්ලොග්කරුවන්ට, නව බ්ලොගයක් ආරම්භකිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට ඒ සඳහා පැහැදිලි මාර්ගෝපදේශණයක් සැපයීම, එයට වඩාත් සුදුසු මාධ්‍ය කුමක්ද යන්න අවබෝධයකරගැනීමට සහයවීම මෙම ලිපියෙහි අරමුණයි.



මෙම ලිපියෙහි ලොව වඩාත්ම ජනප්‍රිය Platforms වන ඉහත දැක්වූ Blogger, Wordpress හා Wordpress Selfhosted අතර සංසංදනයක්,  කිරීමට කැමැත්තෙමි.



Blogger හි සම්මත සලකුණ

මුලින්ම Blogger සේවාව ගැන කියනවනම්, මේක Google සමාගම මගින් නොමිලේ ලබාදෙන සේවාවක්. බ්ලොග්කරණය ආරම්භකිරීමට යන නවකයෙකුට එය ආරම්භකිරීමට සුදුසුම ස්ථානයක් යැයි කියන්න පුලුවන්.  මෙයින් සේවාව ආරම්භකිරීමට අවශ්‍යවන්නේ Gmail ගිණුමක් පමණයි. www.blogger.com වෙත පිවිස ඔබගේ GMail ගිණුමට අදාල පරිශීලික නාමය (User Name) හා මුරපදය (Password) ලබාදී පහසුවෙන් නව බ්ලොගයක් ආරම්භකිරීමට පුලුවන්. නවකයෙකුට වුනත් තේරුම්ගන්න පුලුවන් සරල අතුරුමුහුණතක් (Interface එකක්) Blogger වලට හිමියි. මේ පිළිබඳ සවිස්තරව සටහනක් පහතින් ඇතුලත්කරන්නම්.


WordPress ගැන කියනවානම් මෙය ආකාර 2කින් දකින්න පුලුවන් ඒ,




  1. Wordpress.com හි Sub Domain එකක් මත www.yourName.wordpress.com ආකාරයට(www.wordpress.com)

  2. Wordpress Blog Platform එක බාගතකරගෙන, තමාගේම වෙබ්ඉඩක ස්ථාපනය (Wordpress Selfhosted)


WordPress හි සම්මත සලකුණ

මේ කුමන ආකාරයට Wordpress Blog එකක් පටන්ගත්තත් සමාන අතුරුමුහුණතක් තමයි දක්නට තියෙන්නෙ ( Interface) Wordpress Selfhosted බ්ලොගයක් හා Wordpress.com බ්ලොගයක් අතර දකින්න තියන ප්‍රධානම වෙනස තමයි, Wordpress.com බ්ලොගයක ප්‍රධාන අවාසියක් තමයි Sidebar එකට JavaScript දාන්න බැරිවීම. මේනිසා ගැජට් භාවිතාකරන එක සීමාවෙලා තියනව. නමුත් තමාගේම වෙබ්ඉඩක ස්ථාපනය කරගත් (Wordpress Selfhosted) Blog එකක මේ කිසිම ප්‍රශ්ණයක් නෑ. මයි කාර්, මයි පැට්‍රල් ;)


මේ සියල්ල පහත පරිදි සටහනකින් දක්වන්නම්,



Blogger හා Wordpress































































































blogger.com






Wordpress.com

Wordpress SelfHosted
ස්ථාපනයසාමාන්‍යයෙන් වි.5කින් පමණ සියල්ල අවසන්බ්ලොගර් වගේමයි,වි.5කින් පමණ සියල්ල අවසන්Blog Platform එක බාගතකිරීමට හා එය Host එකට Upload කිරීමට යම් කාලයක් ගතවේ. මෙය ඔබ‍ගේ අන්තර්ජාල සම්බන්ධතාව අනුව තීරනය වේ‍‍. Database එකක් සෑදීමට සිදුවේ. ස්ථාපනය කරන ආකාරය ඇති ලින්ක් එකක් මේ ලිපිය අවසානයේ ඇතුලත් කරන්නම්
ඩොමේනය (Domain)නොමිලේ ලැබෙන YourName.blogspot.com ආකාරයේ Sub Domain එකක්.නොමිලේ ලැබෙන YourName.wordpress.com ආකාරයේ Sub Domain එකක්.අවශ්‍ය ඩොමේනය තමාටම තෝරාගන්න පුලුවන්. ඔබ එයට මුදල් ගෙවිය යුතු නිසා
වෙබ් ඉඩ (Hosting)1GB නොමිලේ ඒක් පිටුවක File Size එක 1MB පමණයි3GB නොමිලේඅවැසිතරම් ‍තෝරාගන්න පුලුවන්‍. ඔබ එයට මුදල් ගෙවිය යුතු නිසා
ගැජට්Bloggeer හි අඩංගු සීමිත ප්‍රමානයට අමතරව අවශ්‍යනම් HTML හෝ JavaScript ආකාරයේ ගැජට් දැමිම හැක.නොහැක.අවැසිතරම්, අවශ්‍ය ආකාරයෙන්, මීට ‍නොදෙවෙනි පහසුකම් Plugins මගින් ලබාගත හැක.
අතුරුමුහුණතඉතාමත් සරල ලෙස නිර්මානය කර ඇත. නවකයෙකුට උවද භාවිතා කල හැකතරමක් සංකීර්ණ, පහසුකම් වැඩි අතුරුමුහුණතකි‍Wordpress.com හි අතුරුමුහුණතම  තවත් විශේෂාංග ඇතුලත්කර වැඩිදියුණු කර ඇත.
ප්ලගින සදහා සහයනැතනැතසහය දක්වයි. දහස්ගනනක් ප්ලගින අතුරින් අවශ්‍යම ප්ලගිනයක් තෝරාගත හැක.
තේමා (Templates/Themes)Bloggeer හි අඩංගු සීමිත ප්‍රමානයට අමතරව xml ආකාරයේ තනි File එකක් ලෙස පැමිනෙන තේමා සොයාගත හැකලබා‍දෙන අලංතාර/ඕනැමතැනකට සුදුසු තේමා පමනිදහස්ගනන් තේමා ඇත. php ආකාරයෙන් Files කිහිපයකින් පැමිනේ
තේමා සංස්කරණයHTML මගින් ලෙහෙසියෙන් කල හැකසීමා සහිතයිPHP දැනුව ඇතිනම් අවශ්‍ය ආකාරයට සංස්කරනය කල හැක.
ස්ථාවරත්වයගුගල් සර්වර් මත ති‍බෙන නිසා බොහෝවිට ස්ථාවරයිබොහෝවිට ස්ථාවරයිඔබ මිලදීගත් හොස්ටින් ගිණුමේ ස්ථාවරත්වය මත තීරනය වේ.
පිරිවැයසම්පූර්නයෙන් නොමිලේසම්පූර්නයෙන් නොමිලේඔබේ හොස්ට් එකට හා ඩොමේනයට යන පිරිවැය දැරිය යුතුය
කතුවරුන් හා පරිපාලකයින්කිහිපදෙනෙකුකිහිපදෙනෙකුකිහිපදෙනෙකු
ලිපි ආරක්ෂාවනැතඔබට ආරකෂාකිරීමට ලිපියක් ඇත්නම් එම ලිපියකට අවශ්‍යනම් මුරපද යෙදිය හැකඔබට ආරකෂාකිරීමට ලිපියක් ඇත්නම් එම ලිපියකට අවශ්‍යනම් මුරපද යෙදිය හැක
කමෙන්ට්ස්ස්පෑම් ‍වැලැක්වීම් පහසුකමස්පෑම් ‍වැලැක්වීම් පහසුකම, සංස්කරනය, IP Trackingපෙර ඒවාද, spam protection හා බොහෝ පහසුකම් ප්ලගින මගින් ලබාගත හැක.
මගෙන් ලකුනූ (100න්)35‍%15%50%

ඉහත සටහනින් විස්තර කලේ සුලු කොටසක් පමණයි.. මම හිතනව මේ ටික මෙම Blogger හා Wordpress ගැන අවබෝධයක් ලබාගන්න ප්‍රමානවත් වේවි කියල

අමතර පහසුකම් කිහිපයක්

Blogger හි සිට WordPress වෙත


Blogger සිට Wordpress වෙත එමු !


මම කලින් ලීව ලිපියක සවිස්තරව ඉදිරිපත් කලා කොහොමද Blogger Blog එකක් සාර්ථකව සම්පූර්ණයෙන්ම Wordpress Self hosted බ්ලොග් එකක් වෙත ගෙනඑන්නෙ කියල. ඒ ලිපිය මෙතන ක්ලික් කරල බලන්න පුලුවන්.



Blogger හා Wordperss.com තමා‍ගේම ඩොමේනයක (Custom Domain)


ඇයි බැරි.. කරන්න පුලුවන් මේ ගැනත් මම ලීව ලිපියක අඩංගු වුනා ඒ ලිපිය මේ සබැඳුම ක්ලික් කරල බලන්න පුලුවන්.


වටිනා WordPress Plugins කිහිපයක් හා Plugins WP හි ස්ථාපනය කරන ක්‍රම (6)


ආශ්‍රිත ලිපි.




Posted in . Bookmark the permalink. RSS feed for this post.

10 Responses to Blogger ද ? Wordpress ද ??

  1. වෙනස් කම් පෙන්නපු ටිකනම් මරුවට තියනව,මටනම් බ්ලොගර් තමයි :D

    ReplyDelete
  2. ගීත් වඩ්ප්‍රෙස් ගන තව ලියන්න. මටත් හෙල්ප් කරනවට ගොඩක් ස්තුත්යි ! මමත් පටන් ගන්නයි යන්නෙ. එත් බ්ලොග් වගෙ නෙමෙ නිස ටිකක් අමරුඉ. මටත් ඔනෙ ඩොමඉන් එකක් අරන් වඩෙ කරන්නයි. ඔයගෙ සහය ඔන කරනව. නියමයි වෙබ් එක. ගොඩක් වටින ලිපි , අනෙකුත් හමදෙම ...

    ReplyDelete
  3. ඉතාම හොඳින් පැහැදිලි කරල තිබෙනවා.
    හොඳ ලිපියක්.
    මම මගෙ ප්‍රධාන බ්ලොග් අඩවි 4න් තුනක්ම දැනට තිබෙන්නේ බ්ලොගර් මත.
    එකක් පමණයි වර්ඩ්ප්‍රෙස් මත තිබෙන්නෙ.
    නමුත් මුළු ලෝකයේම සැළකුවාම TypePad, Drupal, b2evolution, DotClear වගේ ඒවාත් ජනප්‍රියයි.

    ReplyDelete
  4. වටිනව කොල්ලො

    ReplyDelete
  5. අපරාදේ මට කාවවත් අදුරගන්න බැරි වුනා මම එනකෛාට කට්ටිය කනවා මම මාධව අයියා හරි ඔයා හරි හොයන්න හැදුවා බැරි වුනා ඊලග පාර බලමු
    මම තමා පරක්කු වෙලා ආව එකා
    http://www.dedunumax.info/?p=558

    ReplyDelete
  6. නියම පොස්ට් එක සිරා විස්තර කිරිම

    ReplyDelete
  7. හොද ලිපියක් මල්ලි.හුගක් හොදට හැමදේම පැහැදිළි කරල තියෙනව.සුභපැතුම්.

    ReplyDelete
  8. අපරාදෙ.... මම මාධව අයියවයි තව ගොඩක් දෙනා එක්ක කතා කරල තමයි ගියෙ.... ඊලඟපාර හමුවෙමු. !

    ReplyDelete
  9. මල්ලි හොදට පැහැදිලි කරල තියනව.. පෞද්ගලිකව මමත් කැමති self host කරපු wordpress එකකට මොකද ඒක අපිට ඕන විදියකට හදා ගන්න පුළුවන් නිසා..

    ReplyDelete
  10. වටින ලිපියක්..ඔබට ජය

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.