
ඒ 19 වෙනි ඉරිදා (දෙසැම්බර්). කලින් දන්වා තිබුන ආකාරයට කොළඹ HDPL ගොඩනැගිල්ලේ පැවැත්වුනු උත්සවයට මමත් සහභාගී වුනා. පෙර දිනයේ (18) සුජිත් අයිය (බ්ලොග් කියවන්නෙක්) අපේ ගෙදර ඇවිත් අපි දෙන්නම 19 උදෙන්ම පිටත් වුනා. පාන්දර 5.00 ට විතර. 7.40ට විතර කොළඹට ලඟාවුනත් කලින් කතාකරගත් විදියට හසිත මල්ලි, කසුන් නදීශන, කණි ඩබල එනකම් අපි කොටුවට වෙලයි හිටියෙ. කොහොමහරි හසිත මල්ලියයි කණිඩබලයි කොටුවෙදි සෙට් වුනේ, තවත් කිහිපදෙනෙක් ඒ සමග හිටිය. අවාසනාවට කසුන් මගහැරුනෙ, එතන හිටිය කට්ටිය යමු කීව නිසයි. මේ සිද්ධියෙන් කසුන් අමනාප වුනාද කියලනම් හරියටම දන්නෙ නැ.කොහොමහරි බහින්න ඕනි තැන මිස් වුනෙ අපේ කට්ටිය නිසාමයි ;) ඊට පස්සෙ තියන හෝල්ට් එකෙන් බැහැල අන්තිමේදි නිවැරදි ස්ථානයට යාගන්න හැකිවුනා. :)
හමුව ගැන කියනවනම්, Microsoft ආයතනයේ අනුග්‍රහයෙන්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් පැවැත්වුන හමුව මට හිතුන හැටියටනම් ඉතාම සාර්ථකව පැවැත්වුනා. තමතමන් එකිනෙකා හඳුනාගනිමින් ආරම්භකළ SBU සුහදහමුවේදි එහි ආරම්භය සිදුවූයේ කුමකටද, අරමුණු, ඉදිරියේදී කිරීමට අපේක්ෂිත දේවල් කතාබහ වූ අතර මීට අමතරව සිංහල යුනිකේත / සිංහල Fonts ගැන තාක්ෂණික දෘෂ්ටියකින් යම් ආකාරයකට කතාබහවුනා. මේ දේවල් අතරේදී තමතමන්ගේ අදහස් දැක්වීමට හා ගැටලු, යෝජනා පැමිණ සිටි බ්ලොග් කරුවන් අමතක කලේ නැහැ. හැබැයි ඉතින් මමනම් අදහස් දැක්වුයෙ නෑ :( මේ වෙනුවෙන් Microsoft ආයනතය වෙනුවෙන් පැමිණි මහත්මා දැක්වූ සහයෝගය විශිෂ්ඨයි. විශේෂයෙන් ඉදිරි කටයුතු ගැන. අවසානයේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සංවිධානයකර තිබූ නිර්මාංශ ආහාරවේලකින් පසුව බ්ලොග් කරුවන් එකිනෙකා හමුවී තම තමන්ගේ අදහස් හුවමාරුකරගත්තා. ඒ අතරේ ඡායාරූපකිහිපයක් ගන්නත් පුලුවන් වුනා.
අවසානයේ මමත් සුජිත් අයියත් ගාලුමුවදොර පිටියේ රුඳි ඉඳල MC එක පැත්තෙ රවුමක් ගහල ගෙදර එන්න සූදානම් වුනත් සුජිත් අයියගෙ ඉල්ලීම නිසා එයාලගෙ ගෙදර ගිහින් අද (20) තමයි ගෙදර ආවෙ ;)
මේ හමුව මම දැකපු ආකාරයට ඉතාමත් සාර්ථක වුනා කියල හිතනව. මින් පෙර දැක නොසිටි අය හමුවීම, කතාබහ කිරීම විශාල සතුටක්. ඒ වගේම මේ වෙනුවෙන් බොහෝ දේ කරන Admin ලා ට අපි හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕනි.
මේගැන මට හිතුන දේවල් ටිකක්, යෝජනා ටිකක් මේ විදියට ඉදිරිපත්කරන්නම්.
- බොහෝ දෙනෙක් සමග කතාකරන්නම් කියල හිතාගෙන ආවත් සමහර දෙනෙක් එක්ක කතා කරන්න නොලැබුන එක ගැන දුකයි :(
- මමත් එක්ක කතා කල නොකල හැමෝම දකින්න ලැබීම සතුටත්, ලොකු කණිෂ්ක අයිය, පොඩි කණිෂ්ක අයිය, මාධව අයිය, මංකඩ ලියන දිනුක අයිය, හසිත මලිලි, මුල්ම වරට කතා කරපු හසීය, සජිත් අයිය, කසුන් නදීශන අයිය, පුබුදු අයිය, ගීතික දිල්රුක් අයිය, වගේම මෙතන නම ලියන්න මතක නැති අය, මමත් එක්ක ඇවිත් දිගටම මාත් එක්ක හිටපු සුජිත් අයිය ඔක්කොටෝම බොහොම ස්තුතියි. (නම මෙතන සටහන් කරල නැ කියල තරහවෙන්න එපා. මතක් කලොත් ලිපිය Update කරන්නම්)
- හැමෝටම තිබුන හීතල ප්‍රශ්නෙ මටත් තිබුන. මේක ෆිජ් එකක්ද කියලත් හිතුන
- ඇඩ්මින් වරුන් සමග කතාකරන්න හිතාගෙන හිටියත් අවස්ථාවක් ලැබුනෙ නැ :(
- කසුන් නදීශන එක්ක කොටුවෙ ඉන්න වුනෙ නැත් එක ගැන දුකයි :( සමාවෙන්න ඒකට
- ආහාරවේලට ස්තුතියි. හොඳටම තිබුන.
- කට්ටය එක්ක එනකොට බල්ලොත් පැන්නුව. ;)
- තිස්ස දොඩංගොඩ මහත්තයට පරන සිංදුටිකක් අරගෙන ආවත් ලබාදෙන්න විදියක් තිබුනෙ නැ. කාල ඉවරවෙලා හෙවුවට හොයාගන්න බැරිවුනා.
- කණිෂ්ක අයියගෙ CD එකට ගොඩක් ස්තුතියි
- ඡායාරූපටික නිල වශයෙන් හොඳ කොලිටියෙන් හැමෝටම ලබාගන්න පුලුවන් විදියට ලබාදුන්නනම් හොඳයි කියල හිතෙනව
- පැමිණසිටි අයට තව ටිකක් සමීපව කතාකරන්න, විනෝදවෙන්න පොඩි ක්‍රීඩාවක් වගේ දෙයක් තිබුනනම් හොඳයි කියල හිතුන
- කතාබහකෙරුණු කරුණු අතරින්, සංසදයෙ බ්ලොග් වල ගැජට් කෑලි වැඩි නිසා ලෝඩ් වෙන්න පරක්කුයි කියන එක, වැඩි දෙනෙක් විජේසේකර කී බෝඩ් එක භාවිතා කිරීම, යුනිකේත වල ඉදිරිය හා යුනිකේත වලට නව Font styles එක් කිරීම වගේ කරුණු ඊට අමතරව කමෙන්ට් මොඩරේට් කිරීමේ වැදගත්කම වැනි දේ වැදගත් ය
- පටන්ගන්න අවස්ථාවේදී තමතමන්ගේ ආගම සිහිකරල පටන් ගත්තනම් හොඳයි කියල හිතෙනව
- Online Brodcast එක සහභාගි වෙන්න නොහැකි වූ අයට මහත් පිටුවහලක්.
- ඉදිරියේදී බ්ලොග් කියවන අය වැඩියි කියල හිතුනෙ, දැනටමත් බොහෝ දෙනෙක් තමන්ගෙ බ්ලොග් එක ලියන එක නවත්වල දාල කියල හිතුනෙ, තම තමන් හඳුන්වල දෙනකොට බොහෝ දෙනෙක්ගෙ මුවින් පිටවුන කරුණු නිසා.
- අනාගතයේදී සිංහල බ්ලොග්කරණය හා අන්තර්ජාලයේ සිංහල යුනිකේත ගොඩක් දියුනු වේවි කියල හිතෙනව. එහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
ලබනවසරේදීත් මේ විදියට හමුවක් පැවැත්වුනොත් අනිවාර්යෙන්ම සහභාගිවෙනව.. මම කවුද කියල හොයාගන්න බැරිවුනනම් ඉහල පිංතූරෙ මැද පේලියෙ, දකුණු පැත්තෙන් 3 වෙනිය. ඒ කිවෙ ලානිල්පාට ශර්ට් එකක් ඇඳගෙන ඉන්න කලු පොඩ්ඩ !
හැමෝටම ගොඩාක් ස්තුතියි !!
ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ හමුවට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන. මටත් හිතෙනව එකක් පටන්ගන්න. බලමු අනාගතේදි... ස්තූතියි හැමෝටම...
ReplyDeleteඑල එල අනිත් පර මම්ත් අනිත් පර මත් එනව
ReplyDeleteමමත් ආවා නොවැ. ඔයා කියලා තියෙන දේවල් හරියටම හරි. හොද පින්තූර ටික සේරම ගන්න තිබුනා නම් ගොඩක් හොදයි.
ReplyDeleteමමනම් ගියේ නැ පොඩි ප්‍රශ්නයක් නිසා. ඔයාලා දන්නවනේ sbu එකයි මමයි අතර තරහක් තියෙනවා මම තරහා නැ. කාලිංග අයියා තරහද දන්නේ නැ. මට එක ගැටලුවක් මට දුකත් හිතුනා එත් එතනට ගිහිල් කාලිංග අයියා තෝ මෙකට එන්න එපා කියලා බැනොත් කියලා .මම ගියේ නැ. ර්‍රලග පාර මෙහෙම එකක් තිබොත් යන්න කාලිංග අයියාගෙන් අහලා මට උදව් කරනවනම් ලොකු පිනක් ඔයාලා අදුරගන්න ආසයි.
ReplyDeleteමම හිතන්නෙ එයා තරහ නැතිව ඇති.. ඔයා පෞද්ගලිකව මේල් එකක් දාල බලන්න.
ReplyDeleteස්තුතියි කමෙන්ට්එකට !
මැක්ස මචං... පට්ට...
ReplyDeleteඅහ් මල්ලිත් ආවද දැක්කේ නැහැනේ
ReplyDeleteමට ඔයාව කසුන් නදීශන අයිය පෙන්නුව. ඒත් කාලඉවරවෙලා කතාකරනකොට මීටර් නෑ කවුද කියල ;( පොටෝ එකක්වත් දැකල තිබුනෙ නැ නෙ.
ReplyDeleteඊගාවපාර හමුවෙමුකො.. ස්තුතියි කමෙන්ට්එකට !
මටත් උඹත් එක්ක හරියකට කතා කරන්න බැරි උනානෙ, බොහොම සොරි වෙන්න ඕනෙ.
ReplyDeleteඅපි ඉතින් ඒ උනාට ඇති වෙන්න චැට් නම් කරනවනෙ. :)
දැකගන්න ලැබුනට සතුටුයි මල්ලියා. :)
එල එල..... තව පොටෝ ටිකක් දාන්න. මට නම් එන්න බැරිවුනා. දුරයිනේ..... හි
ReplyDeleteහපොයි ගනන් ගන්න එපා අයියෙ... ඔයාව දැකල වචන 5ක් හරි කතා කරපු එක ගැන සතුටුයි.
ReplyDeleteමටත් එන්න ඕනකම තිබුන.ඒ උනාට පොඩි පොඩි හේතුමත එන්න නම් බැරිඋනා.:(
ReplyDeleteඊලග පාරවත් බලමුකෝ
මලයව දැක ගන්න ලැබිම සතුටක් .....
ReplyDeleteමේක නම් මගේම කරුමේ අයියෝ
ReplyDeleteMicrosoft ආයනතය වෙනුවෙන් පැමිණි මහත්මා දැක්වූ සහයෝගය විශිෂ්ඨයි.
ReplyDeletewela wa hariyata danne nathuwa kiyapu deyak........
අපිත් ඇවිල්ලනෙ :P කට්ටිය හමු වීමෙන් ආපහු ලියන එක පටන් ගන්න හිතුන.. ඉස්සරහට කස්ටියට කියවන්න පුළුවන් වේවි.. ;)
ReplyDeleteඑල එල.......... අයිය හිටියනන් අපිත් එක්ක බෝට්ටුත් පැදල යන්න තිබ්බ :D
ReplyDeleteලබන සැරේ සෙට් වෙලා ෆන් එකක් ගම්මු
හික්.. නියමෙට ලියලා තියෙන්නේ...
ReplyDeleteකට්ටිය හමු වීම නම් සතුටක්..
@ සුජිත්
ReplyDeleteපටන්ගනිමු සිංහල Blog ඒකක් :D
@ maduka
ඒන්න ඒන්න
@ සුභාෂ් ප්‍රියංකර
ම්... මට ඔයාට කතා කරන්න බැරිවුනානෙ... ගොඩක්දෙනා මගහැරැන. ලබනපාරවත් කතාකරමු !
@ Sajith
එල එළ.. කොහෙද අයියෙ කාටත් හොරෙන් ගියෙ ? ;)
@ ප්‍රමෝද්
මම පොටෝ ගත්තෙ නැනෙ කොල්ලො.. මම දැක්ක මූණු පොතේ නම් පිංතුර තිබුන.. මම ඉහල කලේ යෝජනාවක් විතරයි !
@ Lasindu Nadishan
එන්න එන්න ලබනපාර හමුවෙමු !
@ හිඟන්නා
කතාකරන්න බැරිවුනත්, තාම ඔයාව හොදට මතකයි. මටත් සතුටුයි අයියෙ
@ Dedunu Dhananjaya
හපොයි අපරාදෙ පරක්කුවුනෙ...
@ mm
අනේ මංද... මෙයාට මොනවද කියන්නේ.......??
@ Ykani
ලියමු ලියමු.. හමුවීම සතුටක් අයියෙ..
@ Hasitha Jayasooriya
මමයි සුජියයි එලියට ඇවිත් ඔයගැන කතාකරල තමයි ඔයාට කෝල් කලේ.. අවුලක් නැ :p ලබන සැරේ සෙට් වෙලා ෆන් එකක් ගම්මු.
@ Kanishka|කණියා
මටත් සතුටක් අයියෙ.
කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි !
මගෙන් කාටහරි වරදක්/අතපසුවීමක් වුනානම් සමාවෙන්න.
හමුවීම කතා කරන්න ලෑබීම ඇත්තටම ගොඩක් සතුටුයි...අපි ආයේ සෙට් වෙමු....
ReplyDeleteඇත්තටම ගොඩක් සතුටින් ගෙවුණු හොරා කිහිපයක්.....
නියම පෝස්ට් එකක්...ඇත්තටම ගොඩක් හොදට ලියලා...
පිස්සුද බං මං මොකටද උමත් එක්ක අමනාප වෙන්නේ. අපිනේ පරක්කු වුනේ. මටත් ගොඩක් අයත් එක්ක කතාකරන්න වුනේ නෑ.ලබන පාරවත් ඔක්කමෙ එක්ක කතා කරන්න ඕනේ. නියමෙට ලියලා තියෙනවා එළ එළ.
ReplyDelete@ මාධව
අය්යට මාර ඉල්ලුමක්නේ තිබුනේ එදා.
බලන් ගියහම මට ඉහළින්නෙ ඉඳලා තියෙන්නේ...
ReplyDeleteහා ......
ReplyDeleteමෙ පෙත්තෙ අවෙ හුග කලයකින්නෙ අයියෙ . ගිය සති 2 ම විබගෙ තිබුනනෙ එකට පන දගෙන පඩම් කල අලුත් ලිපි 5,6 ක්ම එකතුවෙල නෙද? අය වෙලවක් තිබුනු වෙලවක අලුත් ලිපි ටික සෙරම කියවන්න ඔන ....
මෙ වෙලවෙනම් photos වගයක් හොය ගන්න අපු ගමන් new tap එකකින් අවා .
elakiri
ReplyDeleteමචන් මට එන්න බෙරිඋනට සොරි තරහනෙනෙ මට එ ඩවස්වල පොඩි වෙඩ වගයක් තිබ්බ ලබන පර යමු ඖලක් නෙනෙ
ReplyDelete