මම Wordpress භාවිතාකරන්න පටන්ගෙන දැනට මාස කිහිපයක් ගතවෙලා. ඒ අතරදී ලැබූ Wordpress අත්දැකීම් වලින් ගොඩක්ම හිතගිය එක් ලක්ෂණයක්, මෙහි තියන Plugins සඳහා සහය දැක්වීම. ඉතින් මට හිතුන මම wordpress තුල භාවිත කළ/කරන වැදගත් Plugins කිහිපයක් ලිපියක් විදියට ඉදිරිපත් කරන්න. ඔබත් Wordpress භාවිතාකරනවානම් මේ ලිපියෙන් ඉදිරිපත්වෙන, වැදගත් යයි සිතෙන Plug-ins ලබාගන්න. ඒ වගේම අලුතෙන් Wordpress බ්ලොග් එකක් Selfhosted විදියට ආරම්භ කරනවානම් ඒ අයට මේටික වැදගත් වේවි. මෙහිදී අදාල ප්ලගින හා ස්ථාපනය කරන ආකාරත් පැහැදිලි කරන්නම්.
1.Secure WordPress
මෙයින් අපගෙ Host එකේ install කර ඇති Wordpress Folders වල index එකක් නැති Folders වලට පවා index එකක් සාදා දීමෙන් හා තවත් බොහොමයක් විකල්ප ක්‍රම වලින් Wordpress ස්ථාපනය ආරක්ෂා කර දෙනව.
[මෙතනින් බාගන්න Download Here]
2.WordPress Database Backup
මෙයින් අපගෙ Wordpress සඳහා භාවිත වන Database එක Backup කරගන්න පුලුවන්.
[මෙතනින් බාගන්න Download Here]
3.Wordpress Backup
Wordpress Installation එකේ uploads, themes (දැනට පාවිච්චි කරන එක) හා plugins ඩිරෙක්ටරි zip ෆයිල් එකක් විදියට බැකප් එකක් ගන්න පුලුවන්. හදිසියේ සිදුවන Server එකේ බිඳවැටීම් හා හොස්ට් එක මාරැ කරන අවස්ථාවන් හිදී ප්‍රයෝජනවත් වේවි.
4.WordPress.com Stats
මෙයින් අපගේ Wordpress Blog එකට අමුත්තන් පැමීණි විස්තර, පැමිණි ස්ථාන, වාර ගනන, අප බ්ලොගයේ ඇති ලින්ක් වලට පිවිසුන වාරගනන වැනි වැදගත් විස්තර බලාගන්න පුලුවන්.
[මෙතනින් බාගන්න Download Here]
5.All In One SEO Pack
මෙය වැදගත් වන්නේ SEO (Search engin Optimize) වලට. Blog එකේ ප්‍රධාන පිටුවේ හා අනිකුත් සියලුම ලිපි වල Title, Description, Keywords වැනි දෑ වෙනස්කරමින් SEO සඳහා සහය දක්වනවා.
[මෙතනින් බාගන්න Download Here]
6.Google XML Sitemaps
මෙමගින් Sitemap එකක් සාදා ගැනීම ලේසියෙන් කරගන්න පුලුවන්. Sitemap සෑදිම හා එය Google Webmaster Tools වෙතට ඇතුල්කරන ආකාරය මා කලින් ලියු ලිපියක සඳහන්වනවා. එය බැලීමට අවශ්‍ය නම් මේ ලිපි බලන්න
1) Sitemap ගැන.
2) Google Webmaster Tools වැඩිදුරටත්
[මෙතනින් බාගන්න Download Here]
7.Google Friend Connect Integration
මේ Plug-in එකෙන් පුලුවන් Blogger Blog එකක Followers ලාව Wordpress බ්ලොග් එකට ගේන්න. මේක කරන හැටි මම ලීව "Blogger Blog එකක් Wordpress වෙත ගෙනඒම" ලිපියෙ තියනව.
[මෙතනින් බාගන්න Download Here]
8.Contact Form 7
හොඳ Contact Form එකක් හදාගන්න හොදම Plugin එකක් තමයි මේක.
[මෙතනින් බාගන්න Download Here]
9.Comment Info Detector
මේකෙන් පුලුවන් අමුත්තන් Comment කරන විට ඔවුන්ගේ Web Browser, Operating System හා Country එක Comment එක ලගින් දැක්වීම කරන්නට.
[මෙතනින් බාගන්න Download Here]
10.Social Media Widget
සමාජ ජාල වෙබ් අඩවි වෙත ලිපිය යොමුකරන්න, ලිපිය බෙදාගන්න කියවන්නන්ට පහසුකම් සලසන්න පුලුවන්. ඒ වගේම මේ Plugin එකේදි අදාල වෙබ් අඩවි වල බොත්තම් දිස්වන ස්ථාන කලමනාකරනය වැනි දේවල් වඩාත් පහසුවෙන් හොදින් කරන්න පුලුවන්
[මෙතනින් බාගන්න Download Here]
11.Collapsing Archive
මෙම ප්ලගිනය මගින් Blogger බ්ලොගයක ලිපි පෙල මෙන් කියවන්නන්ට අකුලාගැනීමට/දිගහැරීමට හැකි අයුරින් භාවිතයට හැකියාව ලබාදෙනව.
[මෙතනින් බාගන්න Download Here]
12.Collapsing Categories
මෙය ඉහත ප්ලගිනයේ ආකාරයටම Categories භාවිතාකිරීමට හැකියාව ලබාදෙනව. මෙම පහසුකම Collapsing Archive මෙන් Blogger හි දක්නට ලැබෙන්නෙ නැ. :)
[මෙතනින් බාගන්න Download Here]
13.Open ID
මෙමගින් OpenID වලින් බ්ලොගයට සම්බන්ධවීමට/කමෙන්ට් දැමීමට/ බ්ලොගයේ ලිපිනයෙන් OpenID එකක් ලබාගැනීමට හැකියි. මේ ගැන විස්තරයක් මා ලියූ Open ID ගැන සම්පූර්ණ සටහනක්. ලිපියෙහි ඇතුලත්
[මෙතනින් බාගන්න Download Here]
14.Wordpress Sinhala Comments
මේක අපේ රටේ අපේ දෙයක්. ඉරෝෂන් අයිය සාදා ඇති මේ Plugin එක, Wordpress බ්ලොග් එකකට කමෙන්ට් දමන්නන්ට Singlish - Sinhala පරිවර්තකය Comment Box එක අසලට ලබාදෙනව. [ස්ථාපනය කිරීමට උපදෙස් මෙතැනින්.]
[මෙතනින් බාගන්න Download Here]
Wordpress හිදී Plugins Install කිරීම.
මේකට ක්‍රම කීපයක් තියනව. මම Wordpress Version 3 සිට ඉදිරියට ඇති සංස්කරන සඳහා විස්තර කරන්නම්.
1. Host එකට අප්ලෝඩ් කිරීම මගින් (Self Upload)
මෙම ක්‍රමයේදී ඔබ අදාල ප්ලගිනය බාගතකරගෙන එය Extract කරගෙන, FTP මෘදුකාංගයක් හරහා Wordpress Install කර ඇති Directory එකේ wp-content හි plugins වෙත ගොස් එයට Plugin එකේ Files ඇති Folder එක අප්ලෝඩ් කර Wordpress Dashboard හි Plugins වෙත පැමින Active කිරීම කල යුතුයි. සෑම Wordpress සංස්කරනයකටම මෙම ක්‍රමය වැඩ කරනව.
2. Wordpress Dashboard එකේදීම Upload කිරීම.
මෙම ක්‍රමයේදි කරන්න තියෙන්නෙ අදාල ප්ලගිනය බාගතකරගෙන ඔබේ Wordpress Dashboard හි Plugins → Add New → Upload වෙත ගොස් අදාල zip ෆයිලය Upload කිරීමයි.
3. Wordpress Dashboard එකේදී Automatic Install කිරීම.
මේක තමයි ලේසිම ක්‍රමය. මෙහිදී කිසිම බාගතකිරීමක් හෝ අප්ලොඩ් කිරීමක් අවශ්‍ය වන්නේ නැ. අවශ්‍ය Plugin එක Wordpress Plugin Directory වෙත Submit කර ඇතිනම් පමණක්, ඔබේ Wordpress Dashboard හි Plugins → Add New → Search හිදී ප්ලගිනයේ නමින් සෙවුමක් කිරීමෙන් එක ස්ථාපිත කරගත හැකියි. නමුත් අවශ්‍ය Plugin එක Wordpress Plugin Directory වෙත Submit කර නැතිනම්, ඔබට 1 හා 2 ක්‍රම අනුගමනය කරන්න සිදුවේවි.
Plugins මගින් Wordpress බ්ලොගයකට අවශ්‍ය ඕනැම ආකාරයේ බොහොමයක් වෙනස්කමක් කරගැනීමට හැකිවනව. ඔබට අවශ්‍යම Plugin එක සොයාගැනීමට Wordpress Plugin Directory හි සෙවුමක් දැමීමෙන් හෝ, ඉහත 3 ක්‍රමයේදී විස්තර කල ස්ථානයේ සෙවුමක් දැමීමෙන් පුලුවන්. එම ප්ලගින් එකෙහි Downloads ගනන හා Average Rating මගින් එම ප්ගලිනය කොපමණ සාර්ථකය දන්න දැනගත හැකියි.
මම ඉහතින් ඉදිරිපත්කලේ මම ප්‍රායෝගිකව භාවිත කරනලද ප්ලගින කිහිපයක්. මේවට අමතරව වැදගත්, මේවට ආදේශක වශයෙන් මීට වඩා හොද ප්ලගින්ස් දන්නවානම් කමෙන්ට් එකක් විදියට හෝ ඉදිරිපත් කිරීම ඉදිරියේදි මෙම සටහන කියවන අයෙකුට ප්‍රයෝජනවත්වේවි නේද ??
෴
ගොඩාක් හොඳ ලිපියක්. මට දැනගන්න ඕනෙ මේකෙ wordpess backup එක හොඳ එකක් ද කියල? මමත් කාලෙක ඉඳල හොය හොය හිටියෙ ඒත් හොඳ එකක් හම්බ වුනේ නෑ.
ReplyDeleteබොහෝම ස්තූතියි සහෝ...
හැමදාමත් ඔයාගෙ ලිපි වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.මේ ලිපියෙනුත් එහෙමයි. නොදන්න,ගොඩක් වටින දේවල් ගොඩක් ඉගෙනගත්ත.ගොඩාක් ස්තූතියි.ඒ වගේම හැමදාමත් හරවත් ලිපි ලියන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteඅයියේ උදවුවක් ඹ්න. හැබැයි මම අහන මේ ප්‍රශ්ණ මොඩ ප්‍රශ්න කියලා හිතන්න ඒපා. කියලා ලිපියක් ලියලා තියනවා නේද? ඒ ලිපියේ තියන “ Contact Form 7, Comment Info Detector ” කියලා 2 ක් තියනවා නේද? ඒකේ ලියලා තියන විදිහට Download Here තැනින් මම Download කර ගත්තා. ඉට පස්සේ මේ Download කර ගත්ත (zipped) Folder ඒක Open කරම ඉස්සල්ලාම ලැබේන Folder ඒක (zipped) Folder ඒකින් ඒලියට අරගේන Open කරට පස්සේ තියනවා නේද ” browser.PHP , comment-info-detector.PHP , country.PHP , options.PHP “ ( මේ comment-info-detector ඒකේ තියන file) File Type ඒකක් තියන File වගයක් ඒවා Mozilla Firefox 4.0 Beta 2 මගින් Open කරට පසසේ පේන්වන්නේ මේ වගේ { 0 ? $matches[1] : ""; } elseif (preg_match('#symbianos/([a-zA-Z0-9.]+)#i', $ua, $matches)) { $os_name = "SymbianOS"; $os_ver = $matches[1]; $os_code = 'symbian'; } elseif (preg_match('#avantbrowser.com#i', $ua)) { $browser_name = 'Avant Browser'; $browser_code = 'avantbrowser'; } elseif (preg_match('#(Camino|Chimera) } කොඩ් ඒකක් (සරංශයක් පමනයි.) මට දැනගන්න ඹ්න මේකයි ගීත් අයියේ. මේ කේ අදල සියළුම දේ ටික අපේ Web site ඒකට Upload කරලා Link ඒකක් දනවා මේහේම E.x. http://www.akilalanka.webs.com/ comment-info-detector.PHP කියලා ඒතකොට හරි යයිද? නැත්තම් මේ කොඩ් ඒක Copy කරලා මේ Link ඒක දලා අපේ Control Panel වලින් අළුත් Page ඒකක් හදලා. මේ කෝඩ් ඒක Paste (අදල File ඒක්කම) කරම හරිද අයියේ. ගීත් අයියේ මේ ප්‍රශ්නේනම් මග හරින්න ඒපා අයියේ.
ReplyDeleteමල්ලියො Webs.com කියන්නෙ Wordpress පාදක කරගෙන ලබාදෙන සේවාවක් නෙවෙයි. ඒ නිසා මම ඉහල දීල තියන Plug-ins ඒකට දාන්න බෑ. ඔයාට මේව දාන්න ඕන නම් ඔයාගෙම Host එකක Install කරගත්ත Wordpress Blog එකක් ඕන.
ReplyDeleteමම හිතන විදියට Webs.com වලින් පොඩි පොඩි Web Application දෙනව. එහෙම නැතත් ඒකෙ Blog Platform එකක් තියනව. ඒකෙ කමෙන්ට් දාන්න පුලුවන්...
තවත් උදවු මේ ගැන ඕනනම් මගෙන් අහන්න Contact පිටුවෙන්
අයියේ ඹයා කරන මේ උදවු වලට බෝහෝම ස්තුතියි. ඹයාගේ මේ ලිපි අපි වගේ අයට බෝහොම වැදගත්. මම ඹයාට සුභ පතනවා.
ReplyDeleteඔයාට සම්පූර්ණ බැකප් එකක් ගන්න ඕනිනම්, ලිපි, කමෙන්ට්, පිංතුර, ප්ලගින්, වගේම බ්ලොග් එක තියන හොස්ට් එකේ තියන වෙනත් සියලුම ෆයිල් එකපාර බැකප් එකක් ගන්න මේ ලින්ක් එකෙ තියන ස්ක්‍රිප්ටි එකෙන් පුලුවන්. කරන හැටිත් එතනම තියනව....
ReplyDeleteස්තුතියි කමෙන්ට් එකට෴
මටනම් මුල ඉදන් හෙල්ප් ඔන කරනව ගීත් . මම ඔයව සම්බන්ද කරගන්නම්..... :)
ReplyDeleteතැංකු... මම උදවු කරන්නම්.. !
ReplyDeleteනියම ලිපියක් ඔබට තුති
ReplyDeleteayye mata oyage phone number aka denawada
ReplyDeleteමම ඔයාට මේල් කලා.. ස්තුතියි කමෙන්ට් එකට
ReplyDelete