[caption id="attachment_1211" align="aligncenter" width="300" caption="OpenID හි සංකේතය"][/caption]
මෙම ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ OpenIP එකක් යනු කුමක්ද, එහි සරල ක්‍රියාකාරීත්වය පහදා දීම, තමාටම OpenIP එකක් සාදාගැනීමට හැකි ක්‍රම කීපයක් විස්තර කිරීම, OpenID ප්‍රායෝගිකව භාවිතය වැනි කරැණු කිහිපයක් සරලව පහදා දීමටයි.
OpenID යනු,
OpenID යනු අන්තර්ජාල භාවිතයේදී පුද්ගලයෙකුගේ හැඳුනුම් පතක් ලෙස ක්‍රියා කරනා දෙයකි. මෙහි ක්‍රියාකාරීත්වය සරලව ඉදිරිපත් කරන්නේ නම්,
OpenID යනු විවිධ වෙබ් අඩවි වල පරිශීලක ගිණුම් සඳහා ලියාපදිංචි වීමේදී/comment දැමීමේදී ඒ සෑම අඩවියක් සඳහාම තමන්ගේ නම, ඊමේල් ලිපිනය, ආදී තොරතුරැ ඇතුල්කරලීමෙන් පාඨකයාට සිදුවන අපහසුතාවන් අවම කොට, එම සියලු දත්ත එක් ස්ථානයක තැන්පත් කොට, යම් අඩවියක් එම විස්තර ඉල්ලා සිටින විට අදාළ තැන්පත් කළ ස්ථානය වෙත යොමුවී එතැනින් තොරතුරු ලබා ගැනීමට, තොරතුරු ඉල්ලා සිටින වෙබ් අඩවියට ඉඩ ලබාදීමට හැකියාව ලබාදෙන සේවාවකි.
OpenID හදමු !
ගොඩක් බ්ලොග් අඩවි/වෙබ් අඩවි OpenID වලින් ඇතුල්වෙන්න/comment දාන්න පහසුකම් ලබාදෙනව. තමන්ටම කියල OpenID එකක් හදාගන්න ක්‍රම ගොඩක් තියනව. එයින් ප්‍රධාන ක්‍රම කීපයක් මම කියල දෙන්නම්. ඔබ නොදන්නවා ඇති, දැනටමත් ඔබට OpenID එකක් තියනව !! ඔබ Bolgger වැනි සේවවක් භාවිතාකරනවා නම් ඒ බ්ලොගයෙ ලිපියන OpenID එකක් විදියට භාවිතාකරන්න පුලුවන්.
තමන්ගෙම ඩොමේන් එකක් OpenID එකක් විදියට භාවිතා කරමු.
මේ සඳහා මුලින්ම www.myopenid.com වෙත ගොස් එහි ලියාපදිංචි වී http://geethnuwan.myopenid.com/ ආකාරයේ OpenID එකක් සාදාගන්න.
දැන් ඔබේ ඩොමේනයේ නිවාස පිටුවෙ (index ෆයිලයහි) ඉහල හෙඩ් ටැග් එක තුල ඇති ටයිට්ල් ටැග් එකඅවසානයේ පහත රතුපැහැයෙන් දැක්වෙන කේතය ඇතුලත් කරන්න. එහි නිල් පැහැයෙන් දැක්වෙන ස්ථානයට ඔබ කලින් සාදාගත් OpenID එක ඇතුලත් කරන්න.
<html>
<head>
<title>Website Title</title>
<link rel="shortcut icon" href="/favicon.ico" />
<link rel="openid.server" href="http://www.myopenid.com/server">
<link rel="openid.delegate" href="http://geethnuwan.myopenid.com/">
</head>
දැන් එම ෆයිලය save කරන්න. ඔබේ OpenID එක සූදානම් !!
දැන් මෙය TEST කර බලමු. මේ සඳහා OpenID මගින් log වීමට, කමෙන්ට් දැමීමට හැකි වෙබ් අඩවියකට ගොස් එහි සාදාගත් OpenID එක ලබා දී බලන්න. ලේසිම ක්‍රමය මගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාන එක. ;)
- OpenID මගින් log වීමට හැකි වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් https://www.myopenid.com/directory හි ඇතුලත්ව ඇත. එමෙන්ම ඔබේ වෙබ්අඩවියෙත් OpenID මගින් ලොග්වීමට පහසුකම් සපයා ඇත්නම් මෙයට ඇතුල්කල හැක.
- OpenID මගින් කමෙන්ට් දැමීමට ඕනෑම Blogger බ්ලොගයක හැක.
තමන්ගේම ඩොමේන් එකෙන් OpenID එකක් සෑදිය හැකි තවත් ක්‍රමයක්.
- මේ සඳහා https://www.myopenid.com/new_domain වෙත ගොස් ස්ථානයට ඔබේ ඩොමේනය ඇතුලත් කර, පහල ඇති OpenID ක්‍රම 2න් එකක් තෝරා Configure Your Domain ක්ලික් කරන්න.
- දැන් ඔබට කලින් සාදාගත් http://geethnuwan.myopenid.com ආකාරයේ OpenID එක සෑදීමට ලබාදුන් විස්තරවලින් ලොග් වෙන්න.
- තුන්වන පියවර වශයෙන් ඔබේ Domain එකේ DNS සැකසීම කලයුතු වේ. ඔවුන් ඉදිරිපත් කරන දැක්වෙන ආකාරයට ඔබේ Domain එකේ DNS සාදන්න. [DNS සැකසුම් සෑදීම පිළිබඳ විස්තරයක් මා කලින් ලියූ ලිපියක ඇතුලත් වේ. මෙතැන ක්ලික් කර බලන්න]
- දැන් ඉදිරියට ගොස් ඔබේ OpenID එක සාදා නිමකරගන්න
මෙම ක්‍රම දෙකින් මා භාවිතාකලේ පළමු ක්‍රමයයි. ඔබ කැමති ක්‍රමයක් භාවිතාකරන්න.
මේ OpenID එකක් භාවිතාකරන්නෙ කොහොම ද ?
මුලින්ම ඔයාල OpenID පහසුකම් තිබෙන වෙබ්/බ්ලොග් අඩවියකය ගොස් OpenID වලින් ලොග්වෙන්න/කමෙන්ට් කරන්න. එවිට ඔබ OpenID එක ලබාගත් ස්ථානය වෙත යොමුවී එය තහවුරැ කරන්න කියල ඉල්ලාවි. එය තහවුරැ කල විට සේවාව ලබාගන්න පුලුවන්. (ඉහත විස්තර කල ආකාරයට www.myopenid.com වෙතින් ලබාගත්තේ නම් ඒ වෙබ් අඩවිය වෙතද, ඉදිරියේ විස්තර වෙන Wordpress මගින් ලබාගත්තේනම් ඒ වෙතද) බ්ලොගර් බ්ලොගයක ලිපිනය මගින් කලේ නම් මෙසේ වීමක් සිදු නොවේ.
ඔබත් පාඨකයන්ට OpenID පහසුකම ලබාදෙන්න !
ඔබේ වෙබ් අඩවියට OpenID පහසුකම් ලබාගමු.
මේක කරන්න පුලුවන් http://openid.net/add-openid වෙත ගිහින්. මේ සඳහා ප්ලගින පහසුකම් ලබාදීල තිබෙනව, ඔබේ වෙබ් සේවාව/තාක්ෂණය ට මේ OpenID පහසුකම් ඇතුල් කිරීමට අදාල විස්තර/ප්ලගින පහතින් ලබාගන්න.
තවත් විශාල සේවාවන් ප්‍රමාණයකට OpenID පහසුකම ලබාදිය හැක. ඒවාට අදාල දත්ත මෙතැනින් ලබාගන්න -
http://openid.net/developers/libraries/
http://wiki.openid.net/Website_Software
මේක Blogger බ්ලොග් එකක් කරන කෙනෙකුටනම් කියන්න ඕන නෑ. එහි මේ පහසුකම ඇතුලත්ව පවතින නිසා. ඒ නිසා කමෙන්ට් දාන කෙනෙකුට ලේසියෙන්‍ම OpenID තෝරල තමන්ගෙ OpenID එක ලබාදීල කමෙන්ට් එකක් දාන්න පුලුවන්. මේ ගැන ඔබේ Blogger ගිණුමේ Settings හි OpenID වල තියනව. එහි ඔබේ Blogger OpenID එකත් දිස්වෙනව. ඒ කියන්නෙ තමන්ගෙ Blogger Blog එකේ ලිපිනය OpenID එකක් !!
ඒත් Wordpress Selfhosted අයට ?? එයාලටත් Plugins භාවිතා කරන්න පුලුවන් නිසා මේ පහසුකම සක්‍රීය කරගන්න පුලුවන්. OpenID පදනම (http://www.openid.net/) මගින් ලබාදෙන ප්ලගිනය මගින් එය කරන්න ලේසියි !
[ ප්ලගිනය බාගන්න | Download Plugin ]
මේ ප්ගලිනය WP හැමෝම දාගනිවී කියල මම විශ්වාස කරනව.
- මෙය ස්ථාපනය (install) කරගත්තායින් පසු WP Dashboard එකේ Settings වලට OpenID නමින් නව පිටුවක් එක්වේවි.
මෙයින් එම බ්ලොගයෙ ලිපිනය OpenID එකක් විදියට භාවිතාකරන්න බ්ලොගයෙ කාර්යමණ්ඩලයේ කාට ඉඩකඩ ලබාදියයුතුදැයි තෝරාදෙන්න පුලුවන්.
- WP Dashboard එකේ Users යටතේ Your Trusted Sites පිටුවකුත් එකතු වේවි.
- WP Dashboard එකේ Users යටතේ Your OpenIDs නමින් නව පිටුවක් එකතු වේවි. මෙයට ඔබේ OpenID ඇතුලත්කල විට එය ඔබේ බ්ලොගයට log විමට භාවිතාකරන්න පුලුවන්. ඒ කියන්නෙ මේ ප්ලගිනය දාපු WP බ්ලොග් එකක ලොගින් පිටුව වෙනස් වෙනව. මේ ආකාරයට.
ඒ වගේම මේ Plugin එක දාපු WP බ්ලොග් එකක කමෙන්ට් දාන විට මේ ආකාරයේන් දිස්වෙනව. එය සලකුනු කරල OpenID එකෙන් කමෙන්ට් කරන්න පුලුවන්.

තමන්ගෙ Google OpenID එක අපේ වෙබ් අඩවිය හරහා භාවිතාකිරීම
ඔවු මේකත් අලුතින් හඳුන්වාදුන්න සේවාවක්, OpenID හදන තවත් ක්‍රමයක්. ඉහත කීව ආකාරයටම තමන්ගෙ ඩොමේනය හරහා Google Profile එක මගින් OpenID එකක් හදාගන්න පුලුවන්. මුලින්ම http://www.google.com/profiles වලට ගිහින් ඔබේ Google Profile එක හදගෙන මේ ලිපියෙ මුල විස්තර කරල තියන ආකාරයට ඔබේ ඩොමේනයේ නිවාස පිටුවෙ (index ෆයිලයහි) ඉහල හෙඩ් ටැග් එක තුල ඇති ටයිට්ල් ටැග් එකඅවසානයේ මේ කෝඩ් එක ඇතුලත් කරන්න.
<link rel=”openid2.provider” href=”https://www.google.com/accounts/o8/ud?source=profiles” ><link rel=”openid2.local_id” href=”http://www.google.com/profiles/YOUR-GOOGLE-PROFILE-USERNAME-HERE” >
දැන් මේ විදියට දිස්වේවි.
<html>
<head>
<title>Website Title</title>
<link rel="shortcut icon" href="/favicon.ico" /><
<link rel=”openid2.provider” href=”https://www.google.com/accounts/o8/ud?source=profiles” >
<link rel=”openid2.local_id” href=”http://www.google.com/profiles/YOUR-GOOGLE-PROFILE-USERNAME-HERE” >
</head>
ඉහත කේතයේ YOUR-GOOGLE-PROFILE-USERNAME-HERE ස්ථානයට ඔබේ Google Profile username එක එකතුකරන්න.
මම හිතනව දැන් OpenID ගැන නොදන්න අය ඒ ගැන දැනත්ත කියල. තමන්ගෙ forum එකට, community එකට Wordpress selfhosted blog එකට මේ OpenID පහසුකම් ඇතුල්කරගන්න කියල හැමෝගෙන්ම ඉල්ලන්න කැමතියි.
ඒ වගේම හැමෝම තමන්ටම කියල OpenID එකක් හදාගන්න.
නැවත හමුවෙමු.෴
(bow)
මමත් කරල බලන්නම්කො
ReplyDeleteඑළ මලේ.... සම්පූර්ණ සටහනක්ම තමයි.. ජයවේවා!!!
ReplyDeleteලිපිය හොදයි ගොඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා ස්තුතිය ඔයාට මේ ගැන කියලා දුන්නට.
ReplyDeleteනියමයි... open id ගැන හොඳ දැනුමක් ලබාගත්තා... බොහොම ස්තූතියි...
ReplyDeleteඑල සහො නියමටම ලියල තියෙනව.. මමත් OpenID 1 හාදාගන්න ඔනා
ReplyDeleteමරු කියල වෑඩක් නෑ...ගොඩක්දෙවල් ඉගනගත්ත,ඈත්තටම නියමයි.
ReplyDeletemachan ube post eka nam niyamai.habai podi aulak thiyenne post eka loku wadi eka thama.elaga post tikak podiyata liyanna.(loku karanavak nam dekata kadala liyanna)
ReplyDeleteහරි මචෝ මම එහෙම කරන්නම්... ! ඔයත් මම පහල දාල තියන Singlish Box එක මගින් සිංහලෙන්ම කමෙන්ට් එක දැම්මනම් හොඳයි.
ReplyDeleteස්තුතියි කමෙන්ට් එකට ...! :)
ඔයා හරි අයියෙ OpenID වලින් දැම්මනම් OpenID icon එක නම ලඟින් තියනව..
ReplyDeletethnkx
නියමයි
ReplyDeleteමරු මරු..මාත් පොඩි testing පාරක් දාන්න ලොග් වුනා... නියම ලිපිය ;) දිගටම ලියන්න
ReplyDeleteහරි ගිහින් නෑනේ... :/
ReplyDeleteහරි ගිහින් හික්z.. :D :D
ReplyDeleteඔන්න මමත් දාගත්ත.ස්තූතියි ගීත් මල්ලි.
ReplyDeleteස්තුතියි ලිපියට
ReplyDeleteනියමයි.. :D
ReplyDeletemare maru.mamath ekak haduwa
ReplyDeletemaru
ReplyDelete