හැකියාවෙන් මුදල් උපයන්න [Freelance]

මේ ලිපිය තමන්ගෙ හැකියාවෙන් මහන්සිවෙලා වැඩකරල අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රමක් ගැනයි. මේ ක්‍රමයෙන් අපිට තිබෙන හැකියාවෙන් වැඩගන්න බලාගෙන ඉන්න අයට වැඩ කරල දීල අපිට මුදල් සොයන්න පුලුවන්. ඒ කියන්නෙ මේක Online Job එකක්. මේ වගේ වෙබ් අඩවි වලට කියන්නෙ Freelance Websites කියලයි. 100% නීත්‍යානුකූලයි ! සාර්ථකයි !!



[යාවත්කාලීනකිරීම් 2010/නොවැ/11]
Freelancer කෙනෙක් යනු -

freelancer කෙනෙක් කියන්නේ තනියෙන් වැඩකරන කෙනෙක් ඔහු / ඇය කිසියම් ආයතනයකට හෝ පුද්ගලයකුට දිගුකාලීනව බැඳී නැහැ ( වැඩි විස්තර  http://en.wikipedia.org/wiki/Freelancer ).

- [මූලාශ්‍රය - http://lankatha.com/]-

[/යාවත්කාලීනකිරීම්]
මේ Web Site එක ක්‍රියාවලිය පැහැදිලි කරනවනම් අපි හිතමු ඔයාට ඕන කරනව ඔයා‍ගෙ අලුත් වෙබ් අඩවියකට ලාංඡනයක් හදාගන්න ඕන කියල. ඒත් ඔයාට මේක කරන්න හැකියාව නෑ.  ඉතින් ඔයා කරන්නෙ මේක Freelance Website එකක ජොබ් එකක් විදියට Post කරනව මූලික විස්තරත් සමග. එතකොට ඒ වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙලා ඉන්න අය මේ Job එක හොයාගෙන ඒකට Application දානව. ඒ Application වලින් ඔයා කැමති එකක් තෝරල ඒ Application එක දාපු කෙනාට වැඩේ බාරදෙන්න පුලුවන්. ඊට පස්සෙ ඔයාට තියෙන්නෙ එයාට අදාල ගාස්තුව ගෙවන්න. ඒකෙන් සුලු කොටසක් වෙබ් අඩවියටත් ගෙවන්න වෙනව. දැන් ‍තේරෙනව ඇති මේ වෙබ් අඩවි එක්ක ප්‍රධාන වශයෙන් පාර්ශව 2ක් සම්බන්ධ වෙනව කියල. තමන්ගෙ වැඩ කරගන්න පුලුවන් මුදල් ගෙවල එහෙමත් නැත්නම්, අනුන්ගෙ වැඩ කරල මුදල් හොයන්න පුලුවන්.

මම මේ වගේ විශ්වාසනීය හොඳම වෙබ් අඩවි කිහිපයක් ගැන කියන්නම්.


Elance


ලොව ප්‍රමුඛපෙලේ Freelance වෙබ් අඩවියක්


Guru


මේ සයිට් එකේ 2010 අගෝස්තු මාසය වනවිට ආසන්න වශයෙන් 250,000 ට වඩා freelancers ලා එක් වෙලා සිටිනව. 5 % – 10 % ත් අතර commission එකක් මේ Website එක අයකරනව.



ScriptLance


මේකත් හොඳම Freelancer වෙබ් අඩවියක්. මමත් මේ සයිට් එකේ වැඩ කරනව. සම්පුර්න කරපු Job එකකින් 5% commission එකක් තමයි අයකරන්නෙ. ලියාපදිංචි වෙනවනම් මෙතනින් යන්න.
https://www.scriptlance.com/

Outsource your projects to thousands of programmers at ScriptLance.com


oDesk


මම භාවිතාකරන්නෙ මේ Website එක. මේ වෙබ් අඩවියේ Online වැඩ කරන පැය ගනනට වගේම ස්ථාවර ගාස්තුවක් යටතේ Jobs හොයාගන්න පුලුවන්. (oDesk unique approach guarantees to employers that an hour billed is an hour worked, while guaranteeing to contractors that an hour worked is an hour paid.) ඒ වගේම මේ වෙබ් අඩවි‍යෙ හැම මාසෙකම දහස් ගනනක් Company, ඔවුන්ගේ වැඩ වලට, මේ අඩවියෙ සියලුම ජොබ් වලට $65,000,000 කට වඩා වියදම් කරනව තමන්ගෙ වැඩ කරවගන්න. Freelancer කෙනෙක් විදියට වැඩ පටන්ගන්න හොදම වෙබ් අඩවියක් මේක. තමන් උපයන මුදල ලෝකයේ ඕනිම රටක තියන ATM යන්ත්‍රයකින් ලබාගන්න පුලුවන් විදියෙ MasterCard එකක් මේකෙන් අපිට ලබාදෙනව. මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.



මීට අමතරව මේ Site 2ත් හොඳයි.

LimeExchange - http://www.limeexchange.com/

FreeLancer - http://www.freelancer.com/

තව මේ වගේ Freelancer වෙබ් අඩවි දහස්ගනනක් තියෙනව.

මම වැඩකරන oDesk ගැන ටිකක් විස්තර කරන්නම්,


මේ තියෙන්නෙ මට oDesk වලින් ලැබුන කාඩ් එක. ඕනනම් PayPal වලට මුදල් Transfer කරගන්නත් පුලුවන්. හැබැයි මම භාවිත කරන්නෙ Moneybookers හරහා මගෙ බැංකු ගිණුමට මුදල් මාරු කරගන්නඑක. oDesk මගින් ලබාදෙන Payoneer කාඩ් එක නොමිලේ ලැබුනත් ඒකෙ ගාස්තු වැඩියි. (ගොඩක් කැපෙනව) ඉතින් ඊට සාපේක්ෂව Moneybookers වාසියි. (Moneybookers ගැන විස්තර සිංහලෙන්.)



oDesk වල තියන Job මේ වගේ ඒව. කැමති ඒව තොරගෙන කරන්න පුලුවන්.


Web Development

  • Web Design

  • Web Programming

  • Ecommerce

  • UI Design

  • Website QA

  • Website Project Management

  • Other - Web Development

Software Development

  • Desktop Applications

  • Game Development

  • Scripts & Utilities

  • Software Plug-ins

  • Mobile Apps

  • Application Interface Design

  • Software Project Management

  • Software QA

  • VOIP

  • Other - Software Development

Networking & Information Systems

  • Network Administration

  • DBA - Database Administration

  • Server Administration

  • ERP / CRM Implementation

  • Other - Networking & Information Systems




Writing & Translation

  • Technical Writing

  • Website Content

  • Blog & Article Writing

  • Copywriting

  • Translation

  • Creative Writing

  • Other - Writing & Translation

Administrative Support

  • Data Entry

  • Personal Assistant

  • Web Research

  • Email Response Handling

  • Transcription

  • Other - Administrative Support

Design & Multimedia

  • Graphic Design

  • Logo Design

  • Illustration

  • Print Design

  • 3D Modeling & CAD

  • Audio Production

  • Video Production

  • Voice Talent

  • Animation

  • Presentations

  • Engineering & Technical Design

  • Other - Design & Multimedia




Customer Service

  • Customer Service & Support

  • Technical support

  • Phone Support

  • Order Processing

  • Other - Customer Service

Sales & Marketing

  • Advertising

  • Email Marketing

  • SEO - Search Engine Optimization

  • SEM - Search Engine Marketing

  • SMM - Social Media Marketing

  • PR - Public Relations

  • Telemarketing & Telesales

  • Business Plans & Marketing Strategy

  • Market Research & Surveys

  • Sales & Lead Generation

  • Other - Sales & Marketing

Business Services

  • Accounting

  • Bookkeeping

  • HR / Payroll

  • Financial Services & Planning

  • Payment Processing

  • Legal

  • Project Management

  • Business Consulting

  • Recruiting

  • Statistical Analysis

  • Other - Business Services


ඔඩෙක්ස් වල වැඩ කරන්න නම් විභාගයක් පාස් වෙන්න ඕන. මූලික විභාගෙ oDesk eadiness test කියන එක පාස් වෙන්න ඕන වැඩ කරන්න නම්. ඔයාලගෙ oDesk ගිණුමේ Settings වල පහල පිංතුරෙ වගේ තැනක් තියනව. එතනින් ගිහින් ඒ විභාගෙ පාස් වුනාට පස්සෙ Job වල‍ට Apply කරන්න.



වැඩ පෙන්නන්න නම් ඉතින් තව Test පාස් වෙන්න ඕන :)

මම භාරගත්ත පරන Job Contract එකක්



මම ඉවර කරපු Job Contract එකකට මුදල් ලැබුනු පසු.



ඉතින් ඔයාලත් මේ වගේ වෙබ් අඩවියක ලියාපදිංචි වෙලා කීයක් හරි හොයාගන්න බලන්න. හැබැයි කම්මැලි වෙලානම් බෑ. දක්ෂතාවයන් පෙන්නල, මහන්සිවෙලා වැඩකරන්න‍‍‍..

Posted in . Bookmark the permalink. RSS feed for this post.

48 Responses to හැකියාවෙන් මුදල් උපයන්න [Freelance]

  1. එල එල.පොස්ට් එකනම් ගොඩක් වටිනව. මම මෙක ඩනකම් තමඉ බලන් හිටියෙ ඔයට ගොඩක් thank යලුව .

    ReplyDelete
  2. මාරයි මචන්,නොදන්න දේවල් ගොඩක් දැනගත්ත.ඇත්තෙන්ම කියල වැඩක් නෑ,එලම තමා......

    ReplyDelete
  3. මමත් මේකෙ රෙජිස්ටර් උණා. ඒත් තාම ජොබ් එකක් ලබා ගන්න බැරි උනා. මගෙ Profile එක 100% Test 4 ක් පාස් උණා. උපදෙස් ටිකක් දෙන්න.

    ReplyDelete
  4. ඔයා මුලින්ම Fixed Price එකක් ලැබෙන ජොබ් වලට Application දාන්න. ඒවට Application දානකොට එයාලගෙ Est. Budget එක බලල අඩු ගානක් ඉල්ලන්න. එතකොට එයාල සමහර විට අඩුම මුදල ඉල්ලපු කෙනාට ජොබ් එක භාරදේවි. ජොබ් එකකට Application දානකොට අපිට බලන්න පුලුවන් කීදෙනෙක් මේකට Apply කරල තියද කියල (Applicant List කියල තැනක් තියනව ජොබ් එකක) ඒක බලල අඩු පිරිසක් Apply කරපු ජොබ් වලට වැඩි අවධානය යොමු කරන්න.

    කොහොම හරි ජොබ් 3ක් විතර කරල Feedback ගන්න. ඊට පස්සෙ වැඩ ඕනතරම් ලැබේවි. මමත් තාම අලුත්. මගෙ Profile එක 65% ක් විතර සම්පූර්ණ. ඒත් මම ජොබ් කීපයක් කළා.

    ස්තුතියි කමෙන්ට් එකට

    ReplyDelete
  5. Maru Ayye Thx... apitah puluwanda danne ne... 18+ wenna oneda?

    ReplyDelete
  6. එල මචෝ..ස්තුතියි දැනුවත් කිරීමට

    ReplyDelete
  7. අන්තර්ජාලයෙන් මුදල් සොයන්න උනන්දු අයට හොද අවස්ථාවක්.හොද ලිපියක් ගීත්.

    ReplyDelete
  8. ස්තුතියි හුඟාක්. මමත් මේක හොය හොයා හිටියේ. දැන් කරලා බලන්නම්.පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්නේ.

    ReplyDelete
  9. කාඩ් එකකටනම් ඉතින් 18+ වෙන්න ඕනි‍‍.. ඔයත් කරල බලන්න, මුදල් Paypal වලට දාගන්නත් පුලුවන්

    ස්තුතියි කමෙන්ට් එකට

    ReplyDelete
  10. අපොයි ඔවු !! උදවු කරන්නම්..

    thnx 4 comment

    ReplyDelete
  11. හොඳ ලිපියක්.. oDesk වල මමත් රෙජිස්‍ටර් වෙලා බලන්න ඕන. ස්තූතී !

    ReplyDelete
  12. ඔය විභාගයක් ගැන මගේ අකවුන්ට් එකේ නැනේ....

    ReplyDelete
  13. thanks මචො.... මම හොය හොයා හිටියේ.... මට Linux වල අත්දෑකිම් තියනවා. try කරලා බලන්නම්.... උවමනා උනොත් අදහස් වලින් උදව්වක් කරන්න....

    ReplyDelete
  14. මෙතන තියනවා..
    http://www.odesk.com/tests

    ReplyDelete
  15. එලම තමයි. අර PTC site වල බොරුවට වෙලාව කන්නේ නැතුව මෙව්වගෙ ඒ කාලය යෙදෙව්වනම් ලොකු මුදලක් හොයගන්න තිබ්බා

    ReplyDelete
  16. [...] ඔය දේවල් යටතෙ තමා Freelance Jobs තියෙන්නෙ.මේකෙ විස්තර ටික දවසක් [...]

    ReplyDelete
  17. මම ඔයට මෙල් එකක් දම්ම .. මට හෙල්ප් ඊකක් දෙන්න ...

    ReplyDelete
  18. මේල් එකක් ඇවිත් නැ නේ.. :( ඔයා Contact පිටුවෙන් සම්බන්ධවෙන්න. මම පුලුවන් උදවුවක් කරන්නම්. :)

    ReplyDelete
  19. උදවු කරන්නම් මචො....

    ස්තුතියි කමෙන්ට් එක‍ට....

    ReplyDelete
  20. Mamath Freelancer Work Karanawa. Mama Freelancer,Scriptlance,GetACoder,Eurofreelancer,Elance saha Odesk wala Register wela try kara.
    Mamta Job Lebune Freelancer,Scriptlancer saha GetACoder wala witaray.
    Mata Scriptlance wala 9 Ratings tiyanawa
    Freelancer wala 4 ratings tiyanawa
    GetACoder wala Tawama Job Eka karanawa
    Ewunata Odesk wala ekak wath ne. Exam 4 da 6 da kara. Ewunata mata kamak ne. Anith site tika Tiyanawane.
    Mama Mage Payment Proof Mage site eke dala tiyanawa. Menna Eka
    http://dataentryfreelance.blogspot.com/

    Oyage Site eka Niyamay

    ReplyDelete
  21. එල එල . මෙන්න මගෙන් සුබ පෑතුම්

    ReplyDelete
  22. මම බලගෙනම හිටපු පොස්ට් ට්කක් නියමඉ ඔහොම යන් Good Luck !

    ReplyDelete
  23. Geeth ethakota odesk eken meater ekek denawada? mata kenek kiuewa meater ekaka kathawak. eka on karagenalu wada karanna oana.... e mokakda? e gana tikak kiyanna puluwanda?

    ReplyDelete
  24. මම හිතන්නෙ ඔයා ඔය කියන්න්න උත්සහකරන්නෙ Hourly Job (වෙබ් අඩවියෙන් දෙන Application එක බාගෙන, Team එකක් සමග කරන Job) වගේ ඒවායේද් කරන්න ඕන දෙයක් ගැන වෙන්නඇති. මමත් තාම මේ සයිට් එකට අලුත්... දැනගන්න සියලු දේ මම ඉදිරියට ලියන්නම්.

    කමෙන්ට් එකට ස්තුතියි !!

    ReplyDelete
  25. මේ සයිට් එකෙත් විස්තර තියෙනවා www.lankasky.com/blog

    ReplyDelete
  26. thanx !! puluwannam info thawa denna ......

    mama podi thanaka hira wela oyata mail ekak dannam... mata ethana kiyala denawad?

    ReplyDelete
  27. මම දන්න දෙයක් නම් උදවු කරන්නම්, Contact පිටුවෙන් මට කියන්න

    ReplyDelete
  28. ගොඩාක් වටින පොස්ට් එකක් මම මේ ගෑන හොය හොය හිටියේ තෑන්ක්ස් ,keep it up

    ReplyDelete
  29. මරුනේ.......!
    මාත් freelancer එකේ register වුනා එත් තාම project 1ක් ගන්ට බැරි වුනා.

    ReplyDelete
  30. උත්සහකරන්න බැරිවෙන්නෙ නැ.. මමත් මාස 2ක් විතර Projects නැතිව හිටිය.

    ReplyDelete
  31. wow math asai mekakata apply karanna

    ReplyDelete
  32. meka karana heti kiyala denna

    ReplyDelete
  33. මේක කරන්නේ කොහොමද කියලා yahaner@gmail.com වලට එවන්න. සල්ලි ගෙදරට එවනවද?

    ReplyDelete
  34. මේ වෙබ් සයිට් එකක රෙජිස්ටර් වෙලා ජොබ් වලට ඇප්ලයි කරන්න..

    ReplyDelete
  35. එවන්නම්.. සල්ලි ඕනනම් බැංකු ගිණුමට ට්‍රාන්ස්ෆර් කරනගන්න පුලුවන්. නැත්නම් කාඩ් එකකින් ගෙන්නගන්න පුලුවන්. හොඳම ක්‍රමය Moneybookers හරහා බැංකු ගිණුමට මාරැකරගන්න එක. Moneybookers ගැන මෙතන මම ලියල තියනව

    ReplyDelete
  36. http://iplusblog.blogspot.com/2011/02/odesk-emoney-3.html

    මේකෙ තියෙන post එක කියවන්න.

    ReplyDelete
  37. thanks for your help. i registerd above site. if want to help i'll write to you. pls help me.

    ReplyDelete
  38. Dear Geeth,
    mama oyawa Facebook eken add kala. mama oyawamayi kiyala hithanawa.mama den odesk , freelancer,Guru,elance,criptlance, site wala register una. eth mata Guru,elance,scriptlance wala job walata apply karanne therenne nehe.mata eka karaganna help karanna pls. anek site 2ke puluwan.
    Bye.

    ReplyDelete
  39. ඔං මාත් oDesk එකේ ලියාපදිංචි උනා
    බොහෝම ස්තූතියි මේවගේ එකක් අපි එකක් බෙදා ගත්තට

    ReplyDelete
  40. If anyone having knowledge in vba and VB.net I can help you through Odesk to get jobs. Contact me from my email tilankak@gmail.com

    ReplyDelete
  41. ptta lipiya ban matath odeaks eke job 1k karanna help kannnako nuwan........ karanawada?

    ReplyDelete
  42. මෙච්චර අයට උදවු කරපු එකෙ, එකට ඉගනගත්ත, එකට පිස්සු කෙලපු, උඹට කියල දෙන්න බැරිද බං ?? ෂුවර් එකටම කියල දෙන්නම්. ඕන උදවුවක්.. මම උඹ‍ට මේල් එකක් දාන්නම්.

    ReplyDelete
  43. සොයුර
    මවිසින් ඔබ වෙත ඊමේල් මගින් යොමු කරන ලද Odesk ගැටළුවට ඉතා පැහැදිලි සවිස්තරාත්මක උත්තරයක් කඩිනමින් දීලා තිබුණා .එයට බොහෝම ස්තූතියි. මම ඔබේ අනාගතයට සුභ පතනවා නිර්ලෝභීව මෙවන් දේවල් කියා දිම ගැන . ආධුනිකයන් වන අපට ඔබෙන් ඉදිරියටත් පැහැදිලි කර ගැනීම් සඳහා අවස්ථාව ලැබෙනු ඇතැයි සිතනවා.

    ReplyDelete
  44. Thanks a million brother.

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.