මේක කතාවක්. කතාවට කලින් මාස්ටර් ඔයාමා ගැන ටිකක් පැහැදිලි කරන්නම්.
Masutatsu (Mas) Oyama
1923 - 1994
Founder of Kyokushin Karate
[caption id="attachment_1113" align="alignright" width="255" caption="master masutatsu oyama"]

ග්‍රෑන්ඩ් මාස්ටර් ඔයාමා කියන්නෙ කරාතේ වලින් කායික මානසික (ආධ්‍යාත්මික) ශක්තිය ඉහලටම දියුණු කල කෙනෙක්. මොහුගේ සැබැ නම Masutatsu Oyama යන්නයි. නමුත් බොහෝ අය හඳුන්වන්නේ Mas Oyama, Master Oyama වගේ නම් වලින්. ඔහුගේ කොරියානු නම Yong I-Choi යි. දකුණු කොරියාවේ Gunsan නම් ස්ථානයට නුදුරෙන් 1923 ජූලි 27 උපත ලැබූ ඔහුට සහෝදරයන් 6ක් සහ එක් සහෝදරියක් ඉඳල තියෙනව. තරැණ කාලයේම තම සහෝදරිය සමග හි ගොවිපලක් වෙත ජීවත්වීම සඳහා ගොස් ඇත. එය දක්ෂින චීනයේ ස්ථායක්. ඒ කාලයේ ඔහු සැතපුම් 6ක් පමණ කඳුවලින් පිරුණු මාර්ගයක් දිගේ ඉතාමත් දුෂ්කර ගමනක් දිනපතාම සිසුන් ක් පමණ සිටි Yongree Primary
පාසල වෙත ගමන් කලත් ඔහු මෙය දුෂ්කර කාර්යයක් ලෙස නොසලකා දිනපතාම කල දෙයක්. ඔහු වයස අවු. 9 දී පමණ සටන් කලාවක් දෙසට පලමු වරට යොමු විය.
වයස අවු. 15 දී ඔහු ජීවත්වීම සඳහා ජපානයට ගිය අතර එහිදී ඔහු Japanese Imperial Army ට සම්බන්ධ වූයේ ගුවන්යානා නියමුවෙක් වීමේ බලාපොරොත්තු ඇතිවය. නමුත් විවිධ අපහසුකම් නිසා ඔහුගේ ගුවන් යානා නියමුවෙකු වීමේ සිහිනය ඉටු නොවුනි. ඔහු තම ජපන් නම Masutatsu Oyama ලෙස වෙනස් කලේය.
පසුව ඔහු Okinawan karate පුහුණුවීම ආරම්භ කලේ Master Gichin Funakoshi යටතේය. ඔහු shotakan පාසලක ආරම්භකයයායි. එතැනදී Masutatsu Oyama එම පාසලේ 4th dan (කලුපටි 4වන ශ්‍රේණිය) ලබාගත්තේ ඔහු අවුරුදු 20 සම්පූර්ණ වී වැඩිකල් යන්නට කලිනි. Master Funakoshi යටතේ ගුරැහරුකම් ලැබීමෙන් පසු ඔහු කැපවීමෙන් ජූඩෝ (judo) සහ බොක්සින් (boxing) ඒ කාලයේම ප්‍රගුණ කලේය. පසුව goju-ryu කරාතේ පාසලක Master So nei Chu යටතේ ප්‍රගුණ කලේය. 1947 දී මාස්ටර් ඔයාමා Japanese National Martial Arts Championship දිනා ඇත.


1952 දී ඇමරිකාව බලා සංචාරය කල මාස්ටර් ඔයාමා විවිධ කරාතේ ශෛලීන් හදාරා, විවිධ තරඟවලට සහබාගී වී, වෘත්තීය මට්ටමේ මල්ලවපොර ශුරයන් (wrestlers) සමග සටන් කර දස්කම් පෙන්වා, ප්‍රසිද්දියේ අභියෝගද බාරගත්තේය. බටහිර ප්‍රදේශයේ කරාතේ ක්‍රීඩාව ජනප්‍රිය කල ඔහු ඔහුගේ පලමු කරාතේ පාසල (dojo) 1953 දී ආරම්භ කලේය.එය “Oyama dojo” නම් විය.
ග්‍රෑන්ඩ් මාස්ටර් ඔයාමා ලෝකය වටා සංචාරය කලේය. ඒ අතර මොහුගේ ශක්තිය කොපමණද යයි පෙන්වීමට, කරාතේ ක්‍රීඩාව තුලින් ලබාගතහැකි ශක්තිය පෙන්වීමට මොහු උපයෝගී කලේ ශක්තිසම්පන්න මීමෙකුට එහෙරිව සටන් කිර, අං බිඳ දැමීම ය. මෙවන් දේවලින් කරාතේ ක්‍රීඩාවේ ආනුභාවයන්, ගුනාංගයන් ලොවට හෙලි කල මොහු මෙම ගොනුන්ට එහෙරිව සටන්කිරීම හේතුවෙන් 1957 දී මෙක්සිකෝවේ ඉතාමත් ජනප්‍රිය විය.
වීඩියෝ දර්ශන.
අවසානයේ ඔහුගේ සටන් පාසල Kyokushin ලෙස නම්කල අතර එය 1964 දී kyokushinkai බවට පත් විය. (the association of the ultimate truth)
Master Masutatsu Oyama 1994 දී ලොවෙන් සමුගත්තේ පෙනහැල්ලේ පිළිකාවක් නිසාය. ඒ ඔහුගේ 70 වන වසරේදීය.
(bow)
කතන්දරේ මේකයි..
1970 ගනන්වල ග්‍රෑන්ඩ්මාස්ටර් ඔයාමා ලංකාවට ඇවිත් තියනව. ඒ කාලෙ අපේ රටේ J.R.ජයවර්ධන මැතිතුමා තමයි ප්‍රධානිය. ඉතින් එයාගෙ පුරුද්දක් තිබිල තියෙනව හැමදාම උදේන්ම නැගිටල ඔලුවෙන් හිටගන්න. මේක නිවැරදිව, හිස්කබලෙ නහර පොඩි නොවන විදියට කරන එක ශරීරයට ගොඩක් හොඳයි කියලා තමයි අපේ ගුරුතුමා කියන්නෙ. (Y) මේ කතාවත් එයාමයි කීවේ. සත්‍ය කතාවක්. ඉතින් මේක ලංකාවට ආපු මාස් ඔයාමාට ආරංචි වෙලා. ඒක අහල රාජ්‍ය නායකයෙක් මේවගේ දෙයක් කරන එක ගැන ප්‍රශංසා කරලා J.R.ජයවර්ධන මැතිතුමාට කලුපටියක් ලබාදීල තියනවා. හැබැයි ඒ ඔහුට ගරැකිරීමක් වශයෙන් පමණයි. ඒ දිනවල පත්තරකාරයන්ට මේක පට්ට නිවුස් එකලු.. :D ඉතින් මේ පත්තරකාරයො කරල තියෙන්නෙ ලස්සන කාටුන් එකක් දාල.
[caption id="attachment_1120" align="alignright" width="300" caption="Mae-geri නිවැරදි පය පහර"]

ඒ කාටුන් එකට යොදාගෙන තියෙන්නෙ J.R.ජයවර්ධන මැතිතුමා "මාඑගේරී" (mae geri) කියන පයපහර කරන දර්ශනයක්. පසෙක රැපයෙන්දිසිවෙන්නේ ඒ පයපහරක් (තාක්ෂණික ක්‍රමයත් සමග). ඒත් ඒ කාටුන් ශිල්පියා ඇඳපු කාටුන් එකේ තියන වරද තමයි එයා ඇඳපු කාටුන් එකේ පොලව ස්පර්ශ කරන පාදය එසවිලා තිබිලා තියෙන්නෙ ඒ කියන්නෙ ඇඟිලි ආධාරයෙන් තමයි ඔහු සිටගෙන සිටින්නෙ. නමුත් පාදය සම්පූර්ණයෙන්ම පොලව ස්පර්ශ වී තිබිය යුතුයි. මේකෙන් කාටුන් ශිල්පිය උත්සාහකරල තියෙන්නෙ මොකක්ද කියල ඔයාලට හිතාගන්න පුලුවන් ඇති නේ...
හී හී
෴
එළ අයියෙ..නියම පෝස්ට් එකක්
ReplyDeleteකාටුන් ශිල්පියා මොකක්ද්ද කියන්න හදන්නේ ?? :p ගීත් කරාතේ ගහනව වගේයි
ReplyDelete