මේ ලිපියෙන් Feed Burner මගින් ලබාගතහැකි පහසුකම් සිදුකරන ආකාරය සවිස්තරව පැහැදිලිකිරීමක් සිදුවේවි.
[caption id="attachment_1139" align="aligncenter" width="185" caption="RSS Feed සම්මත ලාංඡනය"]

Feed Burner ගැන විස්තර කරන්න කලින් Web Feed ගැන හැඳින්වීමක් කරන්නම්. RSS මෙන්ම Atom යන නම් වලින් වර්ග 2ක් තිබුනත් වඩාත් ජනප්‍රියම වර්ගය වන්නේ RSS. මෙම Feed, Web 2.0 සමග පැමිණි ඉතාමත් ප්‍රයෝජනවත් සේවාවක් ලෙස හැඳින්විය හැකියි. මෙහි ඇති ප්‍රධානම වාසිය නම් අපට කාලය ඉතිරිකරගෙන, වැයවන දත්ත ප්‍රමානය අඩුකරගෙන අප කලින් දායකත්වය ලබාගෙන ඇති අඩවි වල අන්තර්ගතය යාවත්කාලීන වූ විට ඒවා සියල්ලම එකම ස්ථානයකදී කියවිය හැකි වීමයි. තවත් පැහැදිලි කරනවා නම් අප බ්ලොග් අඩවි 5කට දායකත්වය ලබාගත්තේ යයි සිතමු. එවිට අපට ඒවායේ අලුත් ලිපියක් පලවූ විට ඒවා අදාල බ්ලොග් අඩවි වලට පිවිසීමකින් තොරව කියවීමට හැකිවේ. මෙය Google මගින් ලබාදෙන Google Reader භාවිතා කරමින් ලෙහෙසියෙන්ම කරගන්න පුලුවන්. එසේ නැතිනම් Firefox මගින් ද නැතහොත් මේ සඳහා විවිධ මෘදුකාංගයන්ද අන්තර්ජාලයෙන් සොයාගත හැකියි. ක්‍රම කිහිපයක් කෙටියෙන් විස්තර කරන්නම්.
Google Reader භාවිතා කරමින් -
මේ සඳහා මුලින්ම http://www.google.com/reader/ වෙත ගොස් එහි වම්පස ඉහල ඇති Add a subscription වෙතට ඇතුල්වීමට අවශ්‍ය අඩවියේ ෆීඩ් ලිපිනය ලබාදීම කලහැකියි.
[caption id="attachment_1145" align="aligncenter" width="300" caption="Google Reader වලට නව Feed ලිපිනයක් ඇතුලත් කිරීම"]

Firefox භාවිතා කරමින් -
පලමුවෙන්ම Feed ලිපියන සොයාගන්න ඕන. ඒක දීල තියනවානම් අවුලක් නෑ. ;)
Blogger බ්ලොග් එකක් නම්
http://example.blogspot.com/feeds/posts/default (Atom Feed එක)
හෝ
http://example.blogspot.com/feeds/posts/default?alt=rss (
RSS Feed එක)
Wordpress බ්ලොග් එකක් නම්
http://example.wordpress.com/feed/
(
RSS Feed එක)
හෝ
http://example.wordpress.com/feed/atom/
(Atom Feed එක)
Selfhosted වුනත් මේ ආකාරයටම තමයි
Eg - http://www.
example
.com/
feed/
http://
blog.example
.com/
feed/
මේ ආකාරයට Feed ලිපිනය සොයාගත් පසු ඒ වෙත ගොස් ඉහල ඇති Subscribe to this feed using යන ස්ථානයේ Live Bookmarks යනුවෙන් ලබාදී Subscribe now ක්ලික් කරන්න. එවිට එම පෝෂක වලට දායකවෙන්න පුලුවන්.
[caption id="attachment_1146" align="aligncenter" width="300" caption="Firefox මගින් දායක වෙමු."]

ලබාදී ඇත්තේ Feedburner ආශ්‍රයෙන් නම් එහි අගට ?format=xml එක් කල යුතුයි. නැතිනම් View Feed XML ක්ලික් කරන්න.
උදා -http://feeds.feedburner.com/WorldOfGeeth?format=xml
ඔය විදියට තමයි Web Feed එකකට දායක වෙන්නේ.. පුලුවන් කස්ටිය මගේ Feed වලට දායක වෙලා අත්හදාබලන්න. :P :D
Feedburner ගැන
Feedburner කියන්නෙ Google සමාගමෙන් ලබාදෙන සේවාවක්. මෙයින් අපේ වෙබ් අඩවියක ඇති Feed වලින් තවත් විවිධ පහසුකම් එම Feed වලට දායක වී සිටින අයට ලබාදෙන්න පහසුකම්සලසා දෙනවා. ඒ පහසුකම් මොනවද කියල මේ ලිපියෙ ඉදිරියේදී පැහැදිලි වේවි.
Feedburner වල ලියාපදිංචි වෙන්න ඕනද ?
නැහැ. අපේ Google Account එකට (ජීමේල් වලට) යොදාගන්න මුරපද ආදිය යොදාගෙන ඇතුලුවෙන්න පුලුවන්.
අපේ බ්ලොගයෙ/අඩවියෙ Feed, Feedburner හා සම්බන්ධ කිරීම.
- Feedburner වලට ඇතුලු වු පසු පහත ආකාරයේ ස්ථානයක් දක්නට ලැබේවි.


- දැන් ඔබේ Feed සූදානම් යයි පනිවිඩයක් ලැබේවී. එය Next කර ඉදිරියට යාමෙන් iTunes හා සම්බන්ධකිරීමේ Options ලැබේ. මේ ලිපියෙන් ඒ ගැන අවධානය යොමු නොවන නිසා කැමතිනම් Include iTunes podcasting elements සලකුනු නොකර ඉදිරියට යන්න.
- දැන් වැඩ ඉවරයි.. වැඩ ගන්නයි තියෙන්නෙ. (rofl)
නැවත Feedburner මුල් පිටුවට පැමිණි විට ඔබේ බ්ලොගයේ ඇතුලත්කල Feed ලිපියන දක්නට ලැබේවි. මේ ආකාරයට,


ඉහත රූපයේ රතු පැහැයෙන් දක්වා තිබෙන්නෙ මේ Sidebar එක.
එහි,
Subscribers යටතේ ඔබ Feed සඳහා දායක වන්නන් පිළිබඳ විස්තර, භාවිතාකරන මෘදුකාංග වැනි විස්තර නැරඹිය හැක.
Item Use යටතේ ඔබ Feed සඳහා දායක වන්නන්ගෙන් Feed කියවීමෙන් ජනප්‍රිය ලිපි වැනි තොරතුරු බැලිය හැක.
Map Overlay යටතේ ඔබ Feed සඳහා දායක වන්නන් කියවන්නේ කුමන රටක සිටද යන්න සිතියමක් ආස්‍රයෙන් බැලිය හැක.
Uncommon Uses යටතේ ඔබ Feed සඳහා දායක වන්නන් අඩු වශයෙන් කියවූ දායකවන්නන් බැලිය හැක.
Export: Excel • CSV - ස්ථාන වලින් මේ විස්තර Excel හෝ CSV මාදිලි වලින් බාගතකරගත හැක.
Optimize Tab
මෙහි ඇති වැදගත් Option කිහිපයක් විස්තර කරන්නම්.
Convert Format - ඔබේ Feed, RSS මෙන්ම Atom 2න් කැමති එකක් බවට පරිවර්තනය කරගත හැක.
Summary Burner - ඔබේ Feed කියවනයන්, හා ඊ-මේල් දායකත්වයන් ලබාගෙන ඇති අය වෙත සාරාංශයක් ලෙස යැවිය හැක. මෙය මගින් අඩවිය වෙත පැමිනෙන්නන් තරමක් දුරට වැඩිකරගත හැක. Maximum length: ස්ථානයට සාරාංශයේ දැක්විය යුතු අකුරැ ගනනද, Teaser: ස්ථානයට [ සාරාංශයක් පමණයි. සම්පූර්ණ ලිපිය කියවීමට බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න ] වැනි දෙයක් ලබාදිය හැක. මෙය ලිපියේ සාරාංශය අවසානයේ දිස්වේ. Save Click කරන්න.
අමතරව BrowserFriendly හා SmartFeed යන Options ද Active කිරිම සුදුදු වේ..
Publicize Tab
මේ ටැබ් එකේ තමයි වැඩ තියෙන්නෙ. එහි Sidebar එකේ ඇති Option විස්තර කරන්නම්.
Headline Animator
මේකෙන් ලස්සන Animate වෙන බැනර් එකක් විවිධ ප්‍රමානයන්ගෙන් ලබාගන්න පුලුවන්. අපේ අඩවියෙ වගේම වෙන වෙබ් අඩවි වලත් ඇතුල්කරන්න පුලුවන්. මේ තියෙන්නෙ උදාහරණයක්.
Theme ස්ථානයෙන් කැමති ප්‍රමාණයක්/වර්ණය තෝරාගෙන පහලින් අවශ්‍ය දේ තෝරා වර්ණ ලබාදී Active බොත්තම Click කරන්න. Add to ස්ථානයෙන් ඔබගේ සේවාව හෝ Other තෝරා HTML කේතය ලබාගන්න. එතැනදී Include a "Grab this" link යන්නතේරැවහොත් ඉහත උදාහරනයේ මෙන් Grab this ලෙස ලින්ක් එකක් එකතු වේ. මෙයින් කියවන්නන්ට අවශ්‍ය නම් එය ඔවුන්ගේ අඩවි වලටද ඇතුලත් කරගැනීමට කේතය ලබාගත හැක. මෙහිදී සිංහල යුනිකේත අකුරැ නිවැරදිව දර්ශනය නොවේ...

BuzzBoost
මෙයින් අපට වෙනත් ස්ථානයක අපගේ Feeds වල ඇති දේ ඇතුල්කිරීමට අවස්ථාව සැලසේ.. උදාහරනයක් ලෙස මගේ Feed මේ ආකාරයෙන් පහතින් ඇතුල්කරන්නම්.
ඉහත Bullets මගින් දිස්වන්නේ මෙලෙස ලබගත් Feed අන්තර්ගතයක්. වෙනසක් හොයන්න අමාරැයි. මෙහිදීත් අදාල සැකසුම් සකසා Active Click කර අදාල කේතය ලබාගත හැක. ඔබේ නිවාස පිටුවේ බ්ලොගයේ අන්තර්ගතයන් දක්වන්න හොඳ ක්‍රමයක්.
Email Subscriptions
මේ සේවය Feedburner මගින් ලබාගතහැකි ප්‍රධානතම සේවාවක්. මෙයින් අපගේ Feed හි නවතම යාවත්කාලීනවීම් කියවන්නන්ට e-mail මගින් කියවීමට සැලැස්විය හැකියි. ඉහත Feed සාරාංශ කිරීම මෙයට අදාලයි. පලමුව Active බොත්තම Click කර මෙම සේවාව සක්‍රීය කරගන්න. එවිට පලමුව දැක්වෙන තරමක් විශාල කේතය වන්නේ පහත ආකාරයේ Subscribe box එකකටයි.
දෙවනුව දැක්වෙන කෙටි කේතය මගින් ලැබෙන්නෙ Subscribe Link එකක්. පහත විදියට
Subscribe to Geeth's Blog | ගීත් ගේ වියුණු සටහන් by Email
මේ විදියට දැම්මම මේකට කවුරැහරි එයාලගේ e-mail ලිපියන යෙදුවිට එයාලට මේල් එකක යනව ඒක තහවුරැ කරන්න කියල. ඒ මේල් එක ෙවනස් කරන්න පුලුවන් සයිඩ්බාර් එකේ Email Subscriptions වලට ගියාම ඒ යටතේ තියන Communication Preferences වලින් පුලුවන්.
Email Branding - යාවත්කාලීන ඊ මේල් වලින් යැවීමේදී එහි Subject, Fonts, Colors වගේ දේවල් වෙනස් කරන්න.
Delivery Options - යාවත්කාලීන ඊ මේල් වලින් ලබාදිය යුතු වේලාව සෑදීමට
FeedCount
මෙයින් දැනට අපේ Feed කියවන්නන් සංඛ්‍යාව දක්වන්න පුලුවන්. වර්ණ හා මෝස්තරය තෝරා code එක ලබාගන්න. පෙරදැක්ම -
Socialize
මෙයින් ඔබේ Feed ටුවිටර් ගිණුමට ස්වයංක්‍රීයවම ඇතුල්කල හැක. Add a twitter account මගින් ඔබේ ගිණුම හා සම්බන්ධකර පහලින් වෙනස්කම් සිදුකර Save කරන්න.
Chicklet Chooser
මෙයින් ඔබේ අඩවියේ කියවන්නන්ට දායකවීමට ප්‍රසිද්ධ අඩවි වල image ලින්ක් ලබාගත හැක. අවශ්‍ය ලාංඡනය තෝරා පහලින් කේතය ලබාගන්න.
Creative Commons
ඔබ දැනට බ්ලොගයට හරහා බලපත්‍රයක් ලබාගෙන තිබේනම් එයම Feed හි ඉහලින් ඇතුල් කිරීමට මෙය යොදාගත හැක.
Password Protector
තම Feeds මුරපදයක් භාවිතයෙන් ආරක්ෂාකර ගැනීමට යොදාගත හැක. සක්‍රීය කල පසු එම Feeds load වන විට මුරපදය විමසන අතර එල ලබා නුදුනහොත් Feeds දර්ශනය නොවේ..
Monetize Tab
ඔබ මේ භාවිතාකරන Feedburner Google Account එකට සක්‍රීය AdSense ගිණුමක් තිබේනම් ඔබේ Feeds තුලද දැන්වීම් ප්‍රදර්ශනය කර යම් මුදලක් උපයාගැනීමට පුලුවන්.
Feedburner වල Publicize Tab එකේ තමයි ගන්න දේවල් ගොඩක් තියෙන්නේ... ඒ වගේම දායකත්වය ලබාගෙන ඇති අයගෙ විස්තර බලන්න පුලුවන් Analyze Tab එකේන්.
ඔයාල කැමතිනම් මගේ FEEDS වලටත් දායක වෙන්න. ;)
මගේ Feeds ලිපිනයන්
http://feeds.feedburner.com/WorldOfGeeth
http://blog.geeth.info/feed
(m) ඊමේල් දායකත්වය - මෙතන Click කරන්න. නැතිනම් බ්ලොග් එකේ Sidebar එකේ ඇති Subscribe box එක භාවිතා කරන්න.
නැවත හමුවෙමු..!
෴ (hi) ෴
ගොඩක් හොඳ ලිපියක් මේටික කියාදුන්නට ගොඩක් ස්තූතියි
ReplyDeleteඑල එල .. මේ තියෙන්න යස අගේට කියලා දීලා.මගේ ලිපියේ මෙච්චර කරුනු දැම්මෙත් නෑනේ ..ඒකට හරියන්න මේකේ හොඩට තියෙනවා ::D :D :lol:
ReplyDeleteඅයිය දෙයියෙක් නෙමේ දේවාලයක්
ReplyDeleteඑල ලිපියක්
ReplyDeleteගොඩක් හොද ලිපියක් මාත් මේ දේවල් දැන ගෙන හිටියේ නෑ,තව තව ලියන්න හැකිවේවා.....
ReplyDeleteඑල දිගටම ලියන්න මචො........! ජයවෙවා
ReplyDeleteනියමයි එල එල
ReplyDeleteWhat blog platform are you using? I've been looking for a new one, and this seems much cleaner then wordpress.
ReplyDeleteI'm using Wordperss. find a good WP template ;)
ReplyDeleteThanks for comment
මෙකත් ගින්දරනෙ
ReplyDeleteබොහොම ස්තූතියි වැදගත් ලිපියක්.
ReplyDeleteපුළුවන් නම් මේ Comment දාන තැන තියෙන Singlish පරිවර්ථකය බ්ලොග් වලට ඇඩ් කරන හැටි මේ වගේ පැහැදිලි කරල කියන්න.
සුභ අනාගතයක්...!
මේක Wordpress Plugin එකක්. මම හිතන්නෙ Blogger වලටත් මේ වගේ එකක් තිබුන
ReplyDeleteමේ ලිපිය මට ඉතාම වැදගත් එකක්. ස්තූතියි ඔබ මේ ගැන මට Tech කතා ඔස්සේ මා දැනුවත් කරාට...
ReplyDeleteඑල. හොය හොයා හිටිය දෙයක් හම්බ උනේ. BuzzBoost වැඩේ තමයි කරගන්න ඕනෙ මට.
ReplyDelete