ඇත්තෙන්ම ඇඩ්බ්‍රයිට් කියන්නේ ගුගල් ඇඩ්සෙන්ස් හරිගියෙ නැති අයට තියන හොඳම සාර්ථක විකල්පයක්. හැබැයි ඉතින් මේකෙන් ක්ෂනිකව නම් සල්ලිගන්න අමාරුයි. ඒත් $10 ක් වුනාම චෙක් එකක් මගින් සල්ලි ගන්න පුලුවන්. මම කලින් මේ ගැන ලිපි 2ක් දැම්මා ඒ ලිපි බැලුවෙ නැතිනම් ඒ ලිපි බලන්න කියලා ඉල්ලන ගමන් ඇඩ්බ්‍රයිට් වල තවත් නොදන්න, ඒත් වැදගත් කොටසක් ගැන අවධානය යොමු කරමු.
AdBrite වලින් වැඩකරමු 01 ලිපිය »
AdBrite වලින් වැඩකරමු 01 ලිපිය »
ගොඩක් අයට AdBrite වල තියන ගැටලුවක් තමයි දැන්වීම් පෙන්නන්නෙ නැතිඑක. අනික තමයි අපේ සංස්කෘතියට නොගැලපෙන දැන්වීම් පෙන්වීම. මේ 2 මට විකල්පයක් මේ ලිපියෙන් ලැබෙනවා. ඔයාලට මතක ඇති "AdBrite වලින් වැඩකරමු 01 ලිපිය " දී කීව ආකාරයට අපි දැන්වීමට අදාල සයිස් එක, වර්ණ ආදිය තෝරන තැන යට තියනවා Auto Approve Ads කියලා තැනක් තියනවා. අපි එතනට √ ලකුණ දාලා තමයි Ad එක ගත්තේ.. ඒත් ඒකෙන් වෙන්නෙ අපේ දැන්වීමට, AdBrite වෙත ඇතුල්කරන දැන්වීම් සියල්ලම ඇතුල්වීමයි. ඉංග්‍රීසි බ්ලොග් එකක්නම් අවුලක් නෑ කියමුකෝ :p ඒත් සිංහල බ්ලොග් එකේ මේ විදියට දැන්වීම් දිස්වෙනකොට අපේ අය අපහසුතාවයට පත්වෙනවා. මේක ටිකක් කරදරයක් වෙන්න පුලුවන්. කැමතිනම් කරල බලන්න. අපේ වෙබ්/බ්ලොග් අඩවියේ ගුණාත්මකභාවය රැකගන්න මේක උදවුවෙනවා. දැන් අපි කරන්න ඕන අපේ දැන්වීම් ගන්නකොට Auto Approve Ads ස්ථානයට √ ලකුණ නොදමා Ad එක ලබාගැනීමයි. දැනට ලබාගෙන ඇති දැන්වීම් වලින් මේ විකල්පය ඉවත් කරගැනීමට පහත ක්‍රමය අනුගමනය කරන්න්න.
- ඔබේ Publisher Dashboard හි Manage Ad Zones යන්න.
- දැන් දිස්වන ඔබේ ඇඩ් කලාප ඉදිරියෙන් Auto-approve ads යටතේ YES ලෙස දිස්වන්නේ මෙසේ ස්වයංක්‍රීයවම දැන්වීම් භාරගන්නා දැන්වීම් කලාපයි.
- එය ඉදිරියෙන් ඇති More > මත ක්ලික් කර Ad Zone Preferences වෙත යන්න.
දැන් කරන්න තියෙන්නේ Ad Specs යටතේ තියන Yes, auto-approve ads (recommended) නම් ස්ථානයේ √ ලකුණ ඉවත් කර පහලින් ඇත් Save බොත්තම ක්ලික් කිරීමයි.
දැන්වීම් ස්වයංක්‍රීයව පිලිගැනීව වැලැක්විය යුතු දැන්වීම් කලාප සියල්ලගේම ඉහත ආකාරයට සිදුකරන්න.
මේ විදියට කලාම අපි අපිට ඕන දැන්වීම් විතරක් පෙන්නන්න කියලා දැනුම්දෙන්න පහත විදියට කරන්න ඕන.
දැන්වීම් ප්‍රතික්ෂේප කිරීම හා ලබාගැනීම
ඔබේ Publisher Dashboard හි Review Ads නම් ස්ථානයට යන්න.

දැන් ඔබට මෙසේ ස්ථානයක් දක්නට ලැබේවි.

View ස්ථානයෙන් New ads pending review තෝරා ඉදිරියෙන් All ad types තෝරන්න. දැන් බලන්න දැන්වීම් නෑ කියලා දැඟලුවාට දැන්වීම් කීයක් ඔබේ අවසර බලාපොරොත්තුවෙන් ඉන්නවාද කියලා.
දැන් අපි කරන්න ඕන ඔක්කොම දැන්වීම් ටික බලලා අවශ්‍ය දැන්වීම් විතරක් අරගෙන අනික්වා ප්‍රතික්ෂේප කිරීම. පහලින් දැන්වීම් දැක්වෙනවා. ඒ වගේම ඒව දිස්වෙන්නෙ මොන Ad කලාපයේද, දිනය වැනි කරුනුද දැක්වෙනවා. සමහර විට පිටු ගනනාවකින් දැන්වීම් දක්වන්න පුලුවන්. ඒ දැන්වීම් වලින් අපිට ඕන දැන්වීම් ඉදිරියෙන් √ ලකුණ දමා ඉහල තියන Approve බොත්තම ක්ලික් කරන්න ඕන. එවිට අපි ඒ දැන්වීම් පිලිගත්තා කියලා දිස්වේවි

අනවශ්‍ය දැන්වීම් ප්‍රතික්ෂේප කිරීම කරන්නෙත් ඒ විදියටම අදාල Ad එක බලලා Ad ඉදිරියෙන් √ ලකුණ දමා ඉහල තියන Reject බොත්තම ක්ලික් කරන්න ඕන. එවිට අපි ඒ Ad දිස්වෙන්නේ නෑ.

අපි කරන්න ඕන variations මත ක්ලික් කරලා අනිත් ස්වරූපත් බලන්න.. බලලා හොදයිනම් Ad එක පිලිගන්න පුලුවන්.See Targetting කියන ලින්ක් එකෙන් පුලුවන් මේ දැන්වීම ඉලක්කකරගෙන තියෙන්නේ කුමන රටද, වයස, ස්ත්‍රීපුරුෂ භාවය වගේ දේවල් බලාගන්න. ඒ වගේම අපිට පුලුවන් මේ අඩවිවලට ගිහින් බලන්නත්..

Text Ads දිස්වෙන්නෙ මේ විදියට.

මේවගෙත් variations, See Targetting වගේ විකල්ප තියනවා.
බොහෝවිට අපිට තුන්වනපාර්ශවයේ දැන්වීම් ලබාදෙන්න පුලුවන්. දැන්වීම් නැති වෙලාවට මේ Ad හොඳඳ බලලා ඇතුල්කරගන්න පුලුවන්. තුන්වනපාර්ශවයේ දැන්වීම් වල ප්‍රීවිවු එකක් (පෙරදැක්මක් පෙන්නන්නෙ නෑ.) කැමතිනම් Ad එක බලලා පිලිගන්න පුලුවන්.

See Actual Size ක්ලික් කරලා මේ දැන්වීම් බලන්න පුලුවන්. එහිදිත් variations, See Targetting වගේ විකල්ප තියනවා.
[caption id="attachment_995" align="alignright" width="74" caption="දැන්වීමේ පෙරදැක්ම"]

මම හිතන/අත්දැකපු හැටියට AdBrite දැන්වීම් පෙන්නන්නෙ එක visitor/නරඹනිනෙකු ට එකක් හෝ උපරිම වුනොත් 2යි. මේකෙන් එයාල උත්සාහා කරන්නේ අනවශ්‍ය විදියට Ad ක්ලික් කිරීම/තමන්ගේම Ad තමන්ම ක්ලික් කරගැනීම මගින් දැන්වීම් පලකරන්නන්ට වෙන අසාධාරනය වලක්වන්න වෙන්න ඇති. මොකද දැන්වීම් පලකරන්නන් AdBrite වලට ගෙවන්නෙ ඒ දැන්වීම් ක්ලික් වෙන ප්‍රමානයට නිසා. ඒකෙන් පොඩි ගානක් තමයි අපිට ලැබෙන්නේ. (think)
වැදගත්,
- AdBrite වල අපිට ලබාගන්න පුලුවන් දැන්වීම් ප්‍රමාන කීපයයි තියෙන්නේ.. ඒවායින් දැන්වීම්කරුවන්ගේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ 160x600 ප්‍රමානයේ Ad වලට හා LEADBOARD ප්‍රමානයේ දැන්වීම් වලට. එක ඔයාලට බලාගන්න පුලුවන් ඉහත විදියට දැන්වීම් ලබාගැනීම හා ප්‍රතික්ෂේප කරනවිට දැන්වීම් වැඩියෙන් තියෙන්නේ මොන දැන්වීම් ප්‍රදේශවලටද කියන එකෙන්.
- තුන්වනපාර්ශවයේ දැන්වීම් වලට අපිට ලැබෙන මුදල් ප්‍රමානය අඩුයි.
- මේ විදියට දැන්වීම් ස්වයංක්‍රීයව පිලිගැනීව වලක්වනවානම් අප දින 2-3කට වරක්වත් මේ ආකාරයට දර්ශනය විය යුතු දැන්වීම් තෝරාදිය යුතුවෙනවා.
- මේක ටිකක් කරදර වැඩක් තමයි. ඒත් අපි කලින් කල විදියට Auto Approve Ads ස්ථානයට √ ලකුණ නොදමා සිටියානම් මේ කරදරයක් නෑ. නමුත් අපිට එවිට වෙබ්අඩවියේ ගුනාත්මකභාවය රැකගන්න ලැබෙන්නේ නැ(නොගැලපෙන දැන්වීම් නිසා)
($) දැනටමත් ලියාපදිංචි වෙලා නැති අය මේතනක්ලික් කරලා ගිහින් පබ්ලිශර් කෙනෙක් හැටියට ලියාපදිංචි වෙන්න. ($) $10ක් සම්පූර්ණ වූ විට මුදල් චෙක්පතක් මගින් ලබාගත හැක.
(bow)
oyage lipiya godak v/adhagath.sthuti oyata.
ReplyDeletethank geeth .oya kale loku udauwak.theme ekath lassanai.
ReplyDeleteKeep up the amazing work!! I love how you wrote this and I also like the colors here on this site. did you create this yourself or did you outsource it to a coder??
ReplyDeleteThanks, I typed this post using Sinhala unicode. You can get sinhala unicode from here. And this theme is downloaded from directly from the authors website and I added some texts to footer. If you cannot type sinhala unicode you can use this online singlish to unicode converter. It's easy.
ReplyDeletethanks for your comment.
http://blog.geeth.info/adbrite-part-3/ is great! you have many fans in my country.
ReplyDeleteනියමයි අයියේ වැදගත් ලිපියක්
ReplyDeletegeeth mata me de danagana onaaa ... hithanako man site ekata dapu ads remove karala new ads mula idan creat karala eema site ekata daanna ona kiyala.... ethakota api earn karapu money walata haaniyak wenne naha neda?
ReplyDeleteනෑ.. එහෙම අවුලක් නෑ. හැබැයි ඔයා Ad-Zone හදනකොට මතකතියාගන්න ඔයාට 24යි හදන්න පුලුවන්. හදපුව ඩිලිට් කලත් වැඩක් වෙන්නෙ නැ... උපරිම 24 යි. ඊට වඩා ඕනි නම් එයාලට මේල් එකක් දාල කියන්න ඕනි. ඒ නිසා පුලුවන්තරම් එකම ප්‍රමාණයෙ ඇඩ් ඕන තැන් තියන විවිධ සයිට් වලට එකම Adzone එකක කෝඩ් එක දාන්න
ReplyDelete