මේ ලිපිය සයිට් මැප්, සයිට් මැප් එකක් සෑදීම හා ඒය ගුගල් වලට Submit කරන හැටි ගැනයි. මුලින්ම බලමු සයිට් මැප් එකක් කියන්නේ මොකක්ද කියලා. මැප් එකක් කියන්නේ කෙටියෙන්ම කියනවානම් එක්තරා වෙබ් අඩවියක තිබෙන පිටු වල ලිස්ට් එකක්. ගොඩක් සයිට් මැප් හදන්නේ XML format එකෙන් තමයි. මේමගින් search engine botsලා ඒ කියන්නේ වෙබ් සෙවුම් යන්ත්‍රවල ඇති වෙබ් අඩවි වල තොරතුරු සොයන වැඩසටහන් වලට අපේ වෙබ් අඩවියේ තියන පිටු සොයාගන්න පහසුවෙනවා. මේ සයිට්මැප් එකක් හදලා ඒක ගුගල් වලට සබ්මිට් කරන්න ඕන. මේ වගේ සේවයක් යාහු, බින්ග් වගේ සෙවුම් යන්ත්‍ර වලිනුත් ලබා දෙනවා.. සයිට් මැප් එකක් සබ්මිට් කලාම සෙවුම්යන්ත්‍රයට හසුවීමේ හැකියාව වැඩියි. මේ ගැන තේරැම්ගන්න පහල රූපය බලන්න.
[caption id="attachment_962" align="aligncenter" width="648" caption="A site map of what links from the English Wikipedia's Main Page."][/caption]
[caption id="" align="alignnone" width="377" caption="ගුගලේ සයිට්මැප් එක"][/caption]
සයිට් මැප් එකක් සෑදීම
මේ සඳහා විවිධ වෙබ් අඩවි තිබුනත් මම යොදාගන්නේ මේ වෙබ් අඩවියයි.
www.xml-sitemaps.com
පලමුව ඒ සයිට් එකට යන්න. එවිට පහත ආකාරයට ස්ථානයක් දකින්න ලැබේවි.
- දැන් එතන උඩින්ම ඔයාගෙ වෙබ් සයිට් එකේ ලිපිනය ඇතුලත් කරන්න
- Change frequency - කියන්නෙ වෙබ් අඩවිය යාවත්කාලීන කරන කාලපරතරය
- Last modification - අවසානයට අප්ඩේට් කල දිනය (Use server's response ලබාදුන්නොත් ඔටෝ හොයාගන්නවා)
- Priority - automatic priority තෝරන්න
- දැන් START ක්ලික් කලාම සයිට් මැප් එක හදලා දෙනවා. පහල විදියට

ඒකෙන් xml ෆෝමැට් එකෙත් තියන එක බාගන්න.
ඉහත විදියට සයිට් මැප් එකක් සෑදීම කරගත්තට පසු කරන්න තියෙන්නේ,
Sitemap එක ගුගල් වලට Submit කිරීම.
මුලින්ම Google Webmaster tools වලට මෙතනින් යන්න.
https://www.google.com/webmasters/
ගිහින් ලියාපදිංචි වෙන්න. වෙබ් අඩවිය Google Webmaster tools වලට ඇතුලත් කරන්න ඒක තහවුරැ කරන්න කියනවා. blogspot නම් කිසිම අවුලක් නෑ.. ඒක කරගන්නේ මෙහෙමයි.
ඒක කරගන්න ලේසිම ක්‍රමය තමයි එයාලා ලබාදෙන html ෆයිල් එක අපේ වෙබ් අඩවිවේ index.htlm හෝ index.php ෆයිල් එක තියන තැනට අප්ලෝඩ් කිරීම. ඒ කියන්නේ root directory එකට. මේ ෆයිල් එක ලබාගන්න වෙබ් අඩවිය ලබා දීලා ඊලග පියවරේදි ලැබෙ option වලින් පහල රතුපාටින් කොටුකරලා තියන ස්ථානය තෝරලා පසුව කහපාටින් කොටුකරලා තියන තැන තියන ලින්ක් එක කිලික් කරන්න. එවිට ෆයිල් එක බාගන්න පුලුවන්.


අප්ලෝඩ් කරාට පස්සෙ පහල තියන Verify බොත්තම ක්ලික් කරන්න.
- මේ විදියටම හදාගත්ත සයිට්මැප් එකත් එතනටම අප්ලෝඩ් කරන්න.
දැන් ඔබව Dashboard එකට යොමු කරාවි. එයින් අදාල වෙබ් අඩවිය තෝරාගෙන දකුනුපස පහලින් තියන Submit a Sitemap කියන ලින්ක් එක ක්ලික් කරන්න.
දැන් මේ වගේ ලැබේවි.

ඒතනට පිංතුරෙ තියන විදියට සයිට්මැප් එකේ ලිපිනය දෙන්න. (අපි index ෆයිල් එක තියන තැනටම අප්ලෝඩ් කල නිසා ඉහල විදියට ලබාදෙන්න)
දැන් Submit Sitemap ක්ලික් කලානම් හරි. ඔබේ සයිට්මැප් එක නිවැරදිව ඇතුල්වුනානම් සේ විදියට පනිවිඩයක් සමගින් ඊට පහලින් සයිට්මැප් එකේ විස්තර ටිකක් දකින්න ලැබේවි.

මූලාශ්‍රය - http://en.wikipedia.org/wiki/Site_map
wordpress වලට තියෙනව ප්ලගිනයක් Google Site mape generator කියල, ඒක දාගත්ත නම් ගූගල් එකට site map එකක් හදන්න පුළුවන් wordpress dashboard එකේ ඉඳන්ම, හරිම ලේසී.
ReplyDeleteමේ ක්‍රමෙත් හොඳයි, මේකෙන් ඕනෙම විදිහෙ අඩවියකට site map හදාගන්න පුළුවන්නෙ. :)
ඔවු ඔවු wordpress වලට නම් ඕනම දේකට ප්ලගින් තියන නිසා හරිම පහසුයි.
ReplyDeleteස්තුතියි අයියෙ කමෙන්ට් එකට
[...] This post was mentioned on Twitter by Royly, Geeth Nuwan. Geeth Nuwan said: වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම – සයිට් මැප් ගැන. කුප්පිය 06 http://goo.gl/fb/ighdj [...]
ReplyDeleteනියමයි අයියෙ...මාත් මේ දවස් ටිකේ වෙලා තියෙන හින්ද පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනෙ....අවුලක් උනොත් පොඩි හෙල්ප් එකක් කාරිය ඕනා
ReplyDeleteෂුවර් එකටම දෙනවා.... අවුලක් නම් මට කියන්න මෙතනින්. නැත්නම් මේල් එකක් දාන්න.
ReplyDeleteඇත්තෙන්ම ගොඩක් වැදගත් ලිපියක්
ReplyDeleteගොඩක් ස්තුතියි කමෙන්ට් එකට..
ReplyDelete[...] ඒ ලිපිය නොබැලූ කෙනෙක් ඉන්නවානම් මෙම සබැඳිය ක්ලික් කර ගොස් බලන්න. එහි ඉතිරි [...]
ReplyDeleteමේ සයිට් මැප් එක අපි නිතර අප්ඩේට් කරන්න ඕනාද?
ReplyDeleteඔයා වෙබ්සයිට් එක අප්ඩේට් කරනකොටම මේකත් අප්ඩේට් කලොත් හොඳයි. (අලුතෙන් පිටුවක් එකතුකලොත් වගේ) RSS සයිට්මැප් එකක්නම් ඕනනෑ. ඒක Resubmit බොත්තම ඔබලා අප්ඩේට් කරන්න පුලුවන්
ReplyDeleteස්තුතියි කමෙන්ට් එකට.
watina post ekak..godak watinawa :D thankz//
ReplyDeleteThank you for writing this post. It is an excellent blog post.
ReplyDeleteමේ වෙබ් අඩවියත් සයිට්මැප් හදන්න ගන්න පුලුවන් සරල වෙබ්අඩවියක්.
ReplyDeletewww.makeasitemap.com
This blog can definitely touch lives. Thanks for all you have created on this. I will definitely be coming back to read more of your articles.
ReplyDeleteඅයියේ
ReplyDelete1 web අඩවියක් වෛරස් හා වෙනත් හනි කර
මෘදුකාංගයන්ගේන් අරක්ෂාකර ගන්නේ කේසේද
2 Web අඩවිය FileZilla මගින් Upload කරම
web අඩවියට Log වෙන්නට පුලුවන් ද
3 Web අඩවියක් ගුගල් වෙත ඇතුල් කිරීමෙන්
පසුව අපිට කෙලින්ම web අඩවියට Log වෙන්නට පුලුවන්ද
"නියමයි අයියේ ඔහොම දිගටම යමු." "මම ඔයාට සුභ පතනවා"
":-)"
ස්තුතියි කමෙන්ට් එකට. මම දන්න විදියට පිළිතුරු දෙන්නම්
ReplyDelete1) වෙබ් අඩවිය ආරක්ෂාකරගන්නනම් හොඳ පාස්වර්ඩ් එකක් දාන්න ඕන. අකුරු, සංකේත, ඉලක්කම් කවලම් කරලා
2) ටිකක් පැහැදිලි මදි. FileZilla හෝ වෙනත් එවන් මෘදුකාංගයකින් ඇතුල්වන්න පුලුවන් වෙන්නෙ FTP Account එකට විතරයි. එහි ඇති ෆයිල් වෙනස් කරන්න ඇතුල්වෙන කෙනාට පුලුවන්. වෙබ් අඩවියට යන්න සාමාන්‍ය විදියට පුලුවන්.
3) ඔවු. කෙලින්ම හෝ සෙවුම් යන්ත්‍රයක සෙවුම් ප්‍රතිථල තුලින් වෙබ් අඩවිය කරා යන්න පුලුවන්.
machan mata kiyanawada blog ekaka site map ekak danna puluwanda kiyala..( blogspot) ethakota api hosting karanne nane.. ..blogspot ekakata mokada karanne
ReplyDeleteSubmit a Sitemap ඉදිැියෙන් rss.xml කියලා දෙන්න. Blogspot වලට සයිට්මැප් හදන්න ඕන නෑ. මේ ගැන Google Webmaster Tools ලිපියේ ලීව.
ReplyDeleteස්තුතියි කමෙන්ට් එකට
Mama me web adawiya hedhuwe geeth ayiyage upadhes anuwayi oyalath hadhala balanna akilamanoj.110mb.com
ReplyDeleteතව ටිකක් වැඩිදියුණු කරල හදන්න. tk වගේ ඩොමේන් එකකුත් ගත්තනම් එල...
ReplyDeleteස්තුතියි ඔයාගෙ කමෙන්ට් එකට
[...] 1) Sitemap ගැන. [...]
ReplyDeleteනියමයි සහෝ නියම ලිපියක් දිගටම ලියන්න අපි බලන් ඉන්නවාග
ReplyDeleteනියම ලිපියක් , site map eka හදල down load කරගන්න එන තැනට එනකම් පැහැදිලියි ..
ReplyDelete"එයාලා ලබාදෙන html ෆයිල් එක අපේ වෙබ් අඩවිවේ index.htlm හෝ index.php ෆයිල් එක තියන තැනට අප්ලෝඩ් කිරීම. ඒ කියන්නේ root directory " මේක බ්ලොග්ගර් වලින් හැදුව වෙබ් එකකට කරගන්නේ කොහොමද?
ඊට පස්සේ නේද google web master tool වලට ගිහිල්ල
site map එක ඇතුළු කරන්න ඕනෑ ... මෙතන පැහැදිලි මදි මොකද කරන්න ඕනෑ කියල ;;;;
බ්ලොගර් වලින් කරපු බ්ලොග් එකක සයිට්මැප් එක සබ්මිට් කරන්න, Submit a Sitemap ඉදිරියෙන් rss.xml කියලා දෙන්න. Blogspot වලට සයිට්මැප් හදන්න ඕන නෑ. මේ ගැන Google webmaster tools ලිපියේ විස්තර කලා.
ReplyDelete.ඉන්ෆො ඩොමඉන් එකක් ගත්තම බ්ලොග් එකට ඒක අඩ් කරන්නෙ කොහොම
ReplyDelete