හද සැලෙනා - අරුණ ලියාන්‍ | Hada Salena - Aruna Liyan Full Album + Lyrics + Photos


පට්ට සිංදුව..හප්පේ හොයා ගන්න විදපු දුක. :-) අහපු දවසේ ඉදලා හෙවුවා. කොහෙම හරි ඊයේ හම්බඋනා.. ඉස්සරෝම කලේ ගූගලේ ගහලා බලපු එක‍. ආවා නමුත් Full Album එකනේ. මෙගාබයිට් එකසිය ගානක් තිබ්බා.. 50 MB ජීවිතේට බාන්න බැරැව බාපන්කෝ. පුහ්. පස්සේ Elakiri පැත්තේ ගිහින් බැලුවා මේ එලකිරි සිංදුව තියනවාද කියලා. වීඩියෝ එක නම් තිබ්බා.. ඒත් මෙගාබයිට් හතලිස්ගානක්. වීඩියෝ බාපන්කෝ ඩයල්අප් වලින්... :( පස්සේ එලකිරි ෆෝරම් වලින් ත්‍රීඩ් කීපයක් හමුවුනත් ලින්ක් කල්පැනලා‍‍.. හැබැයි YouTube වල ලින්ක් එකක් ඒකෙන් හමුවුනා. ඒකනම් යාන්තම් 10.4 MB විනාඩි 19 ක් විතර දගලලා බාගත්තා. ඒ අතරේ ෆුල් ඇල්බම් එකේ Download Link එක සුජියාට මේල් කලා‍. :-) එයා බෑවොත් හොදා. :) නිවංගියාව‍ගේ සිංදුව ඇහුවාම. මම ඇල්බම් එකම ඇහුවේ නැතත් ඔයාලා රසවිදලා බලන්න.මෙන්න සිංදුව, ඩවුන්ලෝඩ් ලින්ක් පහල.


හද සැලෙනා

නිල් ගුවන් හසකැලුම් - පවසමින් පෙම් හැගුම්
ජීවිතයේ,. යෞවනයේ, දකිනා..
සුවළදුන් සෙනෙහසින් - මගෙ පැතුම් සරසමින්
මා දෙනෙතේ‍‍... මා මනසේ... රැදුනා‍‍‍..
හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ....
නෙබිදී නොමැකී ඒ මතකේ...

සිතු ලෙසින් සැනසෙම්න් - නිදහසෙන් නැලවෙමින්
මගෙ දිවියේ.. ඒ යුගයේ තිබුනා
දහසකින් සුව දසුන්, පහසකින් ලද රසින්
මෝහනයේ... සත්සරයේ රැදුනා..
හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ....
නෙබිදී නොමැකී ඒ මතකේ...

හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ...

ılı.lı.ılillı.lı.  ♪♫♥♫♪ ılı.lı.ılillı.lı .¸¸.•.

හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ....
නෙබිදී නොමැකී ඒ මතකේ...//

ගායනය    : අරුන ලියාන්
පදරචනය    : හේමසිරි හල්පිට
සංගීතය     : අරුන ලියාන්

Full Album එක මෙතනින් බාගන්න.


ඇල්බම් එකේ සිංදුටික.

  1. Mohothak Ma Ha Randee
  2. Siya Dahasak
  3. Thusharaye
  4. Galu Muvadorata Anavanam
  5. Minisa
  6. Thani Voo Yahane
  7. Aravindiye
  8. Raa Kumari
  9. Tharu Dilena
  10. Mal Mee Katha
  11. Hada Salena
  12. Pata Pata Heenayak
  13. Yavuvanaye Sihina Lokaye
  14. Hada Salena (Trance Mix)

මෙන්න වීඩියෝ එක.

Elakiri වලින් බාගන්න මෙතන ක්ලික් කරන්න.(48.41 MB)









හෝවු හෝවු. MP3 එක තියනවානම් දෙ‍න්ඩෝ........
෴ /bye ෴

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

3 Responses to හද සැලෙනා - අරුණ ලියාන්‍ | Hada Salena - Aruna Liyan Full Album + Lyrics + Photos

  1. :c එල එල..ස්තූතියි

    ReplyDelete
  2. ඔව් මටත් ඒක සොයා ගන්න බොහොම අපහසු ‍උනා...

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.