Blogger ලිපි අතරට adsence දැන්වීම් දාන හැටි [නිවැරදිම ක්‍රමය]

ඔබ බ්ලොගර් වලින් බ්ලොග් ලියනවානම්, ඇක්ටිවු ඇඩ්සෙන්ස් account එකක් තියනවානම් ඔයාලාටත් ලේසියෙන්ම ලිපි වලට දැන්වීම් දාන්න පුලුවන්. සයිඩ්බාර් වල ඇඩ් දානවාට වඩා පොඩ් ගතියක් තියනවානේ. කනාවට හරි බලන කෙනෙකුට ඇඩ් එකක් ක්ලික් වුනොත් එහෙම කාටද වාසි ? : ) සිංහල බ්ලොග් වලටනම් වැඩේ ෂුවර් නෑ‍‍.

ඒ සදහා පලමුව කරන්න තියෙන්නේ ඔයාලාගේ මේ විදියට ඇඩ් දාගන්න ඕන කරන බ්ලොග් එකට ඇඩ්සෙන්ස් අක්ටිවු කරගන්න එක. ඒකට පහත විදියට කරන්න.

බ්ලොගර් ගිණුමට ලොග් වෙලා Dashboard හි Monetize ගිහින් පහත විදියට කරන්න.


ඉහත පින්තුරයේ දැක්වෙන විදියට ලැබුන විට අවශ්‍ය ආකාරට තෝරාගෙන ඉදිරියට ගොස් බ්ලොගයේ ඇඩ් ඇක්ටිවු කරගන්න. අදාල සෙටින්ග්ස් සාදා ගන්න.

දැන් නැවත Design -> Page Elements වෙත ඇවිදින් එහි Blog Posts යටතේ ඇති Edit ක්ලික් කරන්න.
ඔබට නව වින්ඩෝ එකක් ලැබෙනු ඇත. එහි Show ads between Posts යන ස්ථානයට හරි ලකුනක් යොදන්න.
දැන් පහත ලෙස එම වින්ඩෝ එක වෙනස් වෙනු ඇත.
  • එහි පලමුවෙන්ම ඇති Show aftre XX Posts යන ස්ථානයෙන් ඔබේ ලිපි කීයකට පසු දැන්වීම් පෙන්විය යුතුදැයි ලබාදිය හැක.
  • අංක 1 ස්ථානයෙන් දැන්වීමේ ආකාරය තෝරාගන්න.
  • අංක 2 ස්ථානයෙන් දැන්වීමේ වර්ණයන් සකසාගන්න.
  • අංක 3 ස්ථානයේ පෙරදැක්මක් දැක්වේ.
 මේ ආකාරයට ඔබගේ බ්ලොගයේ ඇඩ් දිස්විය යුතු ස්ථානයන් හා වර්ණයන් සාදාගෙන SAVE ක්ලික් කරන්න. දැන් ඔබ සකස්කල ආකාරය දැන්වීම් ඔබේ බ්ලොගයේ දිස්වනු ඇත.
/bye

Posted in . Bookmark the permalink. RSS feed for this post.

2 Responses to Blogger ලිපි අතරට adsence දැන්වීම් දාන හැටි [නිවැරදිම ක්‍රමය]

  1. මචෝ සමාවෙන්ඩ ඕනෙ මෙහෙම කියනවට. නමුත් ඉතින් ඇත්ත හැමෝටම පිළිගන්න වෙනවනේ....... ඔයා කියල තියෙන කතව ඇත්ත ඒත් ඉතින් සිංහලෙන් ලියන බ්ලොග් අඩවි වලට ඇඩ්සෙන්ස් දාල කිසිම තෙරුමක් නැති වැඩක්. වැඩිවිස්තර සඳහා මේකත් කියවලම බලන්න :)https://www.google.com/adsense/support/bin/answer.py?hl=en&answer=9727

    ReplyDelete
  2. @ජේ.ඩීඔවු ඒකනම් ඇත්ත තමයි. ඒ ගැන මේ පෝස්ට් එකෙත් කියලා තියෙන්නේ... මම මේ ලිපිය දැම්මේ කාටහරි ඉංග්‍රීසි බ්ලොග් එකක් තියන කෙනෙකුට වැදගත් වෙයි කියලා... ස්තුතියි අදහසට

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.