ම්.. ලොකු වෙනසක් ඒ නිසා අදනම් මම ගොඩක් සතුටෙන් .. මේ ඇයි කියලා ඔයාලා හැමෝටම ගැටලුවක් ඇති කියලා හිතනවා. අනිත් අයට මේ වෙනස ඉතාම කුඩා එකක් වෙන්න ඇති. ඒත් මටනම් ගොඩාක්ම ලොකු වෙසක්. ඒ වෙනස මොකක්ද කියලා ඔයාලට බලාගන්න පුලුවන් උඩ බැලුවාම. ඒ කීවේ ඔයාලා භාවිතා කරන Web Browser එකේ තියන Address bar එක දිහා බැලුවාම.. දැන් තේරෙනවා ඇති නේද ? සුලු දෙයක් නේ.. ඒත් මටනම් ලොකූ දෙයක්.
මම මේ සිංහල බ්ලොග් එක පටන්අරන් කරගෙන එනකොට මටත් අපේ ගොඩක් සිංහල බ්ලොග් ලියන අයගෙ වගේ තමන්ගෙම නිවසකට, ඒ කීවේ Domain එකකට එන්න ආසාව තිබුනා. නමුත් මට ඒ පිලිබද නිසි දැනුමක් තිබුනේ නැති නිසා මම ඒ අදහස අතෑරල තිබුනේ අනික මම ඩයල් අප් නේ.. ඉබ්බා වගේ (මම නෙවෙයි ඉබ්බා හොදේ ) ටික ටික කට්ටිය ඩොමේන් වලට මාරු වෙනකොට ආයෙත් ආසා හිතුනා. ඉතින් මම ඩොමේන් නේම් එකකට මාරුවෙන්න තීරනය කලා. නමුත් ආයෙත් ආශාවක් ආවා. ඒ තමයි ඒක සබ් ඩොමේන් එකක් විදියට දාගන්න ඕන කියලා. එතකොට Personal Page එකකුත් හදාගන්න පුලුවන් නිසා.ටෙක් කථා වලට එහෙම දාලා විස්තර හොයනකොට ඒකේ යාලුවෝ කීවේ ඩයල් අප් වලින් නම් අමාරැයි කියලා. මේ ගැන විස්තර හොය හොය ඉන්නකොට .info ඩොමේන් එක 150කට විතර LKservers.com වල ගන්න පුලුවන් කියලා ආරංචියක් ආව නිසා ඒ ගැන විමසලා බලනකොට දැනගත්තේ ඒ පලවෙනි අවුරුද්ද විතරයි කියලා. නමුත් තමන්ගෙම සයිට් එකකට නම් Hosting තියෙන්න එපායැ. ඉතින් ඔන්න දන්නකියන අයගෙන් අහපුවාම එයාලා කීවේ "ඔයාට 1GB විතර ඇති" කියලා. ඒත් LKservers.com වල 1GB පැකේජ් එකක් නෑ.. ඒ නිසා වෙනත් ආයතනයකින් 1GB හොස්ටින් ගන්න හිතාගෙන හොයලා බැලුවාම 950කට විතර ගන්න පුලුවන් උනා. ඒත් ඒ පලවන අවුරැද්දට විතරයි. හ්ම්...එතකොට පලවෙනි අවුරුද්ද කොහොම වුනත් දෙවෙනි අවුරුද්දෙදි 2000ක් විතර ගෙවන්න වෙනවා. පස්සෙයි දැනගත්තේ LKservers වල 10GB හොස්ටින් පැකේජ් එකේ .info ලයිෆ්ටයිම් FREE දෙනබව.. දැන් ඉතින් මට තිබ්බ හදිසියේ හැටියට ඒ පැත්තට හිත ගිහින් හලෝ හලෝ පාරක් එහෙම දාලා බලනකොට වැඩේ පාඩු නෑ. ;) ඇයි ඉතින් පලවෙනි අවුරුද්දෙත් 1500 යි දෙවන අවුරුද්දෙත් 1500යි ජීවිතේටම 1500 නොවැ.ඉබි ගමනේ ඩයල් අප් කමක් නෑ ඕන කෙහෙල් මලක්, කෙහෙල් ගහක් වෙච්චාවයි කියලා හිතාගෙන පස්සේ ඔක ගත්තා. මේ පැකේජ් එකේ 10GB (10240MB) Disk Space තියනවා ඒ වගේම 100GB Monthly Bandwidth තියනවා. මගේ සයිට් එකේ හැටියට නම් මේක බෝක්කුවක් යටින් පොල්ලෙල්ලක් ගියා වගේ. මගේ ගනනය කිරීම් වල හැටියට නම් දවසකට රු 5 ක් ගානේ වත් එකතු කලොත් අවුරුද්ද අන්තිමට 300ක් පර්ස් එකට හී හී

ඊලගට කරන්න උනේ සයිට් එක හදන එක. කම්මැලිකම නිසා ගුගලේ හොද ටෙම්ප්ලේට් හොයලා බැලුව. මොන දෙයියන්ට කියන්නද ලස්සන Flash ටෙම්ප්ලේට් වලට $150 ක් විතර. ලෝන් එකක් ගහලා හොස්ටින් ගත්තා සයිට් එකත් ගන්න පුලුවන්යෑ.මදැයි.. ශේප් එකේ ටෙම්ප්ලේට් එකක ඩිමෝ එකක් බලලා ගැහැවුවා Web Page Maker වලින් කොපියක්. ඒ කීවේ ඒක බලාගෙන හැදුවා. චාම්වට, සරලව. දැන් තමයි අප්ලෝඩ්.. ඔන්න ඉතින් කලින් කියපු ඉබ්බාගේ පිහිට පතන වෙලාව. අපිට 3G නෑනේ..ADSL ගන්න අහපුවාම කියනවා ලූප් ද මොනවාද නෑ කියලා. ඒ කතාව පැත්තක දාමුකෝ [වෙලාවක ඒ ගැනත් ලිපියක් දාන්නම්] මට මේ ගැන වැඩි දැනීමක් නැති නිසා අපේ කට්ටිය සිංහලින් ලියපු ලිපි කීපයක් එහෙම බලලා යාලුවො කීපදෙනෙක් එක්ක චැට් පාරක් එහෙම දාලා කරමේ දැනගත්තා. කොහොම හරි ඉබිගමනේ ඒකත් කලා කියමුකො.
දැන් Sub Domain එකට Blog එක සැට් කෙරිල්ල.. ගුගලේ සර්ච් පාරක් එහෙම දාලා ටෙක් කතා වලටත් දැම්මා.. ඒකත් ඉගනගෙන යාන්තම් ඒකත් ගොඩදාගත්තා.
දැන් Sub Domain එකට Blog එක සැට් කෙරිල්ල.. ගුගලේ සර්ච් පාරක් එහෙම දාලා ටෙක් කතා වලටත් දැම්මා.. ඒකත් ඉගනගෙන යාන්තම් ඒකත් ගොඩදාගත්තා.
නමුත් අවුලක් !!
අපි නැග්ගොත් ලයිට් කනුවෙත් දෙබලක් ලු (දැන් පුවක් ගස් වල අතුබෙදිලා හමුවෙන නිසා පොඩ්ඩක් වෙනස් කලා) මාර කේස් එක. කෝ මේකෙ තිබුන කමෙන්ට්ස්. ? ? ? ම්............ මක් වුනාද. මේ ටික නැතිවුනොත් බ්ලොග් එකත් වැඩක් නෑ. මේවායින් ලැබෙන හයියෙන් තමයි මෙච්චර කාලක් බ්ලොග් ලීවේ. කීප පාරක් Refresh කලත් නෑ. වෙනවෙන මෘදුකාංගවල "අන්ඩූ" මතක් වෙලා ආයෙන් .blogspot.com වලට මාරැ වුනා.. එතකොටනම් තියනවා..පස්සේ ගුගල් දෙයියන්ගේ පිහිට තමා. එතනින් දැනගත්තා ගොඩක් අයට මේ සිද්දිය වෙලා තිබුනත් සති 3 කින් විතර ගොඩක් අයගේ හරිගිහින් තියන බව. ( මේ ගැන තිබුනේ මෙතන)පස්සේ ඉතින් ආයෙත් සබ් ඩොමේන් එකට බ්ලොග් එක දැම්මා. කවුරැහරි මේටික ආපහු ගන්න දන්නවානම් කියලාදෙන්න හොදේ.
එච්චරයි අවුලකට තියෙන්නේ.. අනිත්වා නම් ලස්සනට සිද්ධ වුනා.. ආ අලුත් ලිපිනය කියන්න අමතක වුනානේ. ඒ තමයි www.geeth.info මේකේ මගේ විස්තර තියනවා. පොඩි විසිට් පාරක් එහෙම දාලා ආපහු මෙතනට ඇවිත් හොදනරක අඩුපාඩ් වැඩිපාඩු කමෙන්ට් කරලා යන්න. ඒක මට ලොකු හයියක්.මගේ බ්ලොග් එක දැන් http://blog.geeth.info වල. කලින් තිබුන බ්ලොග්ප්පොට් කියලා කියනකොටත් ටැපලෙනවා. නෑ නෑ පැටලෙනවා. කවුරැහරි ඇහුවත් කියන්න අමාරැයි. හිහ්. හිහ්.
දැන් මමත් මගේම ඩොමේන් එකක ඉදන් බ්ලොග් ලියන කෙනෙක්නේ. ටිකක් වගකීමෙන් ලියන්න ඕන. ඉහල වගේ පිස්සු කෙලින්නේ නැතිව.
ඇත්තෙන්ම මම මේ ඩොමේන් එකයි හොස්ටිනුයි ගත්තට මට මේ ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ. මේ නිසා මම ගොඩක් දේවල් ඉගනගත්තා. ඒ ඉගනගත්ත දේ ඔයාලටත් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි ලිපි පෙලක් මගින්. එයට ඩොමේන් නේම්, වෙබ් හොස්ටින් මිලදීගැනීමේ සිට වෙබ් අඩවිය සෑදීම, එය අප්ලෝඩ් කිරීම,සබ්ඩොමේන් එකකට Blogger(blogspot) බ්ලොග් දැමීම වැනි මම ඉගනගත්ත සියලුම දේවල් ඇතුලත් කරන්න හිතාගෙන ඉන්නවා.. හ්ම්.. එහෙනම් දැන් ඇති වගේ.. අවසාන වශයෙන් සැමගෙන්ම ඉල්ලාසිටිනවා ඉදිරියටත් මේ බ්ලොග් එක එක්ක එක්වෙලා ඉන්න කියලා.. Comment එකක් දාන්න Blog එක Follow කරන්න, E-Mail මගින් කියවීම සක්‍රීය කරන්නත් පහසුකම් තියනවා ඔන්න.
සැමටම ජය

෴෴
෴
සුබ පැතුම් යාලුවා ...........
ReplyDeleteසුභ පැතුම් මලයෝ ..... :f
ReplyDeleteබොහොම හොඳයි .... ජයවේවා ...
ReplyDeleteමගෙනුත් සුබපැතුම්!
ReplyDeleteජයෙන් ජය!!
ReplyDeleteආව් ආව්....සුභ පැතු මචන්... :) :)
ReplyDeleteමම මොකද උඹ මොකද දෙන්නම ගීත්. උඹත් කරාටේ මමත් කරාටේ. ජය වේවා. :b
ReplyDelete@ වැප් - ස්තුතිය් අයියේ අපිව දිරිමත් කරනවාට.. :e
ReplyDelete@ හිඟන්නා - මාත් එන විදියක හිගන්නෙක් තමයි යාලුවා.. මේ ඩොමේන් කට්ට ගත්තෙත් ලෝන් එකක් දාලානේ.. බොහොම ස්තුතියි සුබ පැතුවට
@ ළමයා - ම්..... ඔයටත් ස්තුතියි
@ kumaraya - ස්තුතියි. ඒක නෙමේ ඔයා අරක පැච් කරගත්තද?? මම මේල් එකක් දාන්නම්කෝ
@blog gadol - ස්තුතියි යාලුවා..ඔයාටත් ජයම වේවා.. @ ♠GaŋGster♠™ - ආවු ආවු තමයි ඉබිගමනේ ගිහින් හරි දියුනුවෙන්න එපායෑ.. ස්තුතියි ආ
@ ගීත් (සහෘදයා) - ආ ගීත් අයියේ.. කොහොමද ජීවිතේ. ම්.. බොහොම ස්තුතියි සුබපැතුවට
@ All - අනේ මංදා ඔයාලා මගේ සතුට වැඩිකරනවා..ඒත් මගේ කමෙන්ට් ගැටලුව එහෙමමයි.. කමක් නෑ.. සියල්ලන්ටම ස්තුතියි. :m
එල එල මචන් :b
ReplyDeleteමාත් ගත්තා info domin name එකක් එත් තාම වෙබ් වැඩනැ වෙබි ඩිසයින් දන්නේ නැති නිසාමට පොඩිඩක් උදව් කරන්න පුලුවන්නම් ගොඩක් ස්තුතියි...
ReplyDelete@Lahiru Chandima Senarathna
ReplyDeleteඑළ බම්බ මලයා.... මමත් පැත්තක ඉන්නවනෙ ඉතින් උඹේ හැම දේකම... i wish u bright future...එළ එළ
ReplyDeleteඑළ එළ. මොකේ ඉඳන් blog ලිව්වත් තමන්ගේම නම තියන domain එකක ඉඳන් blog ලියන ගතිය එන්නේ නෑ. මටත් ඔය අත් දැකීම තියනවා. මම කලින් domain කීපයක් register කරල තිබුනත් කිසි ගතියක් තිබුනේ නෑ blog එකක් හරියට ලියන්න. මමත් මගේ නමට domain එක ගතපු ගමන් හවස් වෙද්දී wordpress දාලා blog එක හදලා post එකකුත් දැමමා. ඇයි email එක. එකත් එතකොට තමන්ගෙම නමින් නේ nuwan@geeth.info වගේ. කොහොමද email එක යාලුවෙකුට දෙනකොට තියන ආඩම්බර. කට්ටිය හොල්මන් email එක දෙනකොට. :) එළ එළ මලයෝ. ජය වේවා ඉතිං!!!
ReplyDelete@ Hasitha ජයසූරිය - ස්තුතියි මචන්
ReplyDelete@ Lahiru Chandima Senarathna - හරි හරි යාලුවා අනිවාර්යයෙන්ම මම ඔයාට උදවු කරන්නම්.. මේ සයිට් එකේ Contact Us වලින් මොකක්ද අවුල කියන්නකෝ මම ෂුවර් එකටම උදවු කරන්නම්..
@ zujith හී හී ස්තුතියි අයියා මාමේ....
@ කාංචන දිනූක - ඔවු ඔවු කුලියට ඉන්නවා වගේද මගේම එකක් තියෙද්දී. හී හී. ස්තුතියි යාලුවා අදහස් දැක්වුවාටThanks 4 all... :m
OYAGE BLOGER EKA (BLOGSPOT)AYN KARADDI PARANA LINK WALATA MONAWATH UNE NADDA.MARU KALE KOHOMADA..?
ReplyDelete@GSM SRI LANKAනෑ නෑ එහෙම වෙන්නේ නෑ. පරන ලින්ක් අලුත් ඒවා වෙනවා.. මම පෝස්ට් එකේ කීව ලිපි පෙල දාන්නම්කෝ. ස්තුතියි
ReplyDeleteම්.... කමෙන්ට් අවුලත් හරි ඔන්න. මම ස්තුතිවන්ත වෙන්න ඕන මට මේ සියලුම දේවල්වලට උදවු කරපු අයට..
ReplyDeleteදිගු ගමනකට මගෙනුත් උණුසුම් සුබ~පැතුම් !!! :b :t
ReplyDelete:h අර සම'හ'රක් සෝහොන් කාරයෝ ( :l ) බොරු සින්ඩි හදන්න මහන්සි වෙද්දි :e ඔයා මේ වගේ දේකට යොමුවෙච්ච එක හොඳයි :B
ReplyDelete@ දමිත් : Lahiru - ස්තුතියි යාලුවා සුභපැතුමාට
ReplyDelete@ ජයන්ත - ම්... දැන් සින්ඩි ඕනවටත් වඩා තියනවානේ.. තව මොකටද නේද?? ඔයාටත් ස්තුතියි !
නියම සයිට් එක
ReplyDeleteසින්ඩ් ගොඩකින් වැඩක් නැ කියවන අය ගානට සින්ඩ් තියේයි තව ටික දවසකින්