අද ලිපියෙන් කථාකරන්න යන්නේ මුදල් ගෙවලා ඩොමේන් නේම් හා හොස්ටින් ගන්නවිට එයට සයිට් එක අප්ලෝඩ් කිරීම හා සබ්ඩොමේන් එකකට බ්ලොග් එක දාගන්න හැටි.
අපි ඩොමේන් නේම් එකකුයි වෙබ් හොස්ටිනුයි ගන්නකොට ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ කීවේ අපි සල්ලි දීලා ගන්නකොට පරිස්සම්වෙන්න ඕන. මූලික ගෙවීම බොහොම අඩ්වට ඩොමේන් තියනවා. ඒත් දෙවන ගෙවීම සිට ඒ ගෙවීම වැඩිවෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් .info අඩුවට ගන්න පුලුවන්. සමහර ආයතන වල (LKservers වැනි හා බොහොමයක් තැන්වල) වෙබ් හොස්ටින් ගන්න විට ඩොමේන් නේම් එකක් Lifr time FREE ලබාදෙනවා. මම ලබාගෙ තියෙන්නෙත් ඒ වගේ පැකේජ් එකක්. [ඒ ගැන වැඩිදුර කියවන්න මම කලින් ලියපු මේ ලිපියට යන්න.] Godaddy,name.com වැනි ස්ථානවලින් ගන්න නම් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕන. ලංකාවේ ආයතතනයකින් ගන්නවානම් පැකේජ් (domain හෝ hosting හෝ ඒ දෙකම ) එක අදාල සයිට් එක හරහා ඕඩර් කරලා ලගම තියන බැංකුවකට සල්ලි දාන්න පුලුවන්. ඊට පස්සේ එයාලට කතාකරලා කීවාම ඇක්ටිවු වෙනවා. ඩොමේන් නේම් එකක් දින 2ක් ඇතුලත ඇක්ටිවු වෙනනවා. හොදින් සැලකිලිමත් වෙලා මේ 2 ලබාගත්තායින් පසු අපිට ඒ ගත්ත තැනින් පාලන පුවරැවට ඇතුල්වෙන්න හා ftp ගිණුමට මුරපද ලබාදෙනවා. සයිට් එක අප්ලෝඩ් කරනකොට ඒක කරන්න ඕන public_html කියන ෆෝලඩරයට. ඒක කරන්න FileZilla වලින් ftp ගිනූමට සම්බන්ධවුනාම වෙබ් සර්වර් එකේ තියනවා ඒ ෆෝල්ඩර් එක. ඒක ඩබල් ක්ලික් කරලා අප්ලෝඩ් කලාම හරි.(සයිට් අප්ලෝඩ් කරන හැටි පෙර ලිපිය බලන්න. )
බ්ලොග් එකක් දාන හැටි
මේ සදහා අපි මුලින්ම සලකාබලමු blogger.com වලින් ලැබෙන blogsopt බ්ලොග් එකක් ගත්ත ඩොමේන් එකේ සබ් ඩොමේන් එකට දාගන්න හැටි.(wordpress පසුව)
මේ සදහා අපි අපේ පාලන පුවරැවට යන්න ඕන. වෙබ් හොස්ටින් හා ඩොමේන් නේම් එක එකම ආයතනයකින් ගත්තොත් මේක කරන්නේ වෙනස් විදියකට. ඩොමේන් නේම් එක පමණක් ගත්තානම් අපිට මේක කරගන්න වෙන්නේ වෙන ක්‍රමයකට.කොහොම කලත් පහල විදියට සීනේම් 1ක් හදාගන්න ඕන
1. blog.yourdomain.com
2. www.blog.yourdomain.com
ඩොමේන් එක පමණක් මිලදීගත් විට
මුලින්ම අපේ පාලන පුවරැවට ලබාදුන් මුරපද භාවිතයෙන් ඇතුල්වෙලා CName හදාගන්න ඕන. Godaddy වලින් ගත්තානම් පහල විදියට කරන්න.
1.Godaddy account එකට ඇතුල් වෙන්න
2.Domains tab එකට ගිහින් My Domain Names. වලට යන්න. එවිට ඔබDomain Manager page එකට යොමුවේවි.
3.ඔබේ domain name එක click කරලා More Settings වලට Dashboard එකෙන් යන්න
4.Manage කියන එක ක්ලික් කරන්න (Total DNS/MX යටතේ)
5.Add New CNAME Record ක්ලික් කරන්න.
6.පහත පිංතුර 2 විස්තරවෙන විදියට CNAMES 2ක් හදාගන්න.
Name.com වලින් ගත්තානම් පහල විදියට කරන්න.
1.Name.com account එකට ඇතුල් වෙන්න
2.Account ක්ලික් කරලා ඔයාගේ Domain name එකට යන්න
3.Right Sidebar එකෙන් DNS Management ක්ලික් කරන්න. පහල පිංතුර 2 විස්තරවෙන විදියට CNAMES 2ක් හදාගන්න.
අපේ බ්ලොග් එක මේ හදාගත්තු එකට මාරැ කරන හැටි.
මේක ලේසි වැඩක්. බ්ලොගර් වලට ලොග් වෙලා Dashboard එකෙන් Settings > Publishing > Custom Domain වලට යන්න
එතනින් “Already own a domain? Switch to advanced settings” කියන තැනට ගිහින් අපි හදාගත්ත සබ්ඩොමේන් එක දෙන්න. පහල පිංතුරේ හැටියට
ඔය විදියට හොස්ටින් නැතිව අපේම ඩොමේන් එකකට බ්ලොගර් එක දාගන්න පුලුවන්. මේකට කිසිම හොස්ටින් ඉඩක් ඕන කරන්නේ නෑ. මේ සබ් ඩෙමේන් එකක් විදියට දැම්මත් අපේ ඩොමේන් එකටම (www.mydomain.com)වලටත් දාගන්න පුලුවන්. මේ ක්‍රමයටම. එතකොට ඉහත වගේ CNAME දෙකක් හදාගන්න ඕන නෑ. ආ අමතක වුනානේ. ඔයාගේ බ්ලොග් රක මාරැවෙනකොට blog.yourdomain.com කියන එක දෙන්න. පස්සේ www.blog.yourdomain.com කියලා හදාගත්ත අනික පාලනපුවරැව මගින් blog.yourdomain.com වලට ෆෝවර්ඩ් කරන්න ඕන..
ඩොමේන් එක හා වෙබ් හොස්ටින් එකම ආයතනයකින් ලබාගත් විට
මේකට කලින් විදියට වඩ චුටිටක් විතර වැඩිපුර වෙලා යනවා. ගොඩක් වෙලාවට කට්ටිය කරන්නේ වෙබ් හොස්ටින් කරපුකට්ටියට කියලා හදාගන්නවා. ඒකට්යිටගේ ගනන් බලන්නේ නැතිව මෙහෙම කලානම් වැඩේ ගොඩ.
පලමුව ඔබේ පාලන පුවරැවේ Simple DNS Zone Editor හෝ Advanced DNS Zone Editor වලට යන්න. Simple DNS Zone Editorවලටම යමු. ජොලියටත් එක්ක. (අනිකෙනුත් කරන්න පුලුවන් හොදේ)
එතන,
Name කියන එකට කලින් තිබුන විදියට blog කියලා දෙන්න
Name කියන එකට කලින් තිබුන විදියට blog කියලා දෙන්න
CNAME කියන එකට ghs.google.com කියලා දෙන්න(මේක වෙනස්කරන්නේ නැතිව මේ විදියටම ලබාදෙන්න)
ආයේත් www.blog විදියට එකක් හදාගන්න. ඒක ආපහු පාලන පුවරැවට ඇවිදින් blog.yourdomain.com වලට ෆෝවර්ඩ් කරන්න.
දැන් පෙර කී ආකාරයට බ්ලොගර්වලට ගිහින් කරන්න ඕන දේවල් කරන්න.
දැන් blog.yourdomain.com ගිහින් බලන්න වැඩේ හරිද කියලා.
සැ.යු.
- මේය සක්‍රීය වීමට යම් සැලකිය යුතු කාලයක් ගතවේ. ඇතැම්විට පැය 20ක් පමණ ගතවීමටද ඉඩ ඇත. එහෙත් බොහෝවිට ඉක්මනින් සක්‍රීය වනු ඇත.
- ඉහත yourdomain.com ලෙස සදහන් කර ඇති ස්ථාන ඔබේ ඩොමේන් නේම් එක ලෙස සටහන් විය යුතුයි. උදා, geeth.info වැනි
- මා මෙම ලිපිය සදහා ඩොමේන් එක හා වෙබ් හොස්ටින් එකම ආයතනයකින් ලබාගත් විට යන කොටසහි එන පිංතුර පමණක් මගේ පර්ගණකයෙන් ගත් ඒවා වන අතර ඉහල ඇති පිංතුර ඉංග්‍රීසි බ්ලොග් ආස්‍රයෙන් ලබාගත් ඒවාය. මේ ගැන ඉගනගත්තේද ඒ ඇසුරනි.
මීලග කුප්පියෙන් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට ඔටෝ ඉන්ස්ටෝල් කරන හැටි.
ආ මේක මඩපාරවල් අස්සේ ලියපු ලිපියක්. මඩ ගැනත් ලියන්න ඕන ලිපියක් මේ ටික ඉවරවෙලා.
පැහැදිලිව විස්තර කරල තියෙනව. දෙයක් ඩහෙනගන්න ඕනෙ. මම මගෙ බ්ලොගර් බ්ලොග් එක name.com වලින් ගත්තු ඩොමේන් එකට සෙට් කරනකොට මීට වඩා ගොඩක් මඟුල් කළා, A records CNAME records ගොඩක් ඒව, මේ කියල විදිහට බැලුවොත් එහෙම ඕනෙ නෑ නෙ. බ්ලොගර් වල කියල තියෙනව අර ip addresses 4කුත් දීල ඒව දාන්න ඕනෙ කියල.තව දෙයක්, www.blog.yourdomain.com හා blog.yourdomain.com කියන දෙකම භාවිත කරන එක මම අනුමත කරන්නෙ නෑ. මොකද ඒකෙන් Search engine crawling වලදි conflict එකක් එනව. එතකොට සමහරවිට ඔයාගෙ බ්ලොග් එක හරියට රෑන්ක් නොවෙන්න ඉඩ තියෙනව.
ReplyDelete@Madhawa Habarakadaස්තුතියි අයියේ කමෙන්ට් එකටwww.blog.yourdomain.com හා blog.yourdomain.com කියන දෙකම භාවිත කරන එක අවුලනම් blog.yourdomain.com කියනඑක විතරක් භාවිත කරන්න පුලුවන්. හැබැයි ip addresses 4 ක් නම් මගේ බ්ලොගර් බ්ලොග් එක සබ් ඩොමේන් එකට දානකොට ඉල්ලුවේ නෑ. කොහොම වුනත් මේ දේවල් වල අඩුපාඩු කියලාදෙන එක ලොකු උදවුවක්
ReplyDeleteඅයියෙ නියමයි :b අනිත් එකත් ඉක්මනටම දාන්න
ReplyDeleteඩොමෙන් එක ෆොර්වඩ් කරනව කියන්නෙ කොහොමඩ.
ReplyDeleteටිකක් පෙහෙඩිලි කරන්න
අයියෙ මම ඔයා කීව IP address ගැන හොයල බැලුව. ඒක කරන්න වෙන්නෙ අපේ ඩොමේන් එකේ සබ්ඩොමේන් එකක් විදියට නැතිව කෙලින්ම ඩොමේන් එකට බ්ලොග් එක ඇඩ් කරනවිට.
ReplyDeleteC Panel එකේ තියනව Redirects නම් ස්ථානයක් එතනින් ඔබට රීඩිරෙක්ට් වෙන්න ඕන සබ්ඩොමේන් එක (www.blog.yourdomain.com) යොමුවෙන්න ඕන ලිපියනය (blog.yourdomain.com) තෝරල දීල Add කරන්න.
ReplyDeleteනැතිනම් සී පැනල් එකේම තියන Forwarders වලින් කරන්නත් පුලුවන්
ස්තුතියි කමෙන්ට් එකය !!
[...] තුන්වන පියවර වශයෙන් ඔබේ Domain එකේ DNS සැකසීම කලයුතු වේ. ඔවුන් ඉදිරිපත් කරන දැක්වෙන ආකාරයට ඔබේ Domain එකේ DNS සාදන්න. [DNS සැකසුම් සෑදීම පිළිබඳ විස්තරයක් මා කලින් ලියූ ලිපියක ඇතුලත් වේ. මෙතැන ක්ලික් කර බලන්න] [...]
ReplyDeleteමේක openid ටෙස්ට් කරන්න දාන එකක් :) හිටපු ගමන් මේක අවුල් යනවනේ. මට දැනුත් අවුල් වෙලා තියෙන්නෙ :-(
ReplyDeleteකලින් එක වැරදුනා..
ReplyDeleteමේකනම් හරි
ReplyDeleteමේ කමෙන්ට් එක OpenID නෙවෙයි අයියෙ.. OpenID වලින් දැම්මනම් OpenID icon එක නම ගාවින් තියනව..
ReplyDelete[...] මම ලීව ලිපියක අඩංගු වුනා ඒ ලිපිය මේ සබැඳුම ක්ලික් කරල බලන්න [...]
ReplyDelete