වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම - කුප්පි 2

ම්... කලින් ලිපි වල කීව ආකාරයට තමන්ගේ වෙබ් අඩවිය අප්ලෝඩ් කරන්න ඇති නේද..?? මේ ලිපිය මගින් ඉදිරිපත් කරන්න යන්නේ අපි හදාගත්ත වෙබ් අඩවිය පිලිබද තවත් යමක්‍. අපි පෙර ලිපියේ විදියට හදාගත්ත සයිට් එකේ ඩොමේන් නේම් එක පොඩ්ඩක් හරි නෑ වගේ නිසා මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න‍. top level domain එකක් වගේ නොමිලේ දෙන ඩොමේන් එකක් විදියට .tk ලබාගන්න පුලුවන්. තව co.cc වුනත් හොදයි.‍ ඒත් ඒක ලබාදෙන්නේ අවුරැද්දක් වැනි කාලයක්. tk ඩොමේන් එක භාවිතා කරනවිටත් සැලකිය යුතු කාලයක ඒ ගත්ත tk ඩොමේන් එකෙන් කට්ටිය පිවිසුනේ නැත්තම් ඒක කැන්සල් කරනවාලු. ඒ නිසා tk ඩොමේන් එකක් භාවිතා කරනවානම් තමන්වත් සතියකට සැරයක්වත් tk ඩොමේන් එකෙන් අවවියට යන්න. tk ඩොමේන් එකෙන් වෙන්නේ අපි හදාගත්ත සයිට් එකට ෆෝවර්ඩ් කිරීමක්. ඒ කියන්නේ tk ඩොමේන් එකට යන කෙනෙක් ඒකට ගියාම අපි ලබාදෙන සයිට් එකට යොමුකරන එක. මේකට කියන්නේ URL Forwarding කියලා. අපේ බ්ලොග්ස්පොට් සයිට් එකකට වුනත් භාවිතා කරන්න පුලුවන්. මේක ඉතාමත්ම ලේසියෙන් හදාගන්න පුලුවන් ඩොමේන් නේම් එකක්. තමන්ගේ ඩොමේන් එකට ඊ-මේල් එකකුත් දෙනවා. ඒකත් තමාගේ භාවිතාකරන ඊ මේල් ලිපිනයට ලැබෙන ලිපි ෆෝවර්ඩ් කරගන්න පුලුවන්. අපි  geeth.tk කියලා ඩොමේන් එක ගත්තෝ  අපිට පුලුවන් info@geeth.tk, admin@geeth.tk වගේ ඊ මේල් එකක් හදාගන්න‍.දැන් බලමු අපි මේ ඩොමේන් නේම් එකක් ගන්නේ කියලා. පලමුව මේ ලිපිනයට යන්න‍. පහල පිංතුරය මත ක්ලික් කරන්න.





එතනට ගිහින් ඔබේ හදාගත්තු අඩවියේ ලිපිනය දීලා තමන්ගේ ඩොමේන් එක ගන්න පුලුවන්.

වෙබ් අඩවියට දැන්වීම් එහෙම දානවානම් එකත් ට්‍රයි කරලා බලන්න පුලුවන්.. ඇඩ්සෙන්ස් හරි නොගිය අයට පහල විකල්ප 2 උත්සාහ කරලා බලන්න පුලුවන්.







ඒ තැන් වලට ගිහින් දැන්වීම් අවශ්‍ය ප්‍රමානයට හදාගෙන ලබාදෙන කෝඩ් එක කොපි කරගෙන අපි වෙබ් අඩවිය හදන වෙබ් පේජ් මේකර් වලට එන්න. එහි insert මෙනූ එකේ තියනවා Html code or script code කියලා. එකට ගිහින් ලැබෙන් දැන්වීමේ කෝඩ් එක පේස්ට් කරලා පේස්ට් කරලා OK කරන්න. එවිට ඩිසයින් කරපු සයිට් එකට මේ විදියට කෝඩ් එක ලැබෙනවා


ඉහල පිංතුරයේ html1 කියලා තියෙන්නේ. දැන් එක අපි ලබාගත්ත දැන්වීමට ඉඩ ඇතිවෙන පරිදි රීසයිය් කරන්න ඕන. නැත්තම් දැන්වීම හරිහැයි දිස්වෙන්නේ නෑ. මේ ආකාරයට දැන්වීම් අවශ්‍ය පිටු වලට වෙබ් පේජ් මේකර් වලින් දැන්වීම් දාගන්න. ඒ දැන්වීම් දාපු පිටු විතරක් කලින් ලිපියේ කියලා තිබුන ආකාරයට web server එකට අප්ලෝඩ් කරන්න.

මේ විදියට වෙබ් අඩවිය හදලා ඒක අප්ලෝඩ් කිරීම හොදින් පුරුදු වුනාට පසු අපිට අපේම කියලා ඩොමේන් නේම් එකක් හා හොස්ටින් ගන්න පුලුවන්.

මීට අමතරව අපි ගත්තු නොමිලේ දෙන වෙබ් ඉඩට wordpress දාලා ඒකෙන් තමන්ගේ අඩවිට වර්ඩ්ප්‍රෙස් මගින් න්ර්මාණය කරන්නත් උත්සාහ කරන්න පුලුවන්. (වෙබ් පේජ් මේකර් අමාරුනම්) ඊට පස්සේ අපේම කියලා ඩොමේන් එකක් හා හොස්ටින් ගත්තාම ඒකට වර්ඩ්ප්‍රෙස් දාලා හදාගන්න පුලුවන්. මීලග ලිපි වලින් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන්නේ ඩොමේන් නේම් හා හොස්ටින් මුදල්වලට අරගෙන ඒවා සමග කටයුතු කරන
ආකාරය යි.


මේ ලිපිය කෙටි වුනාට සමාවෙන්න !! හදිසියේ දැම්මේ

Posted in . Bookmark the permalink. RSS feed for this post.

12 Responses to වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම - කුප්පි 2

  1. යාලුවා ඔයාට දෙයක් කියන්න ඕන ,ඔයාගෙ බ්ලොග් එකේ "වෙනත්" title එක යටතේ ඇති අසභ්‍ය වෙළඳ දැන්වීම් ඔබගේ බ්ලොගය වෙත එන්නන් අපහසුතාවයට පත්කරවන සුලුයි. කරුණාකරල ඒ ගැන සලකා බලන්න.මේවා random ලෙස දිස්වන ads නිසා ඔබ මෙම ads දැක නැතිවා වෙන්නටත් පුලුවන්. මම ඉහත සඳහන් කර ඇති ලින්ක් එකෙන් ගොස් screenshot එක බලන්න.

    ReplyDelete
  2. @Kaniskha Dilshanදැනුම් දුන්නට ස්තුතියි අයියේ. ඇත්තෙන්ම මම එහෙම එකක් දැකලා නෑ. ඒත් ඇඩ්බ්‍රයිට් වලට ගිහින් චෙක් කරපුවාම මම ඇඩ් එක දැක්කා.. මම ඒ ඇඩ් එක reject කලා. ඔයාට ගොඩක් ස්තුතියි !!

    ReplyDelete
  3. නිය්මයි අයියෙ මේ පෝස්ට් ටික....පට්ට :b

    ReplyDelete
  4. DotTK දැන් DNS Forwarding දෙන නිසා ඒක ඉතාම හොඳ ඩොමේන් නේම් එකක් විදිහට පෙන්නන්න පුළුවන්. ඔබට තිබෙන්නෙ DotTK වල ඩොමේන් සෙටිංස් හදනකොට ඔයාගෙ සර්වර් එකේ නේම් සර්වර් ලිපින ටික දීම විතරයි. හරිම පහසුයි.

    ReplyDelete
  5. Tk domain akaka gatthata passe aka ape blog akata add kara ganne kohomada?

    ReplyDelete
  6. මම ඉහලින් දීල තියන ලින්ක් එකෙන් ගිහින් එතන ඔයාගෙ බ්ලොග් එකේ ලිපිනය දීල නෙක්ස්ට් ඉදිරියට යන්න. එවිට ඔයාට ඕන කරන TK ඩොමේන් එකක් එහෙම ගන්න පුලුවන්..

    ReplyDelete
  7. ඒක හරි මම tk ඩොමෙන් ඒකක් ඒහෙම ගිහින් ගත්තා
    මට ඔනා blog ඒකට ඒක add කරගන්න...

    setting වල coustom domain කියන තැනින්ද ඒක කරන්නේ ඒතනින් මම add කරන්න try කලා ඒත් vew blog ගිහාම blog ඒක පෙන්නන් නෑ..

    කොහොමද tk ඩොමෙන් ඒක හරියට ඇඩ් කරගන්නෙ කියල කියල දෙනවද? මට ඔනා .blogspot කියන කෑල්ල අක්‍රය කරලා .tk කියන ඒක වැඩ කරවන්න...

    උදා

    http://test.blogspot.com කියන ඒක ගැහුවහම site ඒකට යනඒක වලක්වලා

    http://test.tk කියල ගැහුවම පමනක් සයිට් ඒකට යන්න..

    කරැණාකරලා මෙක කරන හැටි කියල දෙන්න...

    ReplyDelete
  8. ඔයාට මම ඊ-මේල් එකක් දැම්මා...

    ReplyDelete
    Replies
    1. matath oya gataluwama thiyenawa.math e-mail ekak ewannako
      supuntharakamunasinghe@gmail.com

      Delete
  9. දුන්න සහ යෝගයට ස්තුති මිත්‍රයා!!!!!

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.