Skype බොත්තම් ඔබේ බ්ලොගයටත්

ස්කයිප් මගින් බ්ලොගයේ අයිතිකරු හා සම්බන්ධවන්න මෙම විජට්ටුව යොදාගත හැක.

සම්මත ස්කයිප් බොත්තම් ලබා ගැනීම සදහා මෙතැනට යන්න. එහි ඇති Enter your Skype Name යන ස්ථානයට ඔබේ ස්කයිප් නාමය (ඔබගේ ස්කයිප් යූසර් නේම් එක) ලබා දෙන්න. දැන් පහතින් ලබා දෙන Code එක Copy කරගෙන ඔබගේ බ්ලොගර් ගිණුමට ඇතුල් වී Layout > Page Elements හී Add Gadget Link එක ක්ලික් කර HTML/JavaScript Gadget වෙත ගොස් ඔබ කලින් කොපි කරගත් කෝඩ් එක එතැන පේස්ට් කරන්න. Save කර බ්ලොගයට ගිය විට ඔබේ විජට්ටුව බලාගත හැක.

නමුත් මෙයින් ලැබෙන්නේ Call Me බොත්තම පමණි. මීට අමතරව Add me to Skype, Chat with me, View my profile, Leave me voice mail, Send me a file වැනි බොත්තම් ලබා ගැනීමට මෙතැනට යන්න. Enter your Skype Name යන ස්ථානයට ඔබේ ස්කයිප් නාමය (ඔබගේ ස්කයිප් යූසර් නේම් එක) ලබා දෙන්න. පහත තැන් දක්නට ලැබේ.


Skype status          ඔබ Online ද නැතිද යන්න පෙන්වීමට

Function                  බොත්තම
Content                  අයිකනය හා අකුරැ දැක්වීම තේරීමට

Size                         ප්‍රමානය

Style             මෝස්තරය (බැලුනයක් ලෙස හෝ බොත්තමක් ලෙස)

Color theme            වර්ණය

Background             පසුබ්ම සුදු වර්ණයෙන් හෝ විනිවිද පෙනෙන ආකාරයෙන්



ඒවා අවශ්‍ය ආකාරයට සාදාගෙන Code එක Copy කරගෙන ඉහත ආකාරයටම ඔබගේ බ්ලොගර් ගිණුමට ඇතුල් වී Layout > Page Elements හී Add Gadget Link එක ක්ලික් කර HTML/JavaScript Gadget වෙත ගොස් ඔබ කලින් කොපි කරගත් කෝඩ් එක එතැන පේස්ට් කරන්න. Save කර බ්ලොගයට ගිය විට ඔබේ විජට්ටුව බලාගත හැක.

Posted in . Bookmark the permalink. RSS feed for this post.

2 Responses to Skype බොත්තම් ඔබේ බ්ලොගයටත්

  1. ශාහ් හරිම වටින පෝස්ට් එකක් නේ . . ඒත් මට නම් මේක මගේ බ්ලොග් එකේ දාගනන් වෙන්නේ නෑ දැනටමත් ලෝඩ් වෙන්න හෙන වෙලා යාන්වා ගැජට් වැඩි නිසාම . . .අනික මම ෆුල් ටයිම් ස්කයිප් ඉන්නෙත් නෑ නොවැ

    ReplyDelete
  2. මටත් සැහෙන්න උදවි වුනා... ගිත් මෙපොස්ටි එක ගොඩක් ස්තුති....

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.