Google Chat Back සහ Google Talk Gadget බ්ලොග් එකට


G Talk යනු ජනප්‍රියතම IM මෘදුකාංගයකි. මෙම විජට්ටුව මගින් ඔබගේ බ්ලොගයේ සිටම ප්‍රේක්ෂකයන්ට චැට් කිරීමට සැලැස්විය හැක. මෙහි ආකාර 2 ක් ඇති අතර පළමුව Google Chat Back Gadget එක බ්ලොගයට ලබා ගන්නා සැටි බලමු.

පළමුව ගුගල් වලට ලොග් වී මෙතැනට යන්න. ගොස් එතන Edit බොත්තම මත ක්ලික් කර ඔබේ විජට්ටුව අවශ්‍ය ආකාරයට සාදාගන්න. අනතුරැව පහතින් ලබා දෙන කෝඩ් එක කොපි කරගන්න.

පසුව ඔබගේ බ්ලොගර් ගිණුමට ඇතුල් වී Layout > Page Elements හී Add Gadget Link එක ක්ලික් කර HTML/JavaScript Gadget වෙත ගොස් ඔබ කලින් කොපි කරගත් කෝඩ් එක එතැන පේස්ට් කරන්න. Save කර බ්ලොගයට ගිය විට ඔබේ විජට්ටුව බලාගත හැක. එය මෙසේ දිස්වනු ඇත.
2) Google Talk Gadget එක ඇතුලත් කර ගැනීම.
 මෙය G-Talk මෘදුකාංගයට සමාන එකක් වන අතර මෙය මේ සදහා පහත පියවර අනුගමනය කරන්න.
 පළමුව මෙම ‍Code එක Copy කරගන්න


දැන් පෙර Google Chat back හිදී මෙන්ම බ්ලොගර් ගිණුමට ඇතුල් වී Layout > Page Elements හී Add Gadget Link එක ක්ලික් කර HTML/JavaScript Gadget වෙත ගොස් ඔබ කලින් කොපි කරගත් කෝඩ් එක එතැන පේස්ට් කරන්න. (අවශ්‍ය title එකක්ද ඉහලින් ලබා දෙන්න)

දැන් Save කර ඔබේ විජට්ටුව බ්ලොගය මත දැකිය හැක.

සැ.යු.
මෙම විජට්ටු ඔබගේ අභිරුචිය පරිදි බ්ලොගර් ගිණුමේ Layout > Page Elements ස්ථානයෙන් Drag කර ස්ථාන වෙනස් කර ගත හැකිය.

Posted in . Bookmark the permalink. RSS feed for this post.

Leave a Reply

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.