පොතක් අදිනකොට ඒක අස්සේ තිබිලා පත්තර පිටුවක් හමුවුනා.. බැලින්නම් මම කරාතේ ක්‍රීඩාවට පිවිසුනාට පසු එකතු කරපු එකක්. ඔයාලත් කියවලා බලන්න.

ලෝකයේ ඇතැම් රටවල කලුපටියකට අදාල සහතිකයක් ලබා ගැනීම සුලභ දෙයක් වන්නේ මුදල් ගෙවීමෙන් පමණක් ලබා ගත හැකි ආයතනද ඇති නිසාය. කෙසේ වෙතත් කලුපටි සහතිකයක් ලබා ගැනීමට දැඩි කැපවීමකින් කරාතේ ප්‍රගුන කල යුතු දෙයකි. එක කරාතේ ශෛලියක පූර්ණත්වයට පත් වීමට වසර 60 කට අධික කාලයක් ගතවේ.
මේ නිසා එක කරාතේ ශෛලියක් පමණක් හැදෑරීමත් අනෙකුත් ශෛලීන් ගැන මනා අවබෝධයක් ඇති කර ගැනීමත් වැදගත්ය. කලුපටි සහතික විශේෂයෙන් නිකුත් කරනුයේ ඔබගේ ගුරැවරයාය. මේ නිසා එකම ගුරැවරයෙකු තෝරා ගැනීමත් එකම ශෛලියක් පමක් ප්‍රගුණ කිරීමේත් වැදගත්කම වටහා ගත යුතුය. කරාතේ ක්‍රීඩකයෙකුට ශරීරයේ නම්‍යතාව බෙහෙවින්ම වැදගත් වේ. මෙය නොමැතිව කරාටේ ක්‍රීඩා කිරීම අපහසුය.මේ පින්තුර බලන්න.
කරාතේ ශිල්පයේ කලුපටි ශේණි 10 ක්ද, ජූඩෝ ක්‍රීඩාවේ කලුපටි 12 ක්ද ඇත. 1971 මාර්තු 27 දින FAJKO අනුමත කලුපටි ශ්‍රේණි තෝරා ගැනීමේ සටහනට අනුව කලුපටි පලමු ශේණිය සදහා අවම වශයෙන් වසර 02 ක් වත් කරාතේ නොකඩවා පුහුණුවිය යුතුය. කලුපටි 9 ශේණිය සදහා වසර 60 ක් වත් කරාතේ ප්‍රගුණ කල යුතුය. මීට අමතරව කලු පටියක් ලබා ගැනීමට උපරිම සුදුසුකම වශයෙන් KATA වල ප්‍රවීනත්වය සලකා බලනු ලැබේ.
කලුපටි පළමු ශ්‍රේණියට පෙනී සිටීම සදහා අවශ්‍ය සුදුසුකම්.
1. 1 KYU ශ්‍රේණිය හිමි අයෙකු විය යුතුය.
2. වසර 2 ක කරාතේ පුහුණුව.
3. KATA සහ BUNKAI පිළිබද දක්ෂතාවය.
4. KIHON පිළිබද දක්ෂතාවය. (75 % ක්)
TAMESHI WARI (Breaking) වර්තමානයේ බොහෝ විට කලුපටි ශ්‍රේණි පරීක්ෂනයකදී (DAN TEST) අඩංගු නොවේ.
ටිකක් විතර මරු
ReplyDeleteම්.. ඔයා කරාතෙද? මම නම්, Jeet Kune Do. අහල ඇතිනෙ?
ReplyDelete@දමිත් : Lahiruඔවු ඔවු. Bruce Lee ගේ සටන්ක්‍රමය නේ. එයා මුලින්ම කලේ Wing Chun කියන සටන් කලාව. වසර ගනනක් ඒක ප්‍රගුන කරලා තමයි එයාගේම කියලා ඔයා කරන සටන් ක්‍රමය හොයාගත්තේ. Bruce Lee ගේ ජීවිත කථාව මගේ ලිපියක තිබුනා.
ReplyDeleteනියමයි
ReplyDeleteමට ඔයාගෙ බ්ලොග් එක හම්බුනෙ ඊයෙ . එකනම් මරු. මර්‍රෙමරු කියන්නෙ මගෙ නමටත් "ගීත් " කියල එනව .
ReplyDeleteස්තුතියි ඔයාගෙ කමෙන්ට් එකට.. අලුත් ලිපියක දැම්මනම් තමයි හොඳ.. ඒත් අවුලක් නෑ ;)
ReplyDeleteස්තුතියි කමෙන්ට් එකට