කට්ටිය දීපු උත්තර හරිද බලන්න.. ඒත් එක්කම පහලින්ම තියන
ඇස රවටමු 1 අලි කකුල් පිලිතුර.
මේ ලිපියට 19 දෙනෙක් පිලිතුරු දීල තිබුනා. මාතලන් , ලක්ෂිත ගයාල් , ඉන්දික සහ ශ්රී කොල්ලා, කියලා තිබුනේ අලියට කකුල් 4 ක් තියනවා කියලා. කතාව ඇත්ත උනත් මේ අලියගේ එහෙම නෑ. ඒ නිසා පිලිතුර වැරදියි. කොහොම හරි නිවැරදි පිලිතුර ලෙස කකුල් 1 ක් තියනවා කියලා මුලින්ම කියලා තිබුනේ ගලා. දෙවැනියට ඒ පිලිතුර දීලා තිබුනේ සුමින්ද. නිවැරදි පිලිතුර ලැබෙන විදිය බලමු. චානක කියලා තිබුනා අලියට නැට්ටක් නෑ කියලා. ඔන්න නැට්ටක් දැම්මා.
ඉහත පිංතූරේ හොඩවැල පැත්තෙන් තියන පලවෙනි කකුල උගේ වෙන්න බෑ. එතන ඊතලයක් තියන තැනින් තමයි ඒක එන්න ඕන. දෙවන සහ තුන්වන ඊතල ඇති තැනුත් ඒ වගේ නමුත් අවසාන ඊතලයෙන් තියෙන්නේ උගෙම කකුලක් නේද ? ඒක නිසා පිලිතුර 1 යි.ඇස රවටමු 2 තිත් ගනිමු පිලිතුර
ලබා දී තිබූ පින්තුරයේ ඇත්තේ සුදු තිත් 35 ක් විතරයි. පිංතුරය zoom කලාම හොයාගන්න පුලුවන්. මේකට නිවරදි පිලිතුර හා පැටික්කි (MS) , priyantha.ඒබී ලබා දීලා තිබුනා.
ඇස රවටමු 3 රවුමක්ද සර්පිලයක්ද පිලිතුර
මෙම ලිපියට පිලිතුරු ලබා දුන් සියලුම දෙනා නිවරදි පිලිතුර ලබා දී තිබුනා.
ඇස රවටමු 4 මම දන්නෙත් නෑ නේ.. හී හී
ඇස රවටමු 5 සමාන්තර රේඛා පිලිතුර
මෙම ලිපියේ තිබු රූපයේ ඇති සියලුම රේඛා එකිනෙකට සමාන්තර වේ. Photoshop හෝ Coreldraw වැනි මෘදුකාංගයකින් විවෘත කර ගයිඩ්ලයින්ස් දමා බලන්න. සියලුම දෙනා නිවැරදි පිලිතුරු දී ඇත.
දැන් තමයි සෙල්ලම.
1) මේ පිංතූරය ඇන්දේ ඉහලින් ඇති අතද පහලින් ඇති අතද ??
2) මේ පිංතූරයේ මූහුණු 11ක් තියනවා පුලුවන්නම් හොයපල්ලා....
3) මේ විදියට හදන්න පුලුවන්ද ? උත්සාහ කරන්න. ඔයාට කවදාවත් බෑ
එහෙනම් ට්රයි කරන්න. අපි ගියා..
හපොයි.......මූණු නම් 11කට වඩා පෙනුන වගේ...... ඉතුරුව දැක්කම නම් මයියන් වගේ.......
ReplyDeletemaXXa
ReplyDelete@ හා පැටික්කි (MS) ස්තුතියි දිගටම ලිපි පෙල එක්ක එක්වෙලා හිටියට. :t t (අපේ සුජියා මේ ඇස රවටමු වලට කැමති නෑ නේ. ඒකයි නැවැත්තුවේ. නැත්තම් තව තියනවා.)@ Priyanka :b ඔයාටත් ස්තුතියි
ReplyDelete