Top Commentators Widget For Blogger | වැඩිම කමෙන්ට් ගනන දැක්වීම බ්ලොගර් සදහා


ඔන්න අදත් බ්ලොග් විජට් එකක් අරගෙන ආවා‍‍. ගියපාර දුන්න බ්ලොග් එකේ සම්පුර්ණ කමෙන්ට් ගනන හා ලිපි ගනන ගනනය කරීමට හැකි විජට් එක දාගන්න ඇති කියලා හිතනවා. නැත්නම් මෙතන ක්ලික් කරන්න‍.මේ දවස්වල වැඩිපුර අන්තර්ජංජාලෙ පැත්තේ කැරකෙන්න හම්බවුනේ නෑ. ඉස්කෝලේ ප්‍රොජෙක්ට් එක කරනවා. 
 මේ විජට් එකෙන් කරන්නේ ඔබගේ බ්ලොගයට ලැබෙන කමෙන්ට්ස් වැඩියෙන්ම ගනනය දාන්නේ කවුද කියන එක ගනනය කරලා දක්වන එකයි. පොඩි පොඩි තරග එහෙමත් කරන්න පුලුවන්. අපේ උදාරයත් මේකෙන් කාලයක් තරගයක් තිබ්බා ව‍ගේ මතකයි. තැගිත් දුන්නද කොහෙද. කියවන්නන් දිරිමත් කරන්න කියාපු බඩුව.

මේක දාන්නේ මෙහෙමයි.
ඉස්සරෝම වර්ග දෙකක් තියනවා.

කමෙන්ට්ස් 500 ක් විතර තියෙන බ්ලොග් වලට දාගන්න මෙතනින්.

කමෙන්ට්ස් 500 ට වැඩිපුර තියෙන බ්ලොග් වලට දාගන්න මෙතනින්.

දාගන්න හැ‍ටි

  •  බ්ලොගර් වලට ලොග් වෙන්න.
  • ඉහත වර්ග දෙකෙන් තමන්ට අදාල එක තෝරගෙන Add to Blogger ක්ලික් කරන්න
  • ලැබෙන තැනට පහත විදියට දත්ත ඇතුලත් කරන්න.
  • Widget Title: මාතෘකාව (බ්ලොග් එකේ පෙන්නන එක උදා. වැඩිම අදහස් දැක්වූ අය.)
  • Blog url: බ්ලොගයේ ලිපිනය (http:// හැර)
  • No of Top Commentators දිසි වීමට අවශ්‍යකරන පුද්ගලයන් ප්‍රමානය (5 ක් දුන්නොත් වැඩිම අදහස් දැක්වූ 5 දෙනා පෙන්වනවා)
  • Filter your name : ඔබේ නම එම ලිස්ට් එකෙන් ඉවත් වීමට අවශ්‍යනම් ඔබේ නම ඇතුලත් කරන්න
  • දැන් 'Customize' button එක ක්ලික් කරන්න.
  • දැන් 'Add Widget To My Blog' button එක ක්ලික් කරන්න‍.
  • බ්ලොගර් වලට ලොග් වෙලා හිට්යනම් Import Page element කියලා ලැබෙයි. කලින් ලබා දුන්න බ්ලොගය තෝරලා එය Add widget ක්ලික් කරන්න.
  • ඊට පස්සේ Edit Layout කියන තැනට මේ විජට් එක ලැබෙනවා. එතනින් කැමති තැනට Drag කරලා දාගන්න පුලුවන්
  • Save කරලා බලන්නකෝ..
ප්‍රයෝජනයක් වුනානම් පහල ඉඩ තියනවා හොදේ.... (මොකටද කියලා දන්නවානේ......;-) )

Posted in . Bookmark the permalink. RSS feed for this post.

Leave a Reply

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.