තොප සියල්ලන්ම සිංහලෙන් නම ලියන්නේ වැරදියටයි. නිවැරදිව ලියන්න මෙය කියවන්න‍‍.

මේක තවත් අපේ නිවැරදි කරගත යුතු වැරැද්දක්. මට මේ ලිපිය හමුවුනේ ගෙදරට බඩු ඔතාගෙන ආපු පත්තර පිටුවක තිබිලා‍. මාතෘකාව නම් තිබුනේ "සිංහලෙන් වැරදියට නම ලියන්නට මුලින්ම පටන් ගන්නේ විදුහල්පතිවරැන්" ලෙසයි. ලිපියේ හැටියට මෙය ලියන්නේ හී.ග.පියතිස්ස නම් විදුහල්පතිවරයෙක්‍. ඔහු 1958 සිට ලංකාවේ පලවූ, රසවාහිනී, ලංකාදීප, රිවිදින ආදී පුවත්පත් සගරාවලට මේ කරැන පිලිබදව "පරගැති බවේ නටබුන් " "සිංගිරීසි ක්‍රමයට නම ලිවම "යන මාතෘකාවලින් ලිපි ලියා ඇත‍. එහි ඇති සාරාංශය මෙසේය.


1956 සිංහලය රජයේ බස වූ පසු සිංහල ක්‍රමයට නම් ලිවීමට කාගෙන්වත් අවසර ගත යුතු නැත‍.‍සිංහලෙන් නම කෙටිකර ලිවිය යුත්තේ සිංහල ක්‍රමයටය‍. ඒ ස‍‍දහා ඉංගිරීසි අකුරැ ලිවීමට අවශ්‍ය නැත. නිදසුන් කීපයක් දක්වමි‍. පරගැති යුගයේ අප ඉංගිරීසියෙන් නම ලියු හැටි බලන්න.

වාව්වෙ වෙදගේ සිරිපාල     - W.W. Siripala
කරමැටිය ගමගේ ගුණදාස     - K.G. Gunadasa



යම් අවශ්‍යතාවයකට පැරණි ගැමියා උසාවියට හෝ කච්චේරියට ගිය විට ඔහු‍ගේ නම අඩගැසුවේ ඩබ්ලිව් ඩබ්ලිව් සිරිපාල කේ ජී ගුනදාස ආදී වශයෙනි. එදා සිට අපේ අය තම නම අර ඉංගිරීසි අකුරැත් සමග ලියන්නට පුරැදු වූහ. ඒ පුරැද්ද අදවත් අත් හරින්නට අපේ අය සූදානම් නැත‍‍. මේ වරද නිවැරදි කිරීම ආරම්භ කල යුත්තේ විදුහල් වලින් වන්නේ එවායෙන් මෙම වරද මුලින්ම සිදුවන නිසාවෙනි. වරද නිවැරදි කිරීමට හැකි වන්නේ ත් විදුහල්පතිවරැන්ටය. පළමු වසරට දරැවෙකු ඇතුලත් කරන විට උප්පැන්න සහතිකයේ ඇති නාමය සරත් නම් ද පෙළපත් නාමය යටියන වික්‍රමගේ යයි ද නම් විදුහල්පති තුමා ඇතුලත් කිරීමේ ලේඛනයේ ළමයාගේ නම ලියන්නේ යටියන වික්‍රමගේ සරත් යනුවෙනි‍.පැමිනීමේ ලේඛනයේ ලිවිය යුතුවන්නේ මුලකුරැ සමග නම නිසා ලියන්නේ වයි. වී. සරත් කියාය‍. එදා සිට පන්තිභාර ගුරැවරයාත් සෙ‍සු ළමයිනුත් ඔහු අමතන්නේ වයි. වී. සරත් කියාය‍. ළමයාටද තමාගේ නම වයි. වී. සරත් ලෙස පිලිගැනීමට සිදුවේ.


අපේ රටේ පාසල්වල මුලින්ම නම ලියන්නට උගන්වද්දී ඉංගිරීසි අකුරැ සමගින් නම නොලීවොත් වරදක් ලෙස විදුහල්පතිවරැ හා ගුරැවරැ සිතති. මෙම ලිපියෙහි මෙම විදුහල්පති වරයා කියන ආකාරයට ඔහු වසර 17 ක් සේවය කර ඇත.ඔහු කවරදාකවත් ළමයින්ගේ නම් වරද්දා නැත. ඒවා සිංහල ක්‍රමයට ලියා ඇත. එසේම ඔහුගේ නමද ඔහු සිංහලෙන් ලියයි. නමුත් කිසිම දොසක් නැගී නැත. ඒ නිසා අදත් ඔහුගේ සිසු දරැවන් වු අය හේ.ව. පියසේන, ජේ.ආ.පේමාවති‍, ඇ.ග.ආරියදාස, බෙ.ලි.සමුදානි, කො.වි.ආනන්ද ආදී වශයෙන් හරි විදියට නම ලියති‍. හේනේගම ලියන‍ගේ මහතා හේ‍.ලි.මිල්ටන් යයි නම නොලියා එච්.එල් මිල්ටන් යයි ලියතොත් පරගැති බ‍වේ නටඹුන් අත්හරින්නට නොකැමති බව පෙන්වයි. අවු.70කට පෙර පාසල් ගිය ඔහුට ගුරැවරැ අමතා ඇත්තේ එච්.ජී.පියතිස්ස යනුවෙනි‍. සිංහලය රජ බස වන්නටත් පෙරසිටම ඔහු ඔහුගේ නම හී.ග.පියතිස්ස ලෙස ලියා ඇත‍. ඔහුගේ අත්සනද ඒ ආකාරයට සකසා‍‍ගෙන ඇත‍.

සිංහල මුලකුරැ සහිතව නම ලියූ විට අශෝබන නම් පට බැදෙන බව සමහර බකපණ්ඩිතයෝ කියති. මෝදරගේ ඩයස් සේනාරත්නගේ නම සිංහල ක්‍රමයට කෙටිකර ලියූ විට මෝ.ඩ.සේනාරත්න යනු වේ. මේ මුල්අකුරැ දෙක එක් වීමෙන් සේනාරත්න මෝඩ වෙනවාලු‍‍. බදුරලියේ ලුවිස් පෙරේරා බලු පෙරේරා වෙනවාලු. බස හැසිරවීමේ හා විරාම ලක්ෂණ නොදන්නා මුග්ධනයන්ට නිසි පිලිතුරැ ඔහුලග ඇතද ඒය කීමට එම ලිපිය ප්‍රමානවත් නොවන බවද ඔහු කියයි. ඉංගිරිසියේද එබදු තැන් ඇතිබව උදාහරන සහිතව පෙන්වා
දෙයි.

D.O.G. SAMAN යනු දොරවක ඕමාරේ ගමගේ සමන්ගේ නමයි. විරාම ලක්ෂණ නොසලකන මෝඩයාට මේ මුල් අකුරැ තුන එක්වී DOG යන වදන සෑදේ. එසේ නම් සමන් බල්ලා වනවාද ? ඔහු ප්‍රශ්ණ කරයි.

අවසාන වශයෙන් ඔහු මෙසේ කියා සිටී.
    "වැරදි ක්‍රමය නිවැරදි ක්‍රමය ලෙස බහුතරය පිලිගන්ද්දී අප වැනි සුලු ජනයන් මේ ගැන කතා කිරීමෙන් පලක් නැත‍‍. කථානායක වී‍.ජ.මු.ලොකුබණ්ඩාර, ඇමති දි.මු. ජයරත්න වැනි උතුමනුන් අපේ අදහස්ම  දරන බැවින් අපි මදකට සැනසෙමු. බිය සැක නැතිව තම නම කෙටිකර ලිවීමේ දී සිංහලක්‍රමයට ලියන ලෙස පාඨක ඔබට ආරාධනා කරමු."

අවසාන වශයෙන් මාද එයම කීමට කැමැත්තෙමි. මා මේ ලිපිය තොරාගැනීමේ පරමාර්ථයද එයමය........ ;-)

Posted in . Bookmark the permalink. RSS feed for this post.

21 Responses to තොප සියල්ලන්ම සිංහලෙන් නම ලියන්නේ වැරදියටයි. නිවැරදිව ලියන්න මෙය කියවන්න‍‍.

  1. නියම ලිපියක්.....වටිනවා කාට කාටත්

    ReplyDelete
  2. පුලතිසි කෝරලගේ සමීර,
    හුන්නස්ගිරි කංකානම්ගේ මුදිතා දමයන්ති සකුන්තලා,
    වගේ නම් සිංහලෙන් ලිව්වොත් මොනවා වෙයිද?

    ReplyDelete
  3. කලකට ඉහත මේ පිළිබඳව ලක්බිම පුවත්පතෙහි සංවාදයක් පැවති බවට මාගේ මතකයේ ඇත. මේ සංවාදය අන්තර්ජාලයවෙත ගෙන ඒම පිළිබඳව ඔබට ස්තූතියි !

    ReplyDelete
  4. නු.අ. නානායක්කාර

    ReplyDelete
  5. මට නම් නෝ ප්‍රොබිලම්...... :D :D(ඕක ඉරිද ලක්බිමේ ගිය එකක් කියලයි මට මතක.....)

    ReplyDelete
  6. මම හිතන්නේ මම ලියන විදියම හොදා.නැත්නම් කුණුහරුප ලියුව කියලා මට නඩු දායි.හිතන්නකෝ මේ වගේ නමක් ලියන විදිය හුන්ගේ කංකාවමෙගේ XXXXXXX

    ReplyDelete
  7. බයීල කතා. අපි දැන් ඉන්නෙ සිංහල යුනිකොඩ් ස්ටෑන්ඩඩ් එකේ. ඔය ආතාක් පාතක් නැති අය, වීයන්න, වාගේ තනි අකුරක් කියලා හිතුවාට, V අකුර වාගේ, වීයන්න තනු අකුරක් නොවෙයී. වීයන්න කියන්නේ අකුරු දෙකක්. වීයන්න, තනි අකුරක් පමණක් ලියන්න තියෙන ඉඩක, ලියන්න බැහැ. වී‍.ජ.මු.ලොකුබණ්ඩාරගේ නම නිවරදි සිංහල යුනිකෝඩ ක්‍රමයට ව.ජ.ම. ලොකුබණ්ඩාර විය යුතුයී.

    ReplyDelete
  8. ඉරිද ලක්බිමේ මේ ගැන ගිය ලිපි මාත් කියවලා තියෙනවා. මීට වැඩිය ලංකාවෙ වෙන ප්රශ්න නැත්ද...

    ReplyDelete
  9. kolu නොදන්න දේවල් නොකියා ‍හිටියොත් හොඳයි. ආතක් පාතක් නැත්තේ වි.ජ.මු.ලාට ද ඊයේ පෙරේදා ආපු යුනිකෝඩ් එක කර උඩ තියාගත්ත කොලුවට ද කියලා හිතන්න වෙනවා.ඉංග්‍රීසියෙන් හිතලා සිංහල ලියන්න ගියාම ‍ඔහොම වෙනවා.සිංහල අකුරකට පිල්ලක් යෙදුවාම ඒක තවත් අකුරක් බවට පත් වෙනවා. ඒක යුනිකෝඩ් වලත් එහෙම තමයි මම හිතන විදිහට. සරල කතාව අකුර නමත් එක්ක ලියැවෙන විදිහ බලලයි හෙළ හවුලෙන් මුලකුරු ඔය විදිහට යොදන්න යෝජනා වුණේ. නමුත් මම අහලා තියෙනවා ඕකට අදාල වෙනත් කතාවක්.අර මහාචාර්ය ගුණපාල මලලසේකර ඔය ක්රනමය තමන්ගෙ නම ලියන්න යොදා නොගත්ත හේතුව ගැන කතාව. ඒ වගේ ම ඔය ක්‍රමය වක්‍ර උපහාසයට ලක් කර යෙදූ විනෝද සමයේ අමාරිස් ගේ නමත් (පුවක්පිටිය කේවට්ටයාගේ අමාරිස්) ඔය කාරණය සමාජය ඉස්සරහ ප්‍රතික්ෂේප වෙන්න හේතු වුණා. Thejan Rathnayake

    ReplyDelete
  10. මට නම් පේන්නේ මේකේ වාසි අවාසි දෙකම තියෙනවා. නිවැරදිව තේරුම් ගැනීම උඩයි මේවා පවතින්නේ..

    ReplyDelete
  11. ලිපිය නම් පංකාදුයි. පුළුවන්නම් පසුබිම් වර්ණය(කළු) වෙනස් කරන්නග ඇස් වලට අමාරුයි.

    ReplyDelete
  12. අපිනම් සම්පූර්ණ නම කෑලි බෑලි නෑ. කඩ්ඩ වුනත් සිංහල වුනත් එකයි ;)

    ReplyDelete
  13. මම යුනිකෝඩෙ කර උඩ තියාගෙන ඉන්නේ, තමා යුනිකෝඩෙ කර උඩ තියාගෙන ඉන්න තරමටම තමයී. තමාත් ලියන්නේ යුනිකෝඩෙන් නේද? ව.ජ.මලාට මීටපස්සේ කොම්පියුටරේක තමාගෙ නම ලියන්න බැරිනම්, සිංහල නොවෙයී, සිංහල ලෙයීන් නම ලීවත් ඇති පලේ මොකටද?"මම හිතෙන විදිහට" කියලා වටින් ගොඩින් කතා කරන්නේ නැතිව නැතිව, ඉස්සෙල්ලා යුනිකෝඩෙ වැඩ කරන හැටි ගැන හොයලා බලන්න. වියන්න වර්ඩ් වල පෙස්ට් කරලා, අකුරු කීයද කියලා අහන්න. ඒක කියයී "දෙකයී" කියලා. මුල අකුර වෙනුවට අකුරු දෙකක් ලියන ව.ජ.ම් එක්කෝ ගණන් දන්නේ නැහැ. නැත්තම්, අලුත් සිංහල දන්නේ නැහැ. යුනිකෝඩ් සිංහල වැඩක් නැතැයී කියලා හිතනවානම්, යුනිකෝඩ් සිංහල නැතිව මේකට උත්තරයක් ලියන්න .

    ReplyDelete
    Replies
    1. යුනිකෝඩ්වලින් ලිව්ව කියල වි අකුර ව කරන්න ඕන නැහැ. මොකද අපට වි කියන අකුර තනිවම ලියල දක්වන්න පුලුවන්. ඉංග්‍රිසි බසේ තියෙන්නෙ අඩු අකුරු ගණනක්නෙ. එයාලට ව‘ අකුරෙ භේද දක්වන්න බැරි ඒකයි. එහෙම දක්වන්න එයාලට ස්වර අකුරු පහෙන් එකක් සමග ලියන්න ඕන. නමුත් අපිට පිල්ලම් තියෙන නිසා ඒ වී, සී, නැ, වගේ ශබ්දයත් තනි අකුරකින් ලියන්න පුලුවන්නෙ. යුනිකෝඩ් භාවිත කළා කියල ඒක වෙනස් කරන්නෙ මොකටද?

      Delete
  14. @koluයුනිකෝඩ් වලට අවැසි ව්දියට අප වෙනස් වියයුතු නොවේ. අපට අවැසි විදියට යුනිකෝඩ් වෙනස් වියයුතුය.

    ReplyDelete
  15. Sidath..ඔන්න ඉතින් යුනිකෝඩ් කාන්ඩෙගෙන් ඉල්ලගෙන කන්න හදන්නෙ හරියට ඩොනල්ඩ් අයීයා ඉල්ලාගෙන කෑවා වගේ.

    ReplyDelete
  16. ඉලන්දාරියාට, තර්ඩ්මෑන්ට, අනුරාධට, හා පැටික්කී ට, Kolu ට අදහස් දැක්වීමට ස්තුතියි. නමුත් අනිත් අයටනම් කියන්න තියෙන්නේ ඒ විදුහල්පතිවරයා කියන ආකාරයෙන්ම මෙසේය.එය ඉහතින් උපුටා දක්වමි."බස හැසිරවීමේ හා විරාම ලක්ෂණ නොදන්නා මුග්ධනයන්ට නිසි පිලිතුරැ ඔහුලග ඇතද ඒය කීමට එම ලිපිය ප්‍රමානවත් නොවන බවද ඔහු කියයි."තවද ඉංගිරීසි භාෂාවේ ඇති අසභ්‍ය වචනවලටද මෙවන් දේ නොමැතිද ? නැත එසේ නොවන්නේය. උදාහරනද දැක්විය හැක.නමුදු මා මෙම ස්ථානය අසභ‍්‍ය වචන වලින් පිරිතැනක් කර ගැනීමට නොකැමැත්තෙම්. කෙසේවෙතත් අදහස් දැක්වූ සැමට තුති‍.කෙසේ වෙතත් අප මෙසේ නම් භාවිත කරනවානම් එවන් වචන සෑදෙන ආකාරයට දෙමාපියන් නම් නොතබනු ඇත.

    ReplyDelete
  17. අයියෝ මේ ලිපිය නිසා මේක ඔන්ලයින් යුනිකෝඩ් වලියක් වෙයිද.... හාපෝ... සියල්ලන්ටම ස්තුතියි !!!

    ReplyDelete
  18. මගේ නම කො.අ.ව.නෙ.සු.කු.ඒකනායක

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.