*# වෙච්ච දෙයක් - මටත් ගැහුව හෙනයක් #*


පසුගිය දවස් වල පොඩි ඇබැද්දියක් වුනානේ... ගැහුවා හෙනයක් මගේ ෆෝන් එකටත්‍‍‍.. ඒ වුනාට තදටම වැ‍දුනේ නෑ... මම පාවිච්චි කලේ Aiji AP 110 කියන ෆෝන් මොඩල් එක. සිග්නල් ටිකක් මදි නිසා ඇන්ටනාවකුත් දාලා තිබුනේ. රෑ 7 ට විතර වැස්ස පායලා තිබුන නිසා පොඩ්ඩක් අන්තර්ජංජාලෙ පැත්තේ කැරකි කැරකි සිංදුවක් දාගෙන ඉන්නකොට එකපාරටම ටික් ගෑවා. ගනන් ගත්තේ නෑ. හෙඩ්සෙට් එක නිසා වැඩිය සද්දයක් ඇහුනෙත් නෑ... බඩු පැකට් කියලා දැනගත්තේ Server Not Found කියලා වැටුනාම. ‍ෆෝන් එක දිහා බලපුවාම ඒක ඕෆ් වෙලා.. මක් කොරන්නද‍‍‍‍... අතේ සතේ ‍නැති වෙලාවෙ මටම ගැහුවනේ හෙනයක්.

පස්සේ පොඩි ලොන් පාරක් එහෙම ගහලා ගියා කෑගල්ලේ සන්ටෙල් එකට. මිනිහා
ගත් කටටම කියාපි.

"අයියෝ මල්ලි මේ දවස්වල අපේ ඩේටා ෆෝන් ඉවර වෙලා ෆෝන් එකක් නම් දෙන්න පුලුවන්. හැබැයි ඩේටා කේබල් එකක් නම් මෙහේ නෑ."

මක් කොරන්ඩද ලෝන් එකෙන් රු 56 ක් බස් වලට ඉවරයි.. පස්සේ ගෙදර ආවා තවත් ලොන් කෑල්ලක් දාලා තාත්තාට නිවාඩු දිනයක් එනකම් බලා හිටියා. ඒක ආවෙත් පෙරේදා. ලෝන් එක තාත්තට ට්‍රාන්ස්ෆර් කරලා කොඹල යැවුවා.. කෑගල්ල වගේද කොඹලේ. ඇති පදමට බඩු. ගියගමන්ම ෆෝන් එක අරගෙන මෙහෙම කීවාලු.

"මහත්තයා මේ  ෆෝන් එක පිච්චිලා. මේකනම් හදන්න බෑ වෙන ෆෝන් එකක් දෙන්නම්, මොඩල් එක මාරැ කරමුද"
කියලා ඇහුවාලු. ම‍ගෙ යාලුවෙක් පාවිච්චි කරන්නේ HUAWEI ෆෝන් එකක්. ඒ ගැන මම තාත්තට කියලා තිබුන නිසා. තාත්තා ඒකක් ඉල්ලලා. තප්පරයක්වත් පරක්කු නොකර යටින් ෆෝන් එකක් ඇදලා ඇරගෙන දීලා. ඒකට වෙනම ඩේටා කේබල් එකකුයි පොඩි ඇන්ටනාවකුත් දීලා.

ගෙදර ගෙනාවම මම පන්ති ගිහින් ආවා විතරයි. ෆෝන් එකට දැන් ඇන්ටනා 3 යි. ලොකු එලියේ හයි කරපු එකයි. පරන ෆෝන් එකේ පොඩි එකයි. අලුත් එකේ එකේ පොඩි එකයි. හා හපුරා කියලා ලොකු ඇන්ටනාව සෙට් කරලා ඩ්‍රයිවර්ස් එහෙම දාලා නෙට් යන්න කියලා ඩයල් කරලා බැලුවා.. හප්පට උඩු..

යූසර් නෙම්, පාස්වර්ඩ් වැරදියි කියනවා. ෆෝන් එකේ බිලට යන්නත් බෑ. කාඩ් එක දාලත් බෑ. පස්සේ සන්ටෙල් අන්තර්ජාල සේවාවට කෝල් කලා. 011 4 629 629 එතනින් කීවා ෆෝන් එක මාරැ කලානම් මෙහෙන් ඩේවා සර්විස් මොකක්ද කරන්න ඕන කියලා. පැය බාගෙකින් විතර බලන්න කීවා.

හරි ගියා. මේ ‍ෆෝන් එකේ ස්පීඩ් එක 230.4 kbps පරන එකේ නම් 115 ගානක්. වැඩි වෙනසක් නෑ. හැබැයි Fire fox නම් slow ව‍ගේ Chrome නම් අවුලක් නෑ.

ආයේ නම් පොදක් වැටුනත් නෙට් යන්නේ නෑ... ආ ඇයි දවසක් මටයි සුජියටයි ඒයාලගේ පැත්තේ (පින්නවල ඉදිවන නව සත්තුවත්ත ගාව) ඔයක නානකොටත් අකුනු වැදුනා... වෙලාවට කොම්පීටරේ ට මුකුත් වුනේ නෑ.. ඒකට මොනවා හරි වුනානම් ඉතින් මම....................................

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

2 Responses to *# වෙච්ච දෙයක් - මටත් ගැහුව හෙනයක් #*

  1. මගේ ලග තියෙනවා ලංකා බෙල් CDMA එකක් හුවාවේ එකක් තමයි එක වේගය 230 කියලා තමයි කම්පියුටරේ වැටෙන්නේ එත් මොඩම් ස්පිඩ් එක 152 පොඩක් බලන්න ඩයලප් එකේ Propits ඔබලා හොයාගන්න ලේසි අපිටනම් ඔය කචල් නැ පොන් මොනවා වෙලා කඩුනත් ලංකා බෙල් කිව්ව ගමන් හදන කට්ටියක් එවනවා නොමිලේ පොන් පිච්ලානම් වෙන එකක් දෙනවා හැබැයි ඔක්කොම පාවිචි කරපු එවා අලුත් ඒවා දෙන්නේ නැ හැබැයි සේවාව හොදයි. තව කම්පියුටරෙටම ගහලා ඉනස්ටොල් කරලත් දෙනවා සන්ටෙල් එකේ නම් මම ගියාම කිවවෙත් මොඩම් තියෙන පෝන් ඉවරයි කියලා තමයි බන්

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.