පලමු දුම්රිය අත්දැකීම....

බ්ලොගයට සුජිත් සෙට් කරගත්තට පස්සේ 14 එයා අපේ ගෙදර ආවා 15 හවස අපි එයාලගේ ගෙදර ගියා. අද උදේ තමයි ආවේ (19). 17 වෙනිදා ඉදන් ෆුල් ජොලියේ ඉදලා පොඩි වෙනසකටත් එක්ක නුවර පැත්තේ කෝච්චියෙන්න ට්‍රිප් එකක් යන්න තීරණය කරගත්තා. මේකට ස්තුති කරන්න ඕන සුජිත්ගේ අම්මාට. කොහොම හරි 18 යන්න තීරනය කරගත්තා. 18 උදේම බොහොම අමාරැවෙන් නැගිට්ටේ සුජිත්ගේ අයියා ගෙනාපු කොංගෝ එකත් එක්ක රෑ 12.30 විතර වෙනකම් සිංදු කීව නිසා. සුජිත්ගේ ගෙවල් තියෙන්නේ කොළඹ නුවර පාරේ කරඩුපන හංදියෙන් පින්නවල දිහාට යනකොට පින්නවල ඉදිවන නව සත්වෝද්යානය කිට්ටුව (රංදෙනියේ) කෑගල්ලේ කොහෙද කෝච්චි. රඹුක්කන එයාලගෙ ගෙවල් වලට ලග නිසා උදේ ස්ටේෂමට කෝල් එකක් ගත්තා. වැඩ නෑ. ළංකාවනේ පුදුමවෙන්න කාරනයක් නෑ. කොහොම හරි 7.30 රඹුක්කන ට ගිහින් පොඩිමැණිකේ දුම්රියට නැග්ගා. වෙනත් දුම්රියක පොටෝ ගත්තා. ඒවා අලුතෙන් දාපු කෝච්චිලු. පොඩිමැණිකේ නංගි බදුල්ලටලු යන්නේ. සෙනග දොරේ ඉදන් ගියා.බස් එකේ ගිහින් පුරැදු මට ඒක මැජික් වගේ විසිල් එකක් ඇහුනා. හොෂ් හොෂ් ගෑවා ඉදිරියට ඇදුනා. මරැ එල ජොලි. මේවා ඉතින් Zuජිත් අයියට පිංසිද්ධවෙන්න තමා.




වෙල්, පංසල් පහුකරගෙන කංද නැග්ගා බිංගෙයක් ඇතුලෙන් යනකොට කට්ටිය හූ.‍...... කියනවා. මමත් පොඩි හුවක් දැම්මා. ඔන්න එකපාරටම කෝච්චිය හිට්ටා. මම බය වුනා කෝච්චියේ හුලංවත් ගියාද කියලා. සුජියගෙන් අහනකොට කීවා සිග්නල් නැතුව වෙන්න ඇති කියලා. දොරේ හිටපු නිසා හොරෙන් බෙල්ල දාල බලනකොට ඉස්සරහා පොල්ලක් වගේ එකක් තියනවා. ඒක පහතට දානකම් ඉන්න ඕනලු. කොහොම කොහොම හරි ගිහින් පේරාදෙනිය හෝල්ට් එකෙන් බැහැලා නුවර කෝච්චියකට මාරැ වුනා. ඒ කෝච්චියට ඇන්ජිමක් සෙට් කරන හැටිත් බලා ගත්ත. පොටෝ එකකුත් ගත්තා‍. නුවරට ආවා. කොච්චර නුවර ආවත් කෝච්චියෙන් ආවේ එදා නොවෑ.මාලිගාවට ගියා. වැව රවුමේ ‍රිලවු හා පාත්තයෙක්  ෆොටෝ ගත්තා‍. KCC එකේ පඩිපෙල් වල උඩට පාතට ගියා. ඒක ඇතුලේ ෆොටෝ ගන්න ගිහින් බැනුම් ඇහුවා. එලියට ඇවිදින් සිංහල ලංකා හෝටලය කියලා කඩේකට ගිහින් බඩ පැලෙන්න ලන්ච් එක ගත්තා. උඩහට පල්ලෙහාට රවුමක් ගැහුවා. වෙලාව ඉතුරැයි.............

මල් වත්ත‍ට ගියා පොටෝ ගත්තා. ඇවිද්දා. ලොකු පිට්ටනිය මැදට ඇවිදින් නිදා ගත්තා. ආයෙන් ඇවිදින්න ගියා. වැස්ස පටන් ගත්තා. කුඩේ ඉහලුවා එලියට ආවා. වැස්සේම පේරාදෙනියේ ස්ටේෂන් එක හොයාගෙන් ගියා. ඇවිදින් තියෙන්නේ සරසවි උයන කියලා ස්ටේෂන් එකකට. ටිකට් ගත්තාම කීවා ඊගාව කෝච්චිය තියෙන්නේ 5.53 ට කියලා. සුජියානම් කීවේ බස් එකේ ගියානම් පැයෙන් ‍ගෙදර කියලා. නමුත් මගේ ආසාව නිසා අපි හිටියා. පවු සුජියා මම නිසා ගොඩක් කරදර වුනා. මට දුකයි. ශේප් එකේ මගේ බෑග් එකේ තිබ්බ පංචශීල භාවනාව කියන පොත එයාට දීලා මම ෂේප් වුනා. කොහොම හරි හරියටම වෙලාවටම (6.24ට) කෝච්චිය ආවා. [ලංකාවනේ වෙලාවට වැඩ හී හී] රඹුක්කනට එනකොට 7.54 ටවුමට ලයිට් නෑ. පට්ට කලුවර මගේ කියලගත්තු නොකියා 1202ට පිංසිද්දවෙන්න බස් ස්ටෑන්ඩ් එකට එනකොට කෑගල්ල බස් නෑ. මක් කොරන්ඩද.. ත්‍රීවීල් කාරයෙක්ගෙන් ඇහුවම 400 ක් ඕනා කීවා. මිනිහා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ට්‍රයි කලා. අපිනම් අහුවෙයි... හූ .බස් එකක් එනකම් පොඩ් ඇලට් එකක් දාගෙන හිටියා. බස් එකක් 8.45ට විතර ආවා. බස් එකේ හිටියේ 6 දෙනයි.ඒකේ එනකොට ඒක බොයිල් වෙලාද මොකක්ද කියලා වතුර පිරෙවුවා. ඒකටත් ඉතින් මගේ 1202 තමා. ගෙදරට ඇවිදින් කාලා නිදාදෙන. මේ දැන් ගෙදර ආවා විතරයි. කොහොම හරි කෑගල්ලෙන් වරකපල බස් එකක ඇවිදින් උඩුකුඹුරෙන් බහිනකොටම ගමේ බස් එකත් නවත්තලා තිබ්බා‍. දුම්රියේ යනකොට තමයි මතක් වුනේ මේ කෝච්චි පාරවල් එදා සුද්දෝ හදපුවා කියලා. ඇයි අපේ මන්ත්‍රීවරැ එකෙක්වත් මේ මාර්ග නඩත්තු කරන්න පොරොන්දු වෙන්නේ නැත්තේ ????

පලමු දුම්රිය අත්දැකීම නම් අමතක නොවේවි. ඒත් එක්කම සුජියයි එයාලගේ පවුලේ කට්ටියයි. සුජියාගේ s e 850 න් ගහපු පොටෝ එයා දැන් දායි. මම ඉතින් තාම Dial-up නේ. එයා අද වැඩට ආවා. එහෙන් දායි. වැඩ කරන තැනත් මරැ. හරීම හොද කට්ටියක්. මමත් ගියානේ. එහෙනම් දැන් මම නවත්න්නම්. අවසාන වශයෙන් සුජිත් අයියට මම නිසා කරදරයක් වුනානම් සමාවෙන්න කියලා ඉල්ලනවා.

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

One Response to පලමු දුම්රිය අත්දැකීම....

  1. අෙන් ඔයා මාර ඒක්කෙනෙක්නෙ.... thanks mawa ochchara warnana karanawata.........

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.