ආරක්ෂාව තද කරගන්න

ඔබේ ෆයිල්ස් හා ෆෝල්ඩර්ස් වල ආරක්ෂාව තද කරගන්න විදියක් ගැන තමයි මේ. මේ ගැජට් එක මමත් පාවිච්චි කරන නිසා පාඨකයන්ටත් දෙන්න ඕන කියලා හිතුනා. ;-) මේකෙන් අපිට අවශ්‍ය ෆෝල්ඩරයකට, ෆයිල් එකකට මුරපදයක් දාගන්න පුලුවන්. අනික්වා වගේ ලෝක්එක ඉවත් කරන්න හෙම ලේසි නෑ. ඉතාම කුඩා (200KB) නොමිලේ දෙන මෘදුකාංගයක්. රෙජිස්ටර් වෙන්න කියලා කරදර කරන්නෙත් නෑ. වාසිත් ගොඩක් තියනවා. මේකයි සෙල්ලම..


1. පළමුව මේක මෙතනින් බාගන්න.

WinRAR වලින් Extract කරගන්න. WinRAR මෙතනින් බාගන්න.

2. ඊගාවට සෙටප් කරගන්න. (ඒක කරගන්න හැමෝම දන්නවානේ. ලේසිම ක්‍රමය Next කරන එක.)

3. දැන් Open කලාට පස්සේ මෙහෙම තමයි පේන්නේ.


4. ඔක්කොටෝම කලින් අපිට අවශ්‍ය මුරපදය පහත විදියට දාගන්න.

5. දැන් අපිට අවශ්‍ය ෆෝල්ඩරය හෝ ෆයිල් එක තෝරා දෙන්න පහත විදියට.

6. ඔයදෙකෙන් කෝක ගත්තත් මේ විදියට ඩයලොග් බොක්ස් එකක් එනවා.


Path කියන තැනින් ඔනෑකරන File එක හෝ Folder එක තෝරලා දෙන්න.

  • Accessable ටික් කලොත් open කරන්න පුලුවන්. ටික් එක ඉවත් කලොත් බෑ
  • Writable ටික් කලොත් අලුතෙන් ෆෝල්ඩර හදන්න රීනේම් කරන්න වැනිදේ  කරන්න පුලුවන්. ටික් එක ඉවත් කලොත් බෑ
  • Deletable ටික් කලොත් Delete කරන්න පුලුවන්. ටික් එක ඉවත් කලොත් බෑ
  • Visible ටික් කලොත් පේන්නේ නෑ. ටික් එක ඉවත් කලොත් පේනවා.

Accessable වල තියන හරිය ඉවත් කලොත් ඉතින් ගොඩ තමා (Lock)
සීන් එක තේරෙනවා ඇතිනේ. දැන් OK කරන්න. වැඩේ හරි.

ලොක් කරන්න ඕන කරන හැම දෙයක්ම මේ විදියට ලොක් කරන්න.


වැදගත් වන වෙනත් කරැණු

  • ලොක්එක ඉවත් කරගන්න අවශ්‍ය File එක හෝ Folder එක තෝරලා Edit --> Delete යන්න.
  • වෙනස්කම් කරන්න ඕනනම් Edit --> Modify යන්න. (පියවර 6 උදවු කරගන්න.)

ලබා දී ඇති Fileහෝ Folder වලට,
  • තාවකාලිකව ආරක්ෂාව නැවැත්වීමට File --> Stop Protection යන්න.
  • නැවත  ආරක්ෂාව සැපයීමට File --> Stop Protection යන්න.

විස්තර කල සියලුම දෑ Toolbar එක හරහාද කරගැනීමට හැක..

වාසිත් තියනවා.

  • සොෆිට්වෙයාර් එක Uninstall කරනකොට password එක ඉල්ලනවා. දන්නේ නැති කෙනෙකුට ඉවත් කරන්න බෑ.
  • Uninstall කරනකොට ලොක් කරලා තිබුන සියලුම දේවල් අන්ලොක් වෙනවා.
  • Safe mode වලටත් ලොක් එක බලපානවා.
  • මුලින් අපි ලබා දීපු මුරපදය නොදැන වෙනස්කම් කිසිවක් කරන්න බෑ.
වැඩක් ගන්න උත්සාහ කරන්න..

Posted in . Bookmark the permalink. RSS feed for this post.

Leave a Reply

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.