AdBrite වලින් වැඩ කිරීම


මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ ලසිදුගේ බිලෝග් එකේ තියන කමෙන්ට් දැකලා.. කට්ටියට ගොඩක් ගැටලු තියනව වගේ හිතුන නිසා... මුලින්ම කියන්න ඕන මේක හොර සයිට් එකක් නෙවේ. ඒකට බලපත්‍ර එහෙම ගොඩක් ලැබිලා තියනවා.. මෙන්න බලන්න.. තව විස්තර ඕන නම් පහල ලින්ක් වලට ගිහින් බලන්න.. හැබැයි සිංහල නම් නෙමෙයි.  ;-) මේ ලිපියෙන් මම Adbrite වල සියලුම දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා..



දැනටමත් Adbrite Account එකක් නැති කට්ටිය පලමුව උඩින්ම තියන පිංතුරය ක්ලික් කරලා ගිහින් Publishers කෙනෙක් විදියට register වෙන්න...



http://www.adbrite.com/mb/how-advertisers-brand-safe.php
http://clicktoverify.truste.com/pvr.php?page=validate&url=www.adbrite.com&sealid=102


AdBrite වලින් අපිට ලබා දෙන Ads වර්ග කීපයක් තියනවා..

1.Banner Ads
2.Text Ads
3.Full page Ads
4.Inline Ads

මේවා ගැන විස්තර ඒ ඒ Ads වර්ග දාන හැටි කියනකොට කියන්නම්. දැන් අපි මේ Ads වර්ග අපේ Blog එකට හෝ Website එකට දානහැටි අන්තිම එකේ සිට බලමු.  :-) මුලින්ම පොඩි මාර්ගෝපදේෂනයත්.

පලමුව Account එකට log වෙමු..

Account එක හදා ගත්තට පස්සේ www.adbrite.com වලට ගිහින් උඩ කෙලවරේ තියන Sign in වලට යන්න. Username Password දීලා  Sign in button එක Click කරන්න.

Log වුනාට පස්සේ පහල විදියට පෙනෙයි. එතන ‍For Publishers කියන තැන ක්ලික් කරාම අපේ Dashboard එකට යන්න පුලුවන්..

Dashboard එක මේ වගේ...


Dashboard කියන කොටසේ තමයි අපේ විස්තර තියෙන්නේ.පිංතුරය කුඩානම් ක්ලික් කරලා විෂාල කරගන්න. නිල් පාටින් රවුම් කරලා තියන තැනින් වැඩ පටන් ගන්න පුලුවන්.. අලුතින් Ads දාන්න හරි පරන Ads වෙනස් කරන්න හරි පරන Ads වල Code එක ගන්න හරි Manage ad zones කියන තැනින් පුලුවන්. Manage ad zones හරහා අලුතින් Ads දානවානම් Manage ad zones වලට ගිහින් Set up a new ad zone වලට යන්න ඕනා.. නැත්නම් Shortcut එකක් විදියට Dashboard එකේ තියන Create new Zone වලට ගියත් එකයි.. මේ වගේ තමයි පෙනෙන්නේ..


ඔන්න දැන් අර මම කලින් කියපු Ads වර්ග ටික දකින්න තියනවා..

Inline Ads  දැමීම

Inline Ads කියන Ad වර්ගයෙන් වෙන්නේ අපේ සයිට් එකේ Type කරලා තියන Text ඒ ගොල්ලන්ගේ දැන්වීම් ප්‍රචාරය කිරීමට මාර්ගයක් විදියට යොදා ගැනීමයි. කොට්න්ම කියනවනම් ‍Ads ඇතුලත් වෙලා තියන Text එකකට Mouse එක Point කලාම Popup එකක් විදියට ඇඩ් එක පෙන්නනවා. උදාහරනයක් විදියට එතන inline ads ඉස්සරහා තියන rollover කියන තැන යටින් ඉරි දෙකක් ඇදලා තියන තැනට Mouse එක Point කරලා බලන්න.


මේ ඇඩ් දාන්න
Banner and/or text ads, Full page ads කියන තැන් වල තියන හරි ලකුණු ඉවත් කරන්න ඕනා. හේතුව පසුව කියන්නම්. Inline ads කියන තැනයි පහල තියන

I will not have incentives to click on ads.

I will not place my ad zones on sites that include pornographic content. තැන් වලටයි හරි ලකුණු දාලා (NEXT) ක්ලික් කරන්න..

(පියවර 02)ඊගාව පියවරේ දී පහත ලෙස විකල්ප දෙකක් ලැබෙනවා.

Include all available ads (but never adult ads) හා Limit to family-friendliest ads only

මේකෙන් Include all available ads කියන්නේ දැනට ලබාගත හැකි Ads අප සාදන Ad zone එකට ඇතුලත් කරන්න කියන එකයි.අනික ඉතින් මොක වුනත් ඒකේ අනිත්පැත්ත වෙන්න එපායෑ.. නේ...

(NEXT) ක්ලික් කරන්න..

මෙතනට ඔබගේ වෙබ් අඩවියේ විස්තර දෙන්න.


  1. Import info from one of your existing sites: (optional) කියන තැන අතහරින්න. පලමු අවස්ථාව නිසා



  2. Name of your site: වෙබ්/බ්ලොග් අඩවියේ  නම

  3. Site URL: ලිපිනය

  4. Description of site: වෙබ්/බ්ලොග් අඩවියේ විසිතරය

  5. Name of ad zone: වැදගත් තැනක්.. Manage ad zones වල මෙම දැන්වීම හදුනා ගැනීමට නමක

  6. Keywords: මෙන්න පොට් එක.. අපිට Ad ලබා දෙන්නේ මෙතනට ඇතුලත් කරන Keywords වලට අනුවයි.. අපේ අඩවියේ ඇති දේවල් වලට අදාලව Keywords දාන්න.. 50 ක් දාන්න පුලුවන්. එක Keyword එකක් දාලා enter press කරලා අනික දාන්න. මේ විදියට එකකට යටින් අනිත එන විදිහට Keyword දාන්න.


  7. Choose a category : මෙතනින් අපේ බ්ලොගයේ category එක තෝරන්න..Main category (pick one) හා Secondary category (pick one) වලින් ලබා දෙන්න. මේක ලබා ගන්නේ AdBrite directory එකට දාන්න.


    මේ වගේ තියෙයි..




    (පිංතූරය 03)

    (NEXT) ක්ලික් කරන්න..




ලැබෙන කෝඩ් එක අපේ සයිට් එකට දාන්න.. මේක Inline Ads කොඩ් එක.




Full Page Ads  දැමීම

Full page ads කියන්නේ අපේ සයිට් එකට එන අමුත්තන්ට පිටුව පුරාම Ad පෙන්වීමක්.. මෙහිදී නිෂ්චිත visitors ලා ගනනකට පසු පැමිනෙන visitor ට Ads පෙන්නන්න කියලා දෙන්න පුලුවන්. Ad එකෙන් ඉවත් වීමට Skip Ad Click කරන්න.

Manage ad zones වලින් (පිංතූරය 02) Set up a new ad zone වලට යන්න. Full page ads කියන එකට විතරක් හරි දාන්න.I will not have incentives to click on ads., I will not place my ad zones on sites that include pornographic content.වලටත් හරි දාන්න. (NEXT) ක්ලික් කරන්න.. ඉහත (පියවර 02) අනුගමනය කරන්න. වෙබ් අඩවියේ විස්තර ඉහත පරිදි ලබා දෙන්න..

මෙතනදි පොඩි Shortcut එකකත් තියනවා. ඒ තමයි.ඉස්සරලා අතෑරපු තැන (Import info from one of your existing sites) මෙතනින් කලින් හදපු Ad zone එකක් තෝරලා import දුන්නනාම ඒකට අදාල විස්තර ලබා ගන්නවා.Name of ad zone: අනිවාර්යයෙන්ම ලබා දෙන්න. හැබැයි අලුතෙන්ම සයිට් එකකට ඇඩ් දානවනම් අලුත් සයිට් එකේ විස්තර දෙන්න. තව විස්තර අවසානයේදී

(NEXT) ක්ලික් කරන්න..

(NEXT) ක්ලික් කරන්න..

කොඩ් එක ගන්න. ( Ad එක customize කරන්න හැටි පහල තියනවා) මමනම් මේ වර්ගයේ Ads දැම්මේ නෑ . කියවන අයට බාදාවක් නේ.

Banner Ads දැමීම

banner ads කියන්නේ සාමාන්‍යයෙන් ලබා දෙන ඇඩ් වර්ගය... මේව අවශ්‍ය ආකාරයට හදාගන්න පුලුවන් වර්ණ වලින්. දැනට අපේ කැටගරිය යටතේ පිංතූර සහිත බැනර් ඇඩ් තිබුනොත් ඇතුලත් වේ.නැතිනම් Text Ads ඇතුලත් වේ. නැතිනම් Ads නොමැති අවස්ථාවට පනිවිඩයක් වැනි දෙයක් හෝ වෙනත් තැනකින් ලබා ගත් Ads දැමිය හැක.

Manage ad zones වලින් (පිංතූරය 02) Set up a new ad zone වලට යන්න. Banner and/or text ads වලට විතරක් හරියක් දාලා Banner & text ads තෝරන්න..I will not have incentives to click on ads., I will not place my ad zones on sites that include pornographic content.වලටත් හරි දාන්න. (NEXT) ක්ලික් කරන්න..

මෙතන අපේ Ad එක හදාගන්න තැන.




  1. Pick a size  ඇඩ් එකේ ප්‍රමානය තෝරන්න

  2. Choose colors

  3. Ad content හා Auto approve ads පිංතුරයේ ආකාරයට යොදන්න.

  4. අන්තිමට තියන Headline හා Text කියන තැන් වල Ads නොමැති වෙලාවට පේන Text යොදන්න. (තියන ටිකම හොදයි) සිංහල දැම්මට වැඩ නෑ.. මගෙ සයිට් එකේ යට බලන්නකෝ‍‍‍‍...

  5. (NEXT) ක්ලික් කරන්න..




දැන් මෙතනදිත් අර කලින් කීව වගේ සයිට් එකේ විස්තර දෙන්න.. මේ සයිට් එකට කලින් ඇඩ් දාලා තියනවනම් කලින් දාපු ඇඩ් සෝන් එකෙන් Import කරන්න. Ad zone name දෙන්න. (Ad zone name තෝරා ගැනීම පසුව කියන්නම්.)

(NEXT) ක්ලික් කරන්න..



මෙතනදි ගොඩක් කට්ටියට තියන ප්‍රශ්නයක් තමා ඇඩ් නැති වෙලාවට Your ad here කියලා වැටෙන එක. මෙන්න විසදුමක්. YES තෝරන්න. දැන් පහල තැනක් ලැබෙනවා.. එතනට වෙනත් ඇඩ් ලබා දෙන තැනකින් ලබා ගත්ත ඇඩ් කෝඩ් එකක් ලබා දෙන්න. geegain, adsense වගේ.. එතකොට අරවිදියට Advertise on this site ව‍ගේ පෙන්නන්නේ නැතිව අපි ලබා දුන් ඇඩ් කෝඩ් එකට අදාල ඇඩ් පෙන්නනවා.. හැබැයි වෙනත් තැනකින් ඇඩ් ලබා ගන්නකොට, දැන් අපි හදන Ad zone එකේ size එකටම ඇඩ්ස් ලබා ගන්න. නැත්නම් වැඩේ දෙල් වෙනවා.. මෙතන තියන

$

eCPM

කියන තැනට නම් ලබා දෙන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. කොහොම වුනත් මමනම් 0.5 ත් 2 ත් අතර ගනනක් තමයි දුන්නේ.

(NEXT) ක්ලික් කරන්න.. කොඩ් එක ගන්න.







Text Ads දැමීම

Text ads වලින් අපිට ලැබෙන්නේ අකුරැ වලින් සමන්විත ads. අපිට මේවා ගේ පාට කලින් විදියටම හදන්න පුලුවන්. මේ පහසුකම ඇඩ්සෙන්ස් වල නැද්දකොහෙද..

Manage ad zones වලින් (පිංතූරය 02) Set up a new ad zone වලට යන්න. Banner and/or text ads වලට විතරක් හරියක් දාලා Text ads only තෝරන්න.I will not have incentives to click on ads., I will not place my ad zones on sites that include pornographic content.වලටත් හරි දාන්න. (NEXT) ක්ලික් කරන්න..


මෙතනින් ඇඩ් හදාගන්න පුලුවන්..


  1. Number of ads කියන තැනින් පෙන්විය යුතු ඇඩ්ස් ප්‍රමානය ලබා දෙන්න.

  2. Text ad layout වලින් Vertical දුන්නොත් පහලට ඇඩ්ස් දිස්වේ.මේ විදියට




3. Text ad layout වලින් ‍Horizontal දුන්නොත් කෙලින් තීරැවක් ලෙස ඇඩ්ස් දිස්වේ. Horizontal layout හි පහල පිංතුරයේ ඇති (5) න් දැක්වෙන්නේ. එක් තීරැවක හරහට දිස් වන ඇඩ් ප්‍රමානයයි. (උපරිමය 4 කි) මේ විදියට



අනිත් ඒවාත් මේ පිංතුරයේ විදියට හදාගන්න.



(NEXT) ක්ලික් කරන්න..

මේ පියවරේදී කලින් විදියට සයිට් එකේ විස්තර දෙන්න..






(NEXT) ක්ලික් කරන්න.




මේකත් Next කරන්න.



කෝඩ් එක ගන්න..





Ad Zone එකක් Delete කිරීම, විස්තර බලා ගැනීම හා Full page ads වෙනස් කිරීම




Manage ad zones වලට යන්න

තිබෙන Ad zone වලින් delete කිරීමට අවශ්‍ය adzone එක ඉදිරියේ ඇති More ක්ලික් කරන්න. ලැබෙන මෙනුවෙහි



Daily statistics හා

Ad statistics විස්තර බලා ගැනීමටද

Ad zone perferences වෙනස්කම් කිරීමට

Get Ad code කෝඩ් එක නැවත ලබා ගැනීම

View site profile සයිට් එකට ලබා දුන් විස්තර බලා ගැනීම‍ට

Delete ad zone ඉවත් කිරීමට.

Full page ads වෙනස් කිරීම

Full page ads  සාදා ගත් පසු Manage ad zones හි එම zone එක ඉදිරියෙන් ඇති More click කර Full page ad header යන්න



වෙනස් කරන්නේ මෙහෙමයි..



මෙතන සෙල්ලම මේකයි. ඔය රතු පාටින් රවුම්කරලා තියන තැනට යටින් තියෙන්නේ අපේ ඇඩ් එක.. මේ ඇඩ් පිටුව වැහෙන්නම තියනවා..

1 ස්ථානයේ අපිට අවශ්‍ය ලාංඡනයක් දැම්මහැකි.. ඒත වැටෙන්නේ කාගෙද මංද ලෝකය කියල තියෙන්නේ... අන්න එතනට

3 ස්ථානයේ පසුබිම් වර්ණය

3 ස්ථානයේ පසුබිමට පිංතුරයක් දාන්න පුලුවන්....

4 ස්ථානයෙන් තමයි ඒ පිංතුරය ඉවත් කරන්නේ..

5 ස්ථානයේ Ad එකින් ඉවත් වන button එක තෝරන්න.

6 දැන් Save and continue කික් කොරන්ඩ...

කලින් ඇඩ් කෝඩ් එක දාලා තිබ්බනම් ඒක අයින් කරලා අලුතින් තෝඩ් එක අරන් දාන්න.

තවත් පහසුකම්

  1. එක වරකට එක් ආකාරයක දැන්වීමක් පමණක් නොව කිහිප ආකාරයක දැන්වීම් ලබා ගත හැකි වීම. (පසුව කියන්නම් කීව හේතුව මේක තමා.. අපි මුලින්ම ආකාර කිහිපයක දැන්වීම් තේරැවොත් අපේ අඩවියට නොගැලපෙන විදිහේ Ads ලැබෙන්න පුලුවන්.)

  2. Adsense වල නැති පහසුකමක් වන Fullpage ads ලබාදීම


  3. AdBrite directoryයක් තිබීම. මෙහි අපගේ වෙබ් අඩවි පිලිබද විස්තර අඩංගු වේ..








Tips & Tricks


Import info from one of your existing sites කියන තැනින් import කරනකොට ඒ import කරන සයිට් එකේ වෙන දැන්වීමක් සදහා පමනක් import කරන්න. වෙන අලුත් සයිට් එකකට ඇඩ් දානවනම් පලමු වතාවේ ඒ සයිට් එකේ විස්තර ඇතුලත් කරලා දෙවන ඇඩ් එකේ සිට import කරන්න. මං හිතන්නේ මම කියන්න හදන දේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති..




ad zone name එකක් දාන්නේ Manage ad zones කලාපයේ දී ඒ ඇඩ් එක හදුනාගන්න ලේසි වෙන්න.. ඒ නම අපිට තේරෙන විදියට සයිට් එකේ නමයි ඇඩ් සයිස් එක හෝ ස්ථානය දැම්මම ඇති.

උදා:   Sinhala blog sidebar ad.

boosttips හි top banner   වගේ

Ad zone එකක් Active වෙන්න පැය 24 ක් විතර යනවා.Active වුනාම e-mail එකක් එවාවි.

ඉතින් තවත් දැනගන්න මොනවහරි තියනවනම් කියන්න..දන්නවනම් කියාදෙන්නම්... ප්‍රයෝජනවත් දෙයක් නම්___________ දන්නවනේ ඉතින්‍............

මම තව දවස් කීපයකින් Referral හා advertisers ගැනත් ලිපියක් දාන්නම්..

නැවත හමුවෙමු.......

Posted in . Bookmark the permalink. RSS feed for this post.

27 Responses to AdBrite වලින් වැඩ කිරීම

  1. niyami.....kiyalaa wAdaknhE.....api hAmotama hodha dheyak .....suba pAthum.....suba aluth awuruddak wewa!

    ReplyDelete
  2. menna mata adbrite walin salii apu hati http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs288.ash1/21568_1253319506847_1645326987_645730_3035827_n.jpg

    ReplyDelete
  3. Ela post eka thanx machomachan mamath adbrite lagadi damme mekanam mata godak useful una. Eth meke geweem ehema kohomada.adsense gannath help karannakoo.

    ReplyDelete
  4. adbrite da hoda geegainda? (money)

    ReplyDelete
  5. to Football MADNESSgeweem gana lasindu ge blog eke dala tibba...mata adsense gana help karanna widihak na.. mata adsense haragiye na... eka nisa thama mama wena dewal hoya gatte...adbrite da hoda geegainda?geegain lankawe ekak. adbrite San Francisco, CA wala.. mamanam hariyata kiyanna danne na....කොහොම වුනත් අදහස් වලට බොහොම ස්තුතියි !!!

    ReplyDelete
  6. For US addresses, please allow 7 to 10 business days for your check to arrive. Non-US addresses may take up to 21 business days.Payments are issued in US Dollars, two months (net-60) after you accrue them. For example, earnings from March 2007 will get paid out in May 2007. If your revenue does not meet your minimum check amount, that revenue will automatically roll over to the following month. We begin processing payments on the first business day of each month and mail them out within the first five days.

    ReplyDelete
  7. Make checks payable to: *----- Enter your Employer Identification Numberor Social Security Number ------me deka fill karanna oni vidiya gena podi help ekak dennako..

    ReplyDelete
  8. Dasun Nimasha ටකමෙන්ට් එක දැක්කේ අද. සමාවන්න පරක්කුවුනා‍ටMake checks payable to: *----- කියන්නේ අපට එවන චෙක් එකේ සටහන් වෙන්න ඕන නම..අනිත්වා නම් එච්චර වැදගත් වන්නේ නෑ...

    ReplyDelete
  9. බොහෝම ස්තුතියි..!!

    ReplyDelete
  10. mcho kohomada add eke code eka mage site ekata damanne

    ReplyDelete
  11. niyamai mamath oka karanawa.thanks...

    ReplyDelete
  12. දෙදුන්න ටබ්ලොගර් ගිණුමට ඇතුල් වී Layout > Page Elements හී Add Gadget Link එක ක්ලික් කර HTML/JavaScript Gadget වෙත ගොස් ඔබ කලින් කොපි කරගත් කෝඩ් එක එතැන පේස්ට් කරන්න. Save කරන්න. දැන් බ්ලොග් එකට ගිහින් හරිද බලන්න.

    ReplyDelete
  13. niyamai.mama ada add kara site ekata

    ReplyDelete
  14. :b ඇත්තටම හොද ලිපියක්.. මමත් ඒක ට්‍රයි කරල බලන්න ඕනා!!!

    ReplyDelete
  15. ප්‍රතිචාර ලබා දුන් සැමටම ස්තුතියි

    ReplyDelete
  16. adbrite gana siyaluma de kiyala denna yaluwa....

    ReplyDelete
  17. නියම ලිපිය.... හැබැයි සහෝ මම හදපු Adbrite ගිණුම් දෙකේම Your Ad Here කියල විතරයි වැටෙන්නෙ.... මම ඒක නිසා ඒක අයින් කරලා ටෝක් සහ ජීගේන් වලට මාරු වුණා!

    ReplyDelete
  18. දැන්වීම් වල Your Ad Here කියල විතරක් වැටෙන්න හේතු 2 ක් තියනවා

    1 - ඔයාගෙ එක IP ලිපිනයකට එකවරකට වඩා දැන්වීම් පෙන්නන්නේ නැති අවස්ථා තියනවා. ඒ කියන්නෙ සමහර විට ඔයාට ම ඇඩ් නොපෙන්නන්න පුලුවන්. ඒකවරක් ඇඩ් පෙන්නලා Refresh කලාම ඇඩ් නොපෙන්නන්නත් පුලුවන්.

    2 - Keyword නොදැමීම. මේකට දාන Keyword අනුව තමයි ඇඩ් පෙන්නන්නේ. ඒ නිසා හැකිතරම් Keyword දාන්න..

    ඇඩ් නැති වෙලාවට වෙනත් තැනකින් ගත්ත ඇඩ් එකක් පෙන්නන හැටි ඒ ලිපියෙ තියනවා. කොහොමත් AdBrite කියන්නේ Google Ads හරිගියෙ නැති අයට හොදම විකල්පයක්.. මුදල් ලැබුන කෙනෙක් ඉහලින් කමෙන්ට් කරලා තිබුනා..... උත්සාහ කරලා බලන්නකෝ...

    ප්‍රතිචාරවලට ස්තුතියි..

    ReplyDelete
  19. [...] AdBrite වලින් වැඩකරමු 01 ලිපිය » AdBrite වලින් වැඩකරමු 01 ලිපිය » [...]

    ReplyDelete
  20. නියමයි මමත් ඔන්න ගත්ත ADs.. බොහෙම ස්තූති මල්ලි... www.zujithgraphics.blogspot.com

    ReplyDelete
  21. Ad Code එක දාන්න කියන එක මට විස්තර කරන්න

    ReplyDelete
  22. ඔයාට මම ඊ-මේල් එකක් දැම්මා..

    ස්තුතියි කමෙන්ට් එකට

    ReplyDelete
  23. (Advertise on this site)Headline and Text kiyana thana ads nathi welawata kauru hari clk karoth ekedi apita kiyak hari gaanak enawada?

    ReplyDelete
  24. inline add coad eka kothanatada daanne geeth? normal add coad ekak daanama widihaada? javascrept ekak aran..

    ReplyDelete
  25. මම හිතන්නෙ එහෙම නෑ

    ReplyDelete
  26. ඔවු ඒකත් සාමාන්‍ය විදියටම දාන්න. ඔයාට ඕනනම් පුලුවන් අනිත් Ad වර්ග එක්කම Inline Ads ත් ගන්න... එතකොට ඒ ඇඩ් වර්ග ඔක්කොම එකම කොඩ් එකෙන් පුලුවන්

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.