Adbrite 1 කොටසින් පසු මගහැරැණු කොටස් කිහිපයක් මෙම ලිපියට මා ඇතුලත් කරනවා..
මුලින්ම පලමු ලිපියේ මෙතෙක් ලැබුනු ගැටලු වලට පිලිතුරැ...
Football MADNESS ගේ ගැටලු
adsense ගැන help කරන්න කීවත් මට adsense හරිගියේ නැති නිසා මේ ගැන කියන්න දන්නේ නැ. සමාවන්න. බොරැ ලියන්නත් බෑ නේ.. [ adsense වලින් ඇඩ් දාන හැටි හීනෙකින්වත් දැකලා නෑ :-( ]
අහලා තිබුනා ගෙවීම් ගැන.
මෙහෙමයි.. අවම ගෙවීම වන්නේ 5$. අපි ලබා දීපු අවම මුදල අපිට ගෙවන්නේ (චෙක් එක එවන්නේ)මාස දෙකකට පසුය. ඒගොල්ලෝ මේකට කියන්නේ net-60 කියලා. උදාහරණයක් විදියට අපි 2010 පෙබරවාරි මාසේ හොයපු මුදල 6$ ක් නම්, Minimum Payout එක 5$ ක් නම් අපිට ඒගොල්ලෝ 2010 අප්‍රේල් මාසේ 5$ ක චෙක් එකක් එවනවා. ඒගොල්ලන්ගේම වචනෙන් කිියනවනම් මෙහෙමයි.මම කමෙන්ට් එකක් විදියටත් දැම්මා. චෙක් එක එන්න දවස් 21 කට වැඩිය ගත වෙනවා කියලා තමා කියන්නේ.
" Payments are issued in US Dollars, two months (net-60) after you accrue them. For example, earnings from March 2007 will get paid out in May 2007. If your revenue does not meet your minimum check amount, that revenue will automatically roll over to the following month. We begin processing payments on the first business day of each month and mail them out within the first five days."
"For US addresses, please allow 7 to 10 business days for your check to arrive. Non-US addresses may take up to 21 business days."
පැහැදිලි ඇතිනේ...
තවත් කෙනෙක් එයාට සල්ලි ආපු හැටි චෙක් එකේ පොටෝ එකක් එකතු කරලා තිබුනා.. ස්තුතියි.
ආ අමතක වුනු දෙයක් තියනවා. අපේ සම්පූර්ණ ඉපයීම් බලන්න ඕන නම් Earnings කියන ටැබ් එකට යන්න. එතනදී Minimum Payout එක (එක චෙක් එකකට ඇතුලත් විය යුතු ගනන)ලබා දෙන්න පුලුවන්. ඒ වගේම ඔයාලට එවන චෙක් කාගෙ නමට එවන්නද කියලා දෙන්න පුලුවන්. විශේෂයෙන්ම අවුරැදු 18 අඩු කෙනෙක්ගේ නමින් Adbrite account එක තියනවනම් වැඩිහිටි කෙනෙක් (අවුරැදු 18 වැඩි) ගේ නමක් එතනට දෙන්න. [Make check payble to]
තවමත් Adbrite වල ලියාපදිංචි නොවූ කෙනෙක් ඉන්නවානම් මෙන්න මේ පිංතුරය උඩ කිලික් කරලා ගිහින් Publishers කෙනෙක් විදියට register වෙන්න...
1 Referral වැඩසටහන
Referral වැඩසටහන කියන්නේ අපිට වෙනත් අය Adbrite වලට හදුන්වා දීලා පොඩි අමතර ගානක් හොයා ගන්න පුලුවන් ක්‍රමයක්. කරන්න තියෙන්නේ ඒගොල්ලෝ ලබා දෙන් ලින්ක් එකට අපි හදුන්වලා දෙන අයව යොමු කිරීම. මම ඉහලින් දාලා තියෙන්නෙත් ඒ වගේ එකක්.(කැමතිනම් මට කරන උදවුවක් විදියට ඉහලින් දාලා තියන පිංතුරය උඩ කිලික් කරලා ගිහින් Publishers කෙනෙක් විදියට register වෙන්න... මමත් මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නොමිලේ නිසා)
හරි දැන් අපි බලමු මේ Referral ලින්ක් එකක් දාගන්නේ කොහොමද කියලා.
පලමුව Publisher Dashboard එකට යන්න.දන්නේ නැත්තම් 1 කොටස කියවන්න මෙතනින් යන්න.
ඒකේ පහලින් තියනවා මේ වගේ තැනක්. එතනට යන්න
ඊට පස්සේ මේ වගේ
එතන තියෙන්නේ අපි හදුන්වලා දීපු ප්‍රමානය හා ඒ වෙනුවෙන් අපිට ගෙවලා තියෙන ප්‍රමානය.(නිල් පාටින් ඉරි දෙකක් ඇදල තියන තැන)
මේ Referral ලින්ක් එකක් දාගනන අපි යන්න ඕන රතුපාටින් රවුම් කරලා තියන තැනට.
එතනට ගියාට පස්සේ මේ වගේ අපිට කැමති බට්න් එකක් තෝරගන්න පුලුවන්.
NEXT කලාම කොඩ් එක දෙනවා. ඒක අපේ සයිට් එකට දාගන්නයි තියෙන්නේ.
දැන් ඔයාලට යාලුවන්ව හදුන්වලා දීලා පොඩි ගානක් කඩා ගන්න පුලුවන් නේ.. ;-)
2 Advertisers
advertisers කියන්නේ අපිට Adbrite වලට අපේ දැන්වීම් දාන්න තියන තැන. හැබැයි මේක නිකම් නෙවෙයි.. සලිලි දෙන්න ඕනෑ. ඒ නිසා මම මේ ගැන කථාකරන්න අදහස් කරන්නේ නෑ, ඔයාලා Publisher Dashboard එකට ගිහින් උඩ තියන Advertisers කියන ටැබ් එකට යන්න. එතකොට Advertiser Dashboard එක ලැබෙනවා. එතනදීත් අපිට Referral යොදාගන්න පුලුවන් ඒ Advertise Referrals.

තවත් ගැටලු තියෙයිනම් කමෙන්ට් විදියට දාන්න.. එහෙනම් ඔබ සැමට සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා..
meka mata wada karanne naha wage.kiwuwa widhiyata kalaa.ath ads penenne naha geeth.
ReplyDeleteඕන කෙනෙකුට වැඩ කරනවා යාලුවා.. මම ඔයාට මේල් එකක් දාන්නම්..
ReplyDelete[...] AdBrite වලින් වැඩකරමු 01 ලිපිය » AdBrite වලින් වැඩකරමු 01 ලිපිය » [...]
ReplyDelete