ඔබ රෙජිස්ට්‍රි එක තුල කුමන හෝ වෙනසක් කිරීමට යාමේදී අත්වැරදීමක් සිදු වුවහොත් එය යලි යථා තත්ත්වයට පත්කර ගැනීම සදහා මෙසේ කර තිබීම වැදගත් වේ. ඔබට එය පහත රෑපසටහන් වලින් අවබෝධ කරගත හැකිවනු ඇත.
ස්ටාර්ට් ගිහින් රන් වලට යන්න.නැත්තමි winkey+r ඔබන්න.
එහි Regedit ලෙස ටයිප් කරන්න
ලැබෙන සංවාද කොටුවේ file > Export ලබා දෙන්න
නව ෆෝල්ඩරයක් මෙම බැකප් එක සදහා සාදාගෙන එයතුල save as type යන ස්ථානයේ Registration files (*.reg) ලෙසද Export Range යන ස්ථානයේ All යන්නද තෝරා කලින් නිර්මානය කරගත් ෆෝල්ඩරය තුල කැමති නමක් දී save කර ගන්න
දැන් registry editor close කර සේව් කල තැනට ගිහින් බැලුවොත් අපි දීපු නමින් ෆයිල් එකක් තියනවා. මේ වගේ
මේ බැකප් එක නැවත ස්ථාපනය කරගන්න ඔන විට එය ඕපන් කර ඕකේ කරන්න.
[රෙජිස්ට්‍රි එක තුල යම් වරදක් ඔබ අතින් සිදු වුවහොත් වගකියනු නොලැබේ.]