Archive for 2010

සිංහල බ්ලොග්කරුවන් සමග..


ඒ 19 වෙනි ඉරිදා (දෙසැම්බර්). කලින් දන්වා තිබුන ආකාරයට කොළඹ HDPL ගොඩනැගිල්ලේ පැවැත්වුනු උත්සවයට මමත් සහභාගී වුනා. පෙර දිනයේ (18) සුජිත් අයිය (බ්ලොග් කියවන්නෙක්) අපේ ගෙදර ඇවිත් අපි දෙන්නම 19 උදෙන්ම පිටත් වුනා. පාන්දර 5.00 ට විතර. 7.40ට විතර කොළඹට ලඟාවුනත් කලින් කතාකරගත් විදියට හසිත මල්ලි, කසුන් නදීශන, කණි ඩබල එනකම් අපි කොටුවට වෙලයි හිටියෙ. කොහොමහරි හසිත මල්ලියයි කණිඩබලයි කොටුවෙදි සෙට් වුනේ, තවත් කිහිපදෙනෙක් ඒ සමග හිටිය. අවාසනාවට කසුන් මගහැරුනෙ, එතන හිටිය කට්ටිය යමු කීව නිසයි. මේ සිද්ධියෙන් කසුන් අමනාප වුනාද කියලනම් හරියටම දන්නෙ නැ.කොහොමහරි බහින්න ඕනි තැන මිස් වුනෙ අපේ කට්ටිය නිසාමයි ;) ඊට පස්සෙ තියන හෝල්ට් එකෙන් බැහැල අන්තිමේදි නිවැරදි ස්ථානයට යාගන්න හැකිවුනා. :)

හමුව ගැන කියනවනම්, Microsoft ආයතනයේ අනුග්‍රහයෙන්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් පැවැත්වුන හමුව මට හිතුන හැටියටනම් ඉතාම සාර්ථකව පැවැත්වුනා‍‍. තමතමන් එකිනෙකා හඳුනාගනිමින් ආරම්භකළ SBU සුහදහමුවේදි එහි ආරම්භය සිදුවූයේ කුමකටද, අරමුණු, ඉදිරියේදී කිරීමට අපේක්ෂිත දේවල් කතාබහ වූ අතර මීට අමතරව සිංහල යුනිකේත / සිංහල Fonts ගැන තාක්ෂණික දෘෂ්ටියකින් යම් ආකාරයකට කතාබහවුනා. මේ දේවල් අතරේදී තමතමන්ගේ අදහස් දැක්වීමට හා ගැටලු, යෝජනා පැමිණ සිටි බ්ලොග් කරුවන් අමතක කලේ නැහැ. හැබැයි ඉතින් මමනම් අදහස් දැක්වු‍යෙ නෑ :( මේ වෙනුවෙන් Microsoft ආයනතය වෙනුවෙන් පැමිණි මහත්මා දැක්වූ සහයෝගය විශිෂ්ඨයි. විශේෂයෙන් ඉදිරි කටයුතු ගැන.  අවසානයේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සංවිධානයකර තිබූ නිර්මාංශ ආහාරවේලකින් පසුව බ්ලොග් කරුවන් එකිනෙකා හමුවී තම තමන්ගේ අදහස් හුවමාරුකරගත්තා. ඒ අතරේ ඡායාරූපකිහිපයක් ගන්නත් පුලුවන් වුනා.

Posted in , | 25 Comments

Blogger ද ? Wordpress ද ??


මම, අපි බ්ලොග්කරුවන් !!  සිංහල හෝ ඉංග්‍රීසි හෝ වේවා බ්ලොග් ලියන්නනම් මාධ්‍යක් තියෙන්න ඕනි.  එනම්  බ්ලොග් ලිවීම සඳහා කුමනහෝ Platform එකක් අවශ්‍යයි. මේ අතරින් මම වැඩිපුරම සිංහල බ්ලොග්කරුවන් අතරේ Blogger, Wordpress, Wordpress Selfhosted දුටිමි. මීට අමතරව වෙනත් සේවාවන් භාවිතාකරන බ්ලොග්කරුවන්ද සිටී. දැනටමත් ‍බ්ලොග්කරුවන්ට, නව බ්ලොගයක් ආරම්භකිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට ඒ සඳහා පැහැදිලි මාර්ගෝපදේශණයක් සැපයීම, එයට වඩාත් සුදුසු මාධ්‍ය කුමක්ද යන්න අවබෝධයකරගැනීමට සහයවීම මෙම ලිපියෙහි අරමුණයි.


Posted in | 10 Comments

HubPages ගැන දැනගනිමු ! මුදල් උපයමු !!



HubPages කියන වෙබ් අඩවිය ගැන කෙටියෙන්ම කීවොත් ඒක Revenue Sharing සයිට් එකක්.  මෙහි ක්‍රියාවලිය සරලව පැහැදිලි කරනවනම්, මේ සයිට් එකෙ සාමාජිකයෙක්ට පුලුවන් ඒ සයිට් එක වෙනුවෙන් ලිපි ලියන්න. ලියන ලිපි වලට ඒ සයිට් එකෙදි කියන්නෙ HUB එකක් කියල. මේ Hub ලියන අය‍ගෙ ගුගල් දැන්වීම්, Amazon Affiliate ගිණුම වගෙ ගිණුම් කිහිපයක් සමග සම්බන්ධ කරගන්න පුලුවන්.‍ ඉතින් මේ ගිණුම් වල දැන්වීම් ඇමසන් එකෙ විකුනන්න තියන භාන්ඩ වල ලින්ක් අපි ලියන හබ් වලට ඉබේම එකතුවෙනව. ඒ ඇඩ් එකක් අපෙ hub එකක් කියවන කෙනෙක් Click කලොත් හරි භාන්ඩයක් අපෙ hub එකෙන් ගිහින් මිලදී ගත්තොත් අපිට යම් මුදලක් හොයාගන්න පුලුවන්.. විශේෂත්වය තමයි මේ සයිට් එකට එන අය මේ hub කියවනව. මේ මගින් ලැබෙන මුදලින් යම් ප්‍රතිශතයක් වෙබ් අඩවිය තබාගෙන ඉතිරිය අපිට ලබාගන්න පුලුවන්.

මෙය එක් අතකින් Social Network එකක්. Hub Groups හදාගන්න, hub ලියන අය Follow කරන්න වගේ දේවලුත් මෙම වෙබ් අඩවිය හරහා කරන්න පුලුවන්. ඊට අමතරව අපි ලියන hub කියවන්නන් ගනන, Traffic ආපු තැන් වගේ විස්තර බලාගන්න පුලුවන්. Hub ලියනව කියන එක එක අතකින් Blog ලියනව වගෙ වැඩක්. ;)


Posted in | 5 Comments

වටිනා Wordpress Plugins කිහිපයක් හා Plugins WP හි ස්ථාපනය කරන ක්‍රම



මම Wordpress භාවිතාකරන්න පටන්ගෙන දැනට මාස කිහිපයක් ගතවෙලා. ඒ අතරදී ලැබූ Wordpress අත්දැකීම් වලින් ගොඩක්ම හිතගිය එක්  ලක්ෂණයක්, මෙහි තියන Plugins සඳහා සහය දැක්වීම. ඉතින් මට හිතුන මම wordpress තුල භාවිත කළ/කරන වැදගත් Plugins කිහිපයක් ලිපියක් විදියට ඉදිරිපත් කරන්න. ඔබත් Wordpress භාවිතාකරනවානම්  මේ ලිපියෙන් ඉදිරිපත්වෙන, වැදගත් යයි සිතෙන Plug-ins ලබාගන්න.  ඒ වගේම අලුතෙන් Wordpress බ්ලොග් එකක් Selfhosted විදියට ආරම්භ කරනවානම් ඒ අයට මේටික වැදගත් වේවි. මෙහිදී අදාල ප්ලගින හා ස්ථාපනය කරන ආකාරත් පැහැදිලි කරන්නම්.

Posted in | 11 Comments

හැකියාවෙන් මුදල් උපයන්න [Freelance]

මේ ලිපිය තමන්ගෙ හැකියාවෙන් මහන්සිවෙලා වැඩකරල අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රමක් ගැනයි. මේ ක්‍රමයෙන් අපිට තිබෙන හැකියාවෙන් වැඩගන්න බලාගෙන ඉන්න අයට වැඩ කරල දීල අපිට මුදල් සොයන්න පුලුවන්. ඒ කියන්නෙ මේක Online Job එකක්. මේ වගේ වෙබ් අඩවි වලට කියන්නෙ Freelance Websites කියලයි. 100% නීත්‍යානුකූලයි ! සාර්ථකයි !!

Posted in | 48 Comments

පිස්සු හැදෙන පෙන් !!

කාලෙකට පස්සෙ පිංතුර ටිකක්. මේවත් e-mail මගින් ලැබුන ඒව තමයි... Pen Drive වලට ගිය කලක් !! (rofl)


Posted in | 8 Comments

Open ID ගැන සම්පූර්ණ සටහනක්.

[caption id="attachment_1211" align="aligncenter" width="300" caption="OpenID හි සංකේතය"][/caption]

මෙම ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ OpenIP එකක් යනු කුමක්ද, එහි සරල ක්‍රියාකාරීත්වය පහදා දීම, තමාටම OpenIP එකක් සාදාගැනීමට හැකි ක්‍රම කීපයක් විස්තර කිරීම, OpenID ප්‍රායෝගිකව භාවිතය වැනි කරැණු කිහිපයක් සරලව පහදා දීමටයි.

OpenID යනු,


OpenID යනු අන්තර්ජාල භාවිතයේදී පුද්ගලයෙකුගේ හැඳුනුම් පතක් ලෙස ක්‍රියා කරනා දෙයකි. මෙහි ක්‍රියාකාරීත්වය සරලව ඉදිරිපත් කරන්නේ නම්,
OpenID යනු විවිධ වෙබ් අඩවි වල පරිශීලක ගිණුම් සඳහා ලියාපදිංචි වීමේදී/comment දැමීමේදී ඒ සෑම අඩවියක් සඳහාම තමන්ගේ නම, ඊමේල් ලිපිනය, ආදී තොරතුරැ ඇතුල්කරලීමෙන් පාඨකයාට සිදුවන අපහසුතාවන් අවම කොට, එම සියලු දත්ත එක් ස්ථානයක තැන්පත් කොට, යම් අඩවියක් එම විස්තර ඉල්ලා සිටින විට අදාළ තැන්පත් කළ ස්ථානය වෙත යොමුවී එතැනින් තොරතුරු ලබා ගැනීමට, තොරතුරු ඉල්ලා සිටින වෙබ් අඩවියට ඉඩ ලබාදීමට හැකියාව ලබාදෙන සේවාවකි.

Posted in | 19 Comments

Feedburner සමඟ වැඩ කිරීම - සම්පූර්ණ ලිපිය

මේ ලිපියෙන් Feed Burner  මගින් ලබාගතහැකි පහසුකම් සිදුකරන ආකාරය සවිස්තරව පැහැදිලිකිරීමක් සිදුවේවි.




[caption id="attachment_1139" align="aligncenter" width="185" caption="RSS Feed සම්මත ලාංඡනය"][/caption]

Feed Burner ගැන විස්තර කරන්න කලින් Web Feed ගැන හැඳින්වීමක් කරන්නම්. RSS මෙන්ම Atom යන නම් වලින් වර්ග 2ක් තිබුනත් වඩාත් ජනප්‍රියම වර්ගය වන්නේ RSS. මෙම Feed, Web 2.0 සමග පැමිණි ඉතාමත් ප්‍රයෝජනවත් සේවාවක් ලෙස හැඳින්විය හැකියි. මෙහි ඇති ප්‍රධානම වාසිය නම් අපට කාලය ඉතිරිකරගෙන, වැයවන දත්ත ප්‍රමානය අඩුකරගෙන අප කලින් දායකත්වය ලබාගෙන ඇති අඩවි වල අන්තර්ගතය යාවත්කාලීන වූ වි‍ට ඒවා සියල්ලම එකම ස්ථානයකදී කියවිය හැකි වීමයි. තවත් පැහැදිලි කරනවා නම් අප බ්ලොග් අඩවි 5කට දායකත්වය ලබාගත්තේ යයි සිතමු. එවිට අපට ඒවායේ අලුත් ලිපියක් පලවූ විට ඒවා අදාල බ්ලොග් අඩවි වලට පිවිසීමකින් තොරව කියවීමට හැකිවේ. මෙය Google මගින් ලබාදෙන Google Reader භාවිතා කරමින් ලෙහෙසියෙන්ම කරගන්න පුලුවන්. එසේ නැතිනම්  Firefox මගින් ද නැතහොත් මේ සඳහා විවිධ මෘදුකාංගයන්ද අන්තර්ජාලයෙන් සොයාගත හැකියි. ක්‍රම කිහිපයක් කෙටියෙන් විස්තර කරන්නම්.

Posted in | 14 Comments

මාස්ටර් ඔයාමා ගැන සහ J.R.ජයවර්ධනට කලුපටි ලැබුන හැටි

මේක  කතාවක්. කතාව‍ට කලින් මාස්ටර් ඔයාමා ගැන ටිකක් පැහැදිලි කරන්නම්.

Masutatsu (Mas) Oyama


1923 - 1994


Founder of Kyokushin Karate


[caption id="attachment_1113" align="alignright" width="255" caption="master masutatsu oyama"]masutatsu oyama seiza[/caption]

ග්‍රෑන්ඩ් මාස්‍ටර් ඔයාමා කියන්නෙ කරාතේ වලින් කායික මානසික (ආධ්‍යාත්මික) ශක්තිය ඉහලටම දියුණු කල කෙනෙක්. මොහුගේ සැබැ නම Masutatsu Oyama යන්නයි. නමුත් බොහෝ අය හඳුන්වන්නේ Mas Oyama, Master Oyama වගේ නම් වලින්. ඔහුගේ කොරියානු නම Yong I-Choi යි. දකුණු කොරියාවේ Gunsan නම් ස්ථානයට නුදුරෙන් 1923 ජූලි 27 උපත ලැබූ ඔහුට සහෝදරයන් 6ක් සහ එක් සහෝදරියක් ඉඳල තියෙනව. තරැණ කාලයේම තම සහෝදරිය සමග හි ගොවිපලක් වෙත ජීවත්වීම සඳහා ගොස් ඇත. එය දක්ෂින චීනයේ ස්ථායක්. ඒ කාලයේ ඔහු සැතපුම් 6ක් පමණ කඳුවලින් පිරුණු මාර්ගයක් දිගේ ඉතාමත් දුෂ්කර ගමනක් දිනපතාම සිසුන් ක් පමණ සිටි Yongree Primary

පාසල වෙත ගමන් කලත් ඔහු මෙය දුෂ්කර කාර්යයක් ලෙස නොසලකා දිනපතාම කල දෙයක්. ඔහු වයස අවු. 9 දී පමණ සටන් කලාවක් දෙසට පලමු වරට යොමු විය.
වයස අවු. 15 දී ඔහු ජීවත්වීම සඳහා ජපානයට ගිය අතර එහිදී ඔහු  Japanese Imperial Army ට සම්බන්ධ වූයේ ගුවන්යානා නියමුවෙක් වීමේ බලාපොරොත්තු ඇතිවය. නමුත් විවිධ අපහසුකම් නිසා ඔහුගේ ගුවන් යානා නියමුවෙකු වීමේ සිහිනය ඉටු නොවුනි. ඔහු තම ජපන් නම Masutatsu Oyama ලෙස වෙනස් කලේය.

Posted in , , | 2 Comments

Blogger බ්ලොග් එකක් Wordpress වලට ගෙන ඒම (සම්පුර්ණයෙන්ම)

මේ ලිපියෙන් Blogger බ්ලොග් එකක් Wordpress Self Hosted වලට ගෙන ඒම, Blog Followers ලා හා Feedburner E-mail දායකත්වය ලබාගෙන ඇති අය නව Wordpress වලට ගෙන ඒම වැනි කරුණු ලිවීමට බලාපොරොත්තු වෙන්නේ. මමත් කලින් Bloger බ්ලොග් එක ලියුවෙ. නමුත් Webhosting හා Domain එකක් ගත්තායින් පසු තමන්ගෙම තැනකට බ්ලොග් එකත් ගේන්න ඕන කියලා හිතුනා‍. ඒ‍හෙම ගෙනාව ක්‍රමය සැමටම කියාදෙන්නම්. ගොඩක් Hosting Plan එක්ක Wordpress Selfinstaller එකක් තියනවා. ඒත් ඒකෙන් අපේ සිංහල බ්ලොග් එකක් කරන්න හැකියාවක් ලැබෙන්නෙ නැ. (මට ලැබුනු අත්දැකීමේ හැටියට) කෙසේ වෙතත් මේ ලිපියෙ මුලින්ම Wordpress manual install කරන ආකාරයත් කෙටියෙන් විස්තර කරන්නම්. :)

Posted in , , | 14 Comments

Google Webmaster Tools ගැන - වෙබ් අඩවි කුප්පිය 7

[caption id="attachment_1028" align="aligncenter" width="187" caption="Google Webmaster Central Logo"]Google Webmaster Central Logo[/caption]

වෙබ් අඩවියක් සෙවුම් යන්ත්‍රවලට ඇතුල් කිරීම ඒ වෙබ් අඩවියෙහි Traffic වැඩිකරගැනීමට කෙලින්ම බලපානවා. ඒ වගේම SEO (search engine optimization) වැඩිකරගැනීම. එයට මා කලින් කියූ Sitemap එකක් Submit කිරීම වැදගත්. ඒ ලිපිය නොබැලූ කෙනෙක් ඉන්නවානම් මෙම සබැඳිය ක්ලික් කර ගොස් බලන්න. එහි ඉතිරි කොටසත් සමගින් මෙම ලිපිය ඉදිරියට ලියාගෙන යන්නම්. (rofl)

Posted in , | 25 Comments

AdBrite තවදුරටත්

ඇත්තෙන්ම ඇඩ්බ්‍රයිට් කියන්නේ ගුගල් ඇඩ්සෙන්ස් හරිගියෙ නැති අයට තියන හොඳම සාර්ථක විකල්පයක්. හැබැයි ඉතින් මේකෙන් ක්ෂනිකව නම් සල්ලිගන්න අමාරුයි. ඒත් $10 ක් වුනාම චෙක් එකක් මගින් සල්ලි ගන්න පුලුවන්. මම කලින් මේ ගැන ලිපි 2ක් දැම්මා ඒ ලිපි බැලුවෙ නැතිනම් ඒ ලිපි බලන්න කියලා ඉල්ලන ගමන් ඇඩ්බ්‍රයිට් වල තවත් නොදන්න, ඒත් වැදගත් කොටසක් ගැන අවධානය යොමු කරමු.

Posted in | 8 Comments

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම - සයිට් මැප් ගැන. කුප්පිය 06

මේ ලිපිය සයිට් මැප්, සයිට් මැප් එකක් සෑදීම හා ඒය ගුගල් වලට Submit කරන හැටි ගැනයි. මුලින්ම බලමු සයිට් මැප් එකක් කියන්නේ මොකක්ද කියලා. මැප් එකක් කියන්නේ කෙටියෙන්ම කියනවානම් එක්තරා වෙබ් අඩවියක තිබෙන පිටු වල ලිස්ට් එකක්. ගොඩක් සයිට් මැප් හදන්නේ XML format එකෙන් තමයි. මේමගින් search engine botsලා ඒ කියන්නේ වෙබ් සෙවුම් යන්ත්‍රවල ඇති වෙබ් අඩවි වල තොරතුරු සොයන වැඩසටහන් වලට අපේ වෙබ් අඩවියේ තියන පිටු සොයාගන්න පහසුවෙනවා. මේ සයිට්මැප් එකක් හදලා ඒක ගුගල් වලට සබ්මිට් කරන්න ඕන. මේ වගේ සේවයක් යාහු, බින්ග් වගේ සෙවුම් යන්ත්‍ර වලිනුත් ලබා දෙනවා.. සයිට් මැප් එකක් සබ්මිට් කලාම සෙවුම්යන්ත්‍රයට හසුවීමේ හැකියාව වැඩියි. මේ ගැන තේරැම්ගන්න පහල රූපය බලන්න.

Posted in , | 25 Comments

අලුත් තැනක සිට කලකට පසු (Test Post)

කාලෙකට පස්සේ ලිපියක් දාන්නේ... ‍මේ දිනවල බ්ලොග් එක self hosted තැනකට‍ ගෙනාව නිසා වැඩ ගොඩගැහිලා තිබුනේ. දැන් නම් ගොඩක් දුරට ඉවරයි. මේ ලිපිය ටෙස්ට් එකටත් එක්ක දාන්නේ. පරන බ්ලොගර් වල ඉදලා මේ self hosted වර්ඩ්ප්‍රෙස් වලට ආවම ඉතින් තමන්ගෙම තැනනේ. අපේ ලසිඳු සහෝදරයාට උනා වගේ බ්ලොග් එක ඩිලීට් කලොත් කාට කියන්නද ?? තමන්ගෙම තැනක ඉන්නකොට කවුරැ ඩිලීට් කරන්නද.. (party)

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙනයාම ඉතිරි ලිපි ටිකත් දාන්න ඕන. මේ වැඩටික කරගන්න මට උදවුකරපු සියලුමදෙනාට ස්තුතිවන්වෙන්න ඕන..සමහර ලිපි බාගෙට import වෙලා තියෙන්නේ‍‍. ඒවත් සම්පූර්ණ කරනවා‍. තව මොනමොන අඩුපාඩු මේකේ තියනවාද දන්නේ නෑ හොයලා බලන්න ඕන. ඔයාලා‍ටත් අඩුපාඩුවක් හෝ වැඩිපාඩුවක් අහුවුනොත් Contact us පිටුව හරහා මට දැනුම් දෙන්න. තව මේ මෙටා විජට් එක කරදරයක් Sign in කියලා පොඩි ලින්ක් එකක් Footer එකේ යටම මුල්ලට දාගත්තනම් වැඩේ ගොඩ. ඒත් ඒ කෝඩ් එක එන්ක්‍රිප්ට් කරලා තියන නිසා මුකුත් කරන්න බෑ. කරන හැටි දන්නවානම් කියලාදෙන්න.. ;(

නැවතත් බාගෙට ලියපු වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙනයාම ඉතිරි ලිපි වලින් හමුවෙමු.

සුබ දවසක්෴ (Y) (bow)

Posted in , , | 12 Comments

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම - වෙබ් අඩවිය සෙවුම්යන්ත්‍රවලට ඇතුල්කරගැනීම


වෙබ් අඩවියක් හදාගත්තාම ඊගඟට කරන්න තියෙන්නේ ඒ හදාගත්ත සයිට් එක Search engine වලට හසුකරවීමයි. මේ විදියට හසුකලාම අපිට ලැබෙන වාසිය තමයි අපේ වෙබ් සයිට් එකට එන අමුත්තන් ගනන වැඩිකරගන්න පුලුවන්. ඒ වගේම ගුගල් ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කරන්නත් තමන්ගේ වෙබ් අඩවිය Search engine වල හොද රෑන්ක් එකක් තියෙන්න ඕන. මේකට කියන්නේ Search Engine Optimization කියලා. මේ සදහා පහල තියන අඩවි වලට ගිහින් ඔබේ විස්තර ලබාදෙන්න. එවිට දින කීපයකින් ඔබේ වෙබ් අඩවිය ඇතුලත් වේවි. ඇතැම්විට දින ගනනක් යාමටත් පුලුවන්.

http://www.addme.com/
www.submitexpress.com/submit.html
www.freewebsubmission.com/
www.submitcorner.com/

http://www.addpro.com/submit30.htm
www.ineedhits.com/free-tools/submit-free.aspx

ඊට පස්සේ කරන්න තියෙන්නේ වෙබ් අඩවියේ සයිට්මැප් එකක් එහෙම හදන්න. ඒ ගැන සහ ගුගල් වෙබ්මාස්ටර්  වලින් වැඩකරන ආකාරය මීලඟ ලිපියෙන්

Posted in , | 7 Comments

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම – WordPress Auto install කිරීම – කුප්පි 4


ඔන්න කලින් ලිපියේ පොරොන්දු වුන ආකාරයටම වර්ඩ්ප්‍රෙස් ඔටෝ ඉන්ස්ටෝල් කරන හැටි කියන්න යන‍්නේ. මේ සදහා මූලික වශයෙන් අපට වෙබ් හොස්ටින් තියෙන්න ඕන. දැන් ගොඩක් වෙබ් හොස්ටින් පැකේජ් වල මේ පහසුකම ලබා දෙනවා. මේ පහසුකම අප්ලෝඩ් කරන්න අමාරැ නෙට් කනෙක්ෂන් තියන අයට ඉතාම වැදගත් එකක්. ලේසියෙන්ම කරගන්න පුලුවන්. මේකට කියන්නේ Fantastico (ෆැන්ටාස්ටිකෝ) කියලා, මෙහිදී ඩේටාබේස් සෑදීමක් අවශ්‍ය වෙන්නේ නෑ.

Posted in | 6 Comments

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම - වැදගත්ම කුප්පිය - කුප්පි 3




අද ලිපියෙන් කථාකරන්න යන්නේ මුදල් ගෙවලා ඩොමේන් නේම් හා හොස්ටින් ගන්නවිට එයට සයිට් එක අප්ලෝඩ් කිරීම හා සබ්ඩොමේන් එකකට බ්ලොග් එක දාගන්න හැටි.

අපි ඩොමේන් නේම් එකකුයි වෙබ් හොස්ටිනුයි ගන්නකොට ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ කීවේ අපි සල්ලි දීලා ගන්නකොට පරිස්සම්වෙන්න ඕන. මූලික ගෙවීම බොහොම අඩ්වට ඩොමේන් තියනවා. ඒත් දෙවන ගෙවීම සිට ඒ ගෙවීම වැඩිවෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් .info අඩුවට ගන්න පුලුවන්. සමහර ආයතන වල (LKservers වැනි හා බොහොමයක් තැන්වල) වෙබ් හොස්ටින් ගන්න විට ඩොමේන් නේම් එකක් Lifr time FREE ලබාදෙනවා. මම ලබාගෙ තියෙන්නෙත් ඒ වගේ පැකේජ් එකක්. [ඒ ගැන වැඩිදුර කියවන්න මම කලින් ලියපු මේ ලිපියට යන්න.] Godaddy,name.com වැනි ස්ථානවලින් ගන්න නම් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕන. ලංකාවේ ආයතතනයකින් ගන්නවානම් පැකේජ් (domain හෝ hosting හෝ ඒ දෙකම ) එක අදාල සයිට් එක හරහා ඕඩර් කරලා ලගම තියන බැංකුවකට සල්ලි දාන්න පුලුවන්. ඊට පස්සේ එයාලට කතාකරලා කීවාම ඇක්ටිවු වෙනවා‍. ඩොමේන් නේම් එකක් දින 2ක් ඇතුලත ඇක්ටිවු වෙනනවා. හොදින් සැලකිලිමත් වෙලා මේ 2 ලබාගත්තායින් පසු අපිට ඒ ගත්ත තැනින් පාලන පුවරැවට ඇතුල්වෙන්න හා ftp ගිණුමට මුරපද ලබාදෙනවා. සයිට් එක අප්ලෝඩ් කරනකොට ඒක කරන්න ඕන public_html කියන ෆෝලඩරයට. ඒක කරන්න FileZilla වලින් ftp ගිනූමට සම්බන්ධවුනාම වෙබ් සර්වර් එකේ තියනවා ඒ ෆෝල්ඩර් එක. ඒක ඩබල් ක්ලික් කරලා අප්ලෝඩ් කලාම හරි.(සයිට් අප්ලෝඩ් කරන හැටි පෙර ලිපිය බලන්න. )

Posted in | 12 Comments

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම - කුප්පි 2

ම්... කලින් ලිපි වල කීව ආකාරයට තමන්ගේ වෙබ් අඩවිය අප්ලෝඩ් කරන්න ඇති නේද..?? මේ ලිපිය මගින් ඉදිරිපත් කරන්න යන්නේ අපි හදාගත්ත වෙබ් අඩවිය පිලිබද තවත් යමක්‍. අපි පෙර ලිපියේ විදියට හදාගත්ත සයිට් එකේ ඩොමේන් නේම් එක පොඩ්ඩක් හරි නෑ වගේ නිසා මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න‍. top level domain එකක් වගේ නොමිලේ දෙන ඩොමේන් එකක් විදියට .tk ලබාගන්න පුලුවන්. තව co.cc වුනත් හොදයි.‍ ඒත් ඒක ලබාදෙන්නේ අවුරැද්දක් වැනි කාලයක්. tk ඩොමේන් එක භාවිතා කරනවිටත් සැලකිය යුතු කාලයක ඒ ගත්ත tk ඩොමේන් එකෙන් කට්ටිය පිවිසුනේ නැත්තම් ඒක කැන්සල් කරනවාලු. ඒ නිසා tk ඩොමේන් එකක් භාවිතා කරනවානම් තමන්වත් සතියකට සැරයක්වත් tk ඩොමේන් එකෙන් අවවියට යන්න. tk ඩොමේන් එකෙන් වෙන්නේ අපි හදාගත්ත සයිට් එකට ෆෝවර්ඩ් කිරීමක්. ඒ කියන්නේ tk ඩොමේන් එකට යන කෙනෙක් ඒකට ගියාම අපි ලබාදෙන සයිට් එකට යොමුකරන එක. මේකට කියන්නේ URL Forwarding කියලා. අපේ බ්ලොග්ස්පොට් සයිට් එකකට වුනත් භාවිතා කරන්න පුලුවන්. මේක ඉතාමත්ම ලේසියෙන් හදාගන්න පුලුවන් ඩොමේන් නේම් එකක්. තමන්ගේ ඩොමේන් එකට ඊ-මේල් එකකුත් දෙනවා. ඒකත් තමාගේ භාවිතාකරන ඊ මේල් ලිපිනයට ලැබෙන ලිපි ෆෝවර්ඩ් කරගන්න පුලුවන්. අපි  geeth.tk කියලා ඩොමේන් එක ගත්තෝ  අපිට පුලුවන් info@geeth.tk, admin@geeth.tk වගේ ඊ මේල් එකක් හදාගන්න‍.දැන් බලමු අපි මේ ඩොමේන් නේම් එකක් ගන්නේ කියලා. පලමුව මේ ලිපිනයට යන්න‍. පහල පිංතුරය මත ක්ලික් කරන්න.

Posted in | 12 Comments

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම - අඩවිය Upload කිරීම - කුප්පි 1


පලවෙනි ලිපිය බැලුවා කියලා හිතනවා. නැතිනම් එය මුලින්ම බලලා ඉන්න. ඒහි කීව ආකාරයට තමන්ගේ වෙබ් අඩවිය ඔබ නිර්මාණය කලානම් ‍ මේ ලිපියෙන් එය නොමිලේ ලබාදෙන වෙබ් ඉඩකට අප්ලෝඩ් කරන ආකාරය සාකච්ඡා කරමු. පසුව මෙය අත්හදා බලා  පසුව මිලදීගත් වෙබ් ඉඩකට අප්ලෝඩ් කරගත හැකියි. (නමුත් මෙම නොමිලේ සාදන අඩවියද ඔබට භාවිතා කල හැකියි.)

දැන් ඔබේ නොමිලේ ලැබෙන වෙබ් ඉඩ සාදාගනිමු.

මේ සදහා බොහොමයක් ස්ථාන අන්තර්ජාලය තුල ඇතත් මම මේ ලිපි සදහා යොදාගන්නේ zymic නම් වෙබ් අඩවියයි. ඔබ කැමතිනම් වෙනත් අඩවියක් වුවද භාවිත කල හැකියි.

පලමුව පහත සබැදුමට ගොස් නොමිලේ ලැබෙන වෙබ්ඉඩ ලබාගැනීමට ලියාපදිංවිවන්න.‍


Posted in | 22 Comments

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම මුල සිට - කුප්පි 0


ම්... අලුත් තැනක ඉදලා ලියන පලවෙනි ලිපිය. මගේ කලින් පෝස්ට් එකේ කීවානේ මම මොකුත් නොදැන ඩොමේන් එකක් අරගෙන වෙබ්සයිට් එකකුත් හදලා සබ්ඩොමේන් එකකට බ්ලොග් එක දාගත්ත හැටි. ඔන්න ඉතින් ඒ ලබාගත්තු දැණුම සැමදෙනා සමගම බෙදාගන්නයි හදන්නේ. මේදේවල් වලට ස්තුති කරන්න ඕන අයට නැවතත් ස්තුතිවෙන්න ඕන මට උදවු කලාට;-)

මා මෙම ලිපිපෙලෙන් මූලික වශයෙන් ඩෙමේන් නේම් එකක් හා වෙබ් හොස්ටින් මිලදී ගැනීම, එයට වෙබ් අඩවිය අප්ලෝඩ් කිරීම‍. සබ්ඩොමේන් එකකට බ්ලොගර් බ්ලොග් එකක් ඇතුලත් කිරීම වැනි කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ සදහා මුලින්ම පිවිසෙන ඔබ පලමුවෙන්ම ඔබගේ වෙබ් අඩවිය සාදාගත යුතුයි. ඒයට මා භාවිත කලේ Web Page Maker නම් කුඩා මෘදුකාංගයක්. මේ සදහා Dremeviewer වැනි මෘදුකාංගයක් වුවත් භාවිත කල හැකියි. නමුත් Web Page Maker මෘදුකාංගය ඕනම කෙනෙකුට තේරුම්ගෙන සරලව තමන්ගේ වෙබ් අඩවිය සාදාගැනීම කල හැකියි. ඔබට Dremeviewer වලින් ‍වෙබ් අඩවියක් නිර්මාණය කල හැකිනම් එමගින් නිර්මාණය කරන්න.

Web Page Maker බාගතකරගැනීමට මෙතන ක්ලික් කරන්න. එතනින් ලැබෙන 15-day trial එක ලියාපදිංච් කරගැනීමට පහත විස්තර භාවිත කරන්න.


  • Name  : Geeth

  • S/N     : 33472-37466-42554-55416


Posted in , | 13 Comments

මගේ එක සිහිනයක් ඉටුවුනා !!


ම්.. ලොකු වෙනසක් ඒ නිසා අදනම් මම ගොඩක් සතුටෙන් .. මේ ඇයි කියලා ඔයාලා හැමෝටම ගැටලුවක් ඇති කියලා හිතනවා.  අනිත් අයට මේ වෙනස ඉතාම කුඩා එකක් වෙන්න ඇති‍‍. ඒත් මටනම් ගොඩාක්ම ලොකු වෙසක්. ඒ වෙනස මොකක්ද කියලා ඔයාලට බලාගන්න පුලුවන් උඩ බැලුවාම. ඒ කීවේ ඔයාලා භාවිතා කරන Web Browser එකේ තියන Address bar එක දිහා බැලුවාම‍‍.. දැන් තේරෙනවා ඇති නේද‍‍ ? සුලු දෙයක් නේ.. ඒත් මටනම් ‍ලොකූ දෙයක්.

මම මේ සිංහල බ්ලොග් එක පටන්අරන් කරගෙන එනකොට මටත් අපේ ‍ගොඩක් සිංහල බ්ලොග් ලියන අය‍ගෙ වගේ තමන්ගෙම නිවසකට, ඒ කීවේ Domain එකකට එන්න ආසාව තිබුනා. නමුත් මට ඒ පිලිබද නිසි දැනුමක් තිබුනේ නැති නිසා මම ඒ අදහස අතෑරල තිබුනේ අනික මම ඩයල් අප් නේ.. ඉබ්බා වගේ (මම නෙවෙයි ඉබ්බා හොදේ ) ටික ටික කට්ටිය ඩොමේන් වලට මාරු වෙනකොට ආයෙත් ආසා හිතුනා‍‍. ඉතින් මම ඩොමේන් නේම් එකකට මාරුවෙන්න තීරනය කලා. නමුත් ආයෙත් ආශාවක් ආවා. ඒ තමයි ඒක සබ් ඩොමේන් එකක් විදියට දාගන්න ඕන කියලා. එතකොට Personal Page එකකුත් හදාගන්න පුලුවන් නිසා.ටෙක් කථා වලට එහෙම දාලා විස්තර හොයන‍කොට ඒකේ යාලුවෝ කීවේ ඩයල් අප් වලින් නම් අමාරැයි කියලා. මේ ගැන විස්තර හොය හොය ඉන්නකොට .info ඩොමේන් එක 150කට විතර LKservers.com වල ගන්න පුලුවන් කියලා ආරංචියක් ආව නිසා ඒ ගැන විමසලා බලන‍කොට දැනගත්තේ ඒ පලවෙනි අවුරුද්ද විතරයි කියලා. නමුත් තමන්ගෙම සයිට් එකකට නම් Hosting තියෙන්න එපායැ. ඉතින් ඔන්න  දන්නකියන අයගෙන් අහපුවාම එයාලා කීවේ "ඔයාට 1GB විතර ඇති" කියලා. ඒත් LKservers.com වල 1GB පැකේජ් එකක් නෑ.. ඒ නිසා වෙනත් ආයතනයකින් 1GB හොස්ටින් ගන්න හිතාගෙන ‍හොයලා බැලුවාම 950කට විතර ගන්න පුලුවන් උනා. ඒත් ඒ පලවන අවුරැද්දට විතරයි. හ්ම්...එතකොට පලවෙනි අවුරුද්ද  කොහොම වුනත් දෙවෙනි අවුරුද්දෙදි 2000ක් විතර ගෙවන්න වෙනවා. පස්සෙයි දැනගත්තේ LKservers වල 10GB හොස්ටින් පැකේජ් එකේ .info ලයිෆ්ටයිම් FREE දෙනබව.. දැන් ඉතින් මට තිබ්බ හදිසියේ හැටියට ඒ පැත්තට හිත ගිහින් හලෝ හ‍ලෝ පාරක් එහෙම දාලා බලනකොට වැඩේ පාඩු නෑ‍‍. ;) ඇයි ඉතින් පලවෙනි අවුරුද්දෙත් 1500 යි දෙවන අවුරුද්දෙත් 1500යි ජීවිතේටම 1500 නොවැ.ඉබි ගමනේ ඩයල් අප් කමක් නෑ ඕන කෙහෙල් මලක්, කෙහෙල් ගහක් වෙච්චාවයි කියලා හිතාගෙන පස්සේ ඔක ගත්තා. මේ පැකේජ් එකේ 10GB (10240MB) Disk Space තියනවා ඒ වගේම 100GB Monthly Bandwidth තියනවා. මගේ සයිට් එකේ හැටියට නම් මේක බෝක්කුවක් යටින් පොල්ලෙල්ලක් ගියා වගේ. මගේ ගනනය කිරීම් වල හැටියට නම් දවසකට රු 5 ක් ගානේ වත් එකතු කලොත් අවුරුද්ද අන්තිමට 300ක් පර්ස් එකට හී හී


ඊලගට කරන්න උනේ සයිට් එක හදන එක. කම්මැලිකම නිසා ගුගලේ හොද ටෙම්ප්ලේට් හොයලා බැලුව. මොන දෙයියන්ට කියන්නද ලස්සන Flash ටෙම්ප්ලේට් වලට $150 ක් විතර. ලෝන් එකක් ගහලා හොස්ටින් ගත්තා සයිට් එකත් ගන්න පුලුවන්යෑ.මදැයි.. ශේප් එකේ ටෙම්ප්ලේට් එකක ඩිමෝ එකක් බලලා ගැහැවුවා Web Page Maker වලින් කොපියක්. ඒ කීවේ ඒක බලාගෙන හැදුවා‍‍. චාම්වට, සරලව‍‍. දැන් තමයි අප්ලෝඩ්‍‍.. ඔන්න ඉතින් කලින් කියපු ඉබ්බා‍ගේ පිහිට පතන වෙලාව. අපිට 3G නෑනේ..ADSL ගන්න අහපුවාම කියනවා ලූප් ද මොනවාද නෑ කියලා. ඒ කතාව පැත්තක දාමුකෝ [වෙලාවක ඒ ගැනත් ලිපියක් දාන්නම්] මට මේ ගැන වැඩි දැනීමක් නැති නිසා අපේ කට්ටිය සිංහලින් ලියපු ලිපි කීපයක් එහෙම බලලා යාලුවො කීපදෙනෙක් එක්ක චැට් පාරක් එහෙම දාලා කරමේ දැනගත්තා. කොහොම හරි ඉබිගමනේ ඒකත් කලා කියමුකො.

දැන් Sub Domain එකට Blog එක සැට් කෙරිල්ල.. ගුගලේ සර්ච් පාරක් එහෙම දාලා ටෙක් කතා වලටත් දැම්මා.. ඒකත් ඉගනගෙන යාන්තම් ඒකත් ගොඩදාගත්තා.


නමුත් අවුලක්‍ !!



අපි නැග්ගොත් ලයිට් කනුවෙත් දෙබලක් ලු (දැන් පුවක් ගස් වල අතුබෙදිලා හමුවෙන නිසා පොඩ්ඩක් වෙනස් කලා) මාර කේස් එක. කෝ මේකෙ තිබුන කමෙන්ට්ස්. ? ? ? ම්............ මක් වුනාද. මේ ටික නැතිවුනොත් බ්ලොග් එකත් වැඩක් නෑ. මේවායින් ලැබෙන හයියෙන් තමයි මෙච්චර කාලක් බ්ලොග් ලීවේ. කීප පාරක් Refresh කලත් නෑ. වෙනවෙන මෘදුකාංගවල "අන්ඩූ" මතක් වෙලා ආයෙන් .blogspot.com වලට මාරැ වුනා.. එතකොටනම් තියනවා..පස්සේ ගුගල් දෙයියන්ගේ පිහිට තමා. එතනින් දැනගත්තා ගොඩක් අය‍ට මේ සිද්දිය වෙලා තිබුනත් සති 3 කින් විතර ගොඩක් අයගේ හරිගිහින් තියන බව. ( මේ ගැන තිබුනේ මෙතන)පස්සේ ඉතින් ආයෙත් සබ් ඩොමේන් එකට බ්ලොග් එක දැම්මා. කවුරැහරි මේටික ආපහු ගන්න දන්නවානම් කියලාදෙන්න හොදේ.

එච්චරයි අවුලකට තියෙන්නේ.. අනිත්වා නම් ලස්සනට සිද්ධ වුනා.. ආ අලුත් ලිපිනය කියන්න අමතක වුනානේ. ඒ තමයි www.geeth.info මේකේ මගේ විස්තර තියනවා. පොඩි විසිට් පාරක් එහෙම දාලා ආපහු මෙතනට ඇවිත් හොදනරක අඩුපාඩ් වැඩිපාඩු කමෙන්ට් කරලා යන්න. ඒක මට ලොකු හයියක්‍.මගේ බ්ලොග් එක දැන් http://blog.geeth.info වල. කලින් තිබුන බ්ලොග්ප්පොට් කියලා කියනකොටත් ටැපලෙනවා. නෑ නෑ පැටලෙනවා. කවුරැහරි ඇහුවත් කියන්න අමාරැයි. හිහ්. හිහ්.

දැන් මමත් මගේම ඩොමේන් එකක ඉදන් බ්ලොග් ලියන කෙනෙක්නේ. ටිකක් වගකීමෙන් ලියන්න ඕන. ඉහල වගේ පිස්සු කෙලින්නේ නැතිව.

ඇත්තෙන්ම මම මේ ඩොමේන් එකයි හොස්ටිනුයි ගත්තට මට මේ ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ. මේ නිසා මම ගොඩක් දේවල් ඉගනගත්තා. ඒ ඉගනගත්ත දේ ඔයාලටත් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි ලිපි පෙලක් මගින්. එයට ඩොමේන් නේම්, වෙබ් හොස්ටින් මිලදීගැනීමේ සිට වෙබ් අඩවිය සෑදීම‍‍, එය අප්ලෝඩ් කිරීම,සබ්ඩොමේන් එකකට Blogger(blogspot) බ්ලොග් දැමීම වැනි මම ඉගනගත්ත සියලුම දේවල් ඇතුලත් කරන්න හිතාගෙන ඉන්නවා.. හ්ම්.. එහෙනම් දැන් ඇති වගේ.. අවසාන වශයෙන් සැමගෙන්ම ඉල්ලාසිටිනවා ඉදිරියටත් මේ බ්ලොග් එක එක්ක එක්වෙලා ඉන්න කියලා.. Comment එකක් දාන්න Blog එක Follow කරන්න, E-Mail මගින් කියවීම සක්‍රීය කරන්නත් පහසුකම් තියනවා ඔන්න.

සැමටම ජය
෴෴


Posted in | 21 Comments

මෙන්න IDM පැච් කරන විදිය...


මේක පැච් කරන්න කළින් අපි කල යුතු කාරණා දෙකක් තියෙනව. පියවර තුනකින් මම විස්තර කරන්නම් සම්පූර්ණ විස්තරයම.

01. ප්‍රථමයෙන් මෙම ස්ථානයෙන් right ක්ලික් කර exit කරන්න (ඡායා රෑපයේ පරිදි)




02. දෙවනුව task manager වලින්ද IDMan.exe යන file එක ENDPROCESS කරන්න. (ඡායා රෑපයේ පරිදි)



03. තුන්වනුව ඔබ Download කළ IDM ෆෝල්ඩරය තුල “idman patch 5 sudeer“ යනුවෙන් ෆෝල්ඩරයක් ඇත. එහි ඇති පැච් file එක ඩබල් click කර open කර, එහි ඇති patch බොත්තම ඔබන්න.



ඉන් පසු ඔබට ජීවිත කාලය පුරා වුවද මෙය භාවිතා කිරීමේ හැකියාව ඇත.


මම Zujiya, මොකක් හරි ගැටළුවක් තිබේනම් අහන්න.

ස්තූතියි....

Posted in | 11 Comments

පට්ට ජෝක් - ඇතිතරම් හිනාවෙන්න - joke collection එක..... :-)


ඔන්න සුජියගේ ලිපි කීපයකට පස්සේ මගෙන් ලිපියක් බාල මහලු වැඩිහිටි පොඩිහිටි කියපු නොකිපු ආපු නාපු හැමටම පැලෙනකම් හිනාවෙන්න.. මෙන්න කියවන්න. ඊ මේල් එකකින් තමයි ලැබුනේ.... හී හී‍ :)


















හික්ස් ... හී හී ම්..... ඉවරයි නේද......?? ආ පැහැදිලි නැත්නම් ඒමත ක්ලික් කරලා විශාල කරගන්න ඕකේ...!!

Posted in , | 6 Comments

මෙන්න අවුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් IDM (Internet download maneger)





මෙන්න ප්‍රශ්ණයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් IDM. මමත් බොහොම අමාරැවෙන් මේකෙ පැච් එක හොයාගත්තෙ. බාගන්න ඇක්සලේටර් ගොඩක් තිබුනත් හොදම එකට සල්ලි දෙන්න ඕනනේ.... මෙන්න විසදුම.
ටෙක් කථා එකෙන් තමයි හොයාගත්තෙ. ඉස්සෙල්ලම මම ටෙක් කථා එකට ගොඩක්ම ස්තූති කරනව. මේක අවශ්‍ය අය බාගන්න පහළ Link එක Click කරන්න. එක ක්ලික් කරල බාගන්න

Posted in | 6 Comments

මෙන්න ඔයාලගෙ Desktop එකත් ලස්සන කරගන්න වැඩකාරයෙක්... [නටන බුවා ඩෙක්ස්ටොප් එකට]



මෙම මෘදුකාංගය microsoft ආයතනය මගින් ලබාදෙන එකක්, මෙය ඔබේ පරිගණකගේ ස්ථාපිත කරගෙන අත්හදා බලන්න. ඔබ අසන ගීත වලට අනුකූලවද මෙය ක්‍රියා කරයි.

Downlad HERE

Posted in | 8 Comments

හද සැලෙනා - අරුණ ලියාන්‍ | Hada Salena - Aruna Liyan Full Album + Lyrics + Photos


පට්ට සිංදුව..හප්පේ හොයා ගන්න විදපු දුක. :-) අහපු දවසේ ඉදලා හෙවුවා. කොහෙම හරි ඊයේ හම්බඋනා.. ඉස්සරෝම කලේ ගූගලේ ගහලා බලපු එක‍. ආවා නමුත් Full Album එකනේ. මෙගාබයිට් එකසිය ගානක් තිබ්බා.. 50 MB ජීවිතේට බාන්න බැරැව බාපන්කෝ. පුහ්. පස්සේ Elakiri පැත්තේ ගිහින් බැලුවා මේ එලකිරි සිංදුව තියනවාද කියලා. වීඩියෝ එක නම් තිබ්බා.. ඒත් මෙගාබයිට් හතලිස්ගානක්. වීඩියෝ බාපන්කෝ ඩයල්අප් වලින්... :( පස්සේ එලකිරි ෆෝරම් වලින් ත්‍රීඩ් කීපයක් හමුවුනත් ලින්ක් කල්පැනලා‍‍.. හැබැයි YouTube වල ලින්ක් එකක් ඒකෙන් හමුවුනා. ඒකනම් යාන්තම් 10.4 MB විනාඩි 19 ක් විතර දගලලා බාගත්තා. ඒ අතරේ ෆුල් ඇල්බම් එකේ Download Link එක සුජියාට මේල් කලා‍. :-) එයා බෑවොත් හොදා. :) නිවංගියාව‍ගේ සිංදුව ඇහුවාම. මම ඇල්බම් එකම ඇහුවේ නැතත් ඔයාලා රසවිදලා බලන්න.මෙන්න සිංදුව, ඩවුන්ලෝඩ් ලින්ක් පහල.


හද සැලෙනා

නිල් ගුවන් හසකැලුම් - පවසමින් පෙම් හැගුම්
ජීවිතයේ,. යෞවනයේ, දකිනා..
සුවළදුන් සෙනෙහසින් - මගෙ පැතුම් සරසමින්
මා දෙනෙතේ‍‍... මා මනසේ... රැදුනා‍‍‍..
හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ....
නෙබිදී නොමැකී ඒ මතකේ...

සිතු ලෙසින් සැනසෙම්න් - නිදහසෙන් නැලවෙමින්
මගෙ දිවියේ.. ඒ යුගයේ තිබුනා
දහසකින් සුව දසුන්, පහසකින් ලද රසින්
මෝහනයේ... සත්සරයේ රැදුනා..
හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ....
නෙබිදී නොමැකී ඒ මතකේ...

හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ...

ılı.lı.ılillı.lı.  ♪♫♥♫♪ ılı.lı.ılillı.lı .¸¸.•.

හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ....
නෙබිදී නොමැකී ඒ මතකේ...//

ගායනය    : අරුන ලියාන්
පදරචනය    : හේමසිරි හල්පිට
සංගීතය     : අරුන ලියාන්

Full Album එක මෙතනින් බාගන්න.


ඇල්බම් එකේ සිංදුටික.

  1. Mohothak Ma Ha Randee
  2. Siya Dahasak
  3. Thusharaye
  4. Galu Muvadorata Anavanam
  5. Minisa
  6. Thani Voo Yahane
  7. Aravindiye
  8. Raa Kumari
  9. Tharu Dilena
  10. Mal Mee Katha
  11. Hada Salena
  12. Pata Pata Heenayak
  13. Yavuvanaye Sihina Lokaye
  14. Hada Salena (Trance Mix)

මෙන්න වීඩියෝ එක.

Elakiri වලින් බාගන්න මෙතන ක්ලික් කරන්න.(48.41 MB)









හෝවු හෝවු. MP3 එක තියනවානම් දෙ‍න්ඩෝ........
෴ /bye ෴

Posted in , | 3 Comments

ඔබේ අඩවියට ලස්සන අයිකන (Website Icon Pack)

ඔබේ බ්ලොගයට, වෙබ් අඩවියට ලස්සනම ලස්සන icons දාගන්න ඕනනම් මේ ලස්සන icon ටික අරන් බලන්න. මේ අයිකන් පැක් එකේ වෙබ් අඩවියකට අවශ්‍ය සෑම ආකාරයකම icon වර්ග 30 ක් අඩංගු වෙනවා. *.ico හා *.png යන format වලින්.  ප්‍රීවිවු එකක් තමයි ඉහලින් තියෙන්නේ.. : ) මේවා පහත විකල්ප සදහා ගැලපෙනවා.
  1. Home
  2. About
  3. Blog
  4. Comments
  5. Contact
  6. FAQ
  7. Team
  8. Testimonials
  9. Products
  10. Downloads
  11. Support
  12. Tools
  13. Shop
  14. Resources
  15. How to ...
  16. Popular Posts
  17. Archives
  18. Tutorials
  19. Jobs
  20. Photo's
  21. Authors
  22. Links
  23. Social Networking
  24. Reviews
  25. Press
  26. Members
  27. Newsletter
  28. Podcasts
  29. Demo
  30. Visitors


අයිතිකරුගේ බලපත්‍රය - 30 Colorful Free Website Navigation Icons is licensed under a Creative Commons Attribution 2.5 License.

Posted in | 1 Comment

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.