Aalaye Ghatha (ආලයේ ගාථා) - Kasun Kalhara

Aalaye Gaatha (ආලයේ ගාථා)  - Kasun Kalhara

ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා...

ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා
ආලිංගනය සුරස - මතක පොත පුරව්වා
ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා...

සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා
ප්‍රේමයේ....... අභය භුමියේ දි මා නසා
මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා...

ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා...


Kasun Kalhara

Posted in , , | Leave a comment

2012න් 2013ට


     2012 වර්ශයේ අතපසුවූ දේ, වැරදුන තැන් බොහොමයි. ඒ වගේම විනෝද වුන අවස්ථා බොහොමයි. ඒ හැම දෙයක්ම අතරින් 2013ට පිවිසෙන්න ඕනෙ ඒ සතුට, විනෝදය හැම දෙයක්ම එක්ක වැරදුන මගහැරුන දේවල් අමතක කරලයි. ගතවුන වසර ගැන ආපසු හැරී බලන විට මගෙ බලාපොරොත්තු 90%ක් විතර හොඳින් නිම කලා කියල හිතෙනව. මේ වසරත් මට ගොඩක් කාර්යබහුල වසරක් වේවි. හැම දෙයක්ම අතරින් ඒ බලාපොරොත්තු ඉටුකරගන්නයි මගෙ අදහස නම්. 

ඔබ සැමට මේ ලබන්නාවූ 2013 නව වසර සියලු බලාපොරොත්තු ඉටුවන ප්‍රීතිමත්, සුභම සුභ නව වසරක් වේවි. !

Posted in | 4 Comments

ඩොමේනය නැති විය.. :(

ආයෙත් ඇබැද්දියක්.!! වසර 2කටත් වඩා වැඩි කාලයක් මගෙ බ්ලොග් එකට භාවිතා කරපු www.geeth.info ඩොමේන් එක Renew කරගන්න බැරිවුන නිසා මට නැති වුනා. Expire වෙලා මාසයකටත් අඩු කාලයක් ඇතුලත ඒක වෙන කෙනෙක් මිලදීගෙන. ඒ වෙනුවට මම www.geeth.net ඩොමේන් එක නැවත මිලදී ගත්ත. දැන් මගෙ බ්ලොග් එ‍කෙ ලිපිනය blog.geeth.net ලෙස වෙනස් වෙලා. මේ නිසා කියවන ඔබට යම් අපහසුතාවක් සිදුවුනානම් සමාවෙන්න. ඒ වගේම ඔයාලගෙ බ්ලොග් වල මගෙ බ්ලොග් එකට තියන ලින්ක් එකක් තියනවනම් ඒක අලුත් ලිපිනයට වෙනස් කරන්න කියල ඉල්ලා සිටිනව. අලුත් ඩොමේන් එක අරන් සති 3ක් විතර වුනත් ලිපියක් ලියන්න බැරි වුනෙ වෙලාවක් තිබුනෙ නැති නිසයි. ඉක්මනින් අලුත් ලිපියකින් හමුවෙමු. ;)

Posted in | 10 Comments

තවත් වෙන්වීමක්.


මේ තවත් වෙන්වීමක්. පාසලේදී උසස්පෙළින් වෙන්වුනාට වඩා හිතට දැනෙන වෙන්වීමක් මේ. පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයෙ එක් කඩයිමක වෙන්වීමක්.

Posted in | 6 Comments

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.